ජේසුස් වහන්සේ ජීවමානයි(සුබාරංචියෙන්)

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
mageth rep kapala boru kiyapu wesa geniyekta wadina higana kari wesige puthek :lol: :lol:

images
 

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
Key to Paradise in Islam
================

He who died knowing that there is no God but Allah will enter Paradise.


The key to Paradise is found in the declaration that there is nothing worthy of worship except Allah and Muhammad is the Messenger of Allah (la ilaha illa Allah, Muhammad ar-rasul Allah). This statement is the foundation of Islam, the beginning of faith, the source of virtues, and the means of happiness in the Hereafter for those who actualize its meaning.


http://abuaminaelias.com/key-to-paradise-in-islam/

k12665653.jpg
 

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
Key to Paradise in Islam
================

He who died knowing that there is no God but Allah will enter Paradise.


The key to Paradise is found in the declaration that there is nothing worthy of worship except Allah and Muhammad is the Messenger of Allah (la ilaha illa Allah, Muhammad ar-rasul Allah). This statement is the foundation of Islam, the beginning of faith, the source of virtues, and the means of happiness in the Hereafter for those who actualize its meaning.


http://abuaminaelias.com/key-to-paradise-in-islam/

k12665653.jpg

images
 

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Key to Paradise in Islam
    ================

    He who died knowing that there is no God but Allah will enter Paradise.


    The key to Paradise is found in the declaration that there is nothing worthy of worship except Allah and Muhammad is the Messenger of Allah (la ilaha illa Allah, Muhammad ar-rasul Allah). This statement is the foundation of Islam, the beginning of faith, the source of virtues, and the means of happiness in the Hereafter for those who actualize its meaning.


    http://abuaminaelias.com/key-to-paradise-in-islam/

    k12665653.jpg

    I believe in Facebook Messenger.

    142eb74ed7f1348d86961b6f9e07c87d_facebook-messenger-app-icon-facebook-messenger-logo-clipart_700-400.jpeg


    It delivers my messages very fast.
    It does not promote barbarism.
    It does not bang kids.
    It does not promote violence.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Key to Paradise in Islam
    ================

    He who died knowing that there is no God but Allah will enter Paradise.


    The key to Paradise is found in the declaration that there is nothing worthy of worship except Allah and Muhammad is the Messenger of Allah (la ilaha illa Allah, Muhammad ar-rasul Allah). This statement is the foundation of Islam, the beginning of faith, the source of virtues, and the means of happiness in the Hereafter for those who actualize its meaning.


    http://abuaminaelias.com/key-to-paradise-in-islam/

    k12665653.jpg

    The very reason you are having to be here and to promote a bloody fucking god people has never seen while the fucker hides somewhere and enjoying his day is exactly why the whole world should never listen to the garbage you guys are talking about.
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඉස්ලාම් දහම තුළ යේසුස් තුමා

    ජේසුස් තුමන් යනු ලොව පුරා බිලියන ගණනාවක් ජනතාවගේ ගෞරවාදරයට පත් වූ මෙන්ම ඉතා විශාල ලෙස විවාදයට බඳුන් වූ චරිතයකි. මුස්ලිම් සහ කිතුනුවන් යන දෙජන වර්ගයම ඔහුව ඉතා උසස් තත්වයකින් සලකන නමුත් ඔවුන් තුල ඔහු ගැන ඇත්තේ පරස්පර විරෝධී දැක්මකි.
    මෙම ලිපිය තුලින්, මෙම විෂයෙහි විවාදයට බඳුන් වූ ප්‍රධාන මාතෘකා කිහිපයක් වන ජේසුස් තුමන් යනු දෙවිඳුන්ද? නැතහොත් ඔහුව එවනු ලැබුවේ දෙවිඳුන් විසින්ද? එසේත් නැතිනම් ජේසුස් තුමන් යන ඓතිහාසික චරිතය යනු කවුරුන්ද? යන්න පිළිබඳව විමසීමට ලක් කරනු ලැබේ. බයිබලයෙහි ඇති ඇතැම් අපැහැදිලි වාක්‍ය තුලින් ජේසුස් තුමන් යනු දිව්‍යමය චරිතයක් ලෙස වැරදි අර්ථකතනයක් දැක්විය හැක.
    නමුත් බයිබලයේ සඳහන් වන ඉතා පැහැදිලි සහ සෘජු ලෙස අර්ථය තේරුම් ගත හැකි වාක්‍ය තුලින්, ජේසුස් තුමන් යනු තවත් එක් සුවිශේෂී මනුෂ්‍යයෙක් පමණක් බව වටහා ගත හැක. ජේසුස් තුමන්ගේ ජීවිත කතාවේ ඓතිහාසික සහ තාර්කික කාරණා සැලකූ විට, ජේසුස් තුමන් යනු දෙවිඳුන් නොවන බව පමණක් නොව ඔහු විසින් තමා දෙවිඳුන් යයි කිසි විටක ආමන්ත්‍රණය කරගෙන නැති බවටද පසක් වේ.
    මෙම ලිපියෙහි ඉතිරි කොටස තුලින්, මෙම විෂයෙහි ලා බයිබලයේ වාක්‍ය ගෙන හැර දක්වමින් කොටස් පහක් යටතේ, සත්‍යය වශයෙන්ම ජේසුස් තුමන් යනු කවුරුන්දැයි පැහැදිලි කිරීමක් දක්වා ඇත.
    1. ජෙසුස් තුමන් කිසි දිනෙක තමන් දෙවිඳුන් යයි ආමන්ත්‍රණය කරගෙන නැත
    බයිබලයෙහි අඩංගු බොහෝ වාක්‍ය වල ජේසුස් තුමන් විසින්, දෙවිඳුන් තමන් නොවන්නෙකු ලෙස ප්‍රථම පුරුෂ ආකාරයෙන් ආමන්ත්‍රණය කර ඇත.ඉන් සමහරක් වාක්‍ය පහත දක්වා ඇත.
    මිනිසෙක් ජේසුස් තුමන් අමතා,”යහපත් ගුරුදේවයෙනි” යනුවෙන් ආමන්ත්‍රණය කළ අවස්ථාවේ, “ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, ”මා යහපත් යයි ඔබ කියන්නේ මන් ද? හුදෙක් දෙවියන් වහන්සේ මිස අන් කිසිවෙක් යහපත් නොවේ”.” [මාක් 10:18]
    තවත් තැනකදී ඔහු මෙසේ පවසා ඇත.
    ”මාගේ තනි බලයෙන් මට කිසිත් කළ නො හැකි ය. අණ ලත් පරිද්දෙන් ම මම විනිශ්චය කරමි. මාගේ විනිශ්චය සාධාරණ ය. මන්ද, මාගේ අරමුණ, මාගේ ම කැමැත්ත ඉටු කිරීම නොව, මා එවා වදාළ උන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීම ය.” [ජොහන් 5:30]
    ජේසුස් තුමන්, දෙවිඳුන් තමන් නොවන්නෙකු ලෙස ප්‍රථම පුරුෂ ආකාරයෙන් මෙසේ සඳහන් කර ඇත.
    “ජේසුස් වහන්සේ කතා කොට, ”මා අල්ලන්නට එපා; මන්ද, මම තව ම පියාණන් වහන්සේ වෙතට නොනැංගෙමි. ඒ නිසා දැන් ඔබ මාගේ සහෝදරයන් වෙතට ගොස්, ‘මම, මාගේ පියාණන් වහන්සේ හා ඔබගේ පියාණන් වහන්සේ ද මාගේ දෙවියන් වහන්සේ හා ඔබගේ දෙවියන් වහන්සේ ද වෙතට නඟින්නෙමි’යි ඔවුන්ට කියන්නැ”යි වදාළ සේක.” [ජොහන් 20:17]
    පහත වාක්‍යය තුලින් ජේසුස් තුමන්, ඔහුව එවන ලද්දේ දෙවිඳුන් විසින් බව තහවුරු කර ඇත.
    “සදාතන ජීවනය මේ ය: එක ම සැබෑ දෙවියන් වන ඔබ ද, ඔබ විසින් එවන ලද තැනැන් වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ද, දැනගැනීම ය.” [ජොහන් 17:3]
    ජේසුස් තුමන් විසින්, ඔහු දෙවිඳුන් නම් ඔහුට නමදින ලෙස මිනිසුන්ට පවසා සිටිය යුතුමුත්, ඔහු ඊට ප්‍රතිවිරුද්ධ ලෙස ක්‍රියාකරමින් මිනිසුන් විසින් ඔහුට නැමදීම අනුමත කර නැත.
    “මිනිස් ඔවා දෙව් දහම් සේ උගන්වමින්, නිකරුණේ මා නමදිති.” [මතෙව් 15:9]
    ජේසුස් තුමන්, තමන්ව දෙවිඳුන් ලෙස ආමන්ත්‍රණය කර ගත්තා නම් බයිබලයේ සිය ගණනක් වාක්‍ය එය සඳහන් කරමින් පැවතිය යුතු මුත්,බයිබලයෙහි ජේසුස් තුමන් විසින් සඳහන් කළ,මම දෙවිඳුන් වෙමි,මා හට නමදින්න යනුවෙන් එකඳු වාක්‍යයක් හෝ සඳහන් නොවේ.
    2. ජේසුස් තුමන් යනු පුත්‍රයා සහ අධිපති ලෙස සඳහන් වීම
    බයිබලයෙහි එක් තැනකදී ජේසුස් තුමන් අධිපති ලෙසද, තවත් තැනකදී ජේසුස් තුමන් දෙවිඳුන්ගේ පුත්‍රයා ලෙසද ආමන්ත්‍රණය කර ඇත. දෙවිඳුන් පියා ලෙස සඳහන් කර ඇත.මේ සියල්ල එකට කැටි කර ගත් විට, ජේසුස් තුමන් දෙවිඳුන්ගේ පුත්‍රයා ලෙස හඳුන්වා ඇත.නමුත් මේ සියලු නාමයන් සැලකූ කල,ඒවා හුදෙක් සංකේතාත්මක ලෙස සැලකිය හැකි මුත් අර්ථානුකූලව සත්‍ය ලෙස සැලකිය නොහැක.
    දෙවියන්ගේ පුත්‍රයා යන්න,අතීත හීබෲ භාෂාවෙහි ධර්මිෂ්ඨ පුද්ගලයා යනුවෙන් හැඳින්වීමට යොදාගන්නා ලද යෙදුමකි.
    දෙවිඳුන් ඉස්රායීල් ජනතාව තම පුත්‍රයා ලෙස ආමන්ත්‍රණය කිරීම.“නුඹ ද පාරාවෝට කතා කොට, ‘සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි කියන්න: ‘ඉස්රායීල් ජනතාව මාගේ කුලුඳුල් පුත්‍ර රත්නය ය.” [නික්මයාම 4:22].එමෙන්ම ඩේවිඩ් දෙවිඳුන්ගේ පුත්‍රයා ලෙස හැඳින්වීම. “මම මේ දේව නියෝගය ප්රකාශ කරන්නෙමි;
    එතුමාණෝ මට කතා කොට, ”නුඹ මාගේ පුත් කුමරු ය, අද මම ඔබේ පිය රජ වූයෙමි.” [ගීතාවලිය 2:7]: ධර්මිෂ්ඨ පුද්ගලයන්ව “දෙවිඳුන්ගේ පුත්‍රයා” ලෙස හැඳින්වීම. “දේවාත්මයාණන් විසින් මඟ පෙන්වනු ලබන්නෝ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය.” [රෝම 8:14]
    මේ ආකාරයෙන්ම,පියා යන වචනයෙන් දෙවිඳුන් ආමණ්ත්රය කිරීමේදී එයින් සත්‍ය අරුත පියා ලෙස ගම්‍ය නොවන අතර එයින් දෙවිඳුන් අර්ථ දක්වන්නේ මැවුම්කරු,පෝෂකයා,රැක බලා ගන්නා යනාදී වශයෙනි. මෙලෙස සංකේතාත්මක අරුතක් ලෙස පියා යන වචනය යෙදෙන බොහෝ වාක්‍යය අපට නිරීක්ෂණය කළ හැක. උදාහරණයක් ලෙස: “සියල්ලන්ට ඉහළින් සිටින, සියල්ලන් තුළින් ක්‍රියා කරන, සියල්ලන් තුළ වැඩවසන එක ම දෙවි පියාණන් වහන්සේත් ය. ” [එපීස 4:6] දැක්විය හැක.
    අධිපති යන වචනය දෙවිඳුන් ආමන්ත්‍රණය කිරීමට මෙන්ම ඉතා ගෞරවනීය පුද්ගලයෙක් ආමන්ත්‍රණය කිරීමටද භාවිතා කරනු ලබන්නකි.
    මෙලෙස අධිපති යන වචනය මනුෂ්‍යයන් ආමන්ත්‍රණය කිරීමට යොදා ගෙන ඇති අවස්ථා ගණනාවක් බයිබලයෙහි දැක ගත හැක: “පසුව ඔවුහු ජෝසෙප්ගේ ගෘහයේ කළමනාකරු වෙත පැමිණ, ගෙදර දොර අසල ඔහු සමඟ කතා කරමින්, ”මහතාණෙනි, පළමු වරක් ද ආහාර මිලට ගැනීම සඳහා අපි ඇත්තෙන් ම පැමිණියෙමු.” [උත්පත්තිය 43:19-20]
    බයිබලයෙහි තවත් කොටස් වලදී, ජේසුස් තුමන් යනු දෙවිඳුන්ගේ සේවකයෙකු ලෙස ගෝලයන් විසින් ආමන්ත්‍රණය කළ අවස්ථා දක්නට ලැබේ: “අපගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ තමන් සේවකයා වූ ජේසුස් වහන්සේ මහිමයට පැමිණ වූ සේක”. [ප්‍රේරිතවරුන්ගේ ක්‍රියා 3:13]
    මෙයින් පැහැදිලි වන්නේ ජේසුස් තුමන්ව අධිපති ලෙස ආමන්ත්‍රණය කිරීම මඟින් එය දේවත්වය සලකා නොව හුදෙක් ගෞරව නාමයක් වශයෙන් භාවිතා කර ඇති බවකි.
    3. ජේසුස් තුමන්ගේ ස්වභාවය/ලක්ෂණ
    ජේසුස් තුමන්ගේ ස්වභාවය/ලක්ෂණ දෙවිඳුන්ගේ ස්වභාවයට හාත්පසින්ම වෙනස් වේ. මෙම වෙනස් ලක්ෂණ බයිබලයෙහි බොහෝ කොටස් වල නිරීක්ෂණය කිරීමට හැක.
    දෙවිඳුන් සියල්ල දන්නා වන මුත් ජේසුස් තුමන් ඔහුගේම දැක්මට අනුව සියල්ල දන්නා නොවේ.මෙය ජේසුස් තුමන් විසින් පවසන පහත වාක්‍යයෙන් සනාථ වේ.
    ”මාගේ පියාණන් වහන්සේ මිස, ඒ දිනය හා පැය අන් කිසිවෙක් නොදනිති; ස්වර්ගයෙහි දේව දූතයෝ වත්, පුත්‍රයාණෝ වත් නොදනිති.” [මතෙව් 24:36]
    දෙවිඳුන් ස්වාධීන වන අතර දෙවිඳුන්ට නින්ද, ආහාර සහ ජලය අවශ්‍ය නැත.නමුත් ජේසුස් තුමන් ආහාර පාන අනුභව කළේය,නිදා ගත්තේය.ඔහු දෙවිඳුන් මත යැපෙන මනුෂ්‍යයෙක් විය: “ජීවමාන පියාණන් වහන්සේ මා එවා වදාළ බැවින්, මා පියාණන් වහන්සේ නිසා ජීවත් වන ලෙස ම, මා අනුභව කරන තැනැත්තේ, මා නිසා ජීවත් වෙයි. [ජොහන් 6:57].ජේසුස් තුමන් දෙවිඳුන් මත යැපෙන පුද්ගලයෙක් බව සනාථ කරන, ඔහුද දෙවිඳුන් නැමදූ බව තහවුරු කරන සාක්ෂ්‍යයක් මෙසේ දැක්විය හැක; “උන් වහන්සේ මඳක් ඉදිරියට ගොස් මුණින් වැටී, ”අහෝ මාගේ පියාණෙනි, හැකි නම් මේ කුසලාන මා කෙරෙන් පහ කළ මැනව. එහෙත්, මා කැමැති ලෙස නොව, ඔබ කැමැති ලෙස වේ වා”යි යාච්ඤා කළ සේක.” [මතෙව් 26:39]. මෙයින් පැහැදිලි වන්නේ ජේසුස් තුමන්ද දෙවිඳුන්ගෙන් උදව් අයැද සිටි බවයි. නමුත් දෙවිඳුන් යාච්ඤා කරන්නන්ගේ ප්‍රාර්ථනාවන් ඉටු කරන්නා මිසක තවත් කෙනෙකුට යාච්ඤා කරන්නේ නැත. තවත් තැනකදී ජේසුස් තුමන් මෙසේ පවසා ඇත.: “මම ගොස් නැවත ඔබ වෙතට එමි යි මා ඔබට කී බව ඔබ ඇසුවාහු ය. ඔබ මට ප්‍රේම කළාහු නම් මා පියාණන් වහන්සේ වෙතට යන බැවින් ඔබ ප්‍රීති වන්නහු ය. මන්ද, පියාණන් වහන්සේ මට වඩා උතුම් ය.” [ජොහන් 14:28].
    දෙවිඳුන් අදෘශ්‍යමාන වන අතර මනුෂ්‍යයෙක් නොවන බවට බයිබලයෙහි ඉතා පැහැදිලිව දක්වා ඇත: “නැවතත් උන් වහන්සේ කතා කොට, ”මාගේ මුහුණ දකින්න නුඹට නුපුළුවන, මනුෂ්‍යයකුට මා දැක ජීවත්විය නොහැකි ය”යි වදාළ සේක”.[ නික්ම යාම 33:20],“දෙවිඳාණෝ බොරු කියන මිනිසෙක් නොවෙති; පසුබට වන මිනිස් පුතෙක් ද නොවෙති; එතුමාණෝ, තමන් කී දේ ඉටු නොකරන සේක් ද? පොරොන්දු වූ දේ, නොදෙන සේක් ද?” [ගණන් කථාව 23:19]. නමුත් ජේසුස් තුමන්ව දහස් ගණනක් ජනතාව දැක ඇති අතර,එම නිසා ඔහු දෙවිඳුන් නොවන බව මනාව සනාථ වේ.තවදුරටත් බයිබලයෙහි ඉතා පැහැදිලිව දක්වා ඇති ආකාරයට, දෙවිඳුන් ඔහුගේ මැවුම් අතර සිටිය නොහැකි අති ශ්‍රේෂ්ඨවන්තයාය. :“එහෙත්, දෙවියන් වහන්සේ සැබැවින් ම මනුෂ්‍යයන් සමඟ පොළොවේ වැඩ වසන සේක් ද? ස්වර්ගය ද ස්වර්ගවල ස්වර්ගය ද ඔබට ඉඩ මදි ය; එසේ නම්, මා විසින් ගොඩනඟන ලද මේ මාලිගාව ඊටත් වඩා කොපමණ නොසෑහේ ද!” [2 වංශාවලිය 6:18].මෙම වාක්‍යයට අනුව ජේසුස් තුමන් මිහිපිට ජීවත් වන දෙවිඳුන් විය නොහැක.
    තවද බයිබලය,ජේසුස් තුමන් ශාස්තෘවරයෙක් ලෙස ආමන්ත්‍රණය කර ඇත. [මතෙව් 21:10-11], එසේ නම් ජේසුස් තුමන් දෙවිඳුන් සහ දෙවිඳුන්ගේ ශාස්තෘවරයාණන් වන දෙකම වන්නේ කෙසේද?එය අර්ථශුන්‍ය විශ්වාසයකි.
    එමෙන්ම බයිබලයෙහි සඳහන් වන ආකාරයට දෙවිඳුන් වෙනස් නොවන්නේය : “සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”මම සමිඳාණන් වහන්සේ ය; මාගේ වෙනස් වීමක් නැත. ජාකොබ්ගේ පරම්පරාවෙන් පැවත එන නුඹලා තවමත් සම්පූර්ණයෙන් විනාශ වී නැත්තේ ඒ නිසා ය.” [මලාකි 3:6].නමුත් ජේසුස් තුමන් තම ජීවිතයේ වයස,උස,බර යනාදීන්හි වෙනස්කම් වලට ලක් වූවේය.
    දෙවිඳුන් සහ ජේසුස් තුමන් සම්පූර්ණයෙන් එකිනෙකට වෙනස් ස්වභාවයක් ගන්නා බව බයිබලයෙහි ඉතා පැහැදිලිව සඳහන් වී ඇත .සමහරෙක්, ජේසුස් තුමන් මනුෂ්‍ය සහ දිව්‍යමය යන දෙස්වභාවයම ගන්නා බව විශ්වාස කරති.මෙය ජේසුස් තුමන් කිසි දිනෙක නොපැවසූ දෙයක් වන අතර එය බයිබලයෙහි සඳහන් දෙවිඳුන් හට එක් ස්වභාවයක් පමණක් ඇතැයි යන්නට පරස්පර විරෝධී වේ.
    4. ජේසුස් තුමන්ගේ පණිවිඩය
    බයිබලයෙහි සඳහන් වන ඊට ඉහතදී සිටි ශාස්තෘවරුන් වන ඒබ්‍රහම්, නූවාහ් සහ ජෝනාහ් දේශනා කල ආකාරයට, දෙවිඳුන් ත්‍රිත්වයේ කොටසක් නොවන අතර,ජේසුස් තුමන් ඔවුන්ගේ ගැලවුම්කරු ලෙස කිසි ලෙසක විශ්වාස කලේ නැත.ඔවුන්ගේ පණිවිඩය ඉතා සරල විය.එනම්, දෙවිඳුන් එක්කෙනෙකි.නැමදුමට ඔහු හැර වෙන කිසිවෙක් නොමැත. දෙවිඳුන් විසින් වසර දහස් ගණනාවක් මුළුල්ලේ ශාස්තෘවරුන් හරහා එකම පණිවිඩිය එවා තිබියදී,එක්වරම දෙවිඳුන් ත්‍රිත්වයේ කොටසකි සහ ඔබ ආරක්ෂා වීමට නම් ජේසුස් තුමන් විශ්වාස කල යුතු යැයි සඳහන් කිරීම නිරර්ථ විශ්වාසයකි.
