ජොන්ස්ටන්ගේ අච්චිගේ සල්ලිද ?
අ වුරුදු සමයේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් ගෙන්වන ලද පොල් මෙට්‍රික් ටොන් 75ක් වරායේදීම විනාශ කිරීමට සිදුවූ බව සමූපකාර සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී පිළිගෙන තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර දිසානායක මහතා විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පිළිගෙන ඇත.
එම පොල් තොඟය භාවිතයට ගැනීමට නුසුදුසු තත්වයෙන් පැවතීම නිසා මෙලෙස විනාශ කිරීමට සිදුවූ බව අමාත්‍යවරයා පවසා ඇත.
මේ අතර අවුරුදු සමයේදී කුකුල් බිත්තර මෙට්‍රික් ටොන් 9 918ක් සහ කුකුල් මස් මෙට්‍රික් ටොන් 490ක් ආනයනය කළ බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