ජීවීතයට සමහර අය මුණගැහෙන්නේ පුදුම විදිහට
මෙහෙම කියන්නම්...
මන් O/l කරලා A/L වලට ක්ලාස් යන කාලේ ගැන මේ කියන්න හඳන්නේ. ඒ කියන්නේ 2011 අවුරුද්දෙ.. ක්ලාස් යන මුල් කාලෙදිම.. මම ගැහැණු ළමයෙක් දැක්කා... ඇත්තටම ගැහැණු ළමයි තුන්දෙනෙක් කිව්වොත් මම හරි. මොකද මේ තුන්දෙනා ක්ලාස් එන්නෙත් එකට, යන්නෙත් එකට. මන් මේ කියන ගැහැණු ළමයා ඒ තුන් දෙනාගෙන් එක් කෙනෙක්. එයා කා එක්කවත් වැඩිය කතා කරනවා මන් දැකලා නෑ. ක්ලාස් ඉවර වුන ගමන් ඉක්මනට ගෙදර යන්න බස් එකට නගිනවා මන් කිහිප සැරයක්ම බලාගෙන හිටියා මට මතකයි. ජීවිතේ පළමු වතාවට මගේ හිතට අමුතු හැඟිමන් අරගෙන ආව එයා එක්ක මට කතා කරන්න ඕන වුනා. වීරයා වගේ කතා කරන්න හිතුනට, එක ක්රියාත්මක කරන එක කොච්චර අමාරු වැඩක්ද කියලා හිතුනේ එතකොට තමයි. මන් එයා දිහා බලාගෙන හිටියා. දවසක් මන් එයාගේ දිහා බලලා හිනා වුනා. එයා මාව ගණන් ගත්තේ නෑ මන් හිතන්නේ. ඒත් දන්නවද, ඊට පස්සේ සතියේ එයා මන් එක්ක හිනා වුනා. එයා මන් එක්ක හිනා වුන දවස්, ඒ හිනාව මේ මොහොතෙත් මගේ හිතේ මැවි මැවි පේනවා. සතියක් ඉවර වෙලා ඊළග සෙනසුරාදා වෙනකන් ඉන්නේ එයාගේ ලස්සන හිනාව බලන්න. ක්ලාස් යන්නේ එයා බලන්න ඕනි කියලා අමුතු විදිහේ පුංචි බලාපොරොත්තුවක් හිතේ තියාගෙන. මන් මේ කියන්න හඳන්නේ එයා ගැන මගේ හිතේ ආදරයක් ඇති වෙලා කියලා නෙමෙයි. එයාගේ ඒ අහිංසක කමට, චාම් ගතිගුණ වලට මන් කැමතියි කියන එක. ඒ කියන්නේ අපි ලස්සන මලක් දැක්කාම අපේ හිතේ ඒ මල ගැන කැමැත්තක් ඇති වෙන්නේ, අන්න ඒ වගේ. මට ඕනි වුනේ එයා එක්ක වචනයක් කතා කරන්න විතරයි. මන් කතා කරන්න කිහිප සැරයක්ම ට්රයි කලා මතකයි. ට්රයි කලා ට්රයි කලාම තමයි ඉතින්. අවුරුදු දෙකම ට්රයි කලා. අවුරුදු දෙකම ගියා මට වචනයක්වත් කතා කරගන්න බැරි වුනා. මට මං ගැනම කලකිරීමක් ඇති වුනේ ක්ලාස් යන අන්තිම දවසත් ඇවිත් ඒ දවසත් ගෙවිලා ගියාම. අවුරුදු දෙකක් මන් එයා එක්ක කතා කරන්න ට්රයි කලා, අපි හිනා වුනා. ඒත් ඒක හීනයක් විතරයි කියලා මට තේරුනා. හීනයක් විතරයි.
මන් ලස්සන හීනයක් දැක්කා අවුරුදු 2 ක් පුරාවටම. ඒ කාලය ඉක්මනටම ගෙවිලා ගියා. එදායින් පස්සේ මන් එයාව දැක්කේ නෑ. කවදාවත්.. කවමදාවත්...
ඇත්තටම ඒකද ඇත්ත.
"ජීවීතයට සමහර අය මුණ ගැහෙන්නේ හරි කාලේ ආවම "එහෙම කතාවක් මන් අහලා තිබුනට ඒක ගැන හරියටම දැනගත්තේ 2016.08.26 වෙනිදා. අවුරුදු 4කට පස්සේ කවදාවත් හිතපු නැති විදිහට මට එයාව හම්බවුනා. ඇත්තමයි.. හීනයක් නෙමෙයි. හම්බුනා කිව්වේ.. ෆෙස්බුක් එකෙන්.
මන් එයාගේ නම දැනගෙන හිටියා. අවුරුදු ගාණක් මන් ෆේස්බුක් එකෙන් වුනත් එයාව හෙව්වට.. එයාව හම්බවුනේ නෑ. කොහොමහරි කොහේහරි ලියලා තිබුන දෙයක් වගේ මට එයාව හම්බවුනා. මන් කතා කලා. රික්වෙස්ට් එක දාලා එයා කන්ෆර්ම් කරනකන් මන් බලාගෙන හිටිය.. ඊට පහුවදා හවස් වෙනකොට එයා කන්ෆර්ම් කලා. අවුරුදු 4ක් බලාගෙන හිටියට මට ඒ පැය කීපය බලාගෙන ඉන්න එක වුනත් කල්පයක් වගේ දැනුනා. මන් එයාට පළවෙනි මැසෙජ් එක දැම්ම " මතකද මාව ඔයාට".... මැසෙජ් එක සීන් වුනා.. එයා රිප්ලයි කලා....
මතු සම්බන්ධයි..

Last edited: