ජීවිතය තෑග්ගක්..

pacchasira

Member
Jun 4, 2010
205
12
0
ජීවිතය තෑග්ගක්..

ඔබ කෙනෙකුට අකාරුණික වචනයක් පැවසීමට පෙර .. කතාකිරීමට නොහැකි අයෙකු ගැන සිතන්න..

ඔබගේ ආහාරවල රසය ගැන මැසිවිලි කීමට පෙර .. කෑමට කිසිවක් නොමැති අයෙකු ගැන සිතන.. ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන මැසිවිළි නැගීමට පෙර .. සහකරුවෙකු ඉල්ලා දෙවියන් ඉදිරියේ හඬන අයෙකු ගැන සිතන්න..
අද ඔබ ජීවිතය ගැන මැසිවිලි කීමට පෙර .. ඉතා අඩු වයසින් මියගිය අයෙකු ගැන සිතන්න.. ඔබ රිය පදවන කාලය ගැන දුක්වීමට පෙර .. එම දුරම පයින් ගමන්කරන්නෙකු ගැන සිතන්න..


ඔබ ඔබගේ රැකියාව ගැන මැසිවිලි නැගීමට පෙර .. රැකියා විරහිතයෙකු ගැන හෝ ඔබගේ රැකියාව ලැබුනානම් අපූරු බව සිතන දහසක් දෙනා ගැන සිතන්න..
පීඩාකාරී සිතුවිලි ඔබ ඇදදමන විට ... මුවගට සිනහවක් ගන්න. සිතන්න ඔබ තවමත් ජීවත් වන බව...