ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Mawbima, 2015-07-30 02:00:00
    Read 355 Times


    දයාබර මවුපියනි. ඔබේ දරුවා කුඩා දරුවෙක්ද, මුරණ්ඩු හිතුවක්කාර වැඩ කරයිද? පාසල් වැඩට අසමත්ද? මේ වන විටත් ඔබ ජොතිෂ්‍යවේදීන් හමු වී යන්ත්‍ර පැලඳවීම් ආදිය කළද ඉන් ඵලක් නොවීද?

    "මගේ දරුවා ඉගෙන ගන්නේ නෑ, හිතුවක්කාරයි, තාත්තට ගහනවා අම්මට බයිනවා, අපි මොනවා කළත් සෑහීමකට පත් වෙන්නෙ නෑ. මේ ළමයා ගැන බයයි. අපිට මේ ළමයාගේ පාසල් ගමන පවා අතරමඟ නතර වෙයි කියලා බයක් දැනෙනවා. වෙලාව බලපු තැන්වලින් නම් කීවේ මේ ළමයට ලොකු අපල කාලයක් උදා වෙලා කියලයි."
    ඔබගේ දරුවාත් ඉහත සඳහන් කළ දරුවා මෙන් දඩබ්බර නම් රාහු ඒරාෂ්ටක කාලයක් අනිවාර්යයෙන්ම ලබා ඇති බව කිව හැකියි. මෙම ඒරාෂ්ටක අපල කාලය පසු කර ගතහොත් ඉන් ඉදිරියට ලබන කාලය තුළ දරුවා සාර්ථක වනු ඇත.


    ඔබගේ දරුවා යහපත් දරුවකු ලෙස සමාජගත කරන්නේ කෙසේද? පළමුව ඔබේ නිවෙස තුළ බුදුන් වඳින්න පිරිසුදු ස්ථානයක් සකසා ගන්න. දෙවියන්, බුදුන් වඳින ස්ථානයට ඔබේ දරුවාද සහභාගි කරවා ගන්න. ඉන්පසු බුදුහිමි සහ දෙවියන් ඉදිරියේ දරුවාට ඇහෙන සේ ඔබේ ප්‍රාර්ථනාව ශබ්ද නඟා කියවන්න. මීට අමතරව ඔබේ දරුවාගේ ලග්නයට අධිපති දෙවි කෙනෙක් සිටින අතර එම දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කර ශබ්ද නඟා අවශ්‍ය වූ කාරණාව කියන්න. උදෑසන 06.00ත් 7.00ත් අතර කාලය සහ පස්වරු 5.30ත් 6.30ත් අතර කාලය තුළ බුදුන් වැඳීම සිදු කර ඔබේ ප්‍රාර්ථනාව සිදු කිරීම ඉතාමත් වැදගත්ය.


    මීට අමතරව ඔබේ දරුවාගේ ජන්ම පත්‍රය පරීක්‍ෂා කර බලා ඊට අදාළව ඇති පින්කම් සිදු කළ යුතුය. මෙය කළ යුත්තේ ඔබේ දරුවාද සහභාගි කරවාගෙනය.
    මීට අමතරව ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැසී පිරිත් නූලක් ගැට ගස්වා ආශීර්වාදය ලබා ගන්න. මෙම පිරිත් නූල් ගැට ගැසීම හා ආශීර්වාද ලබා ගැනීම සති දෙකකට වරක් අනිවාර්යයෙන් සිදු කළ යුතුය. කතරගම දෙවියන් වෙනුවෙන් බදාදා / සෙනසුරාදා දිනවල පලතුරු පූජාවක් පැවැත්වීමෙන් සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගත හැකියි.
    නානා වණ්ණෝ මහා තේජෝ
    බලෝ මයුර වාහනෝ
    දේවින්දෝ කාචරගාමේ
    ඉමං පුඤ්ඤානු මෝදති
    බුදුන් වැඳ ඉහත ආකාරයට ගාථා කියමින් කතරගම දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඉන් අනතුරුව කතරගම දෙවියන්ට තමන්ගේ අවශ්‍යතාව පවසන්න. එමෙන්ම පහත කවි ගායනා කරන්න.


    සකල දන නිති රැඳි
    මනා විකුම් ඇති
    සිත් සත් දිනන් ඇති
    කතරගම දෙවි
    වඳිමි මා නිති
    සූර වීර ඇති
    අපල දුරු කර ඇති
    හසළ ගුණ ඇති
    කතරගම දෙවි
    වඳිමි මා නිති
    මා දරු ‍ෙදාස් ඇති
    අපල සිදුවී ඇති
    දුරු කර නිති රැදි
    කතරගම දෙවි
    වඳිමි මා නිති


    (කතරගම දෙවියන් විසින් කරන්නා වූ ආයාචනාවකි. මෙහි නිවැරැදිව ගණ පිහිටුවා ඇත)
    සමහර අවස්ථාවලදී නිවෙසේ දෝෂ ඇති නම් දරුවාට අපල කරන අවස්ථාද ඇත. එම නිසා නිවෙස පරීක්‍ෂා කිරීමද ඉතාමත් වැදගත්ය. එහිදී කරණීයමෙත්ත සූත්‍රය 108 වරක් ජප කර නිවෙසට පැන් ඉසීමද ජලනන්දන පිරිත 1,000 වරක් ජප කර නිවෙසට පැන් ඉසීමද දරුවාට පිරිත් පැන් පානය කිරීමට දීමෙන්ද පවතින කොඩිවින කැපී දරුවාට දේව ආශීර්වාදය ලැබෙනු ඇත.


    මවුපියන්ගේ එකම ප්‍රාර්ථනාව දරුවා යහමඟ යැවීමයි. එම නිසා ඉහත දක්වන ලද පූජා විධි ඒ ආකාරයෙන් නිවැරැදිව සිදු කර යහපත් ප්‍රතිඵල ලබා ගන්න. දරුවාගේ ක්‍රියාකලාපය අනුව පූජා විධි හා පින්කම් වෙනස් කර ගත යුතුය. ඉහත ක්‍රම නිවැරැදිව සිදු කොට ඔබත් ඔබේ දරුවා යහමඟට යොමු කර රටට වැඩදායී පුද්ගලයකු කිරීමට දායක වන්න. ඔබට සදා ජය.

    ජේ‍යාතිෂ්‍යවේදී
    කුරුණෑගල කේ.එම්. කරුණානායක
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ජීවිතාවබෝධය සහ කේන්දරයේ පිහිට



    Mawbima, 2015-07-23 02:00:00



    මෙලොව ජනිත වන ඕනෑම ජීවියකුටම උරුම වූ අනන්‍යතාවක් තිබේ. මෙම අනන්‍යතාව සහජයෙන්ම පිහිටන අතර එය ජීවත්වන කාලය තුළ තබන අත්දැකීම් සහ අත්විඳීම්වලින් ඔපවත් වේ. මෙලොව බිහිවන සත්ත්වයන් අතුරින් මිනිසා තමන්ගේ උසස් මනස මෙහෙයවා තමාගේ වර්තමානය මෙන්ම අනාගතයද ඉතා හොඳින් කළමනාකරණය කරගනී. බොහෝ මිනිසුන් එසේ වුවත් තවත් මිනිසුන් කොටසක් තමන්ට ලැබුණු ජීවිතය පිළිබඳ නිවැරැදි අවබෝධයක් හෝ වැටහීමක් නොමැතිව ජීවිතය පසුතැවිල්ලෙන් වේදනාවෙන් අනාගතයට සහ අතීතයට වෛර කරමින් ජීවිතය ගෙන යති. ඔවුන් කාට හෝ වැරැද්දක් පටවමින් තවමත් කාලය කා දමමින් ජීවිතය ඔහේ ගෙවා දමති.

    මිනිසාගේ ජීවිතය පිළිබඳ යථාවබෝධයක් ලබාදෙන්නේ තමන්ගේ කේන්දරයයි. ලොව පහළ වූ මහා ඍෂිවරු ස්වයං භූ ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කරගත්තා වූ ජේ‍යාතිෂය මිනිසාගේ ජීවිතය යහපත් පැත්තට ගොඩනංවා ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය සාක්‍ෂාත් කරනු පිණිස ඔවුන්ට අනුකම්පාව පෙරදැරිව ලෝකයට දායාදකර ඇත.

    සත්‍ය වශයෙන්ම ජේ‍යාතිෂය වූ කලී ජීවිතය මේ යැයි පෙන්වන කැඩපතක් වෙයි. මෙම කැඩපතින් මුහුණ පමණක් නොව මුළු වතම සියුම් සියුම් ආකාරයට බැලීමටත් නිරීක්‍ෂණය කිරීමටත් හැකියාවක් තිබේ.

    තමන් උපත ලබන විට නැඟෙනහිර අහසෙහි පායන තරු ඇසුරු කරමින් ගොඩනංවන අහස් සිතියමට අනුකූල වන පරිදි මිනිසාගේ ජීවිතය විංශෝත්තරී දශා ක්‍රමය අනුව අවුරුදු 120කට ගැන තිබේ. එම බෙදීම තුළ වන දශා අනු දශා විදශා ක්‍රම හරහා ජන්මියාගේ ජීවන විග්‍රහයක් උරුම කරයි. මෙම තත්ත්වයන් හඳුනාගෙන තමන්ට අමිල ලෙස ලැබුණු ජීවිතය යහපත් ආකාරයෙන් ගත කරන්න අවශ්‍ය සාධක මේ ලෝකය තුළ බහුලව ඇත. ජන්මියා කළ යුත්තේ එම හිතකර සාධකයන් සහ ක්‍ෂේත්‍ර පිළිබඳ අවධානය යොමුකර එය තමන්ගේ ජීවිතයට බද්ධ කර ගැනීමයි.


    පුද්ගලයකුට පුද්ගල ජීවිතයක් සමාජය තුළ පවත්වාගෙන යෑම සඳහා ඔහුට හෝ ඇයට නිවැරැදි පෞරුෂයක් තිබිය යුතුයි. එය වූ කලී බාහිරින් පමණක් දැකිය හැකි කාරණයක් නොවුණත් බාහිරට එය විද්‍යමාන වන ආකාරයක්ද බැලූ බැල්මට ඇත. බුදුදහම තුළ විග්‍රහ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා යනුවෙන් නාමකරණය වී ඇති සතර බ්‍රහ්ම විහරණය තමන්ගේ ජීවිතය තුළට ඇද බැඳ තබා ගන්න හැකියාව ඇති ජන්මියෙක් නම් එම ජන්මියා ප්‍රබල පෞරුෂත්වයක් සමාජය ඉදිරියේ පෙන්නුම් කරන්නෙකි.


    මෙත්තා යනු මෛත්‍රියයි. තමන්ටත් අන් අයටත් මෛත්‍රි සහගත සිතුවිලි මුදාහරින්න තරම් ගැඹුරු ශක්තියක් ජීවිතය තුළ ගොඩනංවා ගන්න හැකියාව ඇත්නම් එය මහා කුසලයකි. එම කුසලය සහිත මනසින් යුක්තව සෑම සියලු සත්ත්වයන්ටම කරුණාව දක්වන්න හැකියාව ඇත්නම් එය ප්‍රබල තත්ත්වයකි. ප්‍රබල ආලෝකයකි. එම කරුණාව පෙරදැරිව මුදිතාවෙන් යුක්තව සෑම මොහොතක්ම ගත කරන්න හැකි නම් ඒ තුළ ගොඩනංවන ආධ්‍යාත්මික ශක්තිය අති ප්‍රබලය. මෙම ප්‍රබල ආධ්‍යාත්මික ශක්තිය සහිතව උපේක්‍ෂාවෙන් එදිනෙදා කටයුතු සම්පාදනය කිරීමට හැකි නම් එහි ප්‍රතිඵලය ඉමහත්ය. ලාභ, අලාභ යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක් යන අටලෝ දහමින් කම්පා නොවී සිටීමේ ගුණය ඉස්මතු වන්නේ එහිදීය. ජේ‍යාතිෂයේදී චර තිර උභය යන සාධකයන් ඔස්සේ ජන්මියාගේ උප්පත්ති කේන්දරයෙන්ද මෙම තත්ත්ව පිළිබඳ ඉඟි අප වෙත ලබාදෙයි. එසේම ග්‍රහයන්ගේ විසිරුණු ස්වභාවයෙන්ද එය හඳුනා ගැනීමට හැකියාව ඇත.


    පුද්ගලයකු සතුව ඉහත ගුණාංග පැවැතියේ නම් එම ජන්මියා ප්‍රබල භූමිකාවක් රඟ දක්වන චරිතයක් වේ. එම ජන්මියා අඳුරු සමාජයට ආලෝකය ලබාදෙන පහන්තරු සමූහයක් වෙයි. එවැනි ගුණ දහමින් පෝෂිත අයකුගේ ජන්ම සටහනේ නවවැන්නට ගුරුගේ සම්බන්ධයක් ඇති බව පැහැදිලිය. ඒ සම්බන්ධයෙන් වන ශ්ලෝකයක් පහත පරිදි වෙයි.
    චතුර්කං තද් ගෘහංතස්‍ය භූමී
    පතේ වල්ලභො වල්ලභා භූමි දේවා:


    ගුරෞ ධර්මගෙ බාන්ධව:
    සදා ලස්‍යතෝ ධර්ම වෛගුණ්‍යකාරි
    නව වැන්නේ ගුරු සිටියදී උපදින තැනැත්තා සිවු මහල් ප්‍රසාද ලබයි. රජුන් සහ ප්‍රභූන්ට ප්‍රිය වඩන්නේද හික්මුණා වූ ඥාතීන්ද සදාකල්හි ඒකාන්තයෙන් ආචාර සමාචාර දී ගුණ ධර්මයන්ගෙන්ද යුක්ත වූයේද වෙයි. ධර්මාදී ගුණ ධර්මයන්ගෙන්ද දයාවෙන් හා ධනයෙන්ද යුක්ත ඥාති සමූහයක් ඇති ඇත්ත කතා කරන අනුකම්පා සහගත ත්‍යාගවන්ත ගුණයෙන්ද යුක්ත වෙයි යන්න එහි තේරුමයි.
    මේ සියල්ල ජනිතාවන්නේ සංසාරික හුරු පුරුදු මතය. එය කල්ප කාලාන්තරයක් හුරු පුරුදු කළ යුතු ගුණධර්මයක ප්‍රතිඵලයක්. එය මේ ආත්මයේදී ප්‍රකාශ වන්නේ සතර බ්‍රහ්ම විහරණය ආරක්‍ෂා කරන එය භාවිතයට ගන්නා පුද්ගලයකු විලසටය.


    එවැනි ජන්මියකුගේ මුහුණ ලස්සන වෙයි. එවැනි ජන්මියකුගේ සහෝදර සහෝදරියන් පින්වන්තයන් වෙයි. මවුපියන් ඉතාම වාසනාවන්ත පින්වන්තයන් වෙයි. ඔහුට හෝ ඇයට ලැබෙන සහකරු ඉතා වාසනාවන්තයි. දුවා දරුවන් ගුණ නුවණින් පොහොසත් දරුවන් වීමට ඇති ඉඩකඩ ඉතා වැඩියි. එවැනි පුද්ගලයකු වසන නිවෙස ශ්‍රියාකාන්තිය බබළවයි. එම ගෘහය තෙල් මල් පහන් සුවඳින් සුවඳවත් වෙයි. මෛත්‍රි සිතින් අකම්පිතව සතර බ්‍රහ්ම විහරණය රැකීමෙන් එම ප්‍රතිඵල ඔබටද ලබාගත හැකියි.

    ජේ‍යාතිර් විද්‍යා පර්යේෂක
    ප්‍රියන්ත පියතිලක
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අධ්‍යාපනයට බාධා කරන ශනිගේ ඒරාෂ්ටකයට විසඳුම්

    Mawbima, 2015-07-23 02:00:00
    Read 328 Times


    මෙහි දැක්වෙන කේන්දර සටහන අප දන්නා ජේ‍යාතිෂයට අනුව පෙන්වන්නේ එය හිමියා ඉතාමත්ම වාසනාවන්ත දරුවකු බවයි. යම් කිසි දිනක රටේ ඉතාමත්ම ඉහළ තත්ත්වයකට පත් වීමේ හැකියාව මෙම දරුවාට තිබේ. උසස් අධ්‍යාපනය ඉතා හොඳින් නිම කර කේෂ්ත්‍රයන් කිහිපයක විශේෂඥයකු වීම කිසි ලෙසකින්වත් නොවැළැක්විය හැක්කකි. ගණිතයෙහි අති දක්ෂයකු වීමේ භාග්‍යය තිබෙන ඔහුට ගණිතය හා සම්බන්ධ වෙනත් විෂයයන් ද ඉතා පහසුවෙන් ධාරණය කර ගත හැකිකම අවබෝධ කර ගත හැකිකම තිබේ. ඒ බව පෙන්වා දෙන්නේ කේතු ග්‍රහයාය. එසේම විශාල පිරිසකට දේශන පැවැත්වීමද තම දේශනයට අසන්නන් ආකර්ෂණය කර ගැනීම ද පහසුවෙන් කළ හැකි බව කේන්දරයේ සෙනසුරු ග්‍රහයා පිහිටා තිබෙන ආකාරයෙන් පෙන්වයි. පොත්පත් කිහිපයකම කතුවරයා වීමේ භාග්‍යය පෙන්වා දෙන්නේ චන්ද්‍ර ග්‍රහයාය.
    දඩබ්බර හා හිතුවක්කාර ගති ඇත්තකු වන බව සැබෑ නමුත් එයට සංවේදී බව හා දක්ෂ නායකත්වයක ලකුණුද එයට එක්වී තිබේ. හිතුවක්කාර හා දඩබ්බර වුවත් එම ගතිගුණ යොදවන්නේ සංවේදී නායකයකු ලෙස නම් එය ඝෘණාත්මක නොව ධනාත්මක පැත්තට බර කාරණාවකි. එසේම මෙම කේන්දරයේ දෙවැන්නේ තිබෙන ග්‍රහ සංයෝගය පෙන්වා දෙන්නේ කෙදිනක හෝ මෙම දරුවා අති දක්ෂ චරිතාංග නළුවකු වන බවයි. ඒ අනුව මෙම කේන්දරය හිමි වන්නේ බොහෝ දක්ෂතා ඇති දරුවකුටය.

    මෙහිදී මෙම කේන්දරය ඔස්සේ පෙන්වා දෙන්න අවශ්‍ය වූයේ බොහෝ දෙනකු මෙවන් කේන්දර ඔස්සේ පටලවා ගන්නා තැනක් පිළිබඳ පැහැදිලි කිරීමටය. ඒ සෙනසුරු ඒරාෂ්ටකය පිළිබඳ පවතින ජනප්‍රිය මතවාදවල හරසුන් බව පෙන්වා දීමටය. සෙනසුරු ග්‍රහයා බොහෝ දෙනකු දකින්නේ ඉතාමත්ම දුෂ්ට හා කෘෘර ග්‍රහයකු ලෙසටය. සෙනසුරු ග්‍රහයා රාශි චක්‍රය වටා එක් වරක් යෑමට දළ වශයෙන් වසර තිහක පමණ කාලයක් ගනී. ඒ එක් රාශියක වසර දෙකහමාරකට ආසන්න කාලයක් අඩු වැඩි ලෙස ගත කිරීම අනුවය. සෙනසුරු ග්‍රහයා කේන්දරයේ ‍ෙදාළොස්වැන්න, පළමුවැන්න හා දෙවැන්න හරහා ගමන් කරන වසර හතහමාරක කාලය සලකන්නේ සෙනසුරුගේ ලග්න ඒරාෂ්ටකය ලෙසිනි. එසේම උපදින විට කේන්දරයේ චන්ද්‍රයා පිහිටි රාශියට ‍ෙදාළොස්වැන්නේ, චන්ද්‍රයා පිහිටි රාශියේ හා ඉන් දෙවැන්නේ සෙනසුරු ග්‍රහයා ගමන් කරන වසර හතහමාරක කාලය සෙනසුරු ජන්ම ඒරාෂ්ටක කාලයයි. කේන්දරයේ අටවැන්නේ සෙනසුරු ගමන් කරන කාලය අෂ්ටම ඒරාෂ්ටක කාලයයි. එය වසර දෙකහමාරකි. එසේම කේන්දරයේ චන්ද්‍රයා පිහිටි රාශියෙන් අටවැන්නේ සෙනසුරු ග්‍රහයා ගමන් කරන කාලය චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටකයයි. එය ද වසර දෙකහමාරකි. උදාහරණයක් ලෙස ඔබගේ කේන්දරයේ චන්ද්‍ර ග්‍රහයා පිහිටා ඇත්තේ හතරවැන්නේ නම් සෙනසුරු ග්‍රහයා ඔබගේ කේන්දරයේ 1, 2, 3, 4, 5, 8, 11, 12 යන තැන්වල ගමන් කිරීම සෙනසුරු ඒරාෂ්ටකයයි. ඒ අනුව සෙනසුරු රාශි චක්‍රය වටා වරක් ගමන් කිරීමට ගන්නා වසර තිහක කාල සීමාවෙන් වසර විස්සක්ම සෙනසුරු ඒරාෂ්ටකයයි.


    ඒරා යන වචනයේ තේරුම වන්ද්‍රයා යන්නයි. අෂ්ටම යනු අටයි. ඒ අනුව සැබෑ ලෙසම සෙනසුරු ඒරාෂ්ටකය විය යුත්තේ අන් කිසිවක් නොව චන්ද්‍රයාගෙන් අටවැන්නේ සෙනසුරු ගමන් කරන කාල සීමාවයි. අන් කිසිදු කාලසීමාවක් සෙනසුරු ඒරාෂ්ටකයක් නොවේ. එය පවතින්නේ වසර දෙකහමාරක කාලයක් පමණි. එම වසර දෙකහමාරද පවතින නිවැරැදි කාලය ගණනය කරන විශේෂ සිද්ධාන්තයක් තිබෙන අතර එය භාවිත කෙරෙන්නේ ඉතාම අතළොස්සක් වූ ජේ‍යාතිෂ ශාස්ත්‍රඥයන් විසින් පමණි.
    මෙම කේන්දරය විග්‍රහ කිරීමේදීද පැටලී තිබෙන ප්‍රධාන කාරණාව එම සෙනසුරු ඒරාෂ්ටකය බව පැහැදිලිය. 2025දී සෙනසුරු ග්‍රහයා මීනයට යන තුරුම මෙම දරුවාට සෙනසුරු ඒරාෂ්ටකය තිබෙන බවට පෙනී යෑම නිසා අධ්‍යාපනය කඩාකප්පල් විය හැකි බවට උපකල්පනය කර ඇති බව පැහැදිලිය. එසේම අධ්‍යාපනයට කාරකයකු වන ගුරු ග්‍රහයා දෙවැන්න වන මකරයේ නීච වී සිටීමත් එම ගුරු හා බුධ ග්‍රහයන් උන්මත්තකයකු ලෙස සැලකෙන රාහු සමඟ සිටීමත් ඉහත කී ප්‍රකාශයට දර දිය සපයා තිබේ. ජනප්‍රිය ජේ‍යාතිෂයට අනුව නම් මෙම කේන්දරය දුටු පමණින් එක හෙළා කිව හැකි කරුණ වන්නේ එසේ අධ්‍යාපනය ඉතාම දුර්වල තැනකට පත්වී ඇති බවයි. එයින්ම අධ්‍යාපනය කඩා කප්පල් වන බවට වන අනාවැකියක් කරා යෑමට ඉඩ සලසා ඇත.


    නමුත් ඇත්ත තත්ත්වය එය නොවේ. මෙම කේන්දරයේ සෙනසුරු ග්‍රහයා එසේ දැඩි අපල ඇති කරන්නෙක් නොවේ. විශේෂයෙන්ම තමන්ගේ දෘෂ්ටිය ඔස්සේ දරුවාගේ කේන්දරයේ බොහෝ තැන් ශක්තිමත් කරන්නකු බවට මෙහි සෙනසුරු පත්වී තිබේ. ගුරු ග්‍රහයා නීච වී රාහු සමඟ සිටියත් මෙහිදී තමන් සිටින තැන ආධිපත්‍යය ඔහු හිමි කරගෙන සිටී. මෙම කේන්දරයේ ගුරු ග්‍රහයා තම බලපෑමට හසු කිරීමට රාහුට නොහැකි අතර ඒ වෙනුවට රාහු ග්‍රහයා තමන්ට නතුකර ගැනීමට ගුරු ග්‍රහයා සමත් වෙයි. එසේම මෙහිදී බුධ ග්‍රහයාද අවනත ගුරු ග්‍රහයාටමය. දෙදෙනාම එකතුව අධ්‍යාපනයට ලබාදෙන ශක්තිය මැඬලීමට රාහුට නොහැකි අතර ඒ වෙනුවට ඔහුට කළ හැක්කේ දරුවා තමන්ගේ අභිමතය පරිදි අධ්‍යාපන ගමන්මඟ තෝරා ගැනීමට යොමු කිරීම වැනි සුන්දර දඩබ්බර බවක් ඇති කිරීම පමණි.


    අධ්‍යාපනය ගැන කේන්දර විමසීමේදී පළමුව දරුවාගේ අධ්‍යාපන ගමන් මඟේ සීමා මායිම් හා දිශානතිය නිවැරැදිව සොයා දැන ගැනීමේ වැදගත්කම ඉතාම ඉහළය. එමෙන්ම පළමුව කළ යුතුම දෙය එයයි. මන්ද යත් එය වෙනස් කිරීම කිසිම ග්‍රහයකුට නොහැකි බැවිනි. අයහපත් ග්‍රහ ගෝචර හා ඒරාෂ්ටක මෙන්ම අයහපත් දශාවන්හිදී සිදුවන්නේ එම දරුවාගේ අධ්‍යාපන හැකියාව අඩු කිරීම නොවේ. දරුවාගේ බුද්ධි මට්ටම හෝ ධාරණ ශක්තිය වෙනස් කිරීම නොවේ. එහිදී වන්නේ දරුවාට ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මක බව අඩු කිරීමයි. එසේම අසනීප වැනි තත්ත්වයක් හේතුකොට ගෙන අධ්‍යාපනයේ යෙදෙන්න තිබෙන අවස්ථාව සීමා කිරීමයි. සමහර විට අධ්‍යාපනය ඉහළින් ලබාදෙන බව පැවැසෙන හොඳ යැයි සැලකෙන පාසලකට එම දරුවාට ඇතුළත්වීමේ අවස්ථාව පමා කිරීම මෙයට උදාහරණයක් සේ පැවැසිය හැකියි. එයින් කිසිසේත්ම දරුවාගේ හැකියාවන් අඩු කිරීමක් සිදු නොවේ. නමුත් තාවකාලිකව ඔහුට ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මක බව අඩු විය හැකියි. නමුත් අවසාන ඉල්ක්කය කරා යෑමට ඔහුට දෛවයෙන් ලැබී තිබෙන අවස්ථාව අහිමි කිරීමක් ඉන් සිදු නොවේ.


    ඕනෑම ප්‍රශ්නයකට නිවැරැදි පිළිතුරක් තිබේ. එය සොයා ගැනීම ඔබගේත් ඔබේ දරුවාගේත් ජයග්‍රහණයේ යතුරයි. ඒරාෂ්ටක හෝ අපල ඇති බව පැවැසේ නම් එයට කළ හැකි නිවැරැදි පිළියමද විමසා සිටීම ඔබට කළ හැකියි.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Mawbima, 2015-07-16 02:00:00
    Read 317 Times


    පහේ පන්තියේ ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. උසස් පෙළ විභාගය අත ළඟය. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වසර අගදී වුවත් එයද එතරම් දුරක නොවේ. බොහෝ දෙනෙක් බුදුන්ගේ පිහිට, දෙවියන්ගේ පිහිට, ජේ‍යාතිෂයේ පිහිට පතන්නේ මෙවැනි හදිසි අවස්ථාවන් අත ළඟටම පැමිණි පසුවය. විභාග සමත් කරවීමට සමත් සුවිශේෂී බෝධි පූජා, විශ්මිත යන්ත්‍ර පළඳනා, අපල දුරු කරන පූජා ආදිය ගැන මේ දිනවල වැඩිපුරම කතා කෙරෙන්නේද ඒ අවශ්‍යතාව ඉටු කිරීමටය.

    දරුවාගේ අධ්‍යාපනයේ හා අධ්‍යාපන හැකියාවේ දිග පළල මෙන්ම දිශානතිය ද පළමුව කේන්දරය මඟින් සොයාගත යුතුය. කේන්දර සටහන තුළින් දරුවාගේ අධ්‍යාපනයේ විවිධ කඩඉම්වලදී දරුවා දැක්විය හැකි දක්ෂතා ගැන මනා අවබෝධයක් ලැබිය හැකියි. ප්‍රාථමික අධ්‍යාපනය ලබන අවධියේ දරුවා දක්ෂතා මතුකරයි ද නැතිද යන්න, අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවල දී දරුවා ඒවාට සාර්ථකව මුහුණ දෙයිද, විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබයිද, ඉන්පසු විශ්වවිද්‍යාල අධ්‍යාපනය සාර්ථකව අවසන් කරයිද, නොඑසේ නම් විදේශ ගතව උසස් අධ්‍යාපන ලබයිද ආදී සියලුම කරුණුවලට පිළිතුරු කේන්දර සටහන තුළින් නිවැරැදිව කල්වේලා ඇතිව දැන ගැනීමට හැකිකම තිබේ. එසේම දරුවාට අනාගතය සාර්ථක කර දෙන මාර්ගය විධිමත් අධ්‍යාපනයද නොඑසේ නම් නොවිධිමත් අධ්‍යාපනයද යන්න ද කේන්දරය පැහැදිලි කර දෙයි.


    දරුවාගේ ප්‍රාථමික අධ්‍යාපන දක්ෂතා කේන්දරයේ හොඳින් පෙන්වයි නම් අන් සියල්ලටම වඩා කළයුතු වන්නේ අධ්‍යාපනයේ වටිනාකම දරුවාට ඒත්තු ගැනෙන පරිදි කටයුතු කිරීමයි. උපක්‍රමශීලී ලෙස දරුවාට එම අවබෝධයට ලබාදී පාඩම් කටයුතුවල නිදහසේ, බාධා අවහිර නැතිව යෙදිය හැකි වාතාවරණයක් සකස් කර දිය හැකි නම් එවන් දරුවකු මවුපියන්ගේ සිත් සතුටු කරවන අධ්‍යාපනික හැකියාවන් ප්‍රදර්ශනය කරනු ඇත. දශා, අනුදශා හා ග්‍රහ ගෝචරයන්ට ගැළපෙන පරිදි සරල ශාන්තිකර්ම කිහිපයකින් පසුබිම නිරවුල් කරදීම දෙවනුව කළ හැකි දෙයයි.


    එසේම කේන්දරයේ දැක්වෙන්නේ දරුවාගේ අධ්‍යාපනික හැකියාව දුර්වල බව නම් හෝ සතුටුදායක නොවන බව නම් ඊට හේතු ද කේන්දරය ඔස්සේ දැනගෙන ඒ සඳහා නිසි පිළියම් කළ යුතුය. විශේෂයෙන්ම කිවයුතු කරුණක් නම් කේන්දරයේ දැක්වෙන ග්‍රහ යෝගවලින් මුළාවට පත් නොවන්න යන්නයි. පංච මහා පරුෂ යෝග, බුධ ආදිත්‍ය යෝගය ආදී නොයෙකුත් ග්‍රහ යෝග මඟින් බොහෝ දෙනෙක් මුළාවට පත් කෙරෙනු, පත්වෙනු අප නිතර දැක ඇත. ඒ බොහෝ අවස්ථාවලදී එකී යෝගයන් පිහිටා තිබෙන ආකාරයෙන්ම අවලංගු වී තිබෙනු ද දැකිය හැකිය.


    අනෙක් කරුණ නම් සෙනසුරු ඒරාෂ්ටක තිබෙන බැවින් අධ්‍යාපනයට බාධා එල්ලවන බවට පැතිරෙන මතයයි. සෙනසුරු අධ්‍යාපනයට බාධා කරන්නෙක් නොවේ. මහා ප්‍රාඥයන් බිහිවීමට නම් වර්ග කේන්දර බහුතරයක සෙනසුරු ග්‍රහයාගේ ආධිපත්‍යය තිබිය