ජීවිතේ ඉවරයි නැහැ

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ජීවිතේ ඉවරයි නැහැ

    අද AL Results නිකුත් උනා. අද දවස සමහර අයට ගොඩක් සතුටු දවසක් වෙන්න ඇති. සමහර අයට ගොඩක් ම දුක හිතෙන දවසක් වෙන්න ඇති. සමහර අයට ලොකු වෙනසක් නොවුනු දවසක් වෙන්න ඇති.

    මම මේක ලියන්නේ AL Fail උන අයටයි. මල්ලි නන්ගි ඔයාලගේ ජීවිතය අදින් ඉවර උනේවත් නැවතුනේ වත් නැහැ. මොකක් වුනත් දැන් ප්‍රතිපලය ඇවිල්ල ඉවරයි.ඒක සතුටින් භාර ගන්න.අම්මලා තත්තලාට දුක ඇති. සමහර විට බනිනවාත් ඇති.සමහර වෙලාවට ඔයාලට හිතෙනවා ඇති මම අම්මලගේ බලාපොරොත්තු කඩ කලා කියලා. Believe me i know the Feeling.සමහර වෙලාවට මැරෙන්න තරම් දුක ඇති.

    දුක් වෙන්න එපා. අදම හිතා ගන්න ඉලගට පටන් ගන්න අවුරුද්දෙන් මම මිනිහෙක් වෙනවා කියලා. එහෙම කියලා පෙබරවාරි වෙනකොට අමතක කරන්න නෙමේ.තව සතියක් වගේ ඉන්න. ඉදලා හොද ප්ලන් එකක් ගහන්න. සමහර විට ආයේ A/L කරන්න.සමහර අය පාස් එත් කැම්පස් යන්න ලකුණු මදි වගේ අය වෙන මොනවා හරි (Degree/HND/Business or Anything) දෙයක් කරන්න වගේ.

    යාලුවො නැදැයෝ එහෙම දැන් හිනා වෙනවා වගේ තෙරෙවි. ගනන් ගන්න එපා. මොනවා උනත් පිස්සු තීරන වලට එන්න එපා.අත්දැකීමෙන් කියන්නේ මට දැන් 25ක්. දැන් මට AL කියන්නේ නිකන් 5හේ ශිශ්‍යත්වය වගේ. මමත් කැම්පස් ගියෙත් නැහැ. එත් අද මම සතුටු මට්ටමක ඉන්නවා. මම අවුරුදු 4ක ප්ලන් එකක් ගැහුවා. Second upper එකක් එක්ක degree එක ගන්න ඉන්නේ. ඔයා කලේ ගොඩ දෙනෙක් හිතන්නේ ජීවිතේම ඉවරයි. අම්මල අනෙක් යලුවන්ගේ නැදැයන්ගේ ලමයි ගේ ලකුණු කියවයි ගෙදර කනක් ඇහුලා ඉන්න වෙන එකක් නැහැ.

    ඔයාලට මොලේ නැහැ වැඩක් නැහැ කියලා කොයි වෙලාවකවත් හිතන්න එපා. එහෙම තමා අපිටත් හිතුනේ මුලදි. දැන් ජීවිතේ ෆුල් ෆන්.(bit stressed work as a trainee SE :baffled:). පොඩ්ඩක් සින්දුවක් අහලා ජොක් මූවී දෙක තුනක් බලලා ජොලියේ ඉන්නා මේ දවස් ටික. ගෙඩරටම වෙලා ඉන්නත් එපා. අනෙක් ෆේල් උන අය එක්ක කතා කරන්න. පාස් උන අයත් එක්කත් කතා කරන්න.

    All The Best. Your Life Begin Now !!! :):):)


     
    Last edited:
    • Like
    Reactions: Sai_baba

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    10383652_342561379279599_6521463196697590434_n.jpg
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ow bn dn itin mokak hari hoda corse ekak karanna oni

    mata thibunee s3k witharay. math super plan ekak gahuwaaa . 4 years. IT degree ekak kalaa. thawa thawa ewaa kalaa. courses wage. results okkomaa A+ , A , A- , B+. hariyata hithuwoth karanan bari deyak naha. but nowenas wena kapawimak thiyenna onee. lokee oyaata ara wena kisima kenekta oyaata help karanna baha. :cool::cool::yes: