ජනතා විමුක්ති පෙරමුණේ නායකත්ව මණ්ඩලය පහර දීමට ගත් තීන්දුව අනුව ප්‍රහාරය එල්ලකරන වේලාව නිසිපරිදි නිවැරදිව වැල්ලවාය හා මොනරාගල සටන්කාමීන්ට ලබා දුන්නේ නම් කැරැල්ල ලද ප්‍රතිඵලයට වඩා වෙනස් මුහුණු වරක් ගැනීමට ඉඩ තිබිණ. අසාර්ථක වූ කැරැල්ලකට වඩා කල් අල්ලා සිටින ගරිල්ලා සටනක් දැක ගැනීමට හා විවිධ දේශපාලන පෙළගැසීම් බිහිවීමට කදිම අවස්ථාවක්ද විය.
වැල්ලවාය ප්‍රහාරය නිසා රටට විය හැකි අනතුර රජය කල්වේලා ඇතිව දැන ගත්තේය. 5 වැනි දින රාත්‍රී 8 වනවිට ඇඳිරි නීතිය පැනවිය. පොලිස් ස්ථාන, හමුදා කඳවුරු, මර්මස්ථාන ශක්තිමත් කරන ලදී. ආරක්ෂාව දැඩි කරණ ලදී. මේ නිසා කැරලිකරුවන්ගේ ප්‍රහාර ඉක්මන් ක්‍රියා මාර්ග තුළින් අඩපණ කිරීමට රජයට හැකිවිය. අගනුවර ප්‍රහාර සම්පූර්ණයෙන්ම නතර කිරීමට කැරලිකරුවන් පියවර ගන්නා ලදි. ඒ වැල්ලවායේ ඉක්මන් ප්‍රහාරයේ ප්‍රතිඵලයයි.
එදා ගත් පියවර හරි හෝ වැරදි වේවා එම අරගලය නිසා පාලකයින්ගේ ඇස් ඇරී ප්‍රගතිශීලි පියවර ගැනීමට රජයට සිදුවීමෙන් 71 කැරැල්ලේ අත්දැකීම් පිළිබඳව අද තෘප්තිමත්ව සිහිපත් කළ හැකි බව විශ්‍රාමික විදුහල්පති ඩී. එම්. ආරියසේන මහතා පවසයි. මේ සම්බන්ධව තවත් කතාවක්ද ඇත. රජයට පහරදී රාජ්‍ය බලය අල්ලාගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ සුදානම් කළ කැරැල්ල වැරදුණේ වැල්ලවාය ඉක්මන් ප්‍රහාරය නිසා බවයි.
“ජේ.වී.පී. අප්පුහාමි මියගියා. භූමිදානය 5 වැනිදා 5 ට” යන පණිවිඩය ඔවුන් වටහා ගත්තේ 5 දින උදේ 5 ට ලෙස බවත්, ඔවුන් උදෑසන ප්‍රහාරය දියත් කිරීම නිසා සැලැස්ම අඩාළ වූ බවත් ප්‍රකට කරුණකි.
මහ නඩුවේ 19 වැනි විත්තිකරු පියසිරි කුලරත්න මහතා 71 කැරැල්ල විශ්ලේෂණය කරමින් ලියූ “තක්සලාවක් වූ සිපිරි ගෙය” කෘතියෙන් සඳහන් කරන්නේ “එදින වැල්ලවාය පොලීසියට පහරදී ඇති බව සැලවිය. ඒ සමඟම රාජ්‍ය යාන්ත්‍රණයේ හදිසි සූදානම්වීම පිළිබඳව ඇතිව තිබූ විමතිය පහව ගොස් අනපේක්ෂිත බවක් ජනිත විය. සියලුම මනෝරාජික සැලසුම් අවුල් කෙරුණ මෙම පළමු බාධකයට අගනුවර ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කළ ප්‍රහාර ඇන හිටවිය” යනුවෙනි.
කෙසේ වෙතත් ඉක්මනින් විවෘත කර, ඉක්මනින් වසා දැමීම වැල්ලවාය සටන් කාමින්ගෙන් සිදුවිය. එය අතිවාමාංශික වලිප්පුවයි.
- https://www.lankadeepa.lk/Diyatha-News/ජවප-අපපහම-මළ/48-512409
එදත් ගොන් ජෙප්පෝ අදත් NPP වෙස් මූණ දාගත්තත් ගොන් ජෙප්පොම තමයි

Last edited: