ජෙනරල්ට-ලිපියක්

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    ලංකාවේ නීතිය හැටිය ඕනෙම පුරවැසියෙකුට දේශපාලනය කරන්න නිදහස තියනවා. සිධාලේප මුදලාලිට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් උනා නම් අවුරුදු 30 ක් යුද්දෙන් බැට කාපු රටේ යුද්දේ දිනවන්න දායක උන ජෙනරාල් සරත් ෆොන්සේකාට බැරි මොකද? මහින්දට කඩේ යන උන් ටික මොකෝ මේ එක සැරේ දැන් සරත් පව් හොඳ මනුස්සයා කියන්න පටන් ගෙන තියෙන්නේ? කට්ටිය බය වෙලා මොකෝ මේ? :P

    හරියට හරි මචන් මහින්දට කඩේ යන උන්ට ෆොන්සේකා ගැන මර දුකක් ඇතිවෙලා තියෙන්නේ දැන්.
    මහින්දට.ගෝට ට මහින්දගේ පුත්තුන්ට දේශපාලනේ හොදය .හැබය් ෆොන්සේකාට නරකය්..
    මේවා මුන්ගේ අම්මගේ තර්ක.....

    ජෙප්පෝ හරි රනිල් හරි බලෙන් ෆොන්සේකාව මේකට ගෙනාවේ නෑනේ.එතුමා දේශපාලනේට ආවේ කැමැත්තෙන්.

    හරි මුල් වටයේ පැරදුනා.දැන් බලමු දෙවෙනි වටේ..
    කොහොමත් මේ නිදන් හාරන,මිනිස්සුන්ගේ සල්ලි ගසා කන ආණ්ඩුව පරද්දන්න පුළුවන් කෙනෙක් ෆොන්සේකා හැරුනම ලංකාවේ නැ.

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මට හැගෙන පරිදි නම් සරත් ෆොන්සේකා මහත්මාණන් දේශපාලනයට පිවිසීමට ගත් තීන්දුව නිවැරදි මුත්, එතුමා සංධානගත වූ පිරිස ඔහු හා සංධාන ගත වූයේ හුදු බලය පිණිස මිස රට ගැන කැක්කුමක් නැති උන් නිසාවෙන් එතුමාට මෙම ඉරණම අත් වූ බවය. අවසන දී උන් මේ මහා පුරුෂයා අළුයම ලූ කෙල පිඩක් සේ ඉවත හෙලූහ. දැන් මේ ලොල්ලන්ට එතුමා ගැන හාවක් හූවක් නැත.
    අපි පෞද්ගලිකවම එතුමා දේශපාලනයට එන බව දන්නේ බොහෝ ලක්වැසියන් ඒ පිළිබදව හිතන්නට පවා පෙරය. නමුත් ඒ දේශපාලන සම්ප්‍රාප්තිය පිළිබද ව හමුදා අභ්‍යන්තර බුද්ධි ඒකක දිගටම එතුමා හට කරුණු දක්වා සිටියේ "දැන් එයට කාලය නොවන" බවය. තව වසර 6-7ත් කාලයක් එතුමා නිහඩව සිටිය යුතු බවද, ඒ වන විට පාලක පක්ෂයේ මෙන් ම විරුද්ධ පක්ෂයේ ද දෙවන් පෙලක් නොමැති වීමේ හේතුවෙන් ඇති වන දේශපාලන රික්තය එතුමාට පිරවීමට නායකත්වය දෘමට හැකි වන බවටද, දැඩි ලෙස කරුණු දැක්වූයෙමු. නමුත් හෝහපුටු ජෙප්පන් සමග එතුමාට තිබූ දැඩ් සම්බන්ධතාවය නිසාම ජෙප්පන් ගේ ලනුව එතුමා අනුභව කල බව ද, මේ තරම් වූ තත්ත්වයකට වගකිව යුතු වන්නේ දැන් එතුමා ගැන වගේ වගක් නැතුව කුජීතව සිටින ජෙප්පන් බවද, හුදී ජනතාව ගේ පහන් සංවේගය පිණිස මෙසේ ලියා තබමි.
    ඇත්ත බන් අපේ එවුන්ට ඕක තේරෙන්නේ නැහැ
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ජෙනරල් තුමනි,

    ඔබ රැදුරැ ත්‍රස්තයන්ගේ ප්‍රහාරයකට ලක්වූ මොහොතේ මුලුමහත් ශ්‍රී ලංකා ජනතාවම ඔබට සෙත්පතා බෝධි පුජා ඇතුලු පිංකම් රාශියක් කලේ ඔබ වීරෝධාර රණවිරුවෙක් නිසාවෙනි..... සැබැවින්ම ලක්වැසි සැවොම ඔබට ආදරය කලේය...

    රුදුරැ යුද්ධය නිම විය.. විරුවෙකු ලෙසට නුඹහට ගරු බුහුමන් ලැබුනි...
    අප සැමගේ විරුවා නුඹ විය..

    වැරදි මොහොතක වැරදි තීරණයකට නුඹ එළඹියේය... ඒ යුද්ධයටත් වඩා රුදුරු දේශපාලන සටනට
    ඒමට නුඹ තිරණය කිරීමයි....
    නුඹට ආදරය කල මුළුමහත් ලක්වැසි ජනතාවගෙන් හරි අඩකටත් වඩා නුඹට වෛර කරන්නට පෙළඹුනි... නුඹ වෙනුවෙන් පුදපූජා කල ජනතාවම නුඹට පොල් ගසන්නට... පසුබට නොවුනි...

    නුඹ හෙට දින සිපිරි ගෙදරින් නික්මෙනු ඇත....
    නුඹව දඩමීමාකරගෙන දේශපාලන වාසිලබන්නට බොහෝ දෙනා එක් රොක් වනු ඇත...
    නුඹ නැවතත් දේශපාලන උගුල්වල පැටලෙනවාට මා අවංකවම අකමැතිය... ඒ නුඹට අද නැතත් කෙදිනක හෝ මටද වෛරකිරීමට සිදුවන නිසාය.. ඒ දේශපාලනයේ හැටිය...

    අදත් *** පිටපත ඩීජේ වතිලගෙන්

    ඔබ කියන හුගක් දේවලට මං එකයි එත් මේ මනුස්සයව මේ තීරණය ගන්න තැනට පත් කලේ හැබැහින්ම මේ රාජපක්ෂ ආණ්ඩුවම නේද .ඉන්දියාවේ රෝ ඔත්තු සේවයේ ලනු කාලා පල නොකියා පලා බෙදුවේ මේ ආණ්ඩුවම නේද ,යුද හමුදාවේ 60 වෙනි සංවත්සරය සමරන දිනය දක්වාවත් තමාට ඉන්න දෙන්න යැයි ඉල්ලීම ඉවතලා කිසිම බලතලයක් නැති ඒකාබද්ද අණදෙන මුලස්තානේ ලේකම් කලේ මේ ආණ්ඩුව නෙවෙයිද .අවසානේ තමාගේ බැනුනුවන් වන දනුෂ්කට විරුද්දව පරීක්ෂණයක් කරන්නට කරුණ හෙව්වේ මේ ආණ්ඩුවම නේද .කොටින්ම තම බලය උදුරා ගනියි යැයි බියවී තමාට යුද්දය දිනා දුන් සෙනවියාට පල නොකියා පලා බෙදුවේ මේ ආණ්ඩුවම නේද
    අනිවාරයෙන් මෙතන ඔය අවස්ථාවේ ඔබ හිටියත් ගන්නේ එදා සරත් ෆොන්සේකා ගත් තීරණයම නේද.ඉතින් තමාට විරුද්දව එන බලයට විරුද්ද සටන් කල හැකි බලයක් තිබෙන තැනකට ඔහු යන්නට උත්සහ කිරීම සාමාන්‍ය කරුණක් නේද ?
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මට හැගෙන පරිදි නම් සරත් ෆොන්සේකා මහත්මාණන් දේශපාලනයට පිවිසීමට ගත් තීන්දුව නිවැරදි මුත්, එතුමා සංධානගත වූ පිරිස ඔහු හා සංධාන ගත වූයේ හුදු බලය පිණිස මිස රට ගැන කැක්කුමක් නැති උන් නිසාවෙන් එතුමාට මෙම ඉරණම අත් වූ බවය. අවසන දී උන් මේ මහා පුරුෂයා අළුයම ලූ කෙල පිඩක් සේ ඉවත හෙලූහ. දැන් මේ ලොල්ලන්ට එතුමා ගැන හාවක් හූවක් නැත.
    අපි පෞද්ගලිකවම එතුමා දේශපාලනයට එන බව දන්නේ බොහෝ ලක්වැසියන් ඒ පිළිබදව හිතන්නට පවා පෙරය. නමුත් ඒ දේශපාලන සම්ප්‍රාප්තිය පිළිබද ව හමුදා අභ්‍යන්තර බුද්ධි ඒකක දිගටම එතුමා හට කරුණු දක්වා සිටියේ "දැන් එයට කාලය නොවන" බවය. තව වසර 6-7ත් කාලයක් එතුමා නිහඩව සිටිය යුතු බවද, ඒ වන විට පාලක පක්ෂයේ මෙන් ම විරුද්ධ පක්ෂයේ ද දෙවන් පෙලක් නොමැති වීමේ හේතුවෙන් ඇති වන දේශපාලන රික්තය එතුමාට පිරවීමට නායකත්වය දෘමට හැකි වන බවටද, දැඩි ලෙස කරුණු දැක්වූයෙමු. නමුත් හෝහපුටු ජෙප්පන් සමග එතුමාට තිබූ දැඩ් සම්බන්ධතාවය නිසාම ජෙප්පන් ගේ ලනුව එතුමා අනුභව කල බව ද, මේ තරම් වූ තත්ත්වයකට වගකිව යුතු වන්නේ දැන් එතුමා ගැන වගේ වගක් නැතුව කුජීතව සිටින ජෙප්පන් බවද, හුදී ජනතාව ගේ පහන් සංවේගය පිණිස මෙසේ ලියා තබමි.

    11.gif
    11.gif
    11.gif
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    rep kapuwata wadak naa.. general nidahas karana eka thama hondama wade.. minihawa athule thiyan inna eken wenne miniha pimbena eka witharai.... eliyata awith eka parak depark katha kalama hari.. nikannma kicha wei.. anika man nan hithan naa miniha ratata wadak karai kiyala.. miniha piti passe inne americawa kiyala hondata pahadili!

    :yes:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    හරි මචන්. අවුලක් නැහැ. උඹේ අදහස මොකක්ද ජෙනරාල් දේශපාලනේ කරනවට? හොඳයිද? නරකද? ඇයි එයාට දේශපාලනේ හොඳ නැද්ද? මර්වින් වගේ මැරයන්ට, දුමින්දලා වගේ කුඩු කාරයන්ට, සිංහලයෝ සිය ගණනක් මරපු කරුණා, පිල්ලයාන්ට ලංකාවේ නීතියෙන් දේශපාලනේ කරන්න පුළුවන් නම් මොකෝ අපේ සරත් ෆොන්සේකාට බැරි මචන්? ඒ විරුද්ධ පක්ෂෙන් තරඟ කරන නිසානේ? ඕක වෙනස් වෙනවා සරත් මහින්දගේ පැත්තට ආවනම් නේද? එතකොට උඹ ඔහොම කියන්නේ නැහැ නේද මචන්? :)

    පොඩ්ඩක් මම දාපු ටික ආපහු කියවපන් හිමීට...මම කියන්නෑ SF ට දේශපාලනේ කරන්න එපා කියලවත් බෑ කියලවත්...මම මේකෙ කියල තියෙන්නෙ SF ට හරියටම උන දේ...උබට ඕන්නම් මන් ඒ ටික ආපහු කෙටියෙන් කියන්නම්......

    යුද්දෙ දිනනකන් චිපක්ෂෙ රටේ නැති ගොං කතා කිව්වා යුද්දෙ ගැන..යුද්දෙ දිනුවට පස්සෙ රනිලා හිතුව හරි,අපිට දිනන්නනම් හොදම දේ SF ව දේශපාලනේට ගන්න එක කියලා..මොකද මිනිහ හිතුවෙ SF ව දාපු ගමන් මහින්දගෙ ඡන්ද වලින් ගොඩක් SF ට යයි කියලා ..එතකොට මොකද වෙන්නේ?? (සම්පූර්ණ ඡන්ද වලින් 60% තිබුනා කියමුකො මහින්දට...40% රනිල්ට.)රනිලා හිතුවා SF දාපු ගමන් මහින්දගෙ 60% දෙකට කැඩිලා SF ටයි මහින්දටයි 30% 30% යි වගේ යයි කියලා..එතකොට 40% ක් තියෙන රනිල් නිකන්ම දිනනවා....ඔන්න ඕකයි SF ට හවුල් වෙලා ඕකුන් කරන්න හැදුවේ...මුකුත් හොයන්නැතුව SF ඔය කබේ ගිල්ලා...එතනින්ම වැඩේ චා...අන්තිමට වාචාල කමට ආගිඅතේ කියවන්න ගත්තා..එතනින් තමයි ඒයා කෙලවගත්තෙ...දැන්නම් එයාට තිබුන අර හොඳ ප්‍රතිරූපෙ ගොඩනගා ගන්න ටිකක් අමාරු වෙයි..ගොඩක් කල් යයි..මොකද දැම්මම නම් SF ට රටේ නායක කමක් ගැන හීනෙකින්වත් හිතන්න බෑ....
     
    Last edited:

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    නුඹ නැවතත් දේශපාලන උගුල්වල පැටලෙනවාට මා අවංකවම අකමැතිය... ඒ නුඹට අද නැතත් කෙදිනක හෝ මටද වෛරකිරීමට සිදුවන නිසාය.. ඒ දේශපාලනයේ හැටිය...

    true story...
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පොඩ්ඩක් මම දාපු ටික ආපහු කියවපන් හිමීට...මම කියන්නෑ SF ට දේශපාලනේ කරන්න එපා කියලවත් බෑ කියලවත්...මම මේකෙ කියල තියෙන්නෙ SF ට හරියටම උන දේ...උබට ඕන්නම් මන් ඒ ටික ආපහු කෙටියෙන් කියන්නම්......

    යුද්දෙ දිනනකන් චිපක්ෂෙ රටේ නැති ගොං කතා කිව්වා යුද්දෙ ගැන..යුද්දෙ දිනුවට පස්සෙ රනිලා හිතුව හරි,අපිට දිනන්නනම් හොදම දේ SF ව දේශපාලනේට ගන්න එක කියලා..මොකද මිනිහ හිතුවෙ SF ව දාපු ගමන් මහින්දගෙ ඡන්ද වලින් ගොඩක් SF ට යයි කියලා ..එතකොට මොකද වෙන්නේ?? (සම්පූර්ණ ඡන්ද වලින් 60% තිබුනා කියමුකො මහින්දට...40% රනිල්ට.)රනිලා හිතුවා SF දාපු ගමන් මහින්දගෙ 60% දෙකට කැඩිලා SF ටයි මහින්දටයි 30% 30% යි වගේ යයි කියලා..එතකොට 40% ක් තියෙන රනිල් නිකන්ම දිනනවා....ඔන්න ඕකයි SF ට හවුල් වෙලා ඕකුන් කරන්න හැදුවේ...මුකුත් හොයන්නැතුව SF ඔය කබේ ගිල්ලා...එතනින්ම වැඩේ චා...අන්තිමට වාචාල කමට ආගිඅතේ කියවන්න ගත්තා..එතනින් තමයි ඒයා කෙලවගත්තෙ...දැන්නම් එයාට තිබුන අර හොඳ ප්‍රතිරූපෙ ගොඩනගා ගන්න ටිකක් අමාරු වෙයි..ගොඩක් කල් යයි..මොකද දැම්මම නම් SF ට රටේ නායක කමක් ගැන හීනෙකින්වත් හිතන්න බෑ....

    උඹ කියන එක මට පැහැදිලි මචන්. එහෙම බලනකොට දැන් මහින්දටත් ඔය කොච්චර ගරහපු සෙට් එකක්ද දැන් මහින්ද එක්ක එකතු වෙලා ඉන්නේ? හේමකුමාරලා, රාජිතලා, තව ඕනේ තරන් කට්ටිය හිටියේ මහින්දට බැනලා අන්තිමට මහින්දගේ පැත්තටම ගිය කට්ටිය. දැන් ඔය යස අගේට ඉන්නේ?

    අපිට ජෙනරාල් දැන්මම ජනාධිපති වෙන්න ඕනේ කමක් නැහැ. ඒවාට කල් යනවා. අනික ඒ ජනාධිපතිවරනේ ගැන කතා කරන්න වැඩක් නැහැ මචන් මොකද එකේ උන දේවල් හැටියට. මෙතන උඹලට තියන ලොකුම ප්‍රශ්නේ ජෙනරාල්, මහින්ද එක්ක කරට කර ආපු නිසානේ? නැතුව වෙන මොකවත් නිසා නෙමේනේ? ඔක්කොම විරුද්ධ පක්ෂේ ඉන්නකන් තමයි නේද මචන්? මම නම් ජෙනරාල් දේශපාලනේට ආව එකට කැමති. හිරේ ගියත් අන්තිමට මහින්දට තුනට හතරටවත් නැමුණේ නැහැනේ. ඔන්න අදහන්න වටින මිනිස්සු මචන්. අනික මට හිතාගන්න බැරි මොකද උඹලා ජෙනරාල් රටේ නායකයා හැටියට දකින්න ඔච්චර බය මොකෝ කියලා.
     
    :shocked::shocked::shocked:
    කිසිම බයක් නෑ මචන්...:D:D:D:Dමොකද ඒක කවදාවත් වෙන්නෙ නැති නිසා
    :no::no::no::no::no::no::no:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    මෙතන උඹලට තියන ලොකුම ප්‍රශ්නේ ජෙනරාල්, මහින්ද එක්ක කරට කර ආපු නිසානේ?

    අනිවාර්යෙන්ම...මොකද යුද්දෙ දිනනකම් තුන්දෙනාම(මහින්ද,SF,ගෝඨා) එක පවුලක් වගේ ඉදලා යුද්දෙ දිනපු ගමන් SF ට රටේ නායක කමත් ඕන උනා..SF බලේට ආස උනා..ඒකයි උනේ
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    SF කියන්නේ යුධ හමුධාපති...නාවික හමුධාපතියි ගුවන් හමුධාපතියි දෙන්නත් ඔය විදිහටම දේශපාලනේට ආවනම් උබල කාවද ‍තෝර ගන්නෙ???
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔබ කියන හුගක් දේවලට මං එකයි එත් මේ මනුස්සයව මේ තීරණය ගන්න තැනට පත් කලේ හැබැහින්ම මේ රාජපක්ෂ ආණ්ඩුවම නේද .ඉන්දියාවේ රෝ ඔත්තු සේවයේ ලනු කාලා පල නොකියා පලා බෙදුවේ මේ ආණ්ඩුවම නේද ,යුද හමුදාවේ 60 වෙනි සංවත්සරය සමරන දිනය දක්වාවත් තමාට ඉන්න දෙන්න යැයි ඉල්ලීම ඉවතලා කිසිම බලතලයක් නැති ඒකාබද්ද අණදෙන මුලස්තානේ ලේකම් කලේ මේ ආණ්ඩුව නෙවෙයිද .අවසානේ තමාගේ බැනුනුවන් වන දනුෂ්කට විරුද්දව පරීක්ෂණයක් කරන්නට කරුණ හෙව්වේ මේ ආණ්ඩුවම නේද .කොටින්ම තම බලය උදුරා ගනියි යැයි බියවී තමාට යුද්දය දිනා දුන් සෙනවියාට පල නොකියා පලා බෙදුවේ මේ ආණ්ඩුවම නේද
    අනිවාරයෙන් මෙතන ඔය අවස්ථාවේ ඔබ හිටියත් ගන්නේ එදා සරත් ෆොන්සේකා ගත් තීරණයම නේද.ඉතින් තමාට විරුද්දව එන බලයට විරුද්ද සටන් කල හැකි බලයක් තිබෙන තැනකට ඔහු යන්නට උත්සහ කිරීම සාමාන්‍ය කරුණක් නේද ?

    ඔයා කියන කතාව හරි... ජෙනරල්ට අසාධාරණයක් උනා...
    ඒත් මම කියන්න උත්සහ කලේ... ජෙනරාල්ට ආදරය කරපු හැමෝම දෙපැත්තකට බෙදුන කියන එකයි
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :shocked::shocked::shocked:
    කිසිම බයක් නෑ මචන්...:D:D:D:Dමොකද ඒක කවදාවත් වෙන්නෙ නැති නිසා
    :no::no::no::no::no::no::no:

    හරි හරි. කිසිම අවුලක් නැහැ.;)

    අනිවාර්යෙන්ම...මොකද යුද්දෙ දිනනකම් තුන්දෙනාම(මහින්ද,SF,ගෝඨා) එක පවුලක් වගේ ඉදලා යුද්දෙ දිනපු ගමන් SF ට රටේ නායක කමත් ඕන උනා..SF බලේට ආස උනා..ඒකයි උනේ

    SF බලේට ආදරේ උනා නම් හමුදාවෙන් අස් වෙනකන් ඉන්නේ නැහැ. හමුදාවේ ඉන්නකාලේම ගේම දෙනවා අර මුෂාරෆ් දුන්න වගේ.

    SF කියන්නේ යුධ හමුධාපති...නාවික හමුධාපතියි ගුවන් හමුධාපතියි දෙන්නත් ඔය විදිහටම දේශපාලනේට ආවනම් උබල කාවද ‍තෝර ගන්නෙ???

    අනිවාර්යෙන් සරත් ෆොන්සේකා. මහින්ද එක දන්න නිසාමනේ යුද්දේ ඉවර උනාම සරත් ෆොන්සේකාටම කේක් එක කපන්න දුන්නේ. වෙන සාක්ෂි ඕනේ නැහැනේ මචන්. මහින්ද ලොක්කත් දන්නවා කව්රු නිසාද යුද්දේ දිනුවේ කියලා.;)

    mainpic.jpg
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අනිවාර්යෙන් සරත් ෆොන්සේකා. මහින්ද එක දන්න නිසාමනේ යුද්දේ ඉවර උනාම සරත් ෆොන්සේකාටම කේක් එක කපන්න දුන්නේ. වෙන සාක්ෂි ඕනේ නැහැනේ මචන්. මහින්ද ලොක්කත් දන්නවා කව්රු නිසාද යුද්දේ දිනුවේ කියලා.;)

    මචන් උබ ගොඩක් වැරදි කතාවක් කියන්නෙ...ගුවන් හමුදාවයි නාවික හමුදාවයිත් නොහොටියනම් SF,මහින්ද,ගෝඨා කියන තුන් දෙනා ඔලුවෙන් හිටගෙන කරත් යුද්දෙ දිනන්න වෙන්නෑ....අන්න ඒක මතක තියා ගනින්..යුද හමුදාපතිට විශේෂ තැනක් ලැබෙනව තමයි..ඒත් අර දෙගොල්ලො නැත්තම් SF ගෙ යුද්ද හමුදාවෙන් විතරක් යුද්දෙ දිනන්න බෑ ලොවෙත්...
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    මචන් උබ ගොඩක් වැරදි කතාවක් කියන්නෙ...ගුවන් හමුදාවයි නාවික හමුදාවයිත් නොහොටියනම් SF,මහින්ද,ගෝඨා කියන තුන් දෙනා ඔලුවෙන් හිටගෙන කරත් යුද්දෙ දිනන්න වෙන්නෑ....අන්න ඒක මතක තියා ගනින්..යුද හමුදාපතිට විශේෂ තැනක් ලැබෙනව තමයි..ඒත් අර දෙගොල්ලො නැත්තම් SF ගෙ යුද්ද හමුදාවෙන් විතරක් යුද්දෙ දිනන්න බෑ ලොවෙත්...

    මම එහෙම එකක් කිව්වේ නැහැ මචන්. අනික් අණදෙන නිලධාරීන් පහත කිරීමක් නැහැ මෙතන. මහින්දගේම ආණ්ඩුවේන්මනේ කිව්වේ ජනරාල් කරපු යුද්දයක් නැහැ කියලා? එක බොරු කියලා පෙන්නන්න තමයි ඔය ෆොටෝ එක සාක්ෂියක් හැටියට දැම්මේ.