ජෙනිෆර් ලෝපස් - J-Lo
ජීවිතයට ඈ ආදෙර්ය. අන් අයට ඇය පූජා කරන ආදරයද ඒතරමටම ආදරණීයය. එහෙත්, එසේ සිතන ආදරය අසාර්ථක වීම පේ‍්‍රමණීය ඇයගේ හදවත රිදවන කරුණකි.
‘අපේ ජීවිතවලට අපි මොන තරම් ආදරේ ද? ඒත් අන් අයට පූජා කරන ආදරය නම් අසාර්ථක වෙනවා.
මං හරිම ප්‍රේමණීයයි. ඒ බව ලොවට පැවසුවත් .... කියන්න කණගාටුයි, කවුරුත් ඊට සවන් දෙන්නේ නැහැ.’ ආදරය ගැන ජෙනිෆර් ලෝපස් එසේ පැවසුවත් මේ ලොවම ඇයට ආදරය කරන කාලයකි. සැමියා මාක් ඇන්තනීගේ මෙන්ම අමෙරිකන් අයිඩල් වැඩසටහනේ ආදරයද ඇය නොමදව දිනාගෙන ඇත.
ෆොක්ස් රූපවාහිනියේිඅමෙරිකානු අයිඩ්ල්’ වැඩ සටහනේ කැපී පෙනෙන තරග විනිසුරුවරිය ඇයයි. මෑතකදී ජෙනිෆර් ලෝපස් නම් ගායිකාවල නිළිය ගැන වැඩිපුර කතා බහ කෙරුණේ නැත. ඒ වෙනුවට ඉස්මතු වුණේ අමෙරිකන් අයිඩ්ල්’ වැඩසටහනේ ජෙනිෆර් ලෝපස්ය.
එහෙත් යළි ජෙනිෆර් ලෝපස් නිළිය ගැන කතාබහ කිරීමට රසික කැලට අවස්ථාව උදා වී ඇත.
ක්‍රියාදාම පාකර් සිනමා පටයේත් ලිවොට් ටු එක්ස්පෙක්ට් වෙන් යූ ආ එක්ස්පෙක්ටිං විකට සිනමා පටයේත් රඟන්නට ඇයට ඇරැයුම් ලැබී තිබෙන බව හොලිවුඩයෙන් අසන්නට ලැබෙන අලුත්ම ආරංචියයි.
සිනමා පට දෙකම රූගත කිරීමට යොදා ගෙන ඇත්තේ අමෙරිකන් අයිඩ්ල් වැඩසටහන් වාර අතර එන විරාමයන්හිදියි.
රසිකයන් ලෝපස්ගේ රුව අවසන් වරට තිරයෙන් දුටුවේ 2010 අප්‍රේල් මාසයේදීය. ඇය රැඟූ ද බැක් - අප් ප්ලෑන් සිනමා පටය ආදායම් වාර්තා පිහිටුවීමට අසමත් විය. සිනමා පටයට ලැබුණු ආදායම ඩොලර් මිලියන හතළිහකට අඩු අගයක් ගත්තේය.
කෙසේ වුවත් ජෙනිෆර් ලෝපස් යනු හොලිවුඩයේ ඉහළම ගෙවීමක් ලබන නිළියකි. ඇය රැඟූ බොහෝ සිනමා පට ඉහළම ආදායම් වාර්තා පිහිටුවා ඇතග 2002 දී තිරගත වූ මේඩ් ඉන් මෑන්හැට්න් ප්‍රේමාන්විත විකට සිනමා පටයේ ආදායම ඩොලර් මිලියන 94 ඉක්මවා තිබේ. මොන්ස්ටර් ඉන් ලෝ (2005) ලැබූ ආදායම ඩොලර් මිලියන අසුවකි.
‘අමෙරිකන් අයිඩ්ල්’ වැඩසටහන ජෙනිෆර්ට ධන නිධානයකි. පීපල්ස් සඟරාවට අනුව එම වැඩසටහනට ඇය සහභාගි වන්නේ ඩොලර් මිලියන 12 ක කොන්ත්‍රාත්තුවකටයි. එහෙත් ඇය එකොළොස් වැනි අමෙරිකන් අයිඩ්ල් වැඩ සටහනට සහභාගි වීම අවිනිශ්චිත තත්ත්වයක පවතී.
‘මං අස්සන් කළේ වසරකටයි. ඊළඟ වසරේදී ඊට සහභාගි වනවා ද නැද්ද කියා තවම තීරණය කර නැහැ. එහෙම කියන්නෙ වැඩසටහනට ආදරය නැති නිසා නම් නොවෙයි.’ ඇය මේ ගැන විමසන විට එසේ පිළිතුරු දී තිබේ.
සමහරුන් පවසන්නේ, ඇයගේ සැමියා මාර්ක් ඇන්තනී ඇය ඊළඟ වාරයට සහභාගි වනවාට අකැමැති බවයි.
මාර්ක්ට අවශ්‍ය ජෙනිෆර් හා දූ දරුවන් සමඟ වැඩි කාලයක් ගත කරන්නයි අමෙරිකන් අයිඩ්ල් වැඩසටහන ඔවුන්ගේ නිදහස සොරා ගෙන අවසන්ය.
හොලිවුඩ් විවාහයන් වැඩි ගණනක් දෙදරා යන්නේ වෘත්තීය කටයුතු නිසා එකිනෙකා දුරස්වීම නිසයි. ජෙනිෆර් යනු සියල්ලටම පෙර විවාහයට මුල් තැන දෙන්නියකි. මේ දක්වාම දෙදෙනා සතුටින් යුග දිවිය ගෙවන බව ක්ෂේත්‍රයේ නොදන්නා කෙනකු නැති තරම්ය. ඒ අතර සමහර කලාකරුවන් මෙන් ජෙනිෆර් ද දෙවැනි වාරයේදී වැඩි මුදලක් පතා මෙසේ කරනවා යැයි කියන්නෝ ද සිටිති.
සත්‍යය කුමක් වුවත් මේ වන විට ජෙනිෆර්, අමෙරිකාවේ වැඩි දෙනා නරඹන රූපවාහිනී වැඩසටහනේ ජනප්‍රියම විනිසුරු තාරකාවකි.
ජෙනිෆර්ගේ කාර්ය බහුලත්වය සැමියාල මාක් ඇන්තනීට කෙතරම් හිසරදයක් වී ඇත් ද යන්නට මේ පවුලේ රහසක් හෙළිවීමම හොඳම සාක්ෂියකි.
ජෙනිෆර්ගේත්ල මාක්ගේත් නිවුන් දරුවන් දෙදෙනාල මැක්ස් හා එමී තවමත් තුන් හැවිරිදියි. මේ ඔවුන්ට හොඳම සනීපාරක්ෂක පුහුණුව වන වැසිකිළි පුහුණුව ලබා දෙන කාලයයි.
‘ජෙනිෆර් වගේම මැක්ස් පුතාත් අපේ නිවෙසේ පිහිනුම් තටාකය වැසිකිළිය විදියට පාවිච්චි කරන අවස්ථා තියෙනවා. ළඟදී මැක්ස්ට හරි අකරතැබ්බයක් වුණේග අකරතැබ්බය නිසා ඩොලර් හයදාහක් ගෙවලා නාන තටාකය පිරිසුදු කරන්න වුණා. එය ඉහළ මුදලක්.
දරුවන් වැසිකිළියට යන සෑම මොහොතකම අපි ලොලිපොප් දීලා ඔවුන් වැසිකිළි යාමට දිරිමත් කරනවාග ඒත් මේ ටිකේම ඒ යුද්්ධය තනියම කරන්න වෙලාග’ ඇන්තනී පවසා ඇත්තේ බිරිය ගැන පුංචි නොමනාපයකිනිග
ජෙනිෆර් ලීන් ලෝපස් නර්තනයල ගායනය ඉගෙන ගත්තේ පස් හැවිරිදි වියේ සිටයි. පාසලේදී ඇය ටෙනිස් ක්‍රීඩිකාවක ලෙස වාගේම ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක ලෙස ද නමක් දිනා ගත්තාය. සොයුරියන් තිදෙනකුගෙන් යුත් පවුලක මද්දුම දෝණිය වූ ඇය වයස දහ අටේදී නිවෙසින් පිට වූයේ තමන් රඟපානවාට මව තරයේම විරුද්ධ වූ නිසයි.
ෆොක්ස් රූපවාහිනී නාලිකාවේ ඉන් ලිවිං කලර් ප්‍රහසන මාලා නාටකයෙන් ඇයගේ සිනමා සිහිනයට තටු ලැබුණේය. ඇයගේ මුල්ම සිනමා පටයිමයි ෆැමිලි (1995) යග නර්තන ශිල්පිනියක ලෙස ජෙනිෆර්ගේ වෘත්තීය ජීවිතය ඇරැඹුණේ ජෙනට් ජැක්සන්ගේ නර්තන කණ්ඩායමට එක්වීමත් සමඟය. ඔන් ද 6 ඇයගේ පළමු ගීත ඇල්බමයයි.
තමන් රැඟූ ද වෙඩිං ප්ලෑනර් සිනමා පටයත්, ගීත ඇල්බමයත් එකම සතියේ අංක එකේ රැඳීම ජෙනිෆර් ලැබූ දුලබ වාසනාවකි. එවන් වාසනාවක් ලැබූ එකම නිළිය ජෙනිෆර්ය. සිනමා රංගනයට ඩොලර් මිලියනයක් තරම් ඉහළ ගෙවීමක් ලැබූ ප්‍රථම ලතින් අමෙරිකානු නිළියත් ඇයමය. සෙලීනා සිනමා පටයේ රඟන්නට ඇයට එතරම් මුදලක් ගෙවා තිබුණි.
ජෙනිෆර් ලෝපස් හැඩකාර සිරුරක් ඇති නිළියල සරාගීම නිළියල සුන්දරම නිළිය ලෙස විවිධ මත විමසුම්වලදී ඉහළම තැනක් ගැනීම පුදුමයක් නොවේ. ඔජානි නෝආ, සෝන් කොම්බ්ස්, ක්‍රිස් ජූඩ්, බෙන් අෆ්ලෙක් ඇයගේ ජීවිතය සම්බන්ධ වූ පිරිමින්ගේ නාම ලේඛනයයි.
ජෙනිෆර්ගේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඇය මධුවිත තොල නොගාන හොලිවුඩ් තාරකාවක වීමයි.
මේ වසර ජෙනිෆර්ට සුවිශේෂි වන්නේ ඉහළ වියදමක් දරා නිපදවන සිනමා පට දෙකකට සම්බන්ධ වීමට සිදුවීම නිසා වගේම ලව් ගීත ඇල්බමය ද නිකුත් කිරීම නිසයි. ඇයගේ හත්වැනි ගීත ඇල්බමය වන මෙය වඩාත්ම පෞද්ගලික ඇල්බමය වශයෙන් ද සැලකෙයි.
අන්තර් ජාලයෙනි
මම මේක ගත්තේ දිනමිණ පත්තරෙන්.
COMMENT පාරක් දාලා යන්න.