ජේසු තුමාගේ නවතම ආශ්චර්යය…

gkcnalaka

Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    ජේසු තුමාගේ නවතම ආශ්චර්යය…

    duminda1-280x300.jpg



    තමා ජීවත්ව සිටි කාලයේදී මළවුන්ට පණ දීම, කොරැන් ඇවිද්දවීම, ගොලුවන්ට කථා කිරීමට සැලැස්වීම ආදී අරැම පුදුම මැජික් ජවනිකා රගදැක්වූ ජේසූස් ක්රිස්තූස් වහන්සේගේ නවතම ආශ්චර්යය පිළිබදව පසුගිය දිනෙක ආසියාවේ ආශ්චර්යය නැමැති රටෙන් අසන්නට ලැබින.. පසුගිය දිනෙක මැතිවරණ සමයේදී ප්රජාතන්ත්ර වාදය හිස් මුදුනේ තබාගෙන නීතිගරැක, සාමකාමී, අවිහිංසාවාදී මැතිවරන ව්යාපාරයක යෙදී සිටියදී හිසට වෙඩි වැදී යැයි කියමින් රෝගල් ගතවූ හා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙනවා යැයි මාධ්ය වාර්ථා පලවූ, ජනාධිපති උපදේශක වරැන් මහමග දෙනෝදාහක් ඉදිරියේ වෙඩි තබා මරා දමන, මහා පරිමානයේ කුඩු ජාවාරමේ යෙදෙන, අක්කාව කසාද බදින්නට ගොස් නංගීව දූෂණය කරන, ප්රසිද්ධ නිළියන්ව ඇසුරැ කර පසුව තමාට අවනත නොවන විටදී ඇයගේ මව් තුමියත් සමග පැහැරගන්නා, කොළොන්නාව හා තදාසන්න ප්රදේශවල තරැණ පරපුර මත් කුඩු වසංගතයට ඇබ්බැහි කරන කතෝලික බැතිමතෙකු වන සත්ගුණවත් ස්ත්රී දූෂක හා ප්රසිද්ධ කුඩු ව්යාපාරික දුමින්ද සිල්වා මැතිතුමා ආශ්චර්යමත් ලෙස සුව කිරීමට දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන් පේසුතුමා සමත්වී ඇත.. විශේෂයෙන් දුමින්ද සිල්වා වැනි පුද්ගලයෙකු අපට අහිමි වූයේ නම් අප රටේ කුඩු ව්යාපාරය සහමුලින්ම බිද වැටී ආසියාවේ ආශ්චර්යයේ ආර්ථික වර්ධන වේගය පහත වැටීමට ඉඩ තිබින. එසේ වූයේ නම් අප රට සෝමාලියාව වැනි අන්ත දුගී තත්වයට ඇදවැටීමේ බරපතල අවදානමක්ද පැවතුනි. කුරැසය මතදී තම දිවි ගලවාගැනීමට නොහැකි වූවත් අවශ්යම මොහොතේදී පැමින මෙවන් වටිනා ජීවිතයක් බේරා දී, ආසියාවේ ආශ්චර්යයේ තරැණ පරපුරේ අනාගතය සමුර්ධිමත් කල හැකි දුමින්ද සිල්වා වැනි අසහාය ශරීරයකට ජීවය දුන් දෙවි පියාණනි, ජේසූස් වහන්ස.. අප රට ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීමට තව තවත් මෙවැනි දෑ කිරීමට ශක්තිය ලැබේවා… දෙවියන් වහන්සේට ස්තූති වේවා… දුමින්ද සිල්වා ජීවමානයි!!!

    http://sinhalaravaya.com/2011/11/15/ජේසු-තුමාගේ-නවතම-ආශ්චර්ය