ඊයේ කිව්වා වගේම අද අපි පංච මහා පුරුෂ යෝග ගැන කථා කරමු... මේවා සුභ යෝහ ගනයට වැටෙයි...
කුජ,බුධ,ගුරු,ශුක්‍ර හා ශනි ග්‍රහයන් උච්ච හෝ ස්වක්ෂෙත්ර බලයෙන් යුතුව කේන්ද්‍රස්ථානයක(1,4,7,10 ස්ථානවල) පිහිටීමෙන් උදාවන මෙම මහා පුරුෂ යෝග පහ පිළිවෙලින් රුචක,භද්‍ර,හංස(ගුරු හංස),මාලවී හා ශශ යන නම් වලින් හඳුන් වයි.
ග්‍රහයා........ ස්වක්ෂෙත්ර වන රාශීන් ....... උච්ච වන රාශිය
1) කුජ ........මේෂ,වෘශ්චික ........... මකර
2) බුධ ...........මිථුන ...............කන්‍යා
3) ගුරු ............. ධනු,මීන ............. කටක
4) ශුක්‍ර ............වෘෂභ,තුලා ...............මීන
5) ශනි..........මකර,කුම්භ ...............තුලා
රුචක යෝගය
යෙදෙන ආකාරය
අඟහරු ග්‍රහයා උච්චව හෝ ස්වක්ෂෙත්ර බලයෙන් කේන්ද්‍රස්ථානයක(1,4,7,10 ස්ථානයක) තැන්පත් වීමෙන් යෙදේ
ඵල විපාක
ශක්තිමත් සිරුරය.ඒ නැතත් එඩිතර වීර්යය ඇත්තෙක්මය.සම්ප්‍රධායික සිරිත් විරිත් වලට ගරු කරයි.මනා පෞරුෂයකි.රජෙක් බදුය.බල පරාක්‍රමාන්විතය.නායකත්වයට සුදුසුය.කුජ උච්චව සිටින විට යෝගය වඩාත් බලවත්ය..හමුදා පොලිසි වැනි ආරක්ෂක අංශ වල මෙන්ම යන්ත්‍ර සූත්‍ර ඉංජිනේරු අංශවල සෙවය කරන්නට ඉතා සුභ යෝගයකි
නමුත් 4 හා 7 ස්ථාන වල රුචක යෝගය යෙදීම අනිත් ස්ථාන වලට වඩා ශුභ පල අඩු වන්නේ විවාහ බාධකයක් ලෙස බලපෑම් කරන බැවිනි...මිථුන,කන්‍යා,ධනු,මීන ලග්න හිමියන්ට වඩා අනෙක් ලග්න හිමියන්ට ප්‍රථිපල දේ....
භද්‍ර යෝගය
යෙදෙන ආකරය
සතර කේන්ද්‍රයෙන්(1,4,7,10) තැනක බුධ උච්චව හෝ ක්‍ෂෙත්‍රව සිටීම
ඵල විපාක
උදාර ගමන් විලාසයකි.කඩිසරය.නමුත් කලබල නැත.බුද්ධිමත්ය.අනිත් අයගේ අනුකම්පාවට ලක්වීමට අකැමැතිය.තනිවම නැගීසිටීමට කැමතිය.සැප සම්පත් ලැබේ.හොද ධාරණ ශක්තියක් ඇත.ඉගෙනුමෙහි දක්ෂය.ආයුෂ බලැතිය. භද්‍ර යෝගය පිහිටි අය ඉහත දැක්වූ ලක්ෂණවේ.භාෂා සාස්ත්ර පිහිටයි.ලේඛන කලාවට කථිකත්වයට දක්ෂ අයට වැඩිපුර පිහිටයි.ප්‍රභල ධන යෝගයනට සම්බන්ධ වන එකම පංච මහා පුරුෂ යෝගයයි.භද්‍ර යෝගය පිහිටි අය වයසට ගියත් තරුණ පෙනුම ඇතැයි කතාවකි.ක්‍රියාවන්ද තරුණය.1 හා 7 ස්ථාන වල භද්‍ර යෝගය ඇත්තන් වැඩි බලවන්තය.භද්‍ර යෝගය මිථුන,කන්‍යා,ධනු,මීන ලග්න හිමියන්ට ඉතා බලවත්ව පිහිටයි
ගුරු හංස (හංස) යෝගය
යෙදෙන ආකාරය
සතර කේන්ද්‍රයෙන් එකක ගුරු(බ්‍රහස්පති) ග්‍රහයා උච්ච හෝ ක්ෂෙත්ර බලයෙන් පිහිටීම
විපාක
කඩවසම් පෙනුමය.ගාම්භීර (ගොරහැඩි නොවේ) කටහඩකි.දහම්සොඩවේ.ධාර්මිකය.තීක්ෂණ නුවණය.පරාර්ථකාමීය. ගුරු හංස යෝගය පිහිටන අය ඉහත දැක්වූ ලක්ෂණවේ.ප්‍රතිපත්ති ගරුකය.නිහීන වැඩ නොකෙරෙති.සමාජය වැඩදායි මුදල් පසුපස හඹානොයන ගුරුවරුන් ආදීන්ට මෙම යෝගය වැඩිපුර පිහිටයි.දුක් කරදර අඩු වුවත් ඒවා විදීමේ ශක්තිය සහිතයි.කටක ලග්න හිමියාගේ ලග්නයේ යෙදෙන ගුරු හංස යෝගය වඩාත්ම බලවත් යෝගයයි.
මාලවී යෝගය
යෙදෙන ආකාරය
සතර කේන්ද්‍රයෙන් එකක සිකුරු(ශුක්‍ර) ග්‍රහයා උච්චව හෝ ක්‍ෂෙත්‍රව පිහිටීමයි.
විපාක
රූප සොභාව පිහිටයි.යෝගය යෙදෙන කේන්ද්‍රස්ථානයට අනුරූපව ලැබීම ඇතිකරන යෝගයකි.කලා හැකියාවන් පිහිටයි.අඟහරු සමග යෝග වූ විට ඉතා දරුණු කාම යෝගයක් සාදයි.දසවැන්නේ මාලවී යෝගය උසස් රැකියා ලබාදේ.කලාකරුවන්ගේ කේන්ද්‍රවල මාලවී යෝගය වැඩිපුර යෙදේ. කන්‍යා ලග්න හිමියාගේ හත්වැන්නේ සිකුරු උච්ච වීමෙන් යෙදෙන මාලවී යෝගය වඩාතාම බලවත් බව සදහන් වෙ
ශශ යෝගය
යෙදෙන ආකාරය
සතර කේන්ද්‍රයෙන් එකක ශනි ග්‍රහයා උච්ච හෝ ක්ෂෙත්ර බලයෙන් පිහිටීම
ඵල විපාක
සටන්කාමීය. සේනා බලය ඇත.යහපත් දැසි දසුන් ලබයි.නිර්භයය.ත්යාගශීලීය.අනිත් පංච යේග හතර ඇත්තන්ට වඩා ආත්මාර්ථකාමී ගති පිහිටයි. දුක් පීඩා විද දරා ගැනීමේ අමුතු ශක්තියක් පිහිටයි.කෘෂිකර්මාන්තය ආශිතව දියුණුව ඇත්තන්ට වැඩිපුර පිහිටන යෝගයකි.හතරේ පිහිටන අයට භූමි වාසනා ගේදොර වාසනාව උදා කරයි.7 වැන්නේ පිහිටි අයට විවාහ ප්‍රමාද කලත් විවාහයෙන් ධනය,සැප සම්පත් සේනා බලය සාදයි.10 වැන්නේ පිහිටි අයට රැකියා ප්‍රමාද කරන නමුත් පසුකාලීනව තමා යටතේ වැඩි සේවක පිරිසක් සිටින උසස් තත්ත්ව ලබා ගනී.ලග්නයේ ශශ යෝගය ඇත්තවුන් තරමක් දුරට කේන්තිකාරයන්ය.