    සත්‍ය නම්, ජේසුස් තුමන් විසින් ඊට ඉහත ශාස්තෘවරුන් විසින් ගෙන ආ පණිවිඩයම දේශනා කල අතර,බයිබලයේ එක් පරිච්ඡේදයක ජේසුස් තුමන්ගේ ඒ හරවත් පණිවිඩය මෙසේ සඳහන් වේ:
    “විනයධරයන්ගෙන් කෙනෙක් පැමිණ, ඔවුන් එකතු වී උන් වහන්සේ සමඟ විවාද කරනු අසා, උන් වහන්සේ ඔවුන්ට මැනවින් පිළිතුරු දුන් බව ද දැක, ”සියලු ආඥා අතරෙන් ශ්‍රේෂ්ඨතම ආඥාව කිමෙක් දැ”යි උන් වහන්සේගෙන් ප්‍රශ්න කෙළේ ය. ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ”ශ්‍රේෂ්ඨතම ආඥාව මේ ය: ‘ඉස්රායීල් වැසියෙනි, අසන්න, අපේ ස්වාමින් වන දෙවියන් වහන්සේ එක ම සමිඳාණන් වහන්සේ ය.” [මාක් 12:28-29]
    එම නිසා ජේසුස් තුමාට අනුව ශ්‍රේෂ්ඨතම ආඥාව,වැදගත්ම විශ්වාසය දෙවිඳුන් එක්කෙනෙකි යන්නයි.ජේසුස් තුමන් දෙවිඳුන් නම්,ඔහු විසින්ම “මම දෙවිඳුන් වෙමි.මා නමදින්න” යනුවෙන් දේශනා කල යුතුව තිබුණි.නමුත් ඔහු එසේ කලේ නැත.ඔහු පැරණි ග්‍රන්ථයෙහි වාක්‍යයක් නැවත සඳහන් කරමින් දෙවිඳුන් එක්කෙනෙකි යන්න කියා සිටියේය.
    සමහරෙක්,ජේසුස් තුමන් මෙලොවට පැමිණියේ ලෝකයාගේ පාපයන් වෙනුවෙන් මරණයට පත් වීමට යැයි පවසති. නමුත් ජේසුස් තුමන්ගේ පහත වාක්‍යය සමාලෝචනය කරන්න:
    “සදාතන ජීවනය මේ ය: එක ම සැබෑ දෙවියන් වන ඔබ ද, ඔබ විසින් එවන ලද තැනැන් වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ද, දැනගැනීම ය. ඔබ වහන්සේ මට භාර දුන් මෙහෙය සම්පූර්ණ කරමින් මම මිහි පිට ඔබ මහිමයට පැමිණිවීමි.” [ජොහන් 17:3-4]
    මෙය ජේසුස් තුමන් පැවසුවේ, ඔහුව කොටුකරගෙන කුරුසයෙහි ඇණ ගැසීමට ගෙනයාමට පෙරය.මෙම වාක්‍යයෙන් ඉතා පැහැදිලිව ගම්‍ය වන්නේ ජේසුස් තුමන් මෙලොවට පැමිණියේ,ලෝකයාගේ පාපයන් වෙනුවෙන් මරණයට පත් වීමට නොවන බව සහ දෙවිඳුන් ඔහුට පැවරූ කාර්යය, කුරුසයේ ඇණ ගැසීමට පෙර ඉටු කල බවයි.
    තවදුරටත් ජේසුස් තුමන් මෙසේ පැවසුවේය: “ඔබ නමස්කාර කරන්නේ ඔබ හරියට ම නො දන්නා කෙනෙකුට ය; අප නමස්කාර කරන්නේ අප දන්නා කෙනෙකුට ය. මන්ද, ගැළවීම පැමිණෙන්නේ ජුදෙව්වරුන්ගෙන් ය.” [ජොහන් 4:22]
    එම නිසා අප, යුදෙව්වන්ද විශ්වාස නොකල, ත්‍රිත්වය පිළිබඳව හෝ ජේසුස් තුමන් මෙලොවට පැමිණියේ ලෝකයාගේ පාපයන් වෙනුවෙන් මරණට පත් වී ගැලවුම ලබා දීමට බව හෝ විශ්වාස කල යුතු නැත.
    5. අතීතයේ සිටි ක්‍රිස්තියානුවන්
    අතීතයේ, ක්‍රිස්තිතියානි දහම, ජේසුස් තුමන් පිළිබඳව විශ්වාසයන් පරාසයක් සහිතව කොටස් වලට බෙදී තිබුණි[1]. එක් කොට්ඨාශයක් ජේසුස් තුමන් දෙවිඳුන් ලෙසද,තවත් කොටසක් ඔහු දෙවිඳුන් නොවන නමුත් දිව්‍යමය භාවයක් ඇත්තෙක් ලෙසද,තවත් කොට්ඨාශයක් ඔහු හුදෙක් තවත් එක් සාමාන්‍යය පුද්ගලෙයක් පමණක් බවත් විශ්වාස කළහ. කෙසේ වෙතත් සිව්වන සියවසෙහි රෝම අධිරාජ්‍යය කාල වකවානුව තුලදී,දෙවිඳුන්,ජේසුස් තුමන් සහ ශුද්ධාත්මය එකක් යන සංකල්පය රැගත් ත්‍රිත්ව දෘශ්ටි ක්‍රිස්තිතියානි දහම එහි රාජ්‍යය ආගම ලෙස නම් කළ පසු,එය ක්‍රිස්තියානි දහමේ ප්‍රධාන කොට්ඨාශය බවට පත් විය. ජේසුස් තුමන් දෙවිඳුන් බව විශ්වාස නොකළ ක්‍රිස්තියානු භක්තිකයින්, රෝම අධිරාජ්‍යය පාලනය තුල වධ හිංසා වලට ලක් වූහ[2]. මුල් ක්‍රිස්තිතියානි දහම තුල,ත්‍රිත්ව සංකල්පය ප්‍රතික්ෂේප කල විවිධ පෙරමුණු පැවති අතර අපත්‍යීකරණය (Adoptionism) සහ එ‍්‍රියානුවාදය (Arianism) ප්‍රකට ඒවා වේ.
    මුල් ක්‍රිස්තිතියානි දහමේ විශේෂඥයෙකු වන ආචාර්ය ජෙරාඩ් ඩර්ක්ස් මෙම විෂයෙහි ලා මෙසේ පවසා ඇත.
    මුල් ක්‍රිස්තිතියානි දහමේ ජේසුස් තුමන්ගේ ස්වභාවය මතගැටුමට භාජනය වන කාරණයක් විය. එහි පැවති අපත්යීකරණ තත්ව,එකල ආධිපත්‍ය ස්වභාවයක් ගන්නා ලදී. මුල් කිතුනු දහමේ එ‍්‍රියානුවන් සහ නෙස්ටෝරියානුවන් වර්තමානයේදී ඉතා කුඩා කණ්ඩායමක් බවට පත් වී ඇති සැටි නිරීක්ෂණය කල හැකි අතර,සත් වන සියවසෙහි මුල් භාගයෙහි මොවුන් මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාව ආශ්‍රිතව සිටි නිසාවෙන් ඔවුන් තුල ජේසුස් තුමන්ගේ ස්වභාවය පිළිබඳව තිබූ ආකල්පය ඉස්ලාමීය ඉගැන්වීම් වලට බොහෝ සමාන වීම නිසා ඔවුන් නිරායාසයෙන්ම ඉස්ලාම් දහම වැළඳ ගෙන ඇතැයි නිරීක්ෂණය කළ හැක.[3]
    මුල් ක්‍රිස්තිතියානි දහමේ ජේසුස් තුමා පිළිබඳව එකිනෙකට වෙනස් විශ්වාසයන් සහිතව සහ බයිබලයෙහි එකිනෙකට වෙනස් පිටපත් සමඟ ඇති විවිධ බෙදීම් රාශියක් ඇති වූ නිසා, ඒ අතරින් සත්‍ය වශයෙන්ම ජේසුස් තුමන්ගේ ඉගැන්වීම් කුමක්දැයි නිගමනය කළ හැකිද?
    දෙවිඳුන් විසින් ඒබ්‍රහම්, නූවාහ් සහ මෝසස් යනාදී අප්‍රමාණ ශාස්තෘවරුන් පිරිසක්, එක් දෙවිඳුන් කෙනෙක් ගැන පමණක් විශ්වාස කරන ලෙස මිනිසුන්ට දේශනා කීරීමට එවා තිබියදී,එක් වරම පෙර එවූ සියලු ශාස්තෘවරුන්ගේ දේශනා වලට පටහැනි විප්ලවවාදී ත්‍රිත්ව සංකල්ප පණිවිඩයක් එවීම විශ්වාස කළ නොහැකි නිරර්ථ කාරණයකි. ජේසුස් තුමන් මනුෂ්‍යයෙක් පමණක් බවත් දෙවිඳුන් නොවන බවත් විශ්වාස කල ක්‍රිස්තිතියානි දහමේ එක් කොට්ඨාශයක්,ජේසුස් තුමන්ගේ ඉගැන්වීම් නිවැරදි ලෙස අනුගමනය කරන බව,මොනවට පැහැදිලි වේ. එනම් ඔවුන් තුල ඇති දෙවිඳුන් පිළිබඳ සංකල්පය පැරණි ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම් වලට සමාන වේ.
    ඉස්ලාම් දහම තුළ ජේසුස් තුමා
    සත්‍ය වශයෙන්ම ජේසුස් තුමන් කවුරුන්ද යන්න ගැන පැහැදිලි දැක්මක්,ඉස්ලාම් දහමේ ජේසුස් තුමන් ගැන ඇති දර්ශනයෙන් ලබා ගත හැක.ඉස්ලාම් දහමට අනුව ජේසුස් තුමන් යනු යුදෙව් ජාතිකයින් උදෙසා ශාස්තෘවරයෙකු ලෙස දෙවිඳුන් විසින් එවන ලද සුවිශේෂී පුද්ගලයෙකි. ජේසුස් තුමන් කිසි දිනෙක තමන් දෙවිඳුන් යැයි හෝ තමන් දෙවිඳුන්ගේ පුත්‍රයා යැයි දේශනා කළේ නැත.ජේසුස් තුමන් ආශ්චර්යජනක ලෙස පියෙකු නොමැතිව උපන් අතර,ඔහු හට අන්ධ සහ ලාදුරු රෝගීන් සුව කිරීමේ හැකියාව සහ දෙවිඳුන්ගේ අවසරය ඇතිව මළවුන් නැගිට්ටුවීමේ හැකියාව ලබා දී තිබුණි. මුස්ලිම් ජාතිකයින්ගේ විශ්වාසයට අනුව,ලොවට යුක්තිය සහ සාමය ගෙන ඒමට,විනිශ්චය දිනයට පෙර ජේසුස් තුමන් නැවත ලොවට පැමිණෙනු ඇත. ඉස්ලාම් දහමේ ජේසුස් තුමන් පිළිබඳව ඇති මෙම විශ්වාසය,ඇතැම් මුල් ක්‍රිස්තියානුවන් තුල ජේසුස් තුමන් පිළිබඳව තිබූ විශ්වාසයට සමාන වේ. අල් කුර්ආනයේ, දෙවිඳුන් විසින් ජේසුස් තුමන් පිළිබඳව ක්‍රිස්තියානු භක්තිකයින් හට මෙසේ පවසයි.
    “දේව ග්‍රන්ථ ලැබූවනි! නුඹලාගේ දහමෙහි නුඹලා සීමාව ඉක්මවා නොයනු. අල්ලාහ් කෙරෙහි සත්‍යය මිස (වෙන කිසිවක්) නොපවසනු. මර්යම්ගේ පුත් ඊසා හෙවත් මසීහ් අල්ලාහ්ගේ දූතයෙකි. එය ඔහුගේ වදනකි. එය මර්යම් වෙත හෙළුවේය. තවද ඔහුගෙන් වූ ආත්මයකි. එබැවින් අල්ලාහ්ව ද *ඔහුගේ රසූල්වරයා ද විශ්වාස කරනු. ත්‍රිත්වය යැයි නොපවසනු (එයින්) වැළකෙනු. (එය) නුඹලාට යහපත් වනු ඇත. සැබැවින්ම අල්ලාහ් ඒකීය දෙවියාමය. *ඔහුට දරුවකු සිටීමෙන් *ඔහු පිවිතුරුය. අහස්හි ඇති දෑ ද මිහිතලයේ ඇති දෑ ද *ඔහු සතුය. භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය.” [අල් කුර්ආන් 4:171]
    ජේසුස් තුමන් දෙවිඳුන් නොවන බව බයිබලයෙහි සහ ඓතිහාසික මෙන්ම තාර්කික කාරණා ඇසුරෙන් පැහැදිව ඉදිරිපත්ව තිබියදී, ඔබගේ මීළඟ පියවර කුමක් විය යුතුද?
    ඉස්ලාම් දහම පිළිබඳව තවදුරටත් සොයා බලා විමර්ශනය කරන ලෙස අප ඔබට ආරාධනා කර සිටින්නෙමු. ඉස්ලාම් දහම යනු දෙවිඳුන්ට යටත් වීම සහ ඉන් දේශනා කරන්නේ,දෙවිඳුන් සමඟ සෘජු සම්බන්ධතාවයක් පවත්වා ගැනීමයි.එයින් කියවෙන්නේ දෙවිඳුන් අපව මැවූ නිසාවෙන්,අප දෙවිඳුන් හැර වෙන කිසිවෙකු නොනැමදිය යුතු බවයි.දෙවිඳුන් අපට සිතෙහි මවාගත හැකි මනුෂ්‍යයෙකු හෝ වෙනත් දෙයක් නොවේ.දෙවිඳුන් පිළිබඳ සංකල්පය අල් කුර්ආනයේ මෙසේ දක්වා ඇත.
    “(නබි මුහම්මද්) පවසනු. *ඔහු එනම් අල්ලාහ් ඒකීයය. අල්ලාහ් ස්වාධීනය. *ඔහු ජනිත නොකළේය. තවද ජනිත කරනු නොලැබුවේය. තවද *ඔහුට සමාන කිසිවෙකු නොවීය.” [අල් කුර්ආන් 112:1-4]
    මුස්ලිම්වරයෙකු වීම,ඔබගේ ක්‍රිස්තියානු අනන්‍යතාවය නැති කර ගැනීමක් හෝ වෙනස් කර ගැනීමක් නොවේ.එය නැවත ජේසුස් තුමන්ගේ ආදිමය ඉගැන්වීමට රැගෙන යාමකි.මඟ පෙන්වීම අවසානයේ දෙවිඳුන් විසින් ලබා දෙන්නකි.දෙවිඳුන් ඔබටත් මටත් යහ මඟ පෙන්වත්වායි ප්‍රාර්ථනා කරන්නෙමු.දෙවිඳුන්ගේ සාමය සහ ශාන්තිය ඔබට ලැබේවා!!


    http://www.purpose.lk/jesus-in-islam-si/