ජෙප්පො හදන්න ඕනෙ දේවල්..

lilman

Well-known member
  • May 10, 2009
    35,259
    45,043
    113
    Colombo
    අහෝ ශ්‍රී ලංකා....එසේ කීමට හේතුව පහත ඇති වීඩියෝව නරඹා මවිසින් පවසන කතාව කියවා බලන්න. මෙම වීඩියෝවෙහි සිටින්නේ හංගේරියානු ජාතික යුවළක් සහ තවත් ළමුන් දෙදෙනෙකි. ⁣ඊයේ දින එනම් 2025/02/05 වැනි දින අපි පිදුරංගල නැගීමට ගිය අතරතුර අපට මේ පිරිස මුණගැසී කතාබස් කරමින් ආවෙමු. අප වාහන නවත්වා ගියේ පිදුරංගල විහාරස්ථානය අසල රථ ගාලෙහිය. ආපසු පිටත් වීම සඳහා ඒ ස්ථනයට පැමිණි අවස්ථාවෙි්දී ඉහතින් කියන ලද හංගේරියානු පවුල පයින්ම සීගිරිය දෙසට යාමට සැරසෙනු දුටු අප ඔවුන් ආපසු පයින් ගමන් කරන්නේ කුමක් නිසාදැයි ඇසුවෙමු. ඔවුන් කියා සිටියේ පිදුරංගල සිට කිලෝමීටර් 10 ක් ඉනාමළුවට යාම සඳහා පිදුරංගල රථ ගාලෙහි ත්‍රීවීලර් කරුවන් විසින් රථ දෙකක් සඳහා රුපියල් 14000 ක් ඉල්ලා සිටින බවයි. එක රථයක සිව් දෙනාම රැගෙන යන ලෙස ඔවුන් ඉල්ලා ඇත්තේ එම ගාස්තුව ඉතා අසාධාරණ බැවිනි. Ubar හෝ pick me මගින් එම දුර සඳහා අයකරන මුදල වන්නේ රැ.3000/= බවත් , මෙහි පැමිණන විට ඔවුන් පැමිණියේ එම ගාස්තුව ගෙවා බවත්, ඔවුන් එතරම් පොහොසතුන් නොවන බවත් වැඩිදුරටත් ඔවුන් පවසා සිටියහ. අප මෙම ගමන ගොස් සිටියේ කාර්රථ දෙකකින් වන අතර එක් රථයක හතර දෙනෙකු සහ අනෙක් රථයෙහි දෙදෙනෙකු විය. මේ මොහොතෙහි රටෙහි කීර්තිනාමය වෙනුවෙන් සහ මනුස්ස කම වෙනුවෙන් ඔවුන්ට උදව් කිරීමට කථිකා කොටගත් අපි දෙදෙනෙකු ගමන් ගත් රථයට ඔවුන් නංවා ගන්නට සැරසුණි
    එවිටම සිදුවූයේ අප කිසිසේත් බලාපොරොත්තු නොවූ සිදුවීමකි. ඉතා පහත් කුණුහරප කියමින් ත්‍රිරෝද රථ කරුවන් අපව වටලා ගත් අතර අපට පහර දෙන බවටත්, අපගේ වාහන කුඩු. පට්ටම් කරන බවත් පවසමින් පහර දෙන්නටම සැරසුණි. මගේ දියණියද,බෑනාද,ඔවුන්ගේම තවත් මිතුරෙකුද හමුදාවේ කපිතාන් වරු වූයෙන් ඒ බව පැවසීමෙන් පසු තරමක පසුබෑමක් ඇති වුවද විදේශිකයන් නංවා නොගෙන ඉක්මනින්ම අපට යන ලෙස ඔවුන් බලකරන ලදි. පසුව අප ඔවුන්ට වෙනත් රටක සිට අප රටට පැමිණෙන සංචාරකයින්ට සාධාරණ සහ විනීත ලෙස සැලකිය යුතු ආකාරයත්,එමගින් ඔවුන්ගේ ආදායම වැඩිකර ගත හැකි බවත් පවසා සිටි නමුත් ඔවුන් ඒ කිසිවකට කන් දුන්නේ නැත. අවසානයේදි අප විසින් නියමිත ගාස්තුව වන 3000/= මුදල ලබාගෙන රථ දෙකකින් ඔවුන් ගෙනයන ලෙස ඉල්ලා සිටියද ත්‍රිරෝද රථ කරුවන් හැසිරුණේ කොල්ල කරුවන් ලෙසිනි. අවසානයේ සංචාරකයින් කළුවරේම(වේලාව ප.ව 6.30) පයින් යාමට පටන් ගත් අතර අපි ඔවුන්ට තරමක් දුර පයින්ම යන්නට ඉඩහැර පසුව ගොස් ඔවුන් අපේ වාහන වලට නංවා ගත් අතර ත්‍රිරෝද රථ කරුවන් ත්‍රිරෝද රථ කිහිපයකින් සහ යතුරු පැදි කිහිපයකින් අපව වට කරන ලදි. විදේශිකයින් බයෙන් ගැහෙමින් සිටියහ. එහෙත් අප වාහන වලින් බැස ආරක්ෂක අංශයන් තදබල ලෙස මැදිහත් කරන බව පවසා ඡායා රූප සහ වීඩියෝ ලබාගෙන තරමක් තදින් කථාකිරීම නිසාත් තිදෙනෙකුම හමුදා නිලධාරීන් වූ නිසාත් ඔවුන් තරමක් මෙල්ල විය.
    ඉතින් මෙවන් වප සරියක සංචාරක කර්මාන්තය නංවන්නේ කෙසේද? එසේම මෙම ස්ථාන වලට ආපසු යාමට Uber හෝPick me රථ ගෙන්වා ගත හොත් ඔවුන්ටද පිදුරංගල රථ කරුවන් පහර දෙන බැවින් සංචාරකයන් ආපසු රැගෙන යාමට ඔවුන් පැමිණෙන්නේ නැත. සංචාරකයන් කැඳවාගෙන යන pick me හෝ Uber රථ එතැනට ගිය විගස ආපසු හරවා එවයි. ඉතා සැහැසි ලෙස සංචාරකයින්ගේ ආගන්තුක බව සහ අසරණ කමද වනාන්තර වීමද කොල්ල කන මොවුන් මැඩ පැවැත්විය යුත්තේ. සංචාරක කර්මාන්තය මේ රටේ බලාපොරොත්තු සහගත ආදායම් මාර්ගයක් බැවිනි. මේ නොසන්ඩාලයන් වල කපා ගන්නේ උන්ගේම දියුණුවටයි. පොලිසිය මේවාට මැදිහත් නොවන්නේ දැන දැනම බව අප පොලීසි වලට දුන් දුරකථන ඇමතුම් වලින් අපට පැහැදිලි විය. පොලීසියට මෙය ඉතා සාමාන්‍ය සිදු වීමක් බව අපට පැහැදිලි විය. ත්‍රිරෝද රථ කරුවන් පොලීසියට බිය නොවන්නේ මෙවැනි දේ සඳහා පොලීසියෙන් අනුග්‍රහය ලැබෙන බැවිනි. අදාළ බලධාරීනි මේ සඳහා ඉක්මනින්ම පිළියම් යොදන්න. මේ අමනයින් නිවැරදි කිරීමට ක්‍රියාමාර්ග යොදා සංචාරකයින් ප්‍රවර්ධණය කරන්න. එම හංගේරියානු ජාතිකයින් අපෙන් විමසන ලද්දේ රජය මේවාට මැදිහත් නොවන්නේ ඇයිද යන්නය. පොලීසිය මැදිහත් නොවන්නේ ඇයිද යන්නය. අපි ඒ පැනයන් සඳහා කියන ලද්දේ එම සිද්ධිය අහඹුවක් බවත් සමාවන ලෙසත් පමණි. එහෙත් එම විදේශිකයින් එය අහඹුවක් නොවන බවත් අප මහ අපිලිවෙල ජාතියක් බවටත් පසක් කොට සිටි බව ඔවුන්ගේ නෙත් වලින් අපි දුටුවෙමු.

