ජෙනරාල්ට සෙත් පැතූ දළදා පූජාවටත් ආණ්ඩුවෙ

kulasingha

Member
Jun 9, 2009
149
3
0
Sri lanka
ජෙනරාල්ට සෙත් පැතූ දළදා පූජාවටත් ආණ්ඩුවෙ

maligawa.jpg


කිසිදු චෝදනාවක් මෙතෙක් ඉදිරිපත් නොකර යුද හමුදාව විසින් රදවා තබාගෙන ඇති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ආශිර්වාද පතා අද සවස මහනුවර දළදා මන්ධිරයේදී පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ දළදා පූජාව කඩාකප්පල් කිරීමට ආණ්ඩුව විසින් පොලීසිය මැදිහත්කර තිබේ.

සාරධර්ම තරුණ බෞද්ධ සමාජය විසින් සංවිධානය කර තිබූ මෙම විශේෂ දළදා පූජාව අද පස්වරුවේ ආරම්භ කිරීමට සූදානම් වීමේදී පොලිස් නිලධාරීන් පැමිණ දළදා මළුව තුළ එය පැවැත්වීමට අවසර නොදෙන ලෙස තමන්ට ඉහළින් උපදෙස් ලැබී ඇති බව සංවිධායකයින්ට දැණුම්දී තිබේ. බෞද්ධ සිද්ධාස්ථානයක් වැද පුදා ගැනීමට කලින් අවසර ගැනීමට මෙතෙක් කිසිවෙක් කටයුතු කර නොමැති බවත් යම් හෙයකින් පූජාව අතරතුර කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවුවහොත් තමන් ඊට වගකියන බවත් සංවිධායකයින් පොලීස් නිලධාරීන්ට දැනුම් දුන්නද ඔවුන් එය දැඩිව ප්‍රතික්ෂේප කර තිබේ.


අනතුරුව එම දළදා පූජාව දළදා මන්ධිරයට පැමිණෙන මාර්ගයේදී පැවැත්වීමට සාරධර්ම තරුණ බෞද්ධ සමාජය කටයුතු කර කළේය.


මෙම අවස්ථාවට සාරධර්ම තරුණ බෞද්ධ සමාජයේ ආරාධනයෙන්, අනෝමා ෆොන්සේකා මහත්මිය, ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා සහ එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන දිමුතු බණ්ඩාර අබෙකෝන් සහ ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා සහභාගී වූහ.


source - www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5709:2010-02-22-12-28-32&catid=34:2008-10-13-08-28-51&Itemid=27
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    dood vage ubath goo site ekakata kade yanna gaththada

    dood ge job eka uba baara gaththada