ජීවිතය ගොඩ දාගමු!!!!

rockerzz

Member
Oct 2, 2013
27
1
0
ජීවිතය ගොඩ දාගමු!!!!

මේ මගේ පලවෙනි සිංහල නූලයි.සිංහලවල වරදක් තියෙනවනම් සමා වෙන්න.

මේ නූල මට වගේම මගේ අලුත් යාලුවො වෙන ඔයලාටත් වැදගත් වේවී.මේ නූලට හේතු සාධකය මට වෙච්ච අත්දැකීමක්.මෙන්න මේකයි සිද්දිය.

මම දෙවෙනි සැරේට A/L කලා මේ අවුරුද්දේ.ගිය පාර කරලා මගේ එක විෂයක් අසමත් වෙලා තියෙන්නෙ.ඉතින් විභාගෙ ලියලා BIT එක කරන්න කියලා හැදුවෙ.ඔය අතරේ මට පොඩි ආන්ඩුවෙ ජොබ් එකක් සෙට් උනා.සෙට් උන කිව්වට හම් බ උනා නෙමේ මට එන්න කියල තිබ්බා.

මාත් ඉතින් හැඩ වැඩ දාලා මගෙ තියෙන සුදුසුකම් වලට අනුව CV එකක් හදලා මං ගාව තිබ්බ ඔක්කොම සහතික ටිකත් එක්ක ගියා අපෙ තාත්තිත් එක්ක එන්න කියපු තැනට.(තාත්තිත් එක්ක ගියෙ තවම මම පොඩි බබානෙ පාරක් කියලවත් හරියට දන්නෙ නැනේ:lol::yes:)

ඉතින් මගේ වාරේ එනකන් මන් බලගෙන හිටිය...)ඔන්න මට කතා කලා එන්න කියලා.මාත් ඉතින් ගියා..කියන්න ඕනි මට මීට කලින් මෙහෙම ජොබ් ඉන්ටවිව් අත්දැකීමක් තිබිලා නෑ:yes:)

ඉන්ටවිව් බෝඩ් එකේ ඉන්න ලොක්කා මගේ CV එක බලන්න පටන් ගත්තා.ඇත්තටම මම CV එක අමුතුම විදියට හදපු හින්දා දැකපු ගමන් එතන හිටපු ලොක්කා පුදුම උනා.එ වගේම මට IT ෆීල්ඩ් එකේ ගොඩක් සුදුසුකම්,මම ලබපු ජයගහන ගොඩාක් CV එකේ තිබ්බා...;)..ඒවා දැකලා තව පුදුම උනා.මං වගේ පොඩි කොල්ලෙක් මේ වගෙ වැඩ කරලා තියෙනව කිව්වාම.

එ උනට ටික වෙලාවකින් ඉන්ටවිව් බෝඩ් එකේ ඉන්න ලොක්කා කියපු දෙයෙන් මං ගොඩක් පුදුම උනා.:shocked: එයා කියනවා මගේ CV එක දිහා බලලා මගේ O/L වල ගණිතය විෂයට තියෙන්නෙ "S" සාමර්ථයක්,රජයේ රස්සාවකට එන්න අඩුම ගනේ "C" සාමාර්ථයක්වත් ඕනි කියලා.

ඇත්ත මට තියෙන්නෙ "S" සාමර්ථයක් තමා.එත් මට තියෙන දුක මට තියෙන අනෙකුත් සුදුසුකම් වලටවත් මාව ගත්ත නැති එකට.:no:

ඉතින් මොනා කරන්නද හුගක් දුක හිතිලා අපි අව හිස් අතින් ගෙදරම.:(

මේ අත්දෙකීම සමහරවිට ගොඩක් අයට ඇති.මට දැන ගන්න ඕනි o/L සමත් වෙලා A/L අස්මත් උන කෙනෙකුට(මේ පාර නම් එහෙම වෙලා නැතුව ඇති,කියන්න බෑ.අපි හොන්දට ලිව්වට මර්කින් වල කොහොමද දන්නෙ නෑනෙ)හොඳ රැකියාවක් කව්දාවත්ම කරන්න බැරිද..හොඳ BIT වගේ Degree එකක්වත් කරල කරන්න බැරිද?

