ජේ.ආර්.ගෙ පුතා මහින්දගෙ පුතාට වඩා ගොඩක් වෙ&#35

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    ජේ.ආර්.ගෙ පුතා මහින්දගෙ පුතාට වඩා ගොඩක් වෙ&#35

    ravi%2Bjayawardana.jpg

    ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමයේ නිර්මාතෘ වූ ජේ.ආර්. ජයවර්ධනගේ පුත්‍රයා වන රවී ජයවර්ධනගේ මරණයත් සමග ජනමාධ්‍ය ඔහුගේ ගුණ වර්ණනා කරන්නට පටන් ගත්තා.

    ඒ අතරට ඔහුගේ නිහතමානිකම, චාම්කම ආදිය ගැන කියවෙන පැගෝඩා අවන්හලට පයින් ගිය කතා හා පොලිස් කොස්තාපල්වරයකු ඔහු ලවා සිගරට් ගෙන්වා ගත් කතා ආදිය ද ඇතුළත් වෙනවා.

    ඔහු පිළිබඳ දේශපාලනික විශ්ලේෂණයක් ලියා තිබෙනු දුටුවේ අරුණ ප්‍රේමරත්න පමණයි.

    පහත පළ වන්නේ ඔහු ලියූ සටහනින් උපුටා ගත් කොටසක්.

    කොටි සංවිධානය පසුපසින් සිටිමින් එයට අනුබල සපයන ඉන්දියාව මට්ටු කිරීම සඳහා ඊශ්‍රායලයේ මෝසාඩ් සංවිධානයෙන් උපදෙස් හා යුධ ආයුධ ලබා ගැනීමට ලංකා රජය පෙළඹුණේ රවි ජයවර්ධනගේ උපදෙස් අනුව බව ද කියැවෙනවා. මෙය සැළකෙන්නේ කාලෝචිත හා ඥානාන්විත තීරණයක් ලෙසින්.

    මෝසාඩ් සංවිධානයේ ක්‍රියාකාරිකයෙකුව සිට පසුව එයින් ඉවත් වූ වික්ටර් ඔස්ත්‍රොව්ස්කි නැමැත්තා 1990 දී ලියා පලකළ ‘බයි වේ ඔෆ් ඩිසෙප්ෂන්‘ නැමැති කෘතියෙන් එවකට ලංකාව සහ මෝසාඩ් සංවිධානය අතර පැවති සබඳතාවල ස්වභාවය කෙසේ දැයි හෙලි කෙරෙනවා.

    මේ කටයුතු සොයා බැලීම සඳහා රවී ජයවර්ධනගේ බිරිඳ පෙනී ජයවර්ධන පෞද්ගලික චාරිකාවක ස්වරූපයෙන් ඊශ්‍රායලයේ සංචාරයක යෙදීම මේ කටයුතු උදෙසා රවීගේ සෘජු සබඳතාවක් තිබුණ බවට එක් සාක්ෂියක්.

    වික්ටර් පවසන ආකාරයට මෝසාඩ් සංවිධානයට සම්බන්ධ සමාගමකින් ආයුධ මිලට ගැනීම සඳහා අවශ්‍ය මුදල් ලෝක බැංකුවෙන් සහ තවත් ආයෝජකයින් වෙතින් ලබා ගැනීම සඳහා උපක්‍රම සපයා දෙනු ලබන්නේ ද ඔවුන් විසින්මයි. මහවැලි ව්‍යාපෘතිය කඩිනම් කිරීම මේ සඳහා එක් උපක්‍රමයක් වුණා. ලෝක බැංකු නිලධාරීන් රැවටීමට උවමනා ව්‍යාපෘති වාර්තා ද සැකසෙන්නේ ඔවුන්ගේ විශ්වවිද්‍යාලයකදීයි.

    ඔවුන් ලංකා හමුදාවට ඩෝරා යාත්‍රා ලබා දෙන අතරම කොටි සංවිධානයට ඒවා විනාශ කිරීම සඳහා ආයුධ සැපයීම මගින් යාත්‍රාවලට නොනවතින ඉල්ලුමක් නිර්මාණය කර ගන්නවා. එසේම ලංකා යුධහමුදාවට යුධ පුහුණුව ලබා දෙන අතරම කොටි සංවිධානයට ද යුධ පුහුණුව ලබා දෙන්නේ දෙපිරිසම එකිනෙකාට හමු නොවන සේ එකම කඳවුරක තබා ගනිමින්.

    ලංකා රජය, ඉන්දියාව මට්ටුකිරීමේ පියවරක් වශයෙන් මොසාඩ් සංවිධානය වෙත හැරෙන නමුත් ඉන්දියාව ද පකිස්තාන තර්ජනයෙන් බේරීමට උපකාර පතන්නේ මෝසාඩ් සංවිධානයෙන් වීම හාස්‍යජනකයි. ඉන්දියාව හෝ ලංකාව මේ සබඳතා ගොඩ නගා ගන්නේ ඊශ්‍රායලය සමග තානාපති සම්බන්ධකම් නොමැති වාතාවරණයක බව ද සිහි තබා ගත යුතුයි.

    රේඩාර් පද්ධතියක් මිලට ගැනීමට යන ලාංකික ඉහළ හමුදා නිලධාරීන් පිරිසක් රවටන ආකාරය පිළිබඳ කදිම පුවතක් එහි තිබෙනවා. ඔවුන් හමුවන මොසාඩ් නියෝජිතයා වරායේ ජලය පිරිපහදු කිරීම ස‍ඳහා නිර්මාණය කෙරුණු යන්ත්‍රයක් රේඩාර් යන්ත්‍රයක් සේ මේ නියෝජිත පිරිසට පෙන්වනවා. එයින් නොනැවතී එයින් ඈත මුහුදේ පිහිනන පුද්ගලයෙකුගේ සපත්තුවේ ප්‍රමාණය, ලේ වර්ගය, ලිපිනය සහ නම නිවැරදිව කිව හැකි බව ද කියනවා. මෙය විස්මයෙන් යුතුව අසා සිටින ලංකාවේ හමුදා නිලධාරීන් දෙස බලමින් ඔවුන් හාස්‍ය රසයක් අත්විඳිනවා.

    මේ නියෝජිත පිරිස ඉහළ නිලධාරියා විසින් වික්ටර්ට හඳුන්වා දෙනු ලබන්නේ ද ‘ගස්වලින් බැස්ස අලුත සිටින වඳුරන් රැලක්' ලෙසින්.

    රවී ජයවර්ධන මොසාඩ් සංවිධානය වෙතින් ආධාර පතන්නේ ඔවුන් තමාව රවටන බව දැනගෙනද නොදැනගෙනද යන්න අප දන්නේ නැහැ. දැන දැනම එවන්නක් සිදු වූයේ නම් ඔහුගේ අරමුණ වන්නට ඇත්තේ රටත්, ජනතාවත්, ජනතා මුදලුත් පරදුවට තබා සිය පියාට දේශපාලන ස්ථාවරත්වයක් ගොඩ නැගීමට උපකාර කිරීමයි. තමා රැවටීමට ලක්ව සිටින බව නොදැන සිටියේ නම් ඔහු සිය පියාව දමා ඇත්තේ විශාල අවදානමකටයි.

    කෙසේ වෙතත් මෙරට දේශපාලක පැලැන්තිය තමාගේ චිරස්තිථිය උදෙසා කිසිදු පැකිලීමකින් තොරව රටත්, ජනතාවත්, ජාතික ධනයත් පරදුවට තබන ආකාරය කෙබ‍ඳු දැයි වික්ටර්ගේ පොතින් මනාව හෙලි කෙරෙනවා.

    අරුණ ප්‍රේමරත්න තම සටහන අවසන් කළේ මෙසේයි:

    පසුගිය කාලයේ ප්‍රසිද්ධියේ පිස්සු නැටූ දේශපාලක පුත්‍රයින්ගෙන් රවී ජයවර්ධන වෙනස් වෙනවාද නැද්ද යන්න දෙවරක් සිතිය යුතු කාරණයක්.

    නිතර ආරාවුල් ඇති කර ගන්නා, සිරිකොතට පහර දීම නිසා එජාපයෙන් දොට්ට වැටුණු, මංගල සමරවීරගේ කුරුඳු පොලු ප්‍රහාරවලට ලක් වූ, මෑතදී ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිකමින් නෙරපා හරින ලද දේශපාලනඥයකු වන මෛත්‍රී ගුණරත්නගේ පියා වන, වැවිලිකරුවකු හා පසු කලෙක මහවැලියේ නිලධාරියකු වූ හර්මන් මාලිංග ගුණරත්න රවි ජයවර්ධන සමග භූ දේශපාලනික ව්‍යාපෘතියක නිරත වූ අයෙක්. රවි ජයවර්ධන පිළිබඳව ඔහු ද කතා කර තිබෙනු මාධ්‍යවල දුටුවා. මීට කලින් ඔහු මෙම ව්‍යාපෘතිය පිළිබඳ ‘ස්වෛරී රාජ්‍යයක් උදෙසා' නමින් පොතක් ද පළ කළා. එහි ඇත්තේ ඔහුත්, රවි ජයවර්ධන වැනි අයත් දෙමළුන්ගෙන් සිංහල රට බේරා ගැනීමට සිංහල ජනපද පිහිටවූ ආකාරය පිළිබඳ විස්තර හා ඒ මාර දේශප්‍රේමී ව්‍යාපෘතිය ගැන හරි අවබෝධයක් නැතිව ජේ.ආර්. ජයවර්ධන ඔහු සිරගත කළ හැටි ගැන කන්කෙඳිරියකුයි.

    රවි ජයවර්ධනගේ දේශපාලන භූමිකාවේ ප්‍රතිගාමී ම කොටස මෙම ජාතිවාදී යුද ජනපදකරණ ව්‍යාපෘතිය සමග සම්බන්ධයි. වැලිඔය ආරක්ෂක ජනපදය පිහිටුවීම මෙහි ප්‍රධාන ම කාර්යයයි. වැලිඔය පිහිටා තිබෙන්නේ අනුරාධපුර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට අයත් පදවිය ගොවි ජනපදයට ඊසානදිගින් වවුනියා, මුලතිව් හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල මායිම් ප්‍රදේශවලයි.

    රවී ජයවර්ධනටත්, හර්මන් ගුණරත්නටත් උදව් කළ දෙදෙනෙකුගේ නම් හර්මන් ගුණරත්න පුවත්පතකට කියනවා. ඒ තමයි, පදවි පරාක්‍රමපුර පන්සලේ හා පදවි ශ්‍රීපුර පන්සලේ සිටි හාමුදුරුවරු. මෙයින් පදවි ශ්‍රීපුර පන්සලේ සිටි භික්ෂුව කියන්නේ 1950 දශකයේදී පදවිය ජනපදයේ පදිංචි කිරීමට නියමිතව සිටි දෙමළ ජනයාට එන්නට නො දී පළවා හැර, ඔවුන්ට වෙන් කළ ඉඩම් පැහැරගෙන වෙනත් ප්‍රදේශවලින් අවිධිමත් අන්දමින් ගෙන්වා ගත් ජනයා පදිංචි කිරීමට මූලිකත්වය ගත් අයෙක්. ඔහු මිය යාමට කලකට ඉහතදී මා සමග ඔහු මේ විස්තර කීවේ මහත් ජාතිවාදී අභිමානයකිනුයි.

    පදවි ශ්‍රීපුර කියන නම දාගන්නේ එසේ දෙමළ ජනයා පදිංචි කිරීමට නියමිතව සිටි ප්‍රදේශවලයි. පදවි ජනපදයේ පදිංචි වීමට සිටි දෙමළ ජනයාට කළ පහර දීම පිළිබඳව ටාසි විට්ටච්චි ලියූ 1958 හදිසි අවස්ථාව පොතේ විස්තර කෙරෙනවා.

    රවි ජයවර්ධන පදවියට ගොස් එකතු වන්නේ මෙවැනි අය සමගයි. ඔවුන් වැලිඔය ආරක්ෂක ජනපදය පිහිටෙව්වේ කොටි සංවිධානයට උතුරත්, නැගෙනහිරත් අතර චලනය වීමේ ඉඩකඩ ඇහිරීමේ යුදමය අරමුණකින් බව ඔවුන් පවසනවා. කෙසේ වෙතත්, එය පලස්තීන වැසියන්ගේ ගම් බිම් මත පිහිටුවන ලද ඊශ්‍රායලයේ බලහත්කාර යුදෙව් ජනාවාසවලට සංකල්පය පැත්තෙන් බොහෝ දුරට සමාන වුණා.

    අදටත් මහවැලි වතුර බවුසරයකින්වත් නො යන, එහෙත්, මහවැලි එල් කලාපය ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය තනිකර ප්‍රෝඩාවක්. එහි මුලින් ම සිංහල ජනයා පදිංචි කළේ එහි ජීවත් වූ දෙමළ ජනයා පළවා හරිමිනුයි. මේ ඇතැම් දෙමළ ජනයා දකුණේ වාර්ගික කෝලාහල නිසා අවතැන්ව එහි ගිය අයයි.

    මුලින් පදිංචි කරන ලද සිංහල ජනයා සමාව ලද සිරකරුවන් පිරිසක් වන අතර, ඔවුන් හා එම ප්‍රදේශයේ කලින් ජීවත් වූ දෙමළ වැසියන් අතර ගැටුම් ඇති වුණා. දෙමළ ජාතිවාදී ව්‍යාපාර විසින් මෙම පියවර සිය භූමිය ආක්‍රමණය කිරීමක් ලෙස සලකා, ඩොලර් ෆාම්, කෙන්ට් ෆාම්හි පදිංචි කරන ලද දුප්පත් සිංහල ජනයා කපා කොටා මරා දමනු ලැබුවා. එය සිදු වුණේ 1984 නොවැම්බර් මාසයේදීයි.

    එයට ප්‍රතිප්‍රහාර ලෙස රවි ජයවර්ධනලාගේ අනුදැනුම ඇතුව සිදු වූවා යයි සැලකිය හැකි ජාතිවාදී ඝාතන ගැන සිංහල ජනයා එතරම් දන්නේ නැහැ. ඩොලර් ෆාම්, කෙන්ට් ෆාම් ප්‍රහාරවලින් කෙටි කලකට පසු පසු, වසර 1984 දෙසැම්බරයේදී රජයේ හමුදා වැලිඔයට නුදුරින් පිහිටි ඔදියමලෙයි ගම්මානයේ වැසියන් 32ක් ගමේ ගමේ ප්‍රජා ශාලාවට කැඳවා වෙඩි තබා මරා දැමුවා.

    ඒ සමගම, අලම්පිල්, කුමුලාමුනෙයි, කොක්කුතුඩුවායි, තෙන්නමරවාඩි, නයාරු, කෝකිලායි වැනි දෙමළ ජනයා විසූ තවත් පැරණි ගම් රැසකට පහර දී ජනයා පළවා හැරියා. මේ ප්‍රහාරකයන් ඉන් පසු එම ගම්වල ජනාවාස පිහිටුවද්දී ඒවාට තම නම් පවා දමා ගත්තා. පසු කලෙක කොටි ප්‍රහාරයකින් මිය ගිය අනුරාධපුරයේ එජාප නායකයකු වූ එවකට හමුදා නිලධාරියකු වූ ජානක පෙරේරා තම නමින් ජානකපුරයකුත්, බිරිඳගේ නමින් කල්‍යාණිපුරයකුත් පිහිටුවා ගත්තා. තව කවුරු හරි කොක්කුතුඩුවායි ජයසිංහපුර ලෙස නම් කළා. මේ ගම්වලින් පළවා හරින ලද මිනිසුන්ට තවමත් සාධාරණය ඉටු වී නැහැ.

    මේවා පුර ලෙස නම් කළත්, මේ ගම් ඉතාම දිළිඳු ජනයා ජීවත් වන දුෂ්කර ගම් ලෙසයි යුද්ධය අවසන් වන තෙක් ම පැවතියේ. මේ ගම්වල ජීවත් වූ ජනයාගේ ප්‍රධාන ජීවනෝපාය වුණේ ග්‍රාමාරක්ෂක රැකියායි. ගණිකා වෘත්තිය, සමාජ රෝග, බේබදුකම, මිනීමැරුම්, දූෂණ ආදිය ඉහවහා ගොස් තිබුණ මේ ගම්වල ජනයා ඇත්තෙන් ම පාවිච්චි කෙරුණේ මිනිස් පලිහක් ලෙසයි. බොහෝ විට, ගම්මාන තිබුණේ අනතුරුදායක වන්නි කැළයට මායිම්ව වන අතර, හමුදා කඳවුරු පිහිටුවා තිබුණේ පසුපසට වන්නටයි.

    මේ ගම්වල මිනිසුන් විශාල වශයෙන් කොටි සංවිධානය අතිනුත්, ප්‍රහාරවලට මැදි වීමෙනුත්, වකුගඩු නරක් වීම වැනි විවිධ ලෙඩ රෝගාදියෙනුත් මිය ගියා. ඔවුන් ඉතා අසරණ, ඉතා කටුක ජීවත ගෙවූ පිරිසක්. කොටි සංවිධානයේ ප්‍රහාර නිසා ඔවුන් වාර ගණනාවක් ම අවතැන් වුණා. එහෙත්, දුප්පත්කම නිසා මේ මිනිසුන්ට වෙන යන්නට තැනක් තිබුණේත් නැහැ. තවමත් මේ තත්වයේ ලොකු වෙනසක් සිදු වී නැහැ.

    රවි ජයවර්ධනලාගේ මේ සිංහල මිලිටරි ජනපදකරණය යුද්ධය තීව්‍ර වෙන්නටත්, කොටි සංවිධානය ශක්තිමත් වන්නටත් ඉවහල් වුණා. ඔවුන් බලාපොරොත්තු වූ අන්දමේ මිනිස් පවුරක් උතුර හා නැගෙනහිර පළාත් අතර හදා ගන්නටත් ඔවුන් අසමත් වුණා. මතක තබා ගත යුතු කාරණය වන්නේ, රවි ජයවර්ධනලාගේ මෙවැනි අමනෝඥ ක්‍රියාමාර්ගත් සමග ඇරඹුණු යුද්ධය අවසන් වුණේ ඉන් සියවස් කාලකට පමණ පසුව බවයි. ඒ අවරුදු 25 ඇතුළත සිදු වූ විනාශය අති විශාලයි.

    හමුදා නිලධාරියකු හා ගුවන් නියමුවකු ලෙස සේවය කළ, ඉලක්කයට වෙඩි තැබීමේ ශූරයකු ද වන, දරුවන් තිදෙනෙකු අනාථ කරමින්, පළමු බිරිඳ දික්කසාද කර, ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීමේ අරමුණ ද සහිතව තවත් කසාදයක් බැඳ ගත්, කලක් තායිලන්තයේදී මහණ වී භාවනා කරමින් සිටි අසමබර චරිතයක් වන රවි ජයවර්ධනගේ නිහතමානිකම ගැන සුරංගනා කතා ලියූ බොහෝ දෙනෙකු ඔහු ජනාධිපති පුතකු ලෙස නැටූ මෙවැනි නාඩගම් ගැන දන්නේ නැත. ඒවාත්, නාමල් රාජපක්ෂලා නැටූ නාඩගමුත් අතර වෙනස, ඒවා සොරකම් නො වීම පමණි. කෙසේ වෙතත්, රවි ජයවර්ධන ද අපහරණය කළේ සිය පියාගේ දේශපාලන බලය ම තමා ය.

    ඔහු පොලිස් විශේෂ කාර්ය බලකාය පිහිටුවීම ගැන උදම් ඇනුවාට, එමගින් ඇත්තෙන් ම කරනු ලැබුවේ ත්‍රස්තවාදීන්ගේ ම උපක්‍රම භාවිතා කරමින් ත්‍රස්තවාදය මර්දනය කිරීමයි. එහි ඉතිහාසයේ ද බොහෝ මතභේදාත්මක කරුණු තිබේ.

    ලංකාවේ මාධ්‍ය පොරවල් බලා ඉන්නේ කවුරු හෝ කිසියම් දෙයක් කළ අයෙකු මැරෙනකල් ය. ඉන් පසු අපේ සර් අපේ මචං මළා වැනි කතා ලියමින් එකට බිවූ හැටිත්, තමන්ට අරක්කු නොදී වීරයා තනියම බීම ගැන ඇරියසුත් ලියති. ඇත්තෙන් ම, මේවායින් කරන්නේ වීරයාගේ භූමිකාව ගැන විවරණය කිරීම නොව, තමන් ගැන ම ලියා ගැනීමයි. මැරුණ වීරයාගේ මළ සිරුරට හේත්තු වී තමන්ගේ හිස් චරිත ගොඩ දා ගැනීමයි. රවි ජයවර්ධන අඩු තරමේ පිස්සන් සමග අරක්කු බීමෙන් හෝ වැළකී තිබේ.
    source http://www.w3lanka.com/2017/04/blog-post_11.html?spref=fb
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    The content of the said book written by ex-mossad were found false. He had stated that MOSSAD planted bombs inside the bridges that were built in Arab countries. These bridges were later scientifically examined to find out the truth about this serious allegation, but it was found false.
    So, we cannot guarantee the things that were stated in such a book by such a personality.
    In Sri Lanka we had a high powered Presidential Commission appointed to investigate the allegations in the book. Late Ministers Lalith Athulathmudali, Gamini Dissanayake, and Army personnel in the caliber General Vijay Wimalaratn etc all gave evidence in this Commission.
    It was proved that first attack to the Dovra FAC was done after many years of service to Navy and it was also due to fault us. If such information was given why did they did not destroy them before they inflict some major threat to them?
    This book was available in Sri Lanka read it before writing on things like this , and why such things were not confronted to late R.Jayawardana , before his demise.
    I have not even seen late R.Jayawardana, and had no first hand knowledge of the allegations made in the Sinhala news article. I have read the book and I do not believe all the things in the said book, as main things that were ascertained were proved false internationally. Even from the facts that are available in Sri Lanka they are false. Eg. World Bank funds to Mhaweli, being diverted to Defense Expenditure is laughable. First WB did not fund accelerated Mhaweli Project . Any project funded by WB would not have spent on Military Expenditure as they are specific and they are closely monitored.
    The lesson is not to believe and try to create conspiracy theories, specially when the person is dead. Dead men tell no tales.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo

    කොටි සංවිධානය පසුපසින් සිටිමින් එයට අනුබල සපයන ඉන්දියාව මට්ටු කිරීම සඳහා ඊශ්‍රායලයේ මෝසාඩ් සංවිධානයෙන් උපදෙස් හා යුධ ආයුධ ලබා ගැනීමට ලංකා රජය පෙළඹුණේ රවි ජයවර්ධනගේ උපදෙස් අනුව බව ද කියැවෙනවා. මෙය සැළකෙන්නේ කාලෝචිත හා ඥානාන්විත තීරණයක් ලෙසින්.

    රවී ජයවර්ධන මොසාඩ් සංවිධානය වෙතින් ආධාර පතන්නේ ඔවුන් තමාව රවටන බව දැනගෙනද නොදැනගෙනද යන්න අප දන්නේ නැහැ. දැන දැනම එවන්නක් සිදු වූයේ නම් ඔහුගේ අරමුණ වන්නට ඇත්තේ රටත්, ජනතාවත්, ජනතා මුදලුත් පරදුවට තබා සිය පියාට දේශපාලන ස්ථාවරත්වයක් ගොඩ නැගීමට උපකාර කිරීමයි. තමා රැවටීමට ලක්ව සිටින බව නොදැන සිටියේ නම් ඔහු සිය පියාව දමා ඇත්තේ විශාල අවදානමකටයි.


    කුඩු ගහල ලියපු article එකක් වගේ.

    කාලෝචිත හා ඥානාන්විත තීරණයක් ලු...
    හැබැයි දැනගෙන කලානම් වැරදියි ලු...
    නොදැන කලා නම් ඒත් වැරදියි ලු...:baffled:


     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    Uthuru Nagnahira sinhala Janapada hadapu eka gena nam article eka liyapu ekata godak ridila kiyala penawa
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama


    කුඩු ගහල ලියපු article එකක් වගේ.

    කාලෝචිත හා ඥානාන්විත තීරණයක් ලු...
    හැබැයි දැනගෙන කලානම් වැරදියි ලු...
    නොදැන කලා නම් ඒත් වැරදියි ලු...:baffled:



    සැලකෙන්නේ=මිනිස්සු හිතං ඉන්නේ

    අනික් කොටස ලියන කෙනාගෙ මතය
    :)
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    සැලකෙන්නේ=මිනිස්සු හිතං ඉන්නේ

    අනික් කොටස ලියන කෙනාගෙ මතය
    :)

    ඔබ හරි. එහෙම අදහසක් තමයි කියල තියෙන්නෙ. නමුත් මම අරුණ ප්‍රේමරත්න ලිව්වා කියපු FB comment එක කියෙව්වා. ඉන්දියාව කොටින්ට ආධාර කළ බව ඔහු පිළිගන්නවා නමුත් ඔහු කියන්නේ නෑ රවී ජයවර්ධන කල යුතුව තිබුණේ කුමක්ද කියන එක. ඔහු "මෙරට දේශපාලක පැලැන්තිය තමාගේ චිරස්තිථිය උදෙසා කිසිදු පැකිලීමකින් තොරව රටත්, ජනතාවත්, ජාතික ධනයත් පරදුවට තබන ආකාරය" ගැන කියන්න පාවිච්චි කරන්නේ බොරු වලින් පිරුණු පොතක් බව ඔප්පු කර ඇති "වික්ටර් ඔස්ත්‍රොව්ස්කි" නැමැත්තාගේ පොත.

    තමන් රැවටෙන බව නොදැන හිටියනම් රවී ජයවර්ධන වරදක් කල බව කියන්නේ කෙසේද? තමන් රැවටෙන බව නොදැන හිටියනම් රවී ජයවර්ධන රටත්, ජනතාවත්, ජාතික ධනයත් පරදුවට තිබ්බා කියන්නේ කෙසේද? කොහොම හරි මඩක් ගහන්න ඉතා ආයාසයෙන් ලියපු comment එකක්. ඒකට ඔය ඌන පූර්ණය ලියපු කෙනත් තමන් යුධ විරෝධියෙක් කියල කියනවා. අරමුණ ඉතාම පැහැදිළියි.
    (Actually, this dude has mentioned "what Ravi should have done" in one of his comments. Ravi should have advised "peace talks" instead of going for war!! Failure to do so dragged the war 25 years...!:rofl:)
     
    Last edited:

    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    සුස්තියක් දාපු වෙලාවක ලියපු එකක්ද කොහෙද :D