Mawbima, 2015-07-30 02:00:00
Read 355 Times
දයාබර මවුපියනි. ඔබේ දරුවා කුඩා දරුවෙක්ද, මුරණ්ඩු හිතුවක්කාර වැඩ කරයිද? පාසල් වැඩට අසමත්ද? මේ වන විටත් ඔබ ජොතිෂ්‍යවේදීන් හමු වී යන්ත්‍ර පැලඳවීම් ආදිය කළද ඉන් ඵලක් නොවීද?
"මගේ දරුවා ඉගෙන ගන්නේ නෑ, හිතුවක්කාරයි, තාත්තට ගහනවා අම්මට බයිනවා, අපි මොනවා කළත් සෑහීමකට පත් වෙන්නෙ නෑ. මේ ළමයා ගැන බයයි. අපිට මේ ළමයාගේ පාසල් ගමන පවා අතරමඟ නතර වෙයි කියලා බයක් දැනෙනවා. වෙලාව බලපු තැන්වලින් නම් කීවේ මේ ළමයට ලොකු අපල කාලයක් උදා වෙලා කියලයි."
ඔබගේ දරුවාත් ඉහත සඳහන් කළ දරුවා මෙන් දඩබ්බර නම් රාහු ඒරාෂ්ටක කාලයක් අනිවාර්යයෙන්ම ලබා ඇති බව කිව හැකියි. මෙම ඒරාෂ්ටක අපල කාලය පසු කර ගතහොත් ඉන් ඉදිරියට ලබන කාලය තුළ දරුවා සාර්ථක වනු ඇත.
ඔබගේ දරුවා යහපත් දරුවකු ලෙස සමාජගත කරන්නේ කෙසේද? පළමුව ඔබේ නිවෙස තුළ බුදුන් වඳින්න පිරිසුදු ස්ථානයක් සකසා ගන්න. දෙවියන්, බුදුන් වඳින ස්ථානයට ඔබේ දරුවාද සහභාගි කරවා ගන්න. ඉන්පසු බුදුහිමි සහ දෙවියන් ඉදිරියේ දරුවාට ඇහෙන සේ ඔබේ ප්‍රාර්ථනාව ශබ්ද නඟා කියවන්න. මීට අමතරව ඔබේ දරුවාගේ ලග්නයට අධිපති දෙවි කෙනෙක් සිටින අතර එම දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කර ශබ්ද නඟා අවශ්‍ය වූ කාරණාව කියන්න. උදෑසන 06.00ත් 7.00ත් අතර කාලය සහ පස්වරු 5.30ත් 6.30ත් අතර කාලය තුළ බුදුන් වැඳීම සිදු කර ඔබේ ප්‍රාර්ථනාව සිදු කිරීම ඉතාමත් වැදගත්ය.
මීට අමතරව ඔබේ දරුවාගේ ජන්ම පත්‍රය පරීක්ෂා කර බලා ඊට අදාළව ඇති පින්කම් සිදු කළ යුතුය. මෙය කළ යුත්තේ ඔබේ දරුවාද සහභාගි කරවාගෙනය.
මීට අමතරව ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැසී පිරිත් නූලක් ගැට ගස්වා ආශීර්වාදය ලබා ගන්න. මෙම පිරිත් නූල් ගැට ගැසීම හා ආශීර්වාද ලබා ගැනීම සති දෙකකට වරක් අනිවාර්යයෙන් සිදු කළ යුතුය. කතරගම දෙවියන් වෙනුවෙන් බදාදා / සෙනසුරාදා දිනවල පලතුරු පූජාවක් පැවැත්වීමෙන් සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගත හැකියි.
නානා වණ්ණෝ මහා තේජෝ
බලෝ මයුර වාහනෝ
දේවින්දෝ කාචරගාමේ
ඉමං පුඤ්ඤානු මෝදති
බුදුන් වැඳ ඉහත ආකාරයට ගාථා කියමින් කතරගම දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඉන් අනතුරුව කතරගම දෙවියන්ට තමන්ගේ අවශ්‍යතාව පවසන්න. එමෙන්ම පහත කවි ගායනා කරන්න.
සකල දන නිති රැඳි
මනා විකුම් ඇති
සිත් සත් දිනන් ඇති
කතරගම දෙවි
වඳිමි මා නිති
සූර වීර ඇති
අපල දුරු කර ඇති
හසළ ගුණ ඇති
කතරගම දෙවි
වඳිමි මා නිති
මා දරු ෙදාස් ඇති
අපල සිදුවී ඇති
දුරු කර නිති රැදි
කතරගම දෙවි
වඳිමි මා නිති
(කතරගම දෙවියන් විසින් කරන්නා වූ ආයාචනාවකි. මෙහි නිවැරැදිව ගණ පිහිටුවා ඇත)
සමහර අවස්ථාවලදී නිවෙසේ දෝෂ ඇති නම් දරුවාට අපල කරන අවස්ථාද ඇත. එම නිසා නිවෙස පරීක්ෂා කිරීමද ඉතාමත් වැදගත්ය. එහිදී කරණීයමෙත්ත සූත්‍රය 108 වරක් ජප කර නිවෙසට පැන් ඉසීමද ජලනන්දන පිරිත 1,000 වරක් ජප කර නිවෙසට පැන් ඉසීමද දරුවාට පිරිත් පැන් පානය කිරීමට දීමෙන්ද පවතින කොඩිවින කැපී දරුවාට දේව ආශීර්වාදය ලැබෙනු ඇත.
මවුපියන්ගේ එකම ප්‍රාර්ථනාව දරුවා යහමඟ යැවීමයි. එම නිසා ඉහත දක්වන ලද පූජා විධි ඒ ආකාරයෙන් නිවැරැදිව සිදු කර යහපත් ප්‍රතිඵල ලබා ගන්න. දරුවාගේ ක්‍රියාකලාපය අනුව පූජා විධි හා පින්කම් වෙනස් කර ගත යුතුය. ඉහත ක්‍රම නිවැරැදිව සිදු කොට ඔබත් ඔබේ දරුවා යහමඟට යොමු කර රටට වැඩදායී පුද්ගලයකු කිරීමට දායක වන්න. ඔබට සදා ජය.
ජේයාතිෂ්යවේදී
කුරුණෑගල කේ.එම්. කරුණානායක