     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    12,954
    1
    26,174
    113
    "අපෙන් විමසන ලද්දේ රජය මේවාට මැදිහත් නොවන්නේ ඇයිද යන්නය" 👇


    ETpxgWK.jpeg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    35,259
    45,043
    113
    Colombo
    99% ජෙප්පෝ. උන් කිය කියා හිටියේ උන්ගේ පන්තියේ ජනාධිපති කෙනෙක් ඕන කියල :ROFLMAO:

    99% K ??? කොහොමද ප්‍රතිශතය හෙව්වේ ?
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    12,954
    1
    26,174
    113
    99% K ??? කොහොමද ප්‍රතිශතය හෙව්වේ ?
    ත්‍රිවිල් වල හයර් 100 ගියාම 99කම ඉන්න ත්‍රීවිල් කාරයෝ කිව්වේ අපිට අපේ පන්තියේ අපේ කුලේ අපේ හැසිරීම තියන ජනාධිපති කෙනෙක් ඕන එක නිසා අනුර කුමාරට චන්දෙ දෙන්න කියලා :ROFLMAO:
     
    • Haha
    Reactions: Asmodeus

    lilman

    Well-known member
  • May 10, 2009
    35,259
    45,043
    113
    Colombo
    ත්‍රිවිල් වල හයර් 100 ගියාම 99කම ඉන්න ත්‍රීවිල් කාරයෝ කිව්වේ අපිට අපේ පන්තියේ අපේ කුලේ ජනාධිපති කෙනෙක් ඕන එක නිසා අනුර කුමාරට චන්දෙ දෙන්න කියලා :ROFLMAO:

    උබ 3 weel 100 ක ගියද ඕක හොයන්න ?
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    12,954
    1
    26,174
    113
    උබ 3 weel 100 ක ගියද ඕක හොයන්න ?
    අපෝ ඊට වඩා ත්‍රීවීල් වල හයර් යනවා අවුරුදු තුන හතරකට