ජෙප්පෝ දළදාවට බෝම්බ ගහපු වීඩියෝ එක..

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,299
    34,972
    113
    LTTE එක ගැහුවෙත් මෙම තමයි. වෙඉගේ පුතාල ගැහුවෙත් මේ විදියට..


    මේ තියෙන්නේ කොටි ගහපු සීන් එක 98දි. ස්වර්ණවාහිනිය පටන් ගත්තෙත් 97දි. 88/89 කාලේ රූපවාහිනි, ITN විතරයි ටීවී චැනල් කියලා තිතිබුනේ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,482
    113
    ජෙප්පෝ දළදා මාලිගාවට ගැහුවේ මොකටද බං?හේතුවක් තියෙනවද?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,949
    15,377
    113
    35
    Spain
    නෙරංජන් විජේරත්න මහත්තයාගේ කතාවක් තියෙනවා ඔය ගැන. හොයාගෙන බලන්න. කරුම ජෙප්පෝ ඒ කාලේ කරපු දේවල්
     
    • Like
    Reactions: KDH and deanXX

    avishkaw

    Well-known member
  • Mar 9, 2016
    304
    254
    63
    LTTE එක ගැහුවෙත් මෙම තමයි. වෙඉගේ පුතාල ගැහුවෙත් මේ විදියට..


    ponnaya ipadilawath nathuwa athi nikan pada hadanava....LTTE eken gahapu eka tama Mahindaya badagena pohottuwata dagatte... jeppo gahapu labbak ne
     
    • Haha
    Reactions: KDH and deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,482
    113
    ඕකත් ආණ්ඩුවෙන්ම කරා කියල තමා කියන්නේ

    ඔව් ඔව් ඔක්‍කොම කරලා තියෙන්නේ අාණ්ඩුව තමයි..ඒකනේ ලප කුමාරයා සමාව ඉල්ලුවේ..🤡🤡🤡🤡👌



    ponnaya ipadilawath nathuwa athi nikan pada hadanava....LTTE eken gahapu eka tama Mahindaya badagena pohottuwata dagatte... jeppo gahapu labbak ne

    ඉතිං ජෙප්පොත් ගහලනේ ඕයි..

    On February 8, 1989, members of the Janatha Vimukthi Peramuna (JVP) carried out an armed attack on security checkpoints at the Sri Dalada Maligawa (Temple of the Sacred Tooth Relic) in Kandy, Sri Lanka. [1, 2, 3]

    Key Details of the Attack
      • Date: February 8, 1989
      • Location: Sri Dalada Maligawa (Temple of the Tooth), Kandy
      • Perpetrator: The JVP and its armed wing, the Patriotic People's Movement (Deshapremi Janatha Vyaparaya)
      • Target: Five security checkpoints and guards surrounding the temple complex [1, 2, 3, 4]

    Impact and Casualties
      • Loss of Life: The clash resulted in multiple deaths, including security personnel and civilians, with reports citing between five and eight people killed. [1, 2]
      • Injuries: Several people were wounded during the crossfire, leading to long-term disabilities for some survivors. [1, 2]
      • Disruption: The incident caused major fear and heightened security concerns in the historic city of Kandy during the peak of the 1989 JVP insurrection. You can read more background on the 1989 Temple of the Tooth attack. [1]
    ------ Post added on Sep 7, 2026 at 10:59 AM

    නෙරංජන් විජේරත්න මහත්තයාගේ කතාවක් තියෙනවා ඔය ගැන. හොයාගෙන බලන්න. කරුම ජෙප්පෝ ඒ කාලේ කරපු දේවල්

    ------ Post added on Sep 7, 2026 at 11:00 AM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,949
    15,377
    113
    35
    Spain
    https://www.aruna.lk/articles/4as2cEfXQRMH2ur6wkdk

    සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු වූ සෙංකඩගල පුරවරයේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට එල්ල වූ කුරිරු ප්‍රහාරයට අදට වසර 35ක් සපිරේ.1989 පෙබරවාරි මස 8 වැනිදා සවස් වරුවේ ඇලහැර ප්‍රදේශයේ සිට සුදු පැහැති වෑන් රථයකින් නඩයක් ශ්‍රී දළදා මාලිගාවට පැමිණියේ දානයක් ලබාදෙන කණ්ඩායමක් ලෙසිනි.ඔවුන් මෙලෙස දානයක් දීමට දීන වෙන් කර ගෙන තිබුනේ 1989 පෙබරවාරි මස 8 වැනිදාට මාස 3කට පෙර ය.එකල තේවාව බාරව සිටි අස්ගිරි මහා විහාරයේ ලේකම් පනීපාන සිරිනිවාස ස්වාමින්වහන්සේය.එදින සවස් වරුවේ උන්වහන්සේට දැහැත් පූජා කර, ගිලන්පසට අවශ්‍ය බඩු බාහිරා දිය ද මුලුතැන්ගෙට ලබාදීමට වන්දනා නඩය කටයුතු කර තිබුණි.



    ශ්‍රී දළදා මාලිගාවේ සන්ධ්‍යාෙව් තේවාව සෑම දිනකම ආරම්භ වන්නේ සවස 6.30ට ය.තේවාව ආරම්භවීමට පෙර සවස 6.15ට හේවිසි වාදනය ආරම්භය කිරීම සිදුකෙරේ. වන්දනා නඩයක් ලෙසින් පැමිණ මෙම කණ්ඩායම හේවිස වාදනය කිරීම ආරම්භ කිරීමත් සමග උඩමළුවේ දොර පියන් විවෘත කළේය යැයි සිතා ශ්‍රී දළදා මාලි‌ගාවට ආරක්ෂාව සපයන පොලිස් මුරපොළට පහරදීමට ආරම්භ කළේය.එකල ශ්‍රී දළදා මාලිගාවේ පොලිස් මුරපොල පිහිටියේ පත්තිරුප්පු යට කොටසේය.එහි ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළේ සනත් කුඹුර නමැති නිලධාරියෙකි.එම අවස්ථාව වන විට විශාල බැතිමතුන් පිරිසක් ද තේවාවට සහභාගි වී සිටියහ.



    මෙම කණ්ඩයාම අනතුරුව අනගාරික ධර්මපාලතුමන්ගේ පිළිවුරුව අසළ තබා තිබූ පොලිස් මුරපොලේ ගිනිඅවි රාක්කය පිහිටි ස්ථානයේ ආරක්ෂාවට සිටි නිලධාරීන්ට ද තියුණු ආයුධ වලින් පහර දී වෙඩි තබා තිබුණි.ගිනිඅවි වලින් හේවිසි මණ්ඩප්පයට ද වෙඩි ප්‍රහාර එල්ල කර තිබූ අතර, එම වෙඩි ප්‍රහාරවලින් ගල් කණුවකට එල්ල වූ වෙඩි උණ්ඩයක සළකුණු අදටත් එම ස්ථානයේ දක්නට ලැබේ.ඉන්පසුව මුළුතැන්ගෙයි පිහිටි හමුදා මුරකුටියට ද ප්‍රහාරයක් එල්ල කර එහි නිලධාරීන් සිව්දෙනෙකුට පමණ තියුණු ආයුධ වලින් පහරදී තිබුණි.මෙම මිලේච්ඡ කණ්ඩායම එල්ල කළ වෙඩි ප්‍රහාාරයකින් ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ වූ දළදා වීදියේ ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක සිටි සිවිල් වැසියෙකුට ද වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණි. එම ප්‍රහාාරයෙන් තුවාල ලැබුවේ එ් වන විට මහනුවර නගර සභාවේ සේවකයෙකි.වෙඩි වැදීමෙන් ඔහුට එක් පාදයක් ද අහිමි විය.



    මෙම ප්‍රහාරයෙන් ශ්‍රී දළදා මාලිගයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්, හමුදා සෙබළුන් කිහිපදෙනෙකු ද බරපතල තුවාල ලැබුවේය.මොවුන්ගේ අරමුණ වූයේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව දන්ත ධාතුන් වහන්සේට පළදවාා තිබූ රන් ආභරණ පැහැරගෙන, ආරක්ෂක අංශවල ගිනිඅවි පැහැර ගැනීම බවට තොරතුරු වාර්තා වේ.මෙකී ප්‍රහාරය ජනතා විමුක්ති පෙරමුණ විසින් එල්ල කළ ප්‍රහාරයක් බවට චෝදනා එල්ල වන අතර, මීට අවුරුදු කිහිපයකට පසු එල්.ටී.ටී.ඊ. ත්‍රස්ථවාදීන් විසින් ද ශ්‍රී දළදා මාලිගාවට මෙවැනිම මිලේච්ඡ ප්‍රහාරයක් එල්ල කරන ලදී.