ජෙප්පනි මේ වැරදි හොයන්න

monson

Well-known member
  • May 7, 2007
    25,786
    28,956
    113

    ඖෂධ මිලට ගන්න අගමැතිනි හරිනිගේ කැබිනට් යෝජනාව ප‍්‍රතික්‍ෂේපයි..

    October 9, 2024 at 10:40 am | lanka C news
    ඖෂධ මිලට ගන්න අගමැතිනි හරිනිගේ කැබිනට් යෝජනාව ප‍්‍රතික්‍ෂේපයි..

    2025 වසර සඳහා දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ වර්ග 305ක් ලබාගැනීම සඳහා සෞඛ්‍ය ඇමැතිනී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සන්දේශය දෙවන වරටද ප්‍රතික්ෂේපවීම නිසා රෝහල්වල ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇත.

    ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම පෙරේදා (07 වැනිදා) පැවැති අතර ඊට කැබිනට් සංදේශය ඉදිරිපත් කර තිබිණි.

    ලබන වසර සඳහා අවශ්‍ය ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගෙන් මෙතෙක් ලබාගත් ක්‍රමවේද වෙනස්කරමින් නව ක්‍රමවේදයක් ඔස්සේ ඖෂධ ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තිරණය කර තිබිණි.

    නව වැඩපිළිවෙළ යටතේ දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ ලබා ගැනීමේදී සියයට අටක මිල අඩු කිරීමක්ද සිදුකර ඇත.

    ලබන වර්ෂයට අවශ්‍ය ඖෂධ සැපයීම සඳහා දේශීය නිෂ්පාදකයන්ට තොග ඇණවුම් මෙතෙක් ලබානොදීම නිසා ජනවාරි මාසය වනවිට ඖෂධ සැපයීමට නොහැකි තත්ත්වයක් මතුවන බව නිෂ්පාදකයන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. ඊට හේතුවී ඇත්තේ ඖෂධ නිෂ්පාදනය සඳහා මාස තුනකට අධික කාලයක් ගතවීමයි.

    කැබිනට් අනුමැතිය ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සමග ඊයේ (08 වැනිදා) පස්වරුවේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

    තවද පැරණි ක්‍රමවේදයට හෝ ඖෂධ ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

    – Aruna

    බලනකොට ජෙප්පන්ගේ වාහන show, බිත්තර කොමිස් වගේ ගොන් ආතල් ඇරුනහම අනිත් ඔක්කොම පරණ විදියටමයි කරන්නේ :lol:
     
    • Like
    Reactions: Gal_banisa

    Similar threads