ජොන්ස්ටන්_ජනප්‍රිය_ගායිකාවක_සමඟ_රිය_අනත
ජොන්ස්ටන් ජනප්‍රිය ගායිකාවක සමඟ රිය අනතුරක
දේශීය
2010 අප්‍රේල් 21 වෙනි බදාදා, 07:55
එක්සත් ජාතික පක්ෂයේ සිට ජනපතිගේ දෑත් ශක්තිමත් කිරීමට බව පවසමින් රජයට එක්වී අමාත්‍ය ධූරයක් දැරූ හිටපු ඇමැතිවරයකු මෙන්ම මෙවර කුරුණෑගල දිස්ත්‍රික්ක් සන්ධාන අපේක්ෂකයකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගිය 19 දා රිය අනතුරකට භාජනයවී ඇත. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙම අනතුරට මුහුණ දෙන විට ඔහුගේ රථයේ ලංකාවේ සුපිරි තාරකා බිහිකරන තරගාවලියක විනිශ්චය මණ්ඩලයේ කටයුතු කරන ජයප්‍රිය ගායිකාවක්ද සිට ඇත.
ලංකාවේ පසුගිය කාලයේ සුප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක ඕගන් වාදන ශිල්පියකුගේ බිරිඳ වන ඇය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ රථය අනතුරට ලක් වන විට ඔහු සමඟ එකට ගමන් ගනිමින් සිට ඇත. මෙම අනතුරින් මෙම ගායිකාවද තුවාල ලබා ඇති අතර, ඇය මේ වන විට පෞද්ගලික රෝහලකට ඇතුලත්කර නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටී.
කෙසේ වෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් මෙතෙක් පොලිසියට දැනුම් දී නැති අතර, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමඟ මෙම සුප්‍රකට ගායිකාවද ගමන් ගනිමින් සිටියදී අනතුරට පත්වීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් පොලිසියට දැනුම් නුදුන් බව වැඩිදුරටත් වාර්තා වේ.
Source :- http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=6297:2010-04-21-02-34-50&catid=35:2008-10-13-08-30-14&Itemid=63