අත්දැකීම් තියෙන අය සහ මේ ගැන දන්න අය කියන්නකො බලන්න ඔයාලගෙ අදහස් ටිකක්...

ඒ අදහස් වලින් මං වගේම තව කවුරු හරි යමක් අරගෙන එයාලගෙ ජීවිතය ගොඩ දාගත්තොත් මේ නූල ලියපු මට වගේම අදහස් දක්වපු අයටත් කවදා හරි සතුටු වෙන්න පුලුවන් අපි කෙනෙක්ගෙ ජීවිතයක් හදාගන්න උදවු කලා කියලා.:yes:
 
nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මට නම් 1 ම කියන්න තියෙන්නේ මේකයි. උබ හදපු අමුතුම සී වී එක දෙන්න පුලුවන්ද බලන්න :confused:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ආණ්ඩුවේ රස්සාවකට යනවා නම් ගණිතයට සහ භාෂාවට සම්මාන අනිවාර්‍යයයි.දෙවරකට නොවැඩි වාර ගණනකදී විභාග සමත් වෙන්න ඕන.
     
    rockerzz

    Member
    Oct 2, 2013
    27
    1
    0
    දැනුයි එළකිරි එන්න පුළුවන් උනේ...හුගක් අය මගේ CV එක මෙතන දාන්න කියලා තිබුනා.මම ඔරිගිනල් ෆයිල් එක වෙනුවට මගේ CV එකේ Concept එක මෙතන දාන්නම්.මේ Concept එකට වඩා මගේ මගේ එක ටිකක් වෙනස්.එ උනට 2ම එක සමානයි

    designer-resume-9.jpg
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    දැනුයි එළකිරි එන්න පුළුවන් උනේ...හුගක් අය මගේ CV එක මෙතන දාන්න කියලා තිබුනා.මම ඔරිගිනල් ෆයිල් එක වෙනුවට මගේ CV එකේ Concept එක මෙතන දාන්නම්.මේ Concept එකට වඩා මගේ මගේ එක ටිකක් වෙනස්.එ උනට 2ම එක සමානයි

    designer-resume-9.jpg
    :cool::cool::cool:
     
    rockerzz

    Member
    Oct 2, 2013
    27
    1
    0
    ආණ්ඩුවේ රස්සාවකට යනවා නම් ගණිතයට සහ සම්මාන අනිවාර්‍යයයි.දෙවරකට නොවැඩි වාර ගණනකදී විභාග සමත් වෙන්න ඕන.

    ඔව්.ඔය විදියටම තමා ඊයෙ මට කිව්වෙත්.මට ගණිතයට විතරයි සම්මාන තියෙන්නෙ.භාෂාවට උනත් A තියෙනවා.English වලටත් A.:)..

    අනේ මන්දා මෙහෙම තියෙද්දිත් මට හොද රස්සාවක් කරන්න බැරි වෙයිද?පෞද්ගලික තැනක උනත්?:(
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    දැනුයි එළකිරි එන්න පුළුවන් උනේ...හුගක් අය මගේ CV එක මෙතන දාන්න කියලා තිබුනා.මම ඔරිගිනල් ෆයිල් එක වෙනුවට මගේ CV එකේ Concept එක මෙතන දාන්නම්.මේ Concept එකට වඩා මගේ මගේ එක ටිකක් වෙනස්.එ උනට 2ම එක සමානයි

    designer-resume-9.jpg
    :oo::oo::oo::oo: අ බන් ගොන් බිජ්ජෝ...මේ වගේ එකක්ද ඔයා යැව්වේ.අනම් මනම් විකාරයක් වගේ මේක දැක්කහම.අල්ලපු ගමන් විසි කරපු නැති එක ලොකු දෙයක්.මොකක් ද බන් මේ ??????? CV වලට මේ වගේ විකාර පින්තුර දන්නා එපා.professional විදියට හදන්න ඕනේ.
     
    rockerzz

    Member
    Oct 2, 2013
    27
    1
    0
    :oo::oo::oo::oo: අ බන් ගොන් බිජ්ජෝ...මේ වගේ එකක්ද ඔයා යැව්වේ.අනම් මනම් විකාරයක් වගේ මේක දැක්කහම.අල්ලපු ගමන් විසි කරපු නැති එක ලොකු දෙයක්.මොකක් ද බන් මේ ??????? CV වලට මේ වගේ විකාර පින්තුර දන්නා එපා.professional විදියට හදන්න ඕනේ.

    ඔයා කියන එක ඇත්ත සහෝ.මම මේ තියෙන එක හැදුවෙ මම IT පැත්තට ටිකක් බර හින්දා.Designing CV(Resume) එකක් විදියට.මේ CV එකට අමතරව මම සාමාන්‍ය CV එකක් හදලා තියෙන්නෙ ඒකත් එක්ක තම මම මේක පෙන්නුවෙ.මේ CV එක පාවිච්චි කරන්නෙ Cover Page එකක් විදියට.:)
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔයා කියන එක ඇත්ත සහෝ.මම මේ තියෙන එක හැදුවෙ මම IT පැත්තට ටිකක් බර හින්දා.Designing CV(Resume) එකක් විදියට.මේ CV එකට අමතරව මම සාමාන්‍ය CV එකක් හදලා තියෙන්නෙ ඒකත් එක්ක තම මම මේක පෙන්නුවෙ.මේ CV එක පාවිච්චි කරන්නෙ Cover Page එකක් විදියට.:)

    මෙහෙමයි බං. මේ වගේ image එකක් internet එකෙන් අරගෙන ඕනේ එකෙක්ට අකුරු ටික ගහ ගන්න පුළුවන්. creativity කියන්නේ ඕක නෙමෙයි මචන්. උඹ වෙනස් දෙයක් කරන්න ඕනේ ඒක market වෙන විදියට. මොකක් හරි වෙනසක් කලාට වැඩක් නෑ.

    අනික ඔතන ඉන්න එකා උඹ කරන දේ value කරන්නත් ඕනේ. නැත්නම් වැඩක් නෑනේ. තව පොඩ්ඩක් හිතපන්.
     
    ඔයා කියන එක ඇත්ත සහෝ.සම්පූර්ණ ඇත්ත.Copy කරලා වැඩක් නෑ තමා.තමන්ටම ආවේණික දෙයක් කරන්න ඕනි තමා.මාත් මෙතන කලෙ එහෙම දෙයක් තමා.මම මෙකම එඩිට් කලෙ නෑ සහෝ.මම මෙකේ Concept එක ගත්තා විතරයි.මම මීට වඩා වෙන්ස එකක් හැදුවෙ.මගේම දෙයක්.

    අපි වෙනස් දෙයක් කලාම ඒක ගොඩාක් අය ප්‍රතික්ෂේප කරනවා මට එහෙම පෞද්ගලිකවම වෙලා තියෙනව.ගොඩාක් අය බලන්නෙ සාම්ප්‍රදායික විදියට....:no:
     
    Last edited:

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    අද මචන් සුදුසුකම් තියෙන උන් කැලේ.... දේෂපාලුවෙක්ට ගොට්ට අල්ලපන්.. ජොබ් එක අතේ... :D
     
    rockerzz

    Member
    Oct 2, 2013
    27
    1
    0
    අද මචන් සුදුසුකම් තියෙන උන් කැලේ.... දේෂපාලුවෙක්ට ගොට්ට අල්ලපන්.. ජොබ් එක අතේ... :D

    ඔව් සහෝ එක සම්පූර්ණ ඇත්ත.:)