==ජේ. කේ. රෝලිං නොකී කතාව==
හැරී පෝටර්ට කතාවට අවුරුදු විස්සක් පිරෙන වෙලාවෙ, හැරී පෝටර් ගැන ජේ.කේ. රෝලිං නොකී කතාවක් පදනම් කරගෙන ලියවුණු සිංහල ගීතයක අරුත පැහැදිලි කරන්න හිතුනා....
අපි හැම කෙනෙක්ම දන්නවා රොන් සහ හර්මයිනි අතර තිබුණු ආදරය ගැන. ඒත් හැරී සහ හර්මයිනි අතර ආදරයක් තිබුණෙම නැද්ද....? ඔවුන් දෙන්නා යාළුවො විතරමද....?
ඇත්තටම හැරී හර්මයිනිට රහසින් ආදරය කළා. ඒත් රෝලිං මේ කතාව පාඨකයගෙන් හැංගුවා. හැබැයි ඇයට ඒ කතාව දිගටම හංගන්න පුළුවන් උනේ නෑ. මේ සිද්ධිය පදනම් කරගෙන සිංහල ගීතයක් ලියවුණා. මේ ගීතයෙන් කියවෙන්නෙ රොන්, හැරී දෙන්නම හර්මයිනිට ආදරය කිරීම හා ඒ නිසා ඔවුන් පත්වන සිත්තැවුල ගැන.
"පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රස බැලුවේ අපි එකට...."
ඔබට මතක ඇති වීස්ලි පවුල ජීවත් වුණු 'ද බරොව්' නිවස. කිසිම පිළිවෙලක් නැතිව එහෙන් මෙහෙන් අටවලා තිබ්බ බරොව් නිවස දුරින් බලද්දි පේන්නෙ නිකන් පතෝල මැස්සක් වගේ. මේ නිවසෙ කුඩා කාමරේක තමයි රොන් ජීවත් උනේ. හැරී නිවාඩු කාලෙට ඇවිත් රොන් එක්කම ඒ කාමරේ හිටියෙ. ඉතින් මේ ගීතයෙ 'පලංචිය' කියලා හදුන්වන්නෙ මේ රොන්ගෙ කාමරේ. මොකද ඒක හරිම අවිධිමත් අට්ටාලයක් වගේ කාමරයක් නිසා. එතකොට 'ලී ඉරුවා' කියලා කියන්නෙ රොන් රෑට නිදාගනිද්දි ගොඩක් සද්දෙන් ගොරවන එක ගැන. ඉතින් මේ පොඩි කාමරේ හැරී සහ රොන් නිදාගත්තෙ එකට.
එතකොට තව ඔබට මතක ඇති මොවුන් 'හොග්ස්මීඩ්වල' තිබුණු 'ත්රී බෲම්ස්ටික්' අවන්හලට ගිහින් එකට 'බටර් බියර්' බොන හැටි. මේ ගීතයෙ 'මල් පැන් පොදක් රස බැලුවා' කියන්නෙ මේ බටර් බියර් බොන එක ගැනයි. හැබැයි අපිට මේ ටික වෙනත් අර්ථයකින් ගන්නත් පුළුවන්. මේ දෙදෙනා නිදාගන්නෙත්, බටර් බියර් බොන්නෙත් එකම වෙලාවට. ඒ කියන්නෙ 'එකට' (1.00). ඒ කියන්නෙ මොවුන් දෙදෙනා එකම වෙලාවෙ වැඩ දෙකක් කරනවා. ඔබට මතක ඇත 'ද ප්රිසනර් ඔෆ් අස්කබාන්' කතාවෙදි හර්මියොන් ළඟ තිබුණු කාලය හරහා ගමන් කරන මාලය. සමහරවිට මේ කියන්නෙ ඔවුන් කාලය හරහා ගමන් කරලා, එකම වෙලාවෙ තැන් දෙකක හිටියා කියලා වෙන්නත් පුළුවන්.....
"එක වාඩියේ කල් ගෙව්වත් හිත හොඳට
ඇයි මස්සිනේ පෙම් කළෙ අපි එක මලට......"
හැරී, රොන් දෙන්නම ඉන්නෙ 'ග්රිෆින්ඩෝර්'නිවාසෙ. ඒ කියන්නෙ එකම නිවාසෙ. මෙතනදි 'එක වාඩිය' කියලා හදුන්වන්නෙ මේ නිවාසය. ඔවුන් දෙන්නා එක නිවාසෙ හොඳම යාළුවො විදිහට කල් ගෙවනවා. ඒත් ඔවුන් දෙන්නම එකම මලකට, ඒ කියන්නෙ හර්මයිනිට ආදරේ කරනවා. මෙතනදී හැරී රොන්ගෙන් අහනවා "ඇයි මස්සිනේ අපි එකම මලට ආදරේ කළේ ?" කියලා. පස්සෙ කාලෙක හැරී කසාද බදින්නෙ රොන්ගෙ සහෝදරිය ජිනී වීස්ලිව. ඉතින් රොන් තමයි හැරීගෙ 'මස්සිනා'.......
"විරසක වී රුපුන් ලෙස යුධ වදින්නද
කුළුදුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද
පෙම් දම් නිසා මිතුදම් සිඳ දමන්නද
හොඳහිත නුඹෙ තරම් ලොවකින් ලබන්නද...."
හැරීට කවදාවත් හර්මයිනි වෙනුවෙන් රොන් එක්ක සටන් කරන්න බෑ. මොකද ඔවුන් දෙන්නා සදාකාලයටම හොඳ යාළුවො. හැබැයි එහෙමයි කියලා හැරීට හර්මයිනිව අමතක කරන්නත් බෑ. මොකද ඒඔහුගෙ කුළුඳුල් ප්රේමය. මොනවා උනත් ආදරේ වෙනුවෙන් තමන්ගෙ යාළුවව අහිමි කරගන්න හැරී සූදානම් නෑ. ඔහුට රොන් වගේ හොඳ යාළුවෙක්ව අහිමි කරගෙන මුළු ලෝකයක් ලැබුණත් වැඩක් නෑ. ඔබට මතක ඇති හැරීව ඔහුගෙ නිවසෙ හිරකරලා තියාගෙන ඉන්දී රොන් පියාඹන කාරෙකෙන් ගිහින් හැරීව බේරගෙන ආපු හැටි. ඉතින් හැරී කොහොමටවත් සූදානම් නෑ ඒ වගෙ සැබෑ මිතුරෙක්ව අහිමිකරගන්න.....
"දොඩමලු කතා නෑ අද වාඩිය හෙවණේ
නිදි නැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුණේ
හොර රහසින්ම එක සුවඳක් පැතු පවිනේ
නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ....."
අන්තිමේදි රොන්ටත් තේරිලා හැරීගෙ හිතේ හර්මයිනි ගැන ආදරයක් තියෙන බව. එකම නිවාසෙ හිටියත් ඔවුන් දෙන්නට දැන් එකිනෙකාට මුහුණ දෙන්නවත් බැරි තත්වයක් උදාවෙලා. හැරීගෙ සහ රොන්ගෙ නිදන ඇඳවල් තියෙන්නෙ එක ළඟ. ඉතින් හැරීට ඇහෙනවා රොන් රෑ නිදිනැතිව සුසුම් හෙළන හැටි. ඒ වෙලාවෙ හැරී පසු තැවෙනවා තමන් කාටත් හොරෙන් හර්මයිනිට ආදරේ කරපු නිසා තමන්ට රොන්ගෙ යාළුකමත් අහිමි වෙයිද කියලා.....
රෝලිං මොකක් හරි හේතුවක් නිසා මේ කතාව තමන්ගෙ පාඨකයන්ගෙන් හංගනවා. ඒ නිසා හැරීගෙයි හර්මයිනිගෙයි ආදර කතාව සදාකාලයටම සැඟවිලා යනවා. කුයිඩිච් වළලු අතරින් පියාඹද්දිත්, භූතාරක්ෂකයො එක්ක සටන් කරද්දිත්, තමන් තුළ තිබුණු වෝල්ඩමෝට්ගෙ හොර්කෲසස් එක විනාශ වෙද්දිත් හැරී හර්මයිනිට ආදරය කරන්න ඇති. ඒත් ඔහු නොපෙනෙන ලෝගුව පොරවගත්ත හැම වෙලාවකදිම ඔහුගෙ ආදරෙත් හර්මයිනිට නොපෙනි වැහිලා යන්න ඇති. වැලෙපෙන විලෝ ගහ හැමදාම වැලපුනේ හැරී කාටවත් නොකියා තමන් තුළම හිරකරගෙන හිටපු දුක දැකලා වෙන්නැති........
හැරී හැමදාම කුයිඩිච් කණ්ඩායමේ 'සීකර්'. ඔහු හර්මයිනිගෙ ආදරේ හෙව්වා. ඒත් රොන් කුයිඩිච් කණ්ඩායමේ 'කීපර්'. ඔහු හර්මයිනිගෙ ආදරේ රැකගත්තා......
ලිව්වේ Zachintha Promod Naotunna

ඕක මී හරක උට තිබ්බෙ වෙන ප්‍රශ්න
ඩම්බල්ඩෝ නොහිටින්න ඩාක් ලෝඩ් දිනනව හැරී කරන යුද්ද