ජොලි සීයේ දැන් ඇති..! දෙවියන්ගේ නාමයෙන් යන්න..!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    32,879
    40,629
    113
    සේදවත්ත
    ne ne ehema kisima deyaka naha, ko ithi ehema una eka pennapanko, hari saralai, rachana liyanna ona naha.
    ehena . දාන්නන් වාලේ dalath naha
    රචනා ලියලා දාන ඒවා තමා ඔයාගේ . ඔයා දාන එවගේ අන්තර්ගතය ඔයා කියවන්නෙත් නෑනේද
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    1,143
    919
    113
    රනිල් පකය නං සාපයක්. යකෝ පැරදිලා වත් ගෙදරට වෙලා හිටපන්කො.
     
    • Like
    Reactions: Mugen and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    53,558
    52,298
    113
    රචනා ලියලා දාන ඒවා තමා ඔයාගේ . ඔයා දාන එවගේ අන්තර්ගතය ඔයා කියවන්නෙත් නෑනේද

    wate yanna epa policiya හැල්ලු karala dapu thread ekak copy karala methana dapanko
    1000% challange karanawa ubata ehema deyak hoyanna baha??
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    39,730
    79,582
    113

    අනුර කුමාර දිසානායක ජනාධිපති වශයෙන් පිලිගැනීමට සූදානම් නැති රනිල්…​


    ඔවුන්ට මේ යථාර්ථය දරාගත නොහැකිය. මාලිමා ආණ්ඩුව සාමාන්‍යකරණයවීම ඔවුන්ට දරාගත නොහැකි පරාජයකි. එබැවින් ඔවුහු මාලිමා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට විවිධ බොරු සමාජගත කරති. ආණ්ඩුව මුදල් අච්චු ගැසීම, නව ණය ගැනීම, පාස්කු ප්‍රහාර වාර්තා, රජයේ සේවක වැටුප් වැඩි කිරීම යනු මේ ප්‍රභූ පංතියේ කුහකත්වයේ පිළිඹිවන්ය.

    රනිල්ගේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ පචය…​

    ජනවාරි මාසයේ සිට රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට තමා මුදල් වෙන්කර තිබූ බවට බොරු ප්‍රචාරයක් රනිල් වික්‍රමසිංහ මෙවර මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් ගෙන යමින් සිටියි. මේ පිළිබඳ ඔහුගේ ආණ්ඩුවේ ඇමතිවරයෙකු සහ පසුගිය ජනාධිවරණයේදී ඔහුට සහයෝගය දැක්වූ දිලුම් අමුණුගම පසුගිය දා හෙළි කළේ රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට රනිල් රාජපක්ෂ ආණ්ඩුව මුදල් වෙන්කර නොතිබූ බවය. "රට වට්ටා හෝ බලය ගැනීමේ උන්මත්තක ගෝත්‍රික හැසිරීම නැවැත්වුයේ නැත්නම් මේ රට කවදාවත් ගොඩගන්න බෑ" යනුවෙන් ඔහු රනිල් වික්‍රමසිංහට අනතුරු අඟවා තිබේ.

    පාර්ලිමේන්තු ඡන්ද පෙත්සම පිටුපස රනිල්…​

    එහෙත් රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කුමන්ත්‍රණ නැවතී නැත. පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම පිටුපස සිටින්නේ රනිල් වික්‍රමසිංහ ය. ඔහුගේ දාසයෙකු මගින් රනිල් වික්‍රමසිංහ එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේ ය. ඉන් පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට විශාල මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කළේ ය. එහෙත් එම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය සඳුදා (4) තීරණය කළේ රනිල් වික්‍රමසිංහගේ නවතම කුමන්ත්‍රණය අසාර්ථක කරමිනි.

    ජනාධිපති අනුරට රනිල්ගෙන් දිනපතා උපදෙස්..​

    විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ තවම අනුර කුමාර දිසානායක මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පිලිගැනීමට සූදානම් නැත. දැඩි රදළ ප්‍රභූ මානසිකත්වයෙන් සිටින ඔහුට තඹුත්තේගම ගොවි පුතෙකු විධායක ජනාධිපතිධූරයට ජනතා ඡන්දයෙන් තේරීපත්වීම දරා ගත නොහැකිවීම පිළිබඳ පුදුම විය යුතු නැත. ඔහු සිතා සිටින්නේ තම උපදෙස් ජනාධිපති අනුර කුමාර දිසානායක පිලිගත යුතු බවයි. අනුර කුමාර දිසානායක යනු ජනවරමක් සහිත විධායක ජනාධිපතිවරයෙකි. ඔහු මෙන් ජනවරමක් නොමැතිව ඇටවූ ජනාධිපතිවරයෙකු ද නොවෙයි. ලෝකයේ කිසිදු රටක බලයේ සිටින රාජ්‍ය නායකයාට, හිටපු රාජ්‍ය නායකයන් එදිනෙදා ආණ්ඩුකරණය සඳහා උපදෙස් දෙන්නේ නැත. එය මූලික දේශපාලන සදාචාරයකි.

    අනුරට වැඩේ කරන්න පුළුවන් - මහින්ද රාජපක්ෂ​

    අපේ රටේ ද වෙන කිසිදු අවස්ථාවක මෙවැනි තත්ත්වයක් මතුව නැත. පසුගිය දිනක නව ජනාධිපතිවරයා පිළිබඳ සඳහන් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ “ඒ කොල්ලට ඒ වැඩේ කරන්න පුළුවන්. ඒ සඳහා අපි කාලයක් දීලා බලාගෙන ඉමු” යනුවෙනි. ඔහු රනිල් වික්‍රමසිංහ මෙන් නව ජනාධිපතිවරයාට දිනපතා උපදෙස් දෙන්නේ නැත.

    සාර්ථක අන්තර් පාලන ආණ්ඩුව…​

    අද රටේ ඇත්තේ අන්තර් පාලන ආණ්ඩුවකි. එය ඉටු කරන්නේ ජනාධිපතිවරණයෙන් පසුව බලයට පත්වූ ජනාධිපතිවරයා සමඟ ඉදිරි මහ මැතිවරණයක් වන තෙක් රට ඉදිරියට ගෙනයෑමේ වගකීමක් පමණි. එය ඉතා පැහැදිලිව සංක්‍රමණ කාලයකි. මේ කාලය තුළ රටේ සාමාන්‍ය රටේ දේශපාලන, ආර්ථික සාමාජීය ජන ජීවිත බිඳ නොවැටී පවත්වාගෙන යෑම වර්තමාන ආණ්ඩුවේ වගකීමය.

    මාලිමා ආණ්ඩුව මහ මැතිවරණයෙන් පසුව…​

    ඒ වගකීම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සහ දෙදෙනෙකුගෙන් සමන්විත අන්තර්වාර කැබිනට් මණ්ඩලය ඉහළින්ම ඉටු කර තිබේ. මාලිමාවේ සැබෑ ආණ්ඩුව බිහිවන්නේ මහ මැතිවරණයෙන් පසුව පිහිටුවන කැබිනට් මණ්ඩලයක් සමඟිනි. ඒ ආණ්ඩුවේ දිශානතීන් පළමු රන් දින සියය (hundred golden days) තුළ ප්‍රදර්ශනය වනු ඇත. එම ආණ්ඩුවේ කාර්යසාධනය පිළිබඳ ප්‍රගති වර්තාව පළමු වසර සම්පූර්ණ කිරීමෙන් පසුව ලබා ගැනීමට හැකිය. ඒවා ආණ්ඩුකරණයේ සාමාන්‍ය ස්ථාපිත, සම්ප්‍රදායික දර්ශකයන්ය.

    ප්‍රභූ කුහකයන්ගේ ප්‍රතිගාමී විපක්ෂය…​

    නව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අන්තර්වාර ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව ඉල්ලා සිටින්නේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පරාජිත ප්‍රභූ දේශපාලන කඳවුරයි. ඒ හරහා යළි, යළිත් ප්‍රදර්ශනය වන්නේ ඔවුන්ගේ ප්‍රභූ කුහකත්වය පමණි. එවැනි ප්‍රභූ කුහකයන් පිරිසක් නැවත පාර්ලිමේන්තුවට යැවීම යනු අන්ත ප්‍රතිගාමී විපක්ෂයක් නිර්මාණය කිරීමය. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මේ ප්‍රභූ තන්ත්‍රය නියෝජනය කරන්නේ ගෝල්ෆේස් ජනතා අරගලයේ බලාපොරොත්තු සහ ප්‍රාර්ථනාවන්ට එරෙහි ප්‍රතිගාමී දේශපාලන බලවේගයන්ය.

    මාලිමාවට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබාදෙමු..​

    එහෙත් අද රටට අවශ්‍ය වන්නේ ජනතාවාදී විපක්ෂයක් මිස දේශපාලන කුමන්ත්‍රණ හරහා බලය ඩැහැගැනීමට බලාපොරොත්තු වන ප්‍රතිගාමී විපක්ෂයක් නොවෙයි. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ප්‍රභූ ප්‍රතිගාමී කුමන්ත්‍රණකාරී විපක්ෂය ඉදිරි මහ මැතිවරණයේදී කුජීත ලෙස පරාජය කර මාලිමාවට පැහැදිලි ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබා දිය යුතුය. ගෝල්ෆේස් ජනතා අරගලයේ බලාපොරොත්තු සහ ප්‍රාර්ථනාවන් යථාර්ථයක් බවට පත් කළ හැක්කේ එමගින් පමණි. ප්‍රභූ ප්‍රතිගාමී කුමන්ත්‍රණකාරී විපක්ෂයට පාර්ලිමේන්තුවේ සැළකිය යුතු බලයක් ලැබුණහොත් සිදුවන්නේ ජනතා අරගලය ගබ්සාවීම පමණි.

    දශක පහක් ජනතා බදු මුදලින්…​

    රනිල් වික්‍රමසිංහ වසර 1977 සිට වසර හතළිස් හතක් පාර්ලිමේන්තු නියෝජනය කරයි. ඔහු නියෝජ්‍ය ඇමති, කැබිනට් ඇමති, විපක්ෂ නායක, අගමැති, සහ අටවන ජනාධිපති ධූර දැරුවේ ය. මේ කාලය පුරාම ජනතා බදු මුදලින් සියලු සැප සම්පත් භුක්ති විඳීය. වසර 2020 මහ මැතිවරණයෙන් පරාජය වූ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පවා නොවූ අවධියේ ඔහුට තුන්සීයකට අධික ආරක්ෂක කණ්ඩායමක් ලබාදීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කළේ ය.

    කෝකියන් 16ක්, කුඩ 30ක් පිළිබඳ අයිතිවාසිකම්…​

    දැන් ඔහු හිටපු ජනාධිපති ය. අපේ රටේ ජනතාව තවදුරටත් ඔහුව සහ ඔහුගේ බිරිඳ රැක බලාගෙන පෝෂණය කළ යුතුය. මේ ප්‍රභූ පංතිය සිතා සිටින්නේ තමන්ව පෝෂණය කිරීම පොදු ජනතාවගේ වගකීමක් බවයි. එමෙන්ම එය තම පරම අයිතිවාසිකමක් බවයි. නව ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩ භාර ගැනීමෙන් දින කිහිපයකට පසුව රනිල් වික්‍රමසිංහ තම ආරක්ෂාව සඳහා ආරක්ෂක නිළධාරීන් 163ක්, වාහන, කෝකියන් 16ක්, කුඩ 30ක් ඇතුළු භාණ්ඩ ලැයිස්තුවක් ඉදිරිපත් කළේ ය. ඔහු අදටත් ඒ ලැයිස්තුව සළකන්නේ තම අයිතිවාසිකමක් වශයෙනි. වසරකට රුපියල් කෝටි ගණනින් විනාශ කරන මේ මාරාන්තික විහිළුව වහා නවතා දැමිය යුතුය.

    දෙවියන්ගේ නාමයෙන් යන්න!​

    රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මේ ප්‍රභූ ප්‍රතිගාමී කුමන්ත්‍රණකාරී කල්ලියට අපට පැවසීමට ඇත්තේ වසර 1653 අප්‍රේල් 20 වන දා Oliver Cromwell එංගලන්ත පාර්ලිමේන්තු අමතා කළ ප්‍රකාශයයි. “It is not fit that you should sit here any longer. You have sat here too long for any good you have been doing lately … In the name of God go”

    දෙවියන්ගේ නාමයෙන් දැන් යන්න!
    දෙයියන්ගෙ නාමෙන් 2/3 දෙන්නන් හෑලි ලියන්න එපා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    32,879
    40,629
    113
    සේදවත්ත
    wate yanna epa policiya හැල්ලු karala dapu thread ekak copy karala methana dapanko
    1000% challange karanawa ubata ehema deyak hoyanna baha??
    ඉලගට දාන එක ටැග් කරන්නම් , උබ කෝමත් ඒවා මාසෙකට 3-4 ක් දානව
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    32,879
    40,629
    113
    සේදවත්ත
    dan pili gananwada ehema thread ekak hoya ganna bari una kiyala
    ත්‍රෙඩ් තියනවා කම්මැලි හොයන්න. ඊලග එකේ අනිවා මතක් කරලා ටැග් කරනවා. ඔයාට තියන පොලිස් ඇරියස් එකට ඔයා අනිවාර්යයෙන් එකක් දානව .
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    53,558
    52,298
    113
    ත්‍රෙඩ් තියනවා කම්මැලි හොයන්න. ඊලග එකේ අනිවා මතක් කරලා ටැග් කරනවා. ඔයාට තියන පොලිස් ඇරියස් එකට ඔයා අනිවාර්යයෙන් එකක් දානව .

    hewuwata wedak naha, ehema mage athin policiya හැල්ලු wela naha