විදුලි ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කර නින්දට ගිය පියෙකු සහ පුතෙකු (23) දින අලුයම ජිවිතක්ෂයට පත් වි ඇති බව පුපුරැස්ස පොලිසිය පැවසිය.
මෙසේ මියගොස් ඇත්තේ පුපුරැස්ස නෙස්ටා ජනපදයේ පදිංචිව සිටි සනත් රෝහණ (40) සහ ගගණ මධුසංඛ (17) යන අයයි.
ජිවිතක්ෂයට පත් අය වෙසක් දිනය නිමිත්තෙන් පුපුරැස්ස නගරයේ බත් දන්සැලක් (23) දින පැවැත්විම සදහා සුදානම් වෙමින් සිටියදි ප්‍රදේශයේ විදුලි බලය ඇණ හිටිම නිසා කාමරයක් තුල විදුලි ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කර නින්දට ගොස් ඇති අතර , (23) දින අලුයම දෙදෙනා අවදි නොවු නිසා ඒ පිලිබදව දන්සැල සංවිධානය කිරිමට පැමිණ අනෙක් අය විසින් පුපුරැස්ස පොලිසිය දැනුම් දි ඇත.
පුපුරැස්ස පොලිසියේ නිලධාරින් ඒ පිලිබදව සොයා බැලිමේදි පුතා සහ පියා ජිවිතක්ෂයට පත් වි ඇති බවට තහවුරු වු නිසා සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරිමෙන් පසු ගම්පොල මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් කාන්ති ප්‍රනාන්දු මහත්මිය ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සදහා ගම්පොල මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසට පුපුරැස්ස පොලිසියට නියෝග කර ඇත.
විදුලි ජනත යන්ත්‍රයෙන් නිකුත් වු කාබන්මොනොක්සයිඩ් වායුව අග්‍රාහනය විමෙන් දෙදෙනා ජිවිතක්ෂයට පත් වන්නට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන පුපුරැස්ස පොලිසිය පැවසිය.