ජේ.ආර්. හා කස්ත්‍රෝ
ලෝකය එකම යායකි.
--------------------------------------
සෑම මසකම ජේ.ආර්.ගෙන් ලැබෙන ඉස්තරම් ලිප්ටන් තේකොළ පෙට්ටිය ලැබෙන තෙක් කස්ත්‍රෝ බලා සිටියේය. එසේම කස්ත්‍රෝගෙන් ඒ ලෙසෙටම ලැබෙන හවානා සුරුට්ටු පෙට්ටිය එන තෙක් ජේ.ආර්. බලා සිටියේය. ජේ.ආර්.ගේ ලිප්ටන් තේ කෝප්පයේ දුමත් කස්ත්‍රෝගේ හවානා සුරුට්ටුවේ දුමත් එකට මුසුවෙන සැන්දෑවන් දෙදෙනාම සතුටින් ගත කළහ.
කස්ත්‍රෝ මරා දැමීමට ඇමෙරිකාව හයසිය වතාවකට වඩා උත්සාහ කළේය.ඒ එකක්වත් සාර්ථක නොවුණි.එහෙත් ඇමෙරිකාව ජේ.ආර්.ව ලෙන්ගතු සහෝදරත්වයෙන් පිළිගත්තේය.ඔහු දැඩි ඇමෙරිකානුවාදියකු වූ බව රහසක් නොවේ. එසේම ජේ.ආර්. මරා දැමීමටත් කිහිප වරක් උත්සාහ දැරුණි.ඒ ඇමෙරිකාව නොවේ.කස්ත්‍රෝ ක්‍රමය ඇදහූ මෙරට විප්ලවවාදීන්ය.එයද හරි නොගියේය. කස්ත්‍රෝගේ හා ජේ.ආර්.ගේ දේශපාලන ධාරාවන් අතර මහා පරස්පරතාවයන් තිබුණද ඔවුන්ගේ මිත්‍රත්ත්වය ඒ සීමාවන් අතික්‍රමණය කර තිබුණි.
ජනතා විමුක්ති පෙරමුණ දෙවතාවකත්, LTTE සංවිධානය වසර තිහක් තිස්සේත් කැරලි ගැසූ විටදී ශ්‍රී ලංකා රජයට අනුග්‍රහ දක්වන පිළිවෙතක් අනුගමනය කළ කස්ත්‍රෝගේ කියුබා ආණ්ඩුව යුද්ධය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ගෙනා යෝජනාවලට විරුද්ධව දිගටම ඡන්දය පාවිච්චි කළ රාජ්‍යයකි.
දේශපාලන විසංවාදය කෙතරම් සුන්දරදැයි දන්නේ එහි ගැඹුරට කිමිදෙන්නෝ වෙති. එය පෞද්ගලික වෛරයක් සේ සළකා එකිනෙකාට පහර ගසා ගන්නා වර්තමාන සමාජ මාධ්‍ය විරුවන් දුටුවිට මේ කියවීමද අපහාසාත්මක දෝෂදර්ශනයට ලක්වීම නොඅනුමානය.එහෙත් එවැනි ලාබාල පරපුරකට මහාර්ඝ ආදර්ශයන් සපයනු ඇතැයි සිතූ අපේ වැඩිහිටි "ලෝකල් කස්ත්‍රෝ" ලාද විසංවාදයට පිළිතුරු සපයන්නේ "ප#යා" කියා නම් තවත් කුමන කතාද?
ලෝකය එකම යායක් වන්නේ විසංවාදය එහි මැනවින් රෝපනය වූ විට පමණි.
( උපුටා ගැනීම බුකියෙනි )