-ජෝක්ස්-

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ලොකු මැඩල් එක

    ’තමුසෙට මේ පුංචි මැඩල් එක හම්බවුණේ මොනවටද?’
    මෙගා ස්ටාර් තරගයකින් අවසන් වටයට පැමිණි ගීත කුමාරගේ නිවසට පැමිණි ඔහුගේ මිතුරකු වූ පුෂ්පකුමාර ඇසුවේ සාලයේ රඳවා තිබූ කුඩා පදක්කමක් දෙස බලමිනි.
    ’මෙගා ස්ටාර් තරගයේ අවසන් වටයට සින්දු කිව්වට’ ගීත කුමාර පිළිතුරු දුන්නේ තරමක ආඩම්බරයකිනි.
    ’එතකොට මේ ලොකු මැඩල් එක?’ පුෂ්පකුමාර ඇසුවේය.
    ’සින්දු කියන එක නැවැත්තුවට’ ගීත කුමාර කීය.
    :yes::D:lol:

    අස්ප මොළේ

    පීටර් අශ්වයා පිටින් බිමට ඇද වැටුණේ පිට්ටනියේ රවුමක් යමින් සිටියදීය. අශ්වයා සැණෙකින් දණ බිම ඇන, තම හාම්පුතා කටින් ඔසවා ඉතා අසීරුවෙන් තම පිට මත දමාගෙන ගෙදර ගෙනැවිත් ඇඳෙහි තබා, වහා දුව ගොස් දොස්තර කැඳවාගෙන ආවේය.
    ’හරි මොළේ තියෙන සතෙක්’ ලෙඩා බැලීමට පැමිණ අශ්වයා ඉටු කළ වැඩ කොටස ගැන ඇසූ සෝමවංශ කීය.
    ’මොන පිස්සුද? ඒ සතා එක්කගෙන ඇවිත් තිබුණේ අස්සයන්ට වෙදකම් කරන දොස්තරවනෙ.’ පීටර් කීවේ කෙඳිරි ගාමිනි.
    :D:P:shocked:

    ‘එයා කොහෙද මගෙත් එක්ක දුවන්නෙ’

    හොරකු මහ රෑ නිවෙසක් බිඳ එහි තිබූ වටිනා බඩු මුට්ටු ගෝනියක දමාගෙන නිවසින් පිට වීමට සැරසෙද්දී හදිසියේම මල් බඳුනක් මහ හඬක් නඟමින් බිම වැටුණි.
    ඒ හඩින් පිබිදුණු නිවසේ අයිතිකරුහට කිසිවකු පැනදුවන හඬ ඇසුණි. හේ ප්‍රකට ධාවන ශූරයෙකි. වහා ඇඳෙන් බිමට පැනගත් හේ හැර දමා තිබූ දොරෙන් එළියට පැන, ඈත දුවන සොරා දැක ඒ දෙසට වේගයෙන් දුවන්නට විය.
    ටිකෙන් ටික වේගය වැඩි කරමින් සොරා හඹා ගිය හෙතෙම එක්වරම වේගය වැඩිකරමින් සොරා පසුකර දුවන්නට වූයේ ඔහු වෙත සමච්චල් සිනාවක් පාමිනි.

    :lol::eek::lol:

    • Like
    Reactions: RuZZa

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa

    හොරකු මහ රෑ නිවෙසක් බිඳ එහි තිබූ වටිනා බඩු මුට්ටු ගෝනියක දමාගෙන නිවසින් පිට වීමට සැරසෙද්දී හදිසියේම මල් බඳුනක් මහ හඬක් නඟමින් බිම වැටුණි.
    ඒ හඩින් පිබිදුණු නිවසේ අයිතිකරුහට කිසිවකු පැනදුවන හඬ ඇසුණි. හේ ප්‍රකට ධාවන ශූරයෙකි. වහා ඇඳෙන් බිමට පැනගත් හේ හැර දමා තිබූ දොරෙන් එළියට පැන, ඈත දුවන සොරා දැක ඒ දෙසට වේගයෙන් දුවන්නට විය.
    ටිකෙන් ටික වේගය වැඩි කරමින් සොරා හඹා ගිය හෙතෙම එක්වරම වේගය වැඩිකරමින් සොරා පසුකර දුවන්නට වූයේ ඔහු වෙත සමච්චල් සිනාවක් පාමිනි.

    :lol::eek::lol:

    :lol: :lol: :lol: