ජීවිතේ_බොරුවක්

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම අද ටිකක් නිදහසේ කල්පනා කරලා බැලුව...ජීවිතේ මහ බොරුවක් කියල මට හිතෙනවා...පුදුම පාළුවක් දැනෙන්නේ...හිතේ කිසි අලුත් ගතියක් නෑ...
    ඒකයි මම පහුගිය මාස ටිකේ එලකිරිය පැත්තේ නිතරම හිටියේ...පොඩ්ඩක් හිතන්න අපි මේ ලෝකේ ඉපදිලා අනන්තයක් අසාවන් පස්සේ දුවගෙන් ගිහින් අන්තිමට මැරෙනවා...
    දරු පවුලක් හදල ඒවා දාල යන්නත් හිතට පුදුම දුකක් දෙන්න ඕන...මහ බොරු වැඩ කියල හිතෙන්නේ නැද්ද මචන්ලා...
    දවසක් මම යාලුවෙක්ගෙ සාත්තුවට ඉස්පිරිතාලේ ගිහින් ඉද්දි මට ලඟම ලෙඩෙක් නැති උනා...නැති උන කෙනාගේ පවුලේ අය අඬනවා...
    බැඳපු ගෑනු මනුස්සය මගෙ මහත්තය මාව දාල ගියා කියල අඬනවා...
    පුතා බුදු තාත්තේ මාව දාලා යන්න එපා කියල අඬනවා...
    තව කෙනෙක් මට මද්දු නංගී කියල කතා කරන්න හිටිය මගේ අයිය නැති වුනා කියල අඬනව...
    ඇයි බන් මේ වගේ දේවල් අපි ජීවිතේට ලං කර ගෙන අනිත් අයට දුක් දෙන්නේ...:sorry:තනියම ඉන්නත් හිතයි...

    හිතේ තනිකම දැනෙද්දී ලියපු ටිකක් මේක...උඹලගේ හිත කලකිරවන්න කියපු දෙයක් නෙමේ මේක...එහෙම උනා නම් සමාවෙන්න...:sorry:




    කවදා හෝ මැරෙනවා කියන එක ඔලුවට ගනින්... එක නිසා ජිවත් වෙන හැම තත්පරේම ජිවත්වෙයන් . දුක සතුට හැමදාම අපිට පොදුයි . ඒ ඒ අවස්තාව අනුව හැඩගැහෙන්න. ලොකුවට කල්පනා කරන්න හිතන්න ඕන දේවල් නෙමේ ඕවා ... සාමාන්‍ය විදියට දවස ගෙවන්න .. පටු අදහස් වලින් මිදිලා පුළුල් මනසකින් හිතන්න හැමදාම. ජිවිතේ කලකිරෙන දෙයක් උනොත් ආයිත් ඒ දේ සිදු නොවෙන්න වගබලාගන්න . ආයිත් එකම උනත් උබගේ උත්සාහය වෙනස් වී තිබිය යුතුයි
     
    • Like
    Reactions: KEZI

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Mental issues තමා නේද... ඔහේ නිකන් හිටියම ඕවා වැඩියි.. ජොබ් එකට අමතරව තමන් කැමති මොනවා හරිත් කරන්න ඕනේ


    :yes::yes: