දැන් අපි පැහැදිලි විවෘත මනසෙන් මේ මූලාශ්‍ර ගැන සලකලා බලමු.
බුදුන් වහන්සේගේ ධර්මභාණ්ඩාගාරික අනද තෙරුන් බුදුන් වහන්සේ පිරිනිවන් පාන තෙක් පෘථග්ජන භික්ෂුවක්.... උන් වහන්සේ අනවබෝධයෙන් බුදුන්ගේ ධර්මය ස්මරණයේ තබාගත්තා යැයි කිව්වේ ඒ නිසයි... මොකද බුදුන්වහන්සේ දෙසූ මුලු ධර්මස්කන්ධයම මනාව අවබෝධ කරගත්තේ නම් අනඳ තෙරුන් මීට පෙර පෘථග්ජන භාවයෙන් මිදිලා... පිරිනිවන් මංචකයේ අනඳ තෙරුන් හඩා වැෙටෙන ආකාරයෙන් එතුමා කෙතරම් පෘථග්ජන සිතිවිලිවලින් යුක්ත වුවාදැයි මනාව වැටහේ... පළමු ධර්ම සංගයානාවේ දී සංගායනයට ගන්නේ අනඳ තෙරුන්ගෙන් ධර්මය විචාරලා... එතනින්ම මූලාශ්‍රයේ විශ්වසනීයත්වය පලුදු වෙනවා...
සුභද්‍ර භික්ෂුව අභදූ වචනය ප්‍රකාශ කරන්නේ බුදුන්ගේ පිරිනිවනේ උණුසුම යන්නටත් මත්තෙන්... (අපි එම මහණගෙන් මිදුනෙමු... දැන් අපිට කැමත්තක් කළ හැක, අකමැත්තක් නොකළ හැක) ඒකෙන් ගම්‍ය වන්නේ බුදුන් ජිවමානව වැඩ සිටින සමයේ පවා භක්ෂුන් අතර යම් විවාද සම්පන්න බවක් තිබුණු බව.... ඊට අමතරව පළමු ධර්ම සංගයාවෙන් පසුව ධර්මය විනය කරුණු කොටස්වලට කඩා ‘‘මුඛ පරම්පරාවෙන්’ පැවතගෙන ඒමට භික්ෂූන්ට පවරනවා... තම තම භික්ෂු පරම්පරාවන්ගේ රුචිය අනුවත්, ස්වභාවික ස්මරණ දුර්වලතාත් නිසා මෙම ධර්ම කරුණු කොතරම් හැලෙන්නට ඇත්ද..? අලුතෙන් එක්වෙන්නට ඇද්ද...
ඒ බව තුන්වන ධර්ම සංගායනාවේ දී මනාව ඔප්පු වෙනවා... අශෝක අධිරාජ්‍යයා ධර්ම සංගායනාවක් පවත්වන්නේ බුද්ධධර්මය ඉගැන්වීම් සම්බන්ධව භික්ෂුන් විවිධ පාර්ශවවලට බෙදී කල්ලිවාදයක් අනුගමනය කළ බැවිනි.... තුන් වන ධර්ම සංගායනාවෙන් පසුව පළමු වරට බුද්ධාගම නිකායවලට කැඩෙනවා... නිකායවලට බෙදෙනවා කියන අර්ථය කුමක් ද...? උඹල පිළිගන්නේ දේ අපි පිලිගන්නේ නෑ කියන කරුණ නේද...? ඒ අනුව අද වන විට මෙම මූලාශ්‍ර කෙතරම් විකෘති වී ඇද්ද... (මාතලේ අලු විහාරේ ති‍්‍රපිටකට ග්‍රන්ථාරූඪ වෙන තෙක් සිතුවත්)