♦️පැවැති ආණ්ඩුද ලුණු ආනයනය කළ බව ඇමති කියයි🤣

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,280
    8,173
    113
    වත්මන් ආණ්ඩුව පමණක් නොව පැවැති ආණ්ඩුද ලුණු ආනයනය කිරීමට පියවර ගත් බව රජය පවසයි.

    මේ වන විට ආණ්ඩුව විසින් ලුණු මෙට්‍රික් ටොන් 30,000ක ප්‍රමාණයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් මෙට්‍රික් ටොන් 4,050ක් මේ වන විට ආනයනය කර තිබේ.

    සෙසු ලුණු තොගය වෙළෙඳ අමාත්‍යාංශය හරහා පෞද්ගලික ආනයනකරුවන්ට ගෙන්වීමට හැකියාව පවතින බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

    වසරක ලුණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 180,000ක් වන අතර පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එය මෙට්‍රික් ටොන් 120,000 දක්වා පහත වැටී තිබේ.

    ඒ අනුව මෙට්‍රික් ටොන් 60,000ක හිඟයක් පවතින බව පැවසූ අමාත්‍යවරයා ඉන් කොටසක් ආනයනය කිරීමට අමාතය මණ්ඩල අනුමැතිය හිමිවූ බවද පැවසීය

    පැවැති ආණ්ඩු හොරා කෑව කියලා මුනුත් හොරාකයිද දන්නේ නෑ
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,167
    27,828
    113
    36
    Mirihana
    alis.alberta.ca
    580311.jpg