.: ජීවිත යාත්‍රා - සම්මානි කුමානායක :.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:(
ඔය ඔළුව වැදුණු පාරට තමයි උබට මුල අමතක උනේ ....
:sorry:මුල මතකයි මැද අමතකයි:lol:
මෙ උබලා ආතල් දිලා අරුට හිතෙනවා ඇති මොකට මෙ නම දැම්මද කියලා:lol:

:(:(
උඹගෙ කතාව කොහොමෙයි ඇරාගෙ නංගි දන්නෙ..?
ගජිනිට වගේ හිටපු ගමන් මෙමරිය ලොස් වෙන්නෙ එහෙම නෑනෙ..?
:(

ඒක තමයි මමත් මේ කල්පනා කරන්නෙ:(
එහෙම මත් නැ ඒත් එක කෙල්ලෙක් පස්සෙ ගිහින් ආයෙ වෙන කෙල්ලෙක් දැක්කම් කලින් වෙච්ච දේවල් අමතක වෙනවා:lol:
 

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    elakiri macho...
    ithuru tikath ikmanata danna.
    tikak wegen yanawa wadida manda kathawa. eth eka epiyakin ehema kiyanna ikman wadi.
    ithuru tikath dapan ikmanata.

    ඔව් මචන් ටිකක් විතර ඒ ගතිය තියෙනවා...බොහොම ස්තුතියි අදහස් වලට දිගටම මේ වගේ කමෙන්ට්ස් ඕනි හොඳේ....:)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Part-2

    ~ දෙවෙනි කොටස ~​

    මේ ඔවුන්ගේ පරිගණක පන්තියේ සිසුවියන් දෙදෙනෙක් නම් නොවන බව ස්ථීරය..එසේනම්..

    “මේ ප්‍රගීත් වනිගසූරිය කියන්නේ ඔයා නේද..? එදා ඔයා බස් එකෙන් වැටුණ දවසේ ඔයාගේ පර්ස් එක එතන තිබුන ලයිට් කණුව ළඟ වැටිල තිබුනා..අපිත් එදා ඒ බස් එකේ හිටියා ..ඔයාල නගින හෝල්ට් එකෙන් තමයි අපිත් බස් එකට නගින්නේ..ඔයාව දැකල පුරුදුත් නිසා ආයෙත් හෝල්ට් එකට ආපු වෙලාවක දෙන්න පුළුවන් කියල හිතාගෙනයි මං ඇහිඳ ගත්තේ..උණ හැදිලා මට මේ සතියෙම පංති එන්න බැරි වුණා..අනේ.. සොරි අයියා පර්ස් එක දෙන්න පරක්කු වුණාට, මෙන්න ගන්න ..”

    ඔහුගේ සිතුවිලි ගොන්න විසුරවමින් එතනට පැමිණි ඇය එක හුස්මට කියාගෙන ගිය විස්තරය ඇසූ ගීත් තවත් මවිතයට පත්විය.

    පරිගණක පංතියේ දෙවන වාරිකය ගෙවීමට තිබූ ඔහුගේ මුදල් සමඟ පසුම්බිය නැතිවී ඇති බව මවගෙන් දැනගත් පියා උදේ පන්තියට එනතුරුම දොස් පවරා අවශ්‍ය මුදල් ඔහු අත තැබුවේ නාස්තිකාර පුත්‍රයෙකු යැයි දෝෂාරෝපණය කරමිනි..

    ඉතින් එසේ පැය බාගයක පමණ දොස් මුරයකට ලක් වී පැමිණි තමා හට ආයේ කිසි දිනෙක ලැබේ යැයි නොසිතූ මුදල් පසුම්බිය නැවත ලබා දුන් මේ යුවතියට ස්තූති කළ යුත්තේ කෙසේද යන්න ඔහුට සිතාගත නොහැකි විය. ඒ නිසාම ,

    “අනේ නංගියෝ ඔයා මට කලේ ලොකූ උදව්වක්..මේ පංතියේ වාරික ගාස්තු ගෙවන්න තිබුණු සල්ලිත් මේකේ තිබුන නිසා මං නම් හිතුවේ නෑ ආයේ මේක කවදාවත් ලැබෙයි කියල..පරක්කු වුණාට කමක් නෑ අනේ මාත් සතියකට පස්සේ අද තමයි පංති ආවේ..” යැයි ගීත් පැවසූවේ සිනාපිරි මුවින්ය.

    “ම්..එහෙනම් ගණන් කරල බලන්නකෝ.. සල්ලි හරියටම තියෙනවද කියල , ඉතින් දැන් කකුල හොඳද ..?”

    ඔහුගේ වදන් වලට සුන්දර සිනහවකින් මුව සරසා ගත් ඇය ඇසුවේද බොහෝ සුහද අයුරිනි.

    “ අනේ මේ පිස්සු කතා නොකර ඉන්නවා හලෝ ..ආයේ මේකේ ගණන් කරන්න දෙයක් තියෙනවද ..හ්ම් කකුලනම් ගොඩාක් හොඳයි..දැන් පොඩි රිදීමක් විතරයි තියෙන්නේ..”
    දඟකාර ලෙස පැවසූ ඔහු පිටුපස හැරී බැලුවේ අත්තල ගසන හඬක් ඇසුණු නිසාවෙනි..

    ඒ වෙන කව්රුවත් නොව තමාගේ අතිජාත මිතුරන් බව දුටු ගීත් හිතෙන් ඔවුන්ට පලු යනකන් බනින්නට වූයේ නැවතත් ඇගේ මියුරු හඬ ඇසෙද්දී ය .

    “ඔහ් එහෙනම් දැන් යන්නකෝ.. ඔයාල පන්තියට යන්නත් ඕනනේ..අපිත් යනවා එහෙනම්..බායි..”

    “හරි හරි ගොඩාක් ස්තූතියි හොඳේ..”

    තව මොහොතක් ඈත් සමඟ මොනා හෝ කියව කියව හිඳීමට හිතේ තිබූ ආශාව යටපත් කරගෙන ඇයගෙන් සමුගත් ඔහු මිතුරන් දෙසට ගියේ අමනාප මුහුණකිනි.

    “ඒ බලහන්කො බන් , මෙච්චර වෙලා මල් හිනාවක් දාගෙන හිටපු මෙයා දැන් මෙතන අප්සෙට් මූඩ් ගහගෙන ඉන්නෙ අපි නොදැක්කට කෙල්ල යන්න ඉස්සෙල්ල කම්මුල් පාරක්වත් දුන්නද දන්නේ නෑ නේද ..?” සිතුම් පැවසුවේ කවදත් ඔහුට පුරුදු සමච්චල් ස්වරයෙනි.

    “ෂික් විතරක් බන්..තමන්ගේ යාලුව කෙල්ලෙක්ගෙන් ගුටිකාලා එනකන් බලන් ඉන්න උඹලත් යාළුවොද ආ.. ඉඳල ඉඳල ලාස්සන..අහිංසක ..හොඳ ගැහැණු ළමයෙක් මුල්ම වතාවට මාව හොයාගෙනම ඇවිත් කතා කර කර ඉන්න කොට වල කපනව මදිවට තව පල් කතා දාන්නත් එනවනේ..තව මොන ”

    “අයියෝ ඇති ඇති බන් ඔය අදෝනාව නවත්තල විස්තරේ කියල ඉඳින්කෝ ..”

    “ඒකනේ ගීත් ඇත්තටම මොකද්ද වුනේ බන්..අපිත් මේ ගල් වෙලා වගේ බලන් හිටියේ..කියහන්කෝ මුල ඉදලම ස්ටෝරිය..” යැයි අසමින් ඔහුගේ කරවටා අත දමාගත් නිසල් ඇතුළු මිතුරන්ගේ කුතුහලයට හිතින් සිනහ වූ ගීත් ඇසකුත් ගසා ,

    “ ඔන්න ඔය වගේ වෙලාවට තමයි ආයෙත් බස් එකෙන් වැටෙන්න හිතෙන්නේ බන්” යැයි පටන් ගනිමින් සිද්ධිය අකුරක් නෑර විස්තර කරන්නට විය.

    “ ඒකත් එහෙනම් ඉතින් ජයසිරි මංගලම් කිව්වලු..හා හා එහෙනම් දැන් ඉක්මන් කරල පන්තියට යමන් අද ජාවා තියෙන්නේ..”

    “ඔව් ඔව් අපිට නුදුරු අනාගතයේදී ගීත්ගේ ලව් ප්‍රෝග්‍රෑම් එක ලියන්නවත් ජාවා ප්‍රයෝජනයට ගන්න පුළුවන්නේ ..යමු යමු..”

    ගීත්ගේ විස්තරය අවසානයේ මහ හඬින් විහිළු තහළු කරමින් ගිය මිතුරන් පන්තියට පැමිණෙන විටත් සර් පාඩම පටන්ගෙන තිබුණෙන් “ එග්ස්කියුස්මී සර්..” යැයි පවසමින් හොර බළලුන් මෙන් ගොස් ඉතිරී වී තිබූ අවසාන පේලියේ අසුන්වල හිඳ ගත්තේ කිසිවක් නොවූ ගානටය.

    පංතිය නිමා වී සුපුරුදු පරිදි මිතුරන් සමඟ කෙළිදොලින් ගෙදර ඒමට බස් නැවතුම්පළ කරා යාමට පිටත් වනවාත් සමඟම තරමක් වේගයෙන් පැමිණි අලුත්ම ටොයෝටා කොරොල්ලා කාරයක් පාර අයිනෙන් ගමන් කරමින් සිටි ප්‍රගීත් අසලින් නැවැත්වූ නිසාවෙන් මෙතෙක් වෙලා ඔහුගේ මුහුණේ තිබූ සතුට දියවී ගියේය.

    “ ලොකූ මහත්තය කිව්වා අද නම් පුංචි මහත්තයාව කොහොමහරි වාහනෙන් එක්ක එන්න කියල. මේ වෙලාවට කොහොමත් සෙනඟ වැඩියිනේ.තාම කකුලත් හොඳටම හොඳ වෙලා නැති නිසා ඔය සෙනඟ අස්සේ යන්නත් අමරුයිනේ..ඒ නිසා නගින්නකෝ හොඳ මහත්තයා වගේ..”

    කාරයෙන් බැස ප්‍රගීත් ලඟට පැමිණි වීරසේන පැවසූවේ ඉදිරිපස අසුනේ දොර විවර කරන ගමන්ය.
    තම පියා යටතේ වැඩ කරනවැඩි, ඔහුටත් වඩා වයසින් වැඩි තමාටත් නංගිටත් තම දරුවන්ට සේම ආදරය කරන මේ අහිංසක මනුස්සයව අපහසුවට පත් නොකළ යුතුයැයි සිතූ ගීත් අකමැත්තෙන් වූවත් අනෙක් මිතුරන් තිදෙනාගෙන් සමුගෙන බලෙන්ම නිසල්වත් ඇදගෙනවිත් කාරයට නැගුණි.

    “ වීරේ අන්කල් යන ගමන් නිසල්වත් පිං වත්ත පාරෙන් දාගෙන යමු හොඳේ..”
    කාගේ වූවත් සිතක් ක්ෂණයෙන් ඇදගන්නා සුරතල් හඬකින් පැවැසූ ගීත් නිසල් දෙස බලා මුවපුරා සිනාසුනේ ඇසක් ගසමිනි.

    තම හාම්පුතාගේ එකම පුතු වන ගීත්ගේ චාටු බස් ගැන හොඳින් දන්නා වීරසේන,

    “ ඕක මොකද්ද පුංචි මහත්තය..කොහොමත් ලොකූ මහත්තයත් කියන්න කිව්වා ඔය කකුල හොඳටම හොඳ වෙනකන් මහත්තයට නිසල් මහත්තයත් එක්ක වාහනෙම පංති යන්න කියල..” යි පැවසූ වේ කටකොණකින් සිනහ වෙමින්ය..

    තමන් නිසා නිසල්ටත් තොප්පියක් වැටෙන්න යන බව දැනගත් හෙයින් එය නෑසුනාක් මෙන් ජනේලයෙන් පිටතට යොමු කල ගීත්ගේ නෙත් නැවතුණේ ඔවුන්ගේ හුරු පුරුදු බස් නැවතුම්පළ වෙතටය..

    නැත..අද ඇය පංති ගොස් නැත..නැත්නම් අද ඇයට පංති ඇති දිනයක් නොවන්නට ඇත..එසේනම් ඇය උදෑසන පැමිණ ඇත්තේ තමා වෙනුවෙන්මය ..මුදලුත් සමග තිබූ පංති කාර්ඩ් එකෙන් පංතියේ නම සොයා ගන්නට ඇතැයි සිතුණු ඔහුට ඇය වෙනුවෙන් උපන් ලෙංගතුකමක් ආදරයක් සමඟින්ම මේ මොහොතේදී ඇයව දැකගත නොහැකි වීම නිසා හිත පුරා පැතිරුණු සියුම් වේදනාවක් තම හදවත වෙලා ගන්නා බවක් දැණුනු හෙයින් ඔහුටත් නොදැනීම සුසුමක් පිටවිය.

    “ආ..ආ..මේ ටිකට සුසුම් හෙලන්නත් පටන් ගත්තද..? හිතුවට වඩා ලෙඩේ නම් බරපතලයි වගේ නේද මචං..”

    මෙතෙක් වෙලා නිහඬව තම මිතුරා පිලිබඳ නිරීක්‍ෂණයක සිටි නිසල් ඇසුවේ තමාට ඉදිරිපස ආසනයේ සිටි ගීත්ට ලං වී මනමාල සිනහවකින් මුව සරසාගෙනය.

    නිසල්ටද එවැනිම සිනහවකින් පමණක් පිළිතුරු දුන් ගීත් තම ආසනයට බර වී දෑස් පියා ගත්තේ සිතට බර ගතියක් දැණුනු හෙයිනි.

    ජනෙල් කව්ළුවෙන් නොනැවතී එන සිහිල් සුළං රැළි ඇඟ වටා දැවටෙද්දී ප්‍රගීත්ගේ හිතට මෙන්ම ගතටද මහත් සැහැල්ලුවක් , සුවයක් දැනෙන්නට විය. ලියමින් සිටි සටහන නවත්වා මේසයේ පසෙකින් තබා ජනේලය අසලට ගිය ඔහු වැල්ලේ හැපෙමින් දඟ කරන කෝළ රැළි එකිනෙක ගැටෙමින් පෙණ පිඬු විසුරුවන අයුරු බලා සිටියේ ආශාවෙනි.රැල්ලේ හෝ හඬත් සමඟ මුසු වූ විහඟ නදින් ද මන්මත් වූ ඔහුගේ සිත සොයා ගියේ උදෑසන හමු වූ ඒ සුන්දර යුවතියවයි.

    මේ මොහොතේ ඇයත් මෙතන සිටියානම්..යන හැඟීම සිතට දැනෙනවාත් සමඟම මෙසේ සිතන තම සිත ගැන ඔහුටම පුදුමයක් ඇති විය. මඟ තොටේදී ද ,අමතර පංති වලදී ද කොතෙක් සුන්දර යුවතියන් මුණගැසී තිබුණද මේ වන තෙක් ඒ කිසිඳු යුවතියක් ගැන මෙවන් විශේෂ හැඟීමක් ඇති වී නොමැති බව නිසැකය. එහෙත් අද දුටු ඒ යුවතිය ගැන තමාට දැනෙන්නේ වෙනස්ම සුන්දර හැඟීමකි.එමෙන්ම ඇය කෙරේ තරමක් හුරු පුරුදු බවක් දැණුනේ ඇය කීවාක් සේම තමාද ඇයව බස් නැවතුම්පළේදී මීට පෙර දැක ඇති නිසා වන්නට ඇත.එසේනම් එදා අනතුර සිදු වූ වෙලාවේදී ඇයට ඒ තමා යැයි නිවැරදිව හඳුනා ගැනීමට හැකිවීමට නම් ඇය තමා කෙරේ හොඳ අවධානයකින් හිඳ ඇති බව සිතට දැනෙද්දී ඔහුගේ මුවඟ මත සිහින් හසරැල්ලක් සනිටුහන් විය.

    “ ආව්..ආව්..මෙයා දැන් තනියෙන් හිනාවෙන්නත් පටන් අරගෙනනේ..,මගේ සුදු අයියේ ඔය හොඳින් නේද..?” සෙනායාගේ හුරතල් හඬින් පියවි ලෝකයට පැමිණි ඇය දෙස බැලුවේද ඒ සිනහවෙන්මය.

    “ ඉතින් මං දැන් තනියම හිනාවුණාම මගේ චූටි නංගියාට ඒක ප්‍රශ්නයක්ද ආ..අපි එහෙම තමයි හලෝ හැමතිස්සෙම හිනාවෙලා සැහැල්ලුවෙන් සතුටින් විනෝදයෙන් ඉන්නෙ හරියට අපේ අම්මා වගේ හරිද , තමුසෙත් පුලුවන්නම් මේ වගේ ඉන්න පුරුදු වෙනවකෝ හැමවෙලේම බුම්මගෙන ඉන්නෙ නැතිව ..”

    “ අනේ කව්ද දන්නේ නෑ හැමවෙලේම බස්සා වගේ බුම්මගෙන ඔරවගෙන ඉන්නෙ..ඉන්නවකෝ ඔයාට මං ආයෙ නම් තේකක්වත් ළඟට ගෙනත් දෙන්නේ නෑ ...නෑ ..නෑමයි..”

    තමා වෙනුවෙන් ගෙනා තේකත් මේසේ උඩ තබා තමාට රවමින් ගස්සමින් යන තමන්ට වඩා අවරුදු තුනකින් බාල හුරතල් සුන්දර නැගණිය දෙස මොහොතක් ආදරයෙන් බලා සිටි ප්‍රගීත් නැවතත් තම මනෝ ලෝකයට පිවිසියේ සිතේ මිහිරට තේකේ රසය ද එක්කර ගනිමිණි.

    සති දෙක තුනක් ගෙවී යන විට කකුලේ ආබාධය සම්පුර්ණයෙන්ම සුව වූ හෙයින් ප්‍රගීත් සුපුරුදු පරිදි බසයෙන්ම පංති යාමට පටන් ගත්තේය. දයාන් මහතාද ඇතැම් අවස්ථාවන්හිදී තම පුතුගේ මේ අහිංසක දඟ වලට දොස් කිවව්ද ඔහු හැදෙන නිදහස් අව්‍යාජ සරල පිළිවෙත මෙන්ම උස් පහත් භේදයකින් තොරව හොඳ මිතුරන් පිරිසක් ආශ්‍රය කිරීම හා තම මිතුරන්ගේ ඇතැම් දරුවන් මෙන් මුදලින් හිස උදුම්මවා ගත් අහංකාර තරුණයෙකු නොවීම පිළිබඳව ඔහු සිතින් ගීත්ව අගය කළේය.

    පරිගණක පංතිය අවසන් වූ වහාම මිතුරු කැළ ඔවුන්ගේ සුපුරුදු බස් නැවතුම වෙත ගියේ වෙනදාට වඩා උද්යෝගයකිනි. ඈත සිටම ඒ තරු දෙනෙත් තමා වෙත යොමු වී තිබෙණු දුටු ගීත්ගේ සිත ප්‍රීතියෙන් ඉපිලෙන්නට විය.


    ~ මතු සම්බන්ධයි ~
     
    • Like
    Reactions: pubudukalhara

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :):):)
    ආරම්බයෙන්ම සාර්ථකයි ,,,
    ඉකමට කොටස් ටික දෙන්න ඇරා...

    +16

    අනිවා සහෝ මගේ කතාව වගේ පරක්කු වෙන එකක් නෑ ස්ටොරිය ලියල තියෙන්නේ ටයිප් කරන එක තමයි තියෙන්නේ....බොහොම ස්තුතියි!!! දිගටම ඉන්න ඕනි ඕන්....:yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මට මතක නැ නෙ:sorry: ලයිට් කනුවෙ ඔලුව වැදුනා :lol:
    මම මූට නංගියෙක් ඉන්නව කියල දන්නෙ අද නෙ:( ටිකක් සමානයි ගොඩක් අසමානයි:dull::dull:

    :(
    ඔය ඔළුව වැදුණු පාරට තමයි උබට මුල අමතක උනේ ....

    :(:(
    උඹගෙ කතාව කොහොමෙයි ඇරාගෙ නංගි දන්නෙ..?
    ගජිනිට වගේ හිටපු ගමන් මෙමරිය ලොස් වෙන්නෙ එහෙම නෑනෙ..?
    :(


    අඩේ උඹත් ෆූට් බෝඩ් එකෙන් වැටුනද ප්‍රගියෝ? :P ගජිනිද දුමින්ද සිල්වාද? :D
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    නියමයි මචං.. දිගටම දාපන්..:yes:

    තෑන්ක්ස් බඩියෝ!!! දිගටම කමෙන්ට්ස් ඕනි හොඳේ :)

    elakiri
    digatama danna :D

    තෑන්ක්ස් සසා!!! දිගටම කමෙන්ට්ස් ඕනි හොඳේ :)

    Kathawa lassanai machan. Tikak wegen yanawa wadida kiyalath hithuna. Kohoma unath uthsahayata suba pathum. Thawa thawath katha liyanna hakiyawa labewa!

    තෑන්ක්ස් මචෝ...මුල් ටිකේ පොඩි ඉක්මන් ගතියක් තියෙනවා වගේ තමයි...:yes:

    :(:( සම්මානි :(:(:(

    :confused:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Ah niyamai mach :D ubalage gedara okkoma novel liyanawada banz:shocked::shocked: chamathkawa ussan giya wage kidnap nati eka hodai :P araka wage masekata sarayak upload bokara eka digata dapan:frown:

    සිරාවටම ඔව් ටිරෝ....අපේ අම්මත් පොඩි නවල් එකක් ලියල තිබ්බ ඉස්සර....අහා මේකේ එහෙම වෙන්නේ නෑ ඩෝන්ට් වොරි :D
     

    pubudukalhara

    Active member
  • මේ අපේ නගා ලියපු නවල් එකක්....
    මේ වෙලාවට තමා නංගියෙක් මල්ලියෙක් නැති එකේ දුක දැනන්නේ :( :( :sorry: :sorry::sorry: කතාවනම් සුපිරි කියලා කියන්න පුළුවන්.නංගිගේ කථා ලිවීමේ හැකියවනම් උපරිමයි.ඒ වෙනුවෙන් මගේ රෙප් දෙන්නම් අයියට :) :yes: :D:D
     
    Last edited: