ජීවිතය විදින්න

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,638
    2,848
    113
    ජීවිතේ හිස් වෙන්න කලින් හැම දේම විදින්න….

    රෙදි වලින් වහලා තියෙන ලස්සනම පුටු ටිකෙ ඒවා ඉවත් කරලා සැනසිල්ලේ ඉදගන්න…

    කබඩ් වල අහුරලා තියෙන ලස්සනම පිගන් වල බත් කන්න…

    ගල් වෙලා හයි වෙලා වීදුරු කබඩ් ඇතුලේ තියෙන සියුම් කෝප්ප වල උනුවෙන් කෝපි එකක් බොන්න…

    කබඩ් වල ගොඩගහලා තියෙන රත්තරන් පාට සිල්වර් පාට හැදි වලින් කිරි පැනි කන්න…

    හොදම කර්ට්න් ටික ලස්සනම බෙඩ් ෂීට් ටික දාලා ඒවා විදින්න….

    වාහනේ සීට් කවර ටික ගලවන්න… ඒවගෙ සිනිදු බව විදින්න…

    කැමති ඇදුම් ගන්න, අදින්න, ලස්සනට ඉන්න..

    තමන් කැමති දේවල් ගන්න…

    හොඳම පාවහන් ටික එලියට ගන්න.ඒවා පලඳින්න.ඒවා ගත්තේ ඔයාගේ දෙපාවල තරමටනෙ…

    හොඳම පර්ෆියුම් එක ගල්වන්න.ඕවා ඉතුරු කරන එකේ තේරුමක් නෑ.අපි කැමති සුවදට තව කවුරුවත්ම කැමති නොවෙන්නත් පුළුවන්…

    හොඳම දේ කන්න හොඳම දේ බොන්න.
    තමන් වෙනුවෙන් මහන්සි උන ජීවිතේ තමන්ට සලකගන්න… තමන්ට උපකාර කල අයට සලකන්න…

    ගේ ඇතුලේ පුළුවන් තරම් හිස් අවකාශය වැඩි කරන්න.මානසික සුවය උදෙසාම ලගම පරිසරය වෙනස් කරගන්න….

    ජීවිතෙ හරි ටිකයි.තමන් දුක් මහන්සියෙන් හරි හම්බකරපූ දේ වහලා හංගලා කියන්නේ නැතුව විදින්න..

    දන්න කාලේ ඉඳන්ම කරේ හම්බ කරන එක එකතු කරන එක මහන්සි උන එක නිසා දැන්වත් නිවී සැනසිල්ලේ ඒවා එකින් එක විඳින්න….

    ආත්මය සනසගන්න…..

    තමන්සතු හැම දෙයක්ම විඳලා සතුටින් ඉන්නකොට ජීවිතේ කා එක්ක වත් ඇරියස් නෑ..ආත්මය හරි තෘප්තිමත්. හිත හරිම ලස්සනයි…

    ස්තූතිය මුල් හිමිකරුට..

    ~Copied
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    6,619
    8,301
    113
    කමීඩියන් කෙනෙක් වෙන්න

    ඉන්න ටික කාලේ අල්ලපු රටේ ජනාදිපතිව අවුස්සගන්න

    ඌ රට ආක්‍රමණය කරන කොට අමෙරිකාවෙන් පත ලෝන් එකක් ඉල්ල ගන්න

    රටේ උන් යුද්දෙට යනකොට සුපොපබෝගී මන්දිරයක් හදා ගන්න

    යුද්දෙ පැරදී ගෙන එන කොට ටටා බායි කියල මාරු වෙන්න
     
    • Like
    Reactions: IMUNA