@Tharaka_x
මේ කිරියේම නූලක් තිබ්බා ජීවිතේ වැරදිච්ච තැන මොකක්ද කියලා .මමත් ඇතුළුව බහුතරයක් දාලා තිබ්බේ A\L ෆේල් වීම හෝ බලාපොරොත්තු වෙච්ච තරම් ප්‍රථිපල නැතිවෙච්ච එක.
මේකත් ගොඩක්ම බයෝ ,මැත්ස් කරපු එවුන්ට. O/L හොඳ ප්‍රථිපල තියෙන ගොඩක් එවුන් ඔය විෂය ධාරා දෙක කරන්න ගිහින් කෙලව ගන්නවා.සමහර එවුන් කරන්නේ තමුන්ගේ ආසාවට වඩා දෙමව්පියන්ගේ ,ගුරුවරුන්ගේ , නෑදෑයන්ගේ කීම මත.
ප්‍රතිපල ආවාම වැඩිපුර දුක් වෙන්නේ ඒ අය.එතකොට තමයි අපිටත් දුක වැඩි.
දැන් අපි බලමු ඇයි ගොඩක් එවුන් වෛද්‍ය ,ඉංජිනේරු වෙන්න දගලන්නේ කියලා. ලොකුම හේතුව සමාජයේ පිළිගැනීම.ඊළඟට ලැබෙන පඩිය.මංගල යෝජනා බැලුවත් ඉල්ලන්නේ ඔය දෙගොල්ලන්ව වැඩිපුරම.
සංවර්ධිත රටවල්වල මේක දකින්න නෑ.
මේක මෙහෙම වෙන්න හේතු ගාණක් තියෙනවා.ප්‍රධානම දේ අපේ අධ්‍යාපන ක්‍රමය. ඒක තරඟයක්. කටපාඩම් කරලා හරි මොනවහරි කරලා විභාගේ ගොඩ ගියොත් ඇති.සමහරවිට ඒ මනුස්සයා කොච්චර උඩට ගියත් වැඩක් නෑ සාරධර්ම අතින් පිරිහුණු කෙනෙක් වෙන්න පුළුවන්.උදාහරණයක් විදියට දොස්තරලා ,නීතීඥයෝ ඉන්නවා මිනිස්සුන්ගෙන් ගසා කන.
අනික් දේ රැකියාවලට ගෙවන මුදල්.පිටරටවල කම්කරු රැකියාවලටත් ඉහල වැටුපක් ගෙවනවා.තැනකට ගියාම ඇඳුමෙන් ,රැකියාවෙන් තරාතිරම මනින්නේ නෑ.
ලංකාවේ උපාධි ගත්ත සමහර අයට රැකියා නෑ.සමහර අයට අවුරුදු 40 පැනලා.
මම ඉස්සර හිතුවෙත් A/L ප්‍රථිපල මදි උනා කියන්නේ ජීවිතේ ඉවරයි කියලා.ඒත් A/Lකරපුවත් නැති එවුන් ඉන්නවා ජීවිතේ සුපිරියට ගොඩ දාපු. තමුන් ආසා දේ කරන්න .ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ එතකොට. Mr Bean කතා කරද්දී ගොතයි කියලා රඟපාන්න තෝරගත්තේ නෑ.නමුත් ඔහු ඒ දේට ආසා නිසා තමුන්ගේම දෙයක් නිර්මාණය කරගත්තා.
අපි හැමෝටම මොකක් හරි දක්ෂතාවයක් තියෙනවා.ඒක තේරුම් ගැනීම සෑහෙන්න වැදගත්.
මානසික ප්‍රශ්නයෙන් නම් ගොඩ එන්න ඕනේ උඹම තමයි.පෙති දිගටම බොන එක එතරම් සුභදායි නෑ. අතුරු අබාධ වැඩියි.