ජීවිතේ තනිකම මග හරිමු!

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,355
    1
    17,054
    113
    −273.15°C
    ජීවිතේ තනිකම මග හරිමු!

    ජීවිතේ තනිකම මග හරින්න, මේ ගැටළු පහෙන් මිදෙන්න

    තනියෙන් ඉන්නවා කියන්නේ පට්ට බෝරින් වැඩක්. සමහරුන්ටනම් මේකෙ ආතල් එකකුත් තියනවා. කවදාවත් ලවු එකක් සෙට් නොවෙන, තනිකම මගේ ජීවිතේ වේ කියලා හිතාගෙන කඳුළු බි බී ඔහේ ලාංතරස් වෙලා ඉන්න මුඩ් ගහපු කොල්ලෙක් හෝ කෙල්ලෙක් අපේ ඕනෙම යාලු සෙට් එකක ඉන්න පුළුවන්.

    පොඩ්ඩක් ලං වෙලා හොයලා බැලුවාම මෙහෙම ඉන්නෙත් එයාලගෙම තියෙන පොඩි පොඩි සීන් නිසා කියලත් හිතෙනවා. ඉතින් අද අපි අනිවා එකෙන්, මෙහෙම සෝක මෝඩ් ඕන් කරගෙන ඉන්න, ආදරේට රතු ලයිට් දාගෙන ඉන්න කස්ටියගේ කොමන් ප්‍රශ්න ටිකක් බොහොම සරලව කතා කරන්න හිතුවා.


    1. ලැජ්ජපාල
    Forever-Alone-aniwa-01.jpg


    මේකට සබකෝලේ කියලත් කියනවා, ලස්සන කෙල්ලෙක් එහෙම ළඟට ඇවිල්ලා කතා කරනකොට දෙකට කැඩෙන්න තරම් ඇඹරෙන කොල්ලෝ අපේ යාලු සෙට් වල ඕනේ තරම් ඉන්නවා, ඒ වගේමයි කොල්ලෙක් හදිස්සියක් වෙලා කතා කලොත් මහපොට ඇඟිල්ලෙන් පොලව හාරගෙන යටටම යන සයිස් එකේ ගෑණු ළමයි එහෙමත් අපි අතර නැත්තේ නැහැ.

    මේකට හේතුව තමා අපේ වැඩිවියට පත් වුන විට සමාජය විසින් මවලා තියෙන විරුද්ධ ලිංගිකයා කියන්නේ බිල්ලෙක් කියන සිටුවේෂන් එක. හැබැයි එකක්. මෙහෙම ලජ්ජා වෙලා කොල්ලෙක්/ කෙල්ලෙක් සෙට් කරගන්නවා කියන්නේ ඒ සෙට් කරගන්න කෙනාට කරන අන්තිම අසාධාරණයක් වේවි.



    2. තමන් පාඩු සේකර
    Forever-Alone-aniwa-02.gif


    “අනේ ඒ දරුවා කාටවත් කරදරයක් නැතිව තමන්ගේ පාඩුවේ ඉන්න දරුවෙක්, හරිම සීදේවියි”
    තම තමන්ගේ ළමයි ගැන මෙහෙම කියන ඕනේ තරම් අම්මලා තාත්තලා තාමත් මේ සමාජේ ඉන්නවා. ඒත් සමහරු එහෙම ඉන්නෙ තමන්ගේ පෞරුෂයේ අවුලක් නිසා කියලා මොහොතකටවත් හිතන්නේ නැහැනේ.

    අනික ඉතින් ගෙදරට ම වෙලා ඉන්නකොට ඔහොමද යාළුවො ඇතිවෙන්නේ? යාලුවෝ ඇතිවෙන්න ඉතින් පොඩ්ඩක් එලියට බැහැලා මිනිස්සු එක්ක මිශ්‍ර වෙන්න ඕනේ නේ.

    අඩුම තරමේ ගෙයින් එළියට බැහැලා ගේට්ටුව ගාවවත් හිටන් හිටියොත් තමයි ගමේ ලවු එකක් හරි හදාගන්න පුලුවන් වෙන්නේ.



    3. යකා පොල්කන දාස
    Forever-Alone-aniwa-03.gif


    කිසිම කෙනෙක් මේ ලෝකෙට එනකොට කැත නැහැ, එකිනෙකාට අනන්‍ය ලස්සනක් අපි හැමෝටම තියෙනවානේ. ඒ වුනාට අපි සමේ පාට, මුහුණේ හැඩය ගැන එක එක මත සලකලා අපි ගැනම කලකිරෙන වෙලාවල් තියනවා. මගේ හම කලුයි, කැතයි වගේ දේවල් හිතලා තමන්ගෙ පෙනුම ගැන අධෛර්යය වෙනවා.

    එහෙම අපි ඇත්තටම අධෛර්යමත් වෙන්ඩ ඕනෙද ඈ? දැන් බලන්න අභිෂේක් බච්චන් නළුවෙක් වෙන්න කලින් හුඹහෙන් ඇදලා අරගෙන වගේ. ඒ වුනාට කොල්ලා සෙට් කරගෙන කසාද බැන්දේ අයිශ්වර්යාව. ඒ කියන්නෙ ලෝකේ ඉන්න ලස්සනම කාන්තාවන් ගෙන් එක්කෙනෙක්ව. ඒ නිසා ට්‍රයි එක අතාරින්න එපා.



    4. පුස්තකරත්න
    Forever-Alone-aniwa-04.jpg


    දැකලා තියෙනවද සමහර කට්ටිය ඉන්නවා මොන වෙලාවක බැලුවත් පොතේ ඇලිලම ඉන්න කට්ටිය? ලේක්චර්ස් වල වුනත් නිකම් ගුරුතුමා තමන්ගේ තාත්තාගේ කපාපු පාළුව වගේ කියලා හිතාගෙන ගුරුතුමාව කන්න වගේ බලාගෙන ඉන්නෙ සමහර ළමයි. එහෙම බලාගෙන ඉන්නකොට ගුරුවරුන්ට වුනත් බය හිතෙනවා ළමයි.

    අනික කවුරුහරි එක්ක කතා කලොත් කතා කරන්නේ මොකක් හරි විෂයක් සම්බන්ධ දෙයක් ගැන විතරයි. ඉතින් මෙහෙම අය දිහා කවුරුවත් ආදරයෙන් බලයිද හලෝ?

    අධ්‍යාපනික වැඩ විතරක් නෙමෙයි, තවත් සමහරු ඉන්නවා විශ්ව සාහිත්‍යයට සහ මල්කතා වලට ඇලිච්ච අය. භයානකම දේ තමයි මෙහෙම අය ලව් කරන්නේ පොත් වල ඉන්න චරිත වලට. අපේ යාලුවෙක්ට කෙල්ලෙක් ජෝඩු කරන්න හිතලා දෙමාපියෝ මොන වගේ කෙල්ලෙක්ට කැමතිද කියලා ඇහුවම, කියලා මට චාතුර්යා වගේ කෙල්ලෙක්ව සෙට් කරලා දෙන්න කියලා. ඉතින් හොයපන්කෝ කෙල්ලෝ!!



    5. හැන්ඩි මහානාම
    Forever-Alone-aniwa-05.gif


    සමහර කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා පට්ටම ලස්සනයි. ඒ ලස්සන වැඩි කම නිසා අනිත් අයට හිතන්නේ ඒ අයට කෙල්ලෙක් හෝ කොල්ලෙක් ඉන්නවා කියලා. උන් ලස්සන නිසා වැඩිය ටෝක්ස් දෙන්න යන්නෙත් නැහැ. ඉතින් හිතන්නේ ආඩම්බරයි කියලා. අනේ ඉතින් ඒ නිසා සදා තනිකඩ තමා ඔන්න. මේ අය ඉතින් කාත් එක්කත් ටිකක් සුහදශීලීව හැසිරෙන්න උත්සාහ කලොත් තමයි හොඳ.



    උපුටා ගැනීම අනිවා[ඩොට්]lk
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තනිවම ඉපදිලා තනිවම මැරිල යන ජීවිතේ තනියම ගෙවන්න පුරුදු උනොත් දුක අඩු වෙයි...