ජෙප්පො මේ පාර දුක මාර්කට් කරන්නෙ අමුතුම ලයින් එහෙකට 😂. v

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,603
    10,430
    113
    44
    Living in an Atom
    460145554_10212272961936227_9030006575560738730_n.jpg



    රට යන තාත්තා නිසා දුක් වෙන දුවෙක් පෙන්නනවා.හැබැයි මේ රටේ හැදෙන වෘත්තිකයන්ට රට නොයා ජොබ් දෙන්නෙ කොහොමද කියල කියන්නෙ නෑ. මාසෙ පඩියෙන් කාර් එකක් ගන්න පුළුවන් රටවල් ගැන කියනවා. ලංකාවේ 400% විතර වෙන වාහන ආනයන බද්ද අයින් කරොත් ලංකාව සෝමාලියාවටත් වඩා අන්තයට වැටෙනව කියල කියන්නෙ නෑ.අඩු ගානේ උන් ආවොත් ඒ බද්ද අයින් කරනවාද කියන්නෙ නෑ.

    ඉහල පින්තූරයේ තියෙන්නේ ජෙපි පේජ් එහෙක දුක මාර්කට් කරලා තියෙන තව ක්‍රමයක්.
    කණ බොන ඒවා,යන එන තැන්,තමන්ගෙ ජීවිතේ සතුටු අවස්ථා දාන්න තමයි social media තියෙන්නේ.

    ලෝකයෙ බුදුහාමුදුරුවන්ගේ කාලෙ ඉඳල ආදායම් බෙදීයාමේ විශමතාවය තියෙනවා . ලෝකයෙ හැම රටේම දුප්පත් මිනිස්සු ඉන්නව .ආදායම අතින් හැමෝම සමාන කරන්න ක්‍රම දෙකයි තියෙන්නේ. එක්කො හැමෝම පොහොසත් කරන්න ඕන, නැත්තං හැමෝම දුප්පත් කරන්න ඕන. ඒකෙන් පළවෙනි එක කරන්න බෑ ,කරපු රටකුත් නෑ, කරන්න පුළුවන් එකම දේ රටක සමස්ත ජනගහනය දරිද්‍රතා රේඛාවෙන් ඉහළට ගේන එක. දෙවෙනි එක නම් කරන්න පුළුවන් කොහේ හරි ඉන්න ගොබිලෙක් රටක නායකයා කරලා.

    ආන්ඩුවේන් මිනිස්සුගෙ ජීවිත වල ගේම් ගහල දෙන්නෙ නෑ. තමගේ ගේම් එක තමන් ගහන්න ඕනෙ.

    අපේ අය මේ දවස් වල ෆැන්ටසියක් උස්සන් යනවා රොලෙක්ස්, අයි පෝන්, Mercedes විතරක් නෙමෙයි cruise ships ගැන පවා කියමින් රෝමාන්තික සිහිනයන් පෙන්වමින්. ඒවලු වෙන රටවල හීන. අපේ හීන ගෑස්, ඉන්ධන වගේ හරි ලාභ දේවල් ලු.තෙල් ගෑස් විදුලියට වඩා ලඟාකරගත යුතු ලෝකයක් තියෙනවා. නමුත් මේ මූලික අවශ්‍යතා ටික නැතුව ඒ හීන වලට නෙවෙයි අඩියක් ඉස්සරහට යන්න බෑ.පහුගිය කාලේ අත්විඳින්න ලැබුනෙ ඒක තමයි.

    ඊටත් වඩා හිනා යන්නේ පසුගිය දශක තුනක දේශපාලනය පුරා අධිරාජ්‍යවාදී ඇමරිකානු බිල්ලෝ මවමින්, මේ රටේ ආර්ථික ඉදිරි ගමන ඇමරිකාව ,යුරෝපය සමග අත්වැල් බැඳගෙන ඉදිරියට යන්න හදපු සියලූම අවස්ථා වලට අකුල් හෙලපු ධනවාදයට වයිර කරපු ජවිපෙ වගේ පක්ෂයක්, උන්ම එපා කියපු ,බිල්ලො මවපු ධනවාදී ආර්ථිකය තුලින් ඉහළට ආපූ පාරිභෝගික භාණ්ඩ සන්නාම ගැන දැන් මේ රටේ මිනිස්සුන්ගෙ ඔළුවේ හීන මවන එක.

    මම ප්‍රාර්ථනා කරනවා ඉච්ඡාභංගත්වයට ඉතා ඉක්මනින් ළඟ වෙන්න එපා කියලා . මොකද බලාපොරොත්තු මිනිස්සු ජීවත් කරවනවා වගේම ඉච්ඡාභංගත්වය මිනිස්සු නොමළත් මැරුවා වගෙ කරවනවා..
     
    • Like
    Reactions: 2osama and dayt0na

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ

    89 කාලේ මිනිස්සු මරලා පුච්චපු JVP එක දැන් අපිට KFC කන්න නැහැ කියලා අඩනවා🤣🤣
     
    • Like
    Reactions: Mr.Wikirana

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අර හැමදාම kfc බිරියානි කාල ත්‍රැඩ් දාන කෙනාව ටැග් කරන්න. මට නම මතක නෑ.