ජෙනරල් සරත් ෆොන්සේකා සහ උපේක්ෂා ස්වර්ණමා

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
ජෙනරල් සරත් ෆොන්සේකා සහ උපේක්ෂා ස්වර්ණමා

REPOST rts Nam Boruwata Moradanna Eppa :)

දෙසැ.11:
(Lankaepuwath) පොදු අපේක්ෂකයා ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජෙනරල් සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා මහතා 1950 වසරේ දෙසැම්බර් මස 18 වන දා අම්බලන්ගොඩදී උපත ලැබීය.
sarath_profile5.jpg
ඔහුගේ දෙමාපියන් වූයේ, පීටර් සහ පියවතී ෆොන්සේකා යුවළ යි.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ සරත් ෆොන්සේකා මහතා දක්ෂ පිහිනුම් ක්‍රීඩකයෙකු විය.
1970 වසරේ පෙබරවාරි මස 05 වන දා කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වූ ඔහු 1971 ජූනි මස 01 වන දා සිංහ රෙජිමේන්තුවේ දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරි ලැබීය.
මෙරට යුද්ධ හමුදා ඉතිහාසයේ සහ ත්‍රස්තවාදී යුද්ධ ඉතිහාසයේ සාර්ථක මෙහෙයුම් ගණනාවකට නායකත්වය දෙමින් සිය දක්ෂතා විදහා දැක්වූ සරත් ෆොන්සේකා මහතා 2005 දෙසැම්බර් 06 වන දා 18 වන යුද්ධ හමුදාපතිවරයා ලෙස පත් විය.
සිංහ රෙජිමේන්තුවේ නිලධාරියෙකු ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාපතිවරයා වූ ප්‍රථම අවස්ථාව එය විය.
ත්‍රස්තවාදීන් විනාශ කිරීම සදහා සරත් ෆොන්සේකා මහතාගේ සැලසුම් ගැන ඉව වැටුණු කොටි ත්‍රස්තවාදීහු ඔහු ඝාතනය කිරීමට ද උත්සහ කළේය.
ඒ, 2006 අප්‍රේල් 25 වන දා ය.
කෙසේ වෙතත්, මරු පරදා යළි නැගී සිටි හමුදාපති සරත් ෆොන්සේකා මහතා ත්‍රස්තවාදය අතුගා දැමීමේ මාරාන්තික සටන ආරම්භ කළේය.
ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය බවට එවකට ලොව ම පිළිගෙන තිබූ එල්.ටී.ටී.ඊ.යට යළිත් මහාවීර දිනයක් සැමරීමට ඉඩ නොදෙන බවටත් මේ වසර අවසන් වීමට පෙර කොටි ත්‍රස්තවාදීන් අතුගා දමන බවටත් ඔහු පොරොන්දුවක් දුන්නේය.
sarath_inaction2.jpg


















2009 මැයි 18 වන දා ඔහු ඒ පොරොන්දු දෙක ම නියමිත කාලයට ත් පෙර ඉෂ්ට කළේය.
sarath_profile2.jpg
පසුව ජෙනරල් නිලයට උසස් කෙරුණු සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්කරනු ලැබීය.
එම තනතුර සම්බන්ධයෙන් ද රජය සිදු කළ බව කියන තවත් හේතු කිහිපයක් ද මත ඔහු යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගත්තේය.
ඔහුගේ සේවය සහ දක්ෂතා වෙනුවෙන් පදක්කම් සහ සම්මාන රැසක් හිමි වී තිබේ.
ඒ අතර රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම, විශිෂ්ට සේවා විභූෂණය, උත්තම සේවා පදක්කම, දේශ පුත්‍ර සම්මානය විශේෂ ය.
sarath_profile4.jpg











ඔහු පොදු අපේක්ෂකයා ලෙස හංසයා ලකුණින් ජනාධිපතිවරණයට තරග කරයි.
එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂයේ පක්ෂ ගණනාවක සහය ඔහුට හිමි වී තිබේ.


News2



පෙබ.26: (Lankaepuwath) එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මහ මැතිවරණ අපේක්ෂිකාවක ලෙස ජනප්‍රිය නිළි උපේක්ෂා ස්වර්ණමාලී නම් කර තිබේ.
upeksha2.jpg
ඇය පසුගිය ජනාධිපතිවරණයේදී ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට සහය දුන් කලාකරුවන් අතර ප්‍රධාන විය.
ඇයට ඒ හේතුවෙන් නොයෙකුත් තර්ජන සහ අපහාසවලට ද මුහුණ දීමට සිදු විය.
 
Last edited: