ඔය වගේ අත්දැකීම් දෙක තුනක් තියේ. ඉස්සර හිටපු මිනිස්සු දැකපු රටා තමා. කාලෙකට වැහැල ගඟවල් උතුරල යනව ඒ කාලෙට අහසෙ තරු තියෙන්නෙ එක විදිහකට. ඉතිං ඒ මිනිස්සු අනාගතේ පුරෝකථනය කලා අහසෙ මේං මේ විදිහට තරු තියෙනව කියන්නෙ ගඟ පිටාර ගලන්න කිට්ටුයි කියල.
අපිටත් ඕන්නං කිව්වෑකි වෘශ්චික රාශිය රෑ 12ට මුදුන් වෙන කාලෙ වෙද්දි රඹුටන් හැදෙනව කියල. (මේ දවස් වල) නැතුව වෘශ්චික 12ට මුදුන් වෙන නිසා රඹුටන් හැදෙනවවත් අහවල් විදිහට තරු තියෙන නිසා වැහැල ගඟ පිටාර ගලනවවත් නෙමේ.
ඉතිං අච්චර වැස්ස, හුලඟ, වතුර, ගස් එක්ක අහස සම්බන්ධ නං මිනිස්සුන්ගෙ ජීවිතෙත් එක්කත් සම්බන්ධ ඇතිනෙ කියල අහසෙ ඊට වඩා සංකීර්ණ රටා එක්ක මිනිස්සුන්ගෙ ජීවිතේ විශේෂ සිදුවීම් ගැලපුව. නැතුව අහවල් ග්රහය හින්ද කෙල වුනා නෙමේ. අතීතෙ ඒ උපන් වෙලාව අනුව ඒ ග්රහ පිහිටීම තිබුණ සෑහෙන පිරිසකට ඒ විදිහට කෙල වෙලා තියෙනව ඉතිං දැන් තව කෙනෙක්ටත් ඒ ග්රහ පිහිටීමම ඇවිල්ල මුටත් කෙල වෙයි.
අපි මෙහෙම හේතු හොයන්නෙ දැන් 16 වෙනි 17වෙනි සියවස් වලිං පස්සෙ වගේ හේතු හොයන එක ලොකුවට මතුවුනේ. ඊට ඉස්සර ලංකාවෙ ඉන්දියාවෙ මිනිස්සු රටා හෙව්ව රටා දැක්ක අපිට ඒ රටා මිස් වෙනව. අද අපි හේතු හොයනව හේතු දකිනව ඒ කාලෙ මිනිස්සුන්ට අපේ හේතු හෙවිල්ල හිතාගන්නවත් බැරුව ඇති.
ජ්යෝතිශෙත් නිකං කැලැන්ඩරේ අගෝස්තු කොලේ බලල හුලං එනව කියනව වගේ තමා. අගෝස්තු කොලේ උඩිං තියෙන නිසා නෙමේ හුලං එන්නෙ ඒ වුනාට උඩිං තියෙන්නෙ අගෝස්තු කොලේද කියල බලල හුලං එනව කිව්වෑකි.
agreed
) නැතුව වෘශ්චික 12ට මුදුන් වෙන නිසා රඹුටන් හැදෙනවවත් අහවල් විදිහට තරු තියෙන නිසා වැහැල ගඟ පිටාර ගලනවවත් නෙමේ.