ජීවිතේ අපි හැමෝටම තියෙනවා කර්කශ්ඨ කාලයක්...

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    130877106_246665383560089_2771804927273789924_o.jpg

    ඒ කියන්නේ හැමදේම ඔලුවේ එක පැත්තක පුරෝගෙන ලහි ලහියේ එහෙට මෙහෙට දුවලා ජීවිතේ හොයන කාලයක් අපි හැමෝටම තියෙනවා..
    වේලක් කාලා ඊලග වේල කන්න වෙලාවක් නැති වෙන තරමටම
    කහට උගුරක් බීලා හිතේ තියෙන හැමදේම ටික වෙලාවකට නිදහස් කරන තැනටම
    මං මාවත් වල ඔහේ තට්ට තනියම ජීවිතේ හොය හොයා දුවන කාලයක් මිනිස්සුන්ට තියෙනවා..
    ඒ හැම වෙලාවකදි වෙන්නේ තමාට තමා අමතක වෙන තැනට එනකම්ම හේතුවක් නැතුවම කාර්‍යබහුල වෙන එක...
    ඒ කට්ට කන කාලේ වචනයකින් හරි උදව්වක් දෙන්න පුලුවන්
    මම කීවේ එක මොහොතකදි හරි කතා කරලා හොයන්න පුලුවන් කෙනෙක් ඉන්නවා කියන්නේ
    ඒ කියන්නේ තමාට තමා අමතක වෙන තැනේදිත් ඇගිලෙන් ඇනලා තමාවම හොයා දෙන කෙනෙක් ජීවිතේ ඉන්නවා කියන්නේ ඒක තමා ලොකුම සැනසීම...
    ආදරයක්ම වෙන්න ඕනි නෑ,යාලුකමක් උනත් ඒකට හොදටම ප්‍රමාණවත්..හැබැයි ආදරේකදි දැනෙන හැගීමට වඩා යාලුකමේදී දැනෙන හැගීම හාත් පසින්ම වෙනස්...
    මමනම් කියන්නේ ජීවිතේ හැමදේකදිම හයියක් වෙන කෙනෙක් ලගින් ඉන්නකොට ඒක තමා ලොකුම වත්කම තමා ලග තියෙන....
    හුග දෙනෙක් තට්ට තනියම හැමදේම හරි ආකාරව සිද්ධ කරගෙන පහු කාලීනව...ඒ කියන්නේ කර්කශ්ඨෙන් ටික ටික ඈත් වෙනකොට අර කීව වගේ කෙනෙක් හොයා ගන්න පෙලෙබෙනවා
    ඒක පෙලෙබෙනවා නෙවෙයි අපේ හිතට අපි ඔටෝම දාගන්නවා දැන්නම් කෙනෙක් ඉන්න ඕනි කියන වග...
    මමනම් කියන්නේ කෙනෙක්ට ඉන්න ඕනි කෙනෙක්
    හැමදේම නැති කාලේ
    මොකද හැමදේම ඇති කාලේ කෙනෙක් ඉන්නවට වඩා හැමදේම නැති කාලේ කෙනෙක් ඉන්නවනම් එතන තමා නියම තේරුම් ගැනීමක් තියෙන්නේ..
    මම බොරුනම් කියන්නේ බලන්න අපේ අම්මලා තාත්තලා..කොච්චර දේවල් ගැන දැන් හිතනවද
    සමහර විට කියලා ඇති අනන්තවත්
    "අර මනුස්සයා අමාරුවෙන් ගොඩ නගන දේ උඹ කන්නද හදන්නේ කියලා...
    ඒ ලෝභ කමක්වත් වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි
    ඒ මනුස්සයා දන්නවා අර මනුස්සයා ඔය තත්වෙට එන්න කොච්චර කැප වුනාද,කොච්චර උත්සහ කලාද කියලා...
    කොහොම වුනත් කෙනෙක් ඉන්න ඕනි
    හැමදේම නැති කාලේ....
    හැම වෙලාවෙම නැති වුනත් අඩුම ගානේ අවශ්‍ය වෙලාවකදීවත් ලගින් ඉදගෙන කතා කරන්න පුලුවන් කෙනෙක්..හිතේ තියෙන හැමදේම කියන්න පුලුවන් කෙනෙක් මනුස්සයෙක්ට ඉන්නම ඕනි..
    ජීවිතේ මනුස්සයා දිනන්න උත්සහ කරන කාලේ...
    එහෙම කෙනෙක් නෑ කියලා දුක් වෙන්න එපා
    උඹේ ගමන හරිනම් උඹ යන විදිය හරිනම් උඹ ඒ ගමන පලයන්...උඹට කවුරු නැත්තත්...
    හැම වෙලාවෙම උඹට උඹ ඉන්නවා
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    සිරා මචං කර්කශ කාලේ කවුරු හරි ඉන්නවා කියන්නේ(ආදරයක්) එක මාර වටිනවා. හිතට සහනයක් එන්න කෙනෙක් ඉන්නවා නම් මාරු. කට්ට කාලා තැනකට ආවට පස්සේ කෙනෙක් සෙට් උනත් වැඩක් නෑ. අර වගේ ලොකු ආදරයක් ඇති වෙන්නෙත් නැ. දැන්නෙන්න ආදරය කරන්න හිතෙන්නේ ජීවිතේ අමාරු කාලේ ළඟ හිටපු මිනිස්සුන්ට විතරයි.

    යාළුවෝ ගැන කියනවනම් ගොඩක් වෙලාවට study කරන කාලේ සෙට් වෙන යාළුවෝ තමයි නියම යාළුවෝ
    මුදල් තියන කාලේ සෙට් වෙන යාළු කම් බෝතලේ ටයි සල්ලි වලටයි සෙට් වෙන්නේ එහෙම යාළුකම් හරිම කෘතිමයි