ජොබ්ස්ගේ අවසාන වචන

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    ජොබ්ස්ගේ අවසාන වචන

    source :facebook

    -ඇපල් සමාගමේ නිර්මාතෘ වූ ස්ටීව් ජොබ්ස්ගේ අවසාන වචන-


    අග්න්‍යාශයේ ඇතිවූ පිළිකාවක් නිසාවෙන් ඔහු වයස අවුරුදු 56 දී බිලියනපතියෙක් ලෙස මිය ගියේය. රෝහල් ගතව සිටින විට ඔහු විසින් ප්‍රකාශ කරන ලද අවසන් වචන කිහිපය මෙය විය.

    "ව්‍යපාරික ලෝකය තුළ සාර්ථකත්වයේ අග්‍රස්ථානය කරා මා ලඟා විය. මහජනයා මා සාර්ථකත්වයේ ප්‍රතිමූර්තිය ලෙස සලකයි.
    කෙසේ වෙතත්, රැකියාව හැරුණු විට, මා සිටින්නේ සුළු ප්‍රීතියකින්ය. අවසානයේදී, ධනය යනු තම ජීවිතය සතුව ඇති එක් දැයක් පමණයි යනුවෙන් අවබෝධ වනු ඇත.
    මේ මොහොතේ අසනීප ඇඳ මත හිඳිමින් මම මාගේ මුළු ජීවිතයම සිහිපත් කරමි; කලෙක මා ඉතාමත් ආඩම්බරයට පත් වූ සියලු පිළිගැනීම් සහ ධනය, නොපසුබස්නා මරණය ඉදිරියේ නිෂ්එල වී ඇති බවට මම තේරුම් ගෙන සිටිමි.
    ඔබ වෙනුවෙන් ඔබේ මෝටර් රථය පැදවීම සඳහා හෝ ඔබ වෙනුවෙන් මුදල් ඉපයීම සඳහා ඔබට කෙනෙක් පත් කල හැකි වුවද ඔබ වෙනුවෙන් ඔබේ රෝගයන් දරා සිටීමට වෙනත් කෙනෙකු පත් කල නොහැක.
    නැති වූ ද්‍රව්‍යමය දේවල් නැවතත් සොයාගත හැකිය. නමුත් අහිමි වූ විට නැවතත් කිසිඳු දිනෙක සොයා ගත නොහැකි දෙයක් ඇත - එය නමින් "ජීවිතයයි".
    පුද්ගලයෙකු සැත්කම් මැදිරිය තුළට යන විට, ඔහු හට කියවීමට තවත් එක් පොතක් තිබෙනා බවට තේරුම් යනු ඇත - එය නමින් "නීරෝගීමත් ජීවන ක්‍රමයයි".
    ජීවිතයේ කුමන අවධියක අපි දැන් සිටින්නේද, කාලයත් සමග ජීවිතයේ තිරය පහළට වැටෙනා දවස ලඟා වනු ඇත.
    ඔබේ පවුලට නොපමාව ප්‍රේමය කරන්න, ඔබේ කලත්‍රයාට නොපමාව ප්‍රේම කරන්න, ඔබේ මිතුරන්ට නොපමාව ප්‍රේම කරන්න...
    කාලයත් සමඟ අප සෙමින් වැඩිහිටි සහ ප්‍රඥාවන්ත වන අතර, එවිට ඩොලර් 300ක් සහ ඩොලර් 30ක් වන ඔරලෝසුවකින් පෙන්වන්නේ එකම කාලය බව අප හට අවබෝධ වනු ඇත.
    පසුම්බිය ඩොලර් 300ක් හෝ ඩොලර් 30ක් වුවද, එය ඇතුළත තිබෙනා මුදල් ප්‍රමාණය සමාන වේ.
    තමා පදවන රථය ඩොලර් 150,000ක් හෝ ඩොලර් 30,00ක් වුවද, ඔබ ගමන් කරනා ගමනාන්තය වෙනස් නොවනු ඇත.
    තමා ජීවත් වන නිවස වර්ග අඩි 300ක් හෝ 3000ක් වුවද, ඔබේ හුදෙකලාව වෙනස් නොවනු ඇත.
    ඔබේ සැබෑ සන්තෘප්තිය, මේ ලෝකයේ ද්‍රව්‍යමය දේවල් මගින් නොලැබෙන බව ඔබ තේරුම් ගනු ඇත.
    එසේනම්... ඔබත් සමග කතා කිරීමට, සිනහ වීමට හෝ ගී ගැයීමට යහළුවන්, සහෝදර සහෝදරියන් සිටීනම්, එය සැබෑ තුෂ්ටියක්ය..
    ඔබේ දරුවන් හට ධනයට වඩා සන්තෝෂයෙන් සිටීම පිළිබඳ උගන්වන්න. එවිට ඔවුන් යම් දෙයක මිලට වඩා එහි හරය අගය කරනු ඇත.
    ඖෂධ ලෙස ඔබේ ආහාර අනුභව කරන්න. එසේ නොමැතිනම් දිනෙක ඔබේ ආහාර ලෙස ඔබට ඖෂධ අනුභව කිරීමට සිදු වනු ඇත.
    ඔබ හට ඉක්මනින් ඇවිදීමට අවශ්‍ය නම්, තනිව ඇවිදින්න.. ඔබට දිගු දුරක් ඇවිදීමට අවශ්‍ය නම්, එක්ව ඇවිදින්න...
    ඔබ ඉපදෙන විට ආදරය ලැබෙනු ඇත. ඔබ මියයන විටද ඔබට ආදරය ලැබෙනු ඇත. එය අතර මැද තිබෙනා කාලය ඔබ කළමණාකරණය කරගන්න! ඔබගේ කර්තව්‍ය වන්නේ එයයි..."
     
    • Like
    Reactions: stasia

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    buduhamuduruwo deshana karala tyena saralakama jiwithe athi anithya bawa gena tawat hoda example ekak.. salli billion ganan tibba manussayektat antimatama okama hitila :(:(
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    buduhamuduruwo deshana karala tyena saralakama jiwithe athi anithya bawa gena tawat hoda example ekak.. salli billion ganan tibba manussayektat antimatama okama hitila :(:(

    කතාව කොහොම වෙතත් ජොබ්ස් මෙහෙම කිව්ව කියනෙක බොරුවක් බං ඌ ඔහොම කියල නෑ :lol: