ජීවිත රක්ශනය සහ ගැලුම

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    ජීවිත රක්ශනය සහ ගැලුම

    BF128WP.jpg


    දිනක් පෙරේරා ඉන්ෂුවරන්ස් කොම්පැනියට ගොඩවූයේ රස්සාවක් හොයාගෙනය.

    කළමණාකරු - “බොහොම කණගාටුයි අපි ලඟ ඇබෑර්තු නෑ”


    පෙරේරා - “එහෙම කියන්න එපා... මට හොඳට බිස්නස් ගේන්න පුළුවන්. මට ඕන වෙලාවක ඕන දෙයක් විකුණන්න පුළුවන්”


    කළමණාකරු - “ හරි තමුසේ ඔච්චර වැඩකාරයනම් මේ ඇඩ්රස් එකේ ඉන්න මහත්තයාට ඉන්ෂුවරන්ස් එකක් විකුණවා. එහෙම උනොත් මම තමුසෙට රස්සාව දෙනවා”


    පැය දෙකකට පසු චෙක්පත් දෙකක් රැගත් පෙරේරා කාර්යාලයට ගොඩවිය.


    කළමණාකරු - “චෙක් දෙකක්..!!”. “තමුසේ ඒ මහත්තයටයි නෝනටයි දෙන්නටම ඉන්ෂුවරන් දැම්මද?. පුහ්!! තමුසෙනම් මාර වැඩකාරයෙක්.


    පෙරේරා - “ඒකනේ මම කිව්වේ මට ඕන දෙයක් විකුණන්න පුළුවන්”


    කළමණාකරු - “ඒ දෙන්නගෙම මුත්‍රා සාම්පල ගෙනාව නේද ?”


    පෙරේරා - “අම්මටඋඩු එහෙමත් එකක් තියෙනවද? මට ගේන්න බැරි උනානේ. .. ඉන්න මම ටක් ගාලා අරගෙන එන්නම්”

    පැය කීපයකට පසු නැවත ඔහු ආවේ ලොකු ගැලුමක්ද ඔසවාගෙනය.


    කළමණාකරු - “බෝතල් දෙකක් ඕයි ගේන්න කිව්වේ. මුත්‍රා ගැලුමක්ම ගෙනාවේ ඇයි?”


    සාක්කුවට අතදැමූ පෙරේරා ...


    පෙරේරා - “මේ බෝතල් දෙකේ තියෙන්නේ අර මහත්තයගෙයි නෝනගෙයි මුත්‍රා.”


    කළමණාකරු - “එතකොට මේ ගැලුම”


    පෙරේරා - “මම යනකොට ගුරුවරුන්ගේ සම්මන්ත්‍රණයක් තිබුණා. .... මම ඒකට ගොඩවෙලා ගෲප් පොලිසි එකක් විකුණුවා.... බෝතල් හොය හොයා ඉන්න වෙලාවක් නෑනේ. ටීචර්ස්ලා ඔක්කොගෙම සාම්පල් ඔය ගැලුමේ ඇති ”
     
    • Like
    Reactions: prageeth119lk