ජීවිතේට තරහකාරයො කරගන්න හොඳ නැති අය 9 දෙනෙ&
ජීවිතේට තරහකාරයො කරගන්න හොඳ නැති අය 9 දෙනෙක් තමයි මේ
දක්ෂකම කියන්නේ මිනිස්සු එක්ක තරහ වෙලා ඉන්න එක නෙවෙයි, ප්‍රශ්න ඇති කර ගන්නේ නැතිව ඉන්න එක ආයිබෝවන්. එහෙම කිව්වත් නොකරම බැරි අවස්ථාවක හිත රිදුනත් කියන්න තියෙන දේ කියන්න වෙන අවස්ථා අපිටත් එනවා. නමුත් ඊට පස්සේ තමා වැඩේ තියෙන්නේ, අපි අපට කියන්න උවමනා දේ කියලා හිත නිදහස් කරගත්තට මොකෝ ඒ අය වැඩ පටන් ගන්නේ ඊට පස්සේ නේ.
මේක කොහෙත් අපිට අත් විඳින්න වෙන දෙයක් නේ. මේ නිසා අනිවා අපි කල්පනා කළා, නිකමටවත් තරහ කරගෙන වරිගේ නසාගන්නේ නැතුව ඉන්න නම් මෙන්න මේ අයත් එක්ක පොඩ්ඩක් ශේප් එකේ ඉන්න එක වටිනවා කියලා. පොඩ්ඩක් බලන්න මේ අය එක්ක ශේප් වෙලා ඉන්න එක ඔයාගේ ජීවිතේටත් අදාල ද කියලා..!
1. වේටර්/කෝකියා
Source – reference.com
“The බියකරු සිහිනය.” මෙයාලාව නම් කවදාවත් තරහා කරගන්න තියා හිතන්නවත් එපා. දවසක් දෙකක් ඔයා කියන එව්වා අහගෙන හිටියි. ඊට පස්සේ කොහොමද දෙන කෑම එකට තියෙන්න ඕනේ දේවල් පදමටත් වඩා තියෙන්න ගත්තම. එක්කෝ මිරිස් වැඩියි, එහෙම නැත්තම් ලුණු වැඩියි, එත් නැත්තම් කටින් කටට වැලි. ඒවාත් අමතක කරමුකෝ, කොහොමද බිම වැටිච්ච චිකන් කෑල්ලක් එහෙම දිලිසි දිලිසි පිඟාන උඩින් එද්දී?
කොහොමද එහෙම ආතල් එකක් තිබ්බොත් සොරි ඩොට් කොම් නේද පින්වත?
වේටර් අයියාව ශේප් එකේ තියාගන්න ඕනේ කියන්නේ විශේෂිත හේතුවක් නිසා. බුවාට සද්දේ දැම්මට පස්සේ කොහොමද ඔය බිල එහෙම ගෙනෙන වෙලාවට ගාණක් වැඩි කරලා දුන්නොත් එහෙම. ඊට අමතරව ප්ලේන්ටියක් ඉල්ලපු වෙලාවට අනික් එවුන් බීලා ඉතුරු කරපු මන්ඩි එක්කහු කරලා තේක කම්ප්ලීට් කරලා දුන්නොත්? මොකටද වසලා ඉතින්?
2. බාසුන්නැහේ
Source – estadodeminas.lugarcerto.com.br
ඊළඟ එක්කෙනා. මෙයා ශේප් එකේ තියාගන්න ඕනේ කියන්නේ ඉතිහාසයේ ඉඳන්ම තිබ්බ දෙයක් මතක් වෙලා කියලා කියන්නත් පුළුවන්. ඒ මොකද ඔයාලා අහලා තියෙනවද “බාසුන්නැහේව ශේප් එකේ තියාගන්න ඕනේ ගේ හදාගන්නකම්” කියලා අපේ ආච්චිලා සීයලා එහෙම කියනවා? ඒකට හේතුව තමයි, යම් ඉදිකිරීමක් ශක්තිමත්ව හෝ දුර්වලව නිම කරන්නට බාසුන්නැහේලාට තියෙන හැකියාව. එයාලට කරන්න තියෙන්නේ කොන්ක්‍රීට් මික්ස් එකේ පදම පොඩ්ඩක් එහාට මෙහාට කරන්න විතරයි. කෙලින්ම බාස් මකබාස් තමා එතකොට.ගේත් චකබ්ලාස්.
3. දොස්තර
Source – ossm.net
මෙයා එක්ක නොරොක් උනොත් ඉතින් අපිට ගේමක් නැතුව දවසම ටොයිලට් එකේ උනත් පදිංචි වෙලා හිටියහැකි. ඇයි තරහට ටොයිලට් යන්න පෙත්තක් එහෙම දුන්නොත් එහෙම? ඒ නිසා දොස්තර මහත්තුරු සහ නෝනලටත් අනවශ්‍ය පාට් දාගෙන යනව නෙමෙයි ඕං. ඔන්න අපි හිතමු තරහට බඩ යන්න බෙහෙතක් දුන්නෙ නැතිය කියලා. ඒත් විශේෂයෙන්ම නිතරම බෙහෙත් ගන්න යන්න වෙන ගේ ගාවම ඩිස්පැන්සරියෙ දොස්තරනං කොහෙත්ම තරහකරගන්න හොඳ කෙනෙක් නෙවෙයි. මොකෝ හදිස්සියකට දුවන්න තියෙන්නෙ ඒ උත්තමය ගාවටනේ.
#mc_embed_signup{background:#fff; clear:left; font:14px Helvetica,Arial,sans-serif; width:100%;} /* Add your own MailChimp form style overrides in your site stylesheet or in this style block. We recommend moving this block and the preceding CSS link to the HEAD of your HTML file. */
4. ලෝයර්
Source – idiva.com
මේ අනික් එක්කෙනා. මෙයා එක්ක ගේම ඇද ගත්තොත් කෙලින්ම කොට උඩ තමා. අනික ඔයා මුහුණ දෙන්නේ දේපොළ නඩුවක් නම් ගේමක් නැතුව මෙයාලට කියලා තමන්ගේ මුළු දේපොළ ම උකස් තියලා නඩු කියන තත්ත්වයට පත් කර ගන්න බොහොම පහසුවෙන් පුළුවන්.
5. අල්ලපු ගෙදර බල්ලා
Source – petcarefacts.com
හදිස්සියකටවත් යන්න එන්න තියෙන්නේ ඒ ගෙදර අහල පහලින් නම්, කරුණාකරලා ගෙදර අය එක්ක තරහා වුනත් ඒ ගෙදර බල්ලව තරහා කරගන්න එපා. නිතර යනකොට කුඩා මස් කැබලි, විවිධ කන්නට ආස කෑම වර්ග වගේ පගාවක් දීල බල්ලාව ෆුල් ශේප් එකේ තියාගන්න බලන්න. මොකද අල්ලපු ගෙදර මිනිස්සු ඔයා එක්ක තරහ උනා කියල ඔයාව හපන්න එන්නෙ නෑ. හැබැයි බල්ලන්ට එහෙම බෑ. එයාලට මිනිස්සු වගේ හැංගිලා යටින් ගේම් දීල පුරුදු නෑ. කෙලින්ම පැන්න ගමන් හැපුවා.
6. බිරිඳ
Source – emirates247.com
හරිනම් මේ අයිටම් එක තමා මුලටම එන්න ඕනේ. කොහොමත් ගෙදර තිබෙන ආදරණියම බෝම්බේ කොයි වෙලේ පුපුරලා යාවිද කියලා දන්නේ නැති නිසා. ඔයා මොන දෙයක් වත් කියන්නේ නැතුව සද්ද වහලාම ඉන්න එක තමා කරන්න තියෙන්නේ යාළුවේ. අපි කොච්චර හරි වුනත් අපි වැරදි පිළිගත්තු විදියට ඉන්න එකෙන් වෙන්නේ අපිව බේරෙන එක තමා. ඒ නිසා අනේ අනිවා පරිස්සම් වෙන්ඩෝනේ ඈ..?
7. හිටපු කෑල්ල
Source – youtube.com/Daiwayai Me – Yasiru Nuwandika
කලින් දාපු සෙල්ලම් එහෙම ලීක් වෙන්නේ නැතුව තියාගන්න ඕනේ නම් කරන්න තියෙන්නේ මෙන්න මෙයාව ශේප් එකේ තියාගන්න එක තමා. අනික ඔය සෝෂල් මිඩියාවල එහෙම කරක් ගහනකොට එහෙම දැක්කොත් හායි බායි ගාගෙන යන්න එපා. කෝකටත් ප්‍රවේසමින් ඉන්නවා හොඳයි.
මේ වෙනකොට ඔයා කසාද බැඳලා නම් එහෙම මෙයත් එක්ක කතා කරන එකෙන්, එහෙම නැතිනම් තරහා කරගන්න එකෙන් හුඟක් වෙලාවට වෙන්නේ වෙන්නේ ඔයාගේ පවුලේ සමගියට හානියක්. මේක අනිවා ෆැක්ට් එකක් මිත්‍රයා හොඳේ?
8. බඩු ගන්න කඩේ මුදලාලි
Source – bebakpost.com
කඩේ බඩු ගන්න යන අපි මුදලාලිට මොකක් හරි සත්තමක් දාලා බඩු ටික අරගෙන එනකොට මුදලාලි හිනාවෙලා නිකං ඉන්නවා නම් අමතක කරන්නෙපා ඒ ලුක් එක. සමහර විට ඊළඟ සැරේ බඩු ගන්න යනකොට එක්කෝ බඩුවල මිල වැඩි වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් බඩු මිල එහෙමම තියලා කිරන බඩු වලින් ටිකක් එහා මෙහා වෙන්නත් ඉඩ තියෙනවා හරිද? ඒ නිසා පොඩ්ඩක් පරිස්සමට ඉන්නෝනේ..!
9. හොඳම යාලුවා
Source – ellemasri.com
මෙයාව තවත් වචනෙකින් හඳුන්වනවා නම් අපේ රහස් පෙට්ටිය කියලා කිව්වත් කමක් නැහැ. මොකද මෙයා තරහා වුනොත් ඉතින් අපි වසාලා හමාරයි. පෙරේදා බීලා කබරයා දාපු හැටි, ක්ලාස් එකේ ලස්සනම කෙල්ලට ලයින් දාන්න ගිහින් බැණුම් ඇහුව හැටි වගේ අගක් මුලක් නැති දේවල් වලින් අම්මට කියලා බැනුම් අස්සන එක සුළුම සුළු දෙයක් මෙයාට. ඒ වගේ දේවල් තව ශේප් කියලා හිතුවත් අපි ගැන අපේ හොඳම යාලුවෝ දන්න තව සමහර දේවල් තියනවා. ඒවා එළි උනොත් අපිව හිරේ විලංගුවෙ වැටෙන්න උනත් බැරි නෑ..

සැළකිය යුතුයි – සීරියස් නොගන්න. මෙය හුදෙක් හාස්‍ය රසය ඉස්මතු කිරීම සඳහා ලියන ලද සටහනක් පමණකි. අපි මෙහි සඳහන් කර ඇති වෘත්තිකයින් මෙවැනි ක්‍රියා වල යෙදෙනවායැයි මතයක් අනිවා අපි දරන්නෙ නැති බව කරුණාවෙන් සලකන්න.
Copied from aniwa.lk
Last edited: