මචන් මම නිකන් උඹට හිතන්ඩ points කීපයක් දෙන්නම් ,
1. තමන් කැමති දේ ඉගනගන එකෙන් ජීවිකාවක් කරගන්ඩ බැරිවෙලා විඳවන උන් මම ගොඩක් දැකල තියනවා . උන්ගේ ප්‍රමාණය උඹේ category එකේ ප්‍රමාණයට වඩා ගොඩක් වැඩි සහ උන්ගේ තත්වය උඹට වඩා ගොඩක් සොචනීයය් . මොකද මචන් අතේ සල්ලි කීයක් හරි තියනවනම් වෙන options ගැන හිතුවහැකි. නමුත් මචං හරි හමන් ජීවිකාවක් නැතිනම් නෝ option වගේ තත්වයකට යනවා . ඒක හෙන සොචනීයය්.
අත්ත්ටම් මචන් මමනම් හිතන්නේ මොනා හරි දෙයක් පටන් ගද්දි එකේ result එක කලින් හිතන එක ඉතාම වැදගත්. තේරුමක් නැති (within the scope) දේවල් වලට කාලය දනය ශ්‍රමය වැයකිරීම අපරාදයක් . එතැනදී උඹලගේ දෙමුපියෝ හිතන විදිහ වැරදීම නෑ .
මම උදාහරණයක් කියන්නම්.
මම මචන් school cricket හොඳටම ගැහුවා. මගෙ පොඩි එකාගේ ඇඟේ හොඳට cricket තියනවා. ඒත් උ කැමති football වලට. ලංකාවේ football ගහල මොන කරන්ඩද බන් . මම ඌටත් නොදනෙන්ද ටිකටික cricket වලට ගන්නවා ෆූට්බල්ලුත් කරන ගමන් .
හැබය් මචන් UK වගේ හිටියනම් කිසිම අවුලක් නැතුව football ගහන්ඩ දෙනවා. එකය් මම scope එක කියල කිව්වේ .
මට අනුවනම් කරන්ඩ යනදේ කලින් analyse කීරීම ඉතාම වැදගත්.
2. ලූෂන් බුලත්සිංහල කියල ත්යනව සැබෑ ආදරවන්තයෝ කිසිදා එක්නොවේ. එක්වූවෝ කිසිදා ආදරවන්තයන් නොවේ කියල .
මචන් පරණ love කරපු (may be first love ) ඒවා මතක් වෙන්නේ නැත්නම් උ ලෙඩෙක්. ඒක තමා මිනිස් nature එක. උඹ හිතනවා නම් ඒක බැන්දනම් සතුටින් ඉන්ඩ තබුණා කියලා උඹ වරද්ය් මගේ පුතේ. ගැනු වෙනස් වෙන්නේ නිකන් කාලගුණය වගේ . සමහර වෙලාවට කිසිම සලකුණක් නොදීම .
පරණ කෑල්ල මතක් වෙන එක වින්දනීය හැන්ගීමක් කරගනින්. ඕක මචන් කගේ කෙගේත් මනොලොකවල තියන පොදු තත්වයක්. (පරණ කෑල්ල මතක් කරලා මනෝ ගහන එක )
3. අනිත් උන් කියන දේවල් ඕනවට වවඩා ගන්ඩ එපා. උම්බ කියල තියන දේවල් එක්ක උඹට උඹේ දෙයක් හොයාගන්ඩ බැරිනම් , අනුන් දෙස නොව තම අබ්යන්තරය දෙස බැලීමට පුරුදු වෙයන්.
කිසිම කෙනෙක් දර්ශීය මට්ටමේ සතුටු ජීවිත ගත නොකරය්. ජීවිතය යනු දුක සැප අතර දෝලනයක් පමණි ..
වැඩිය හිතන්නේ නැතුව ඉඳපන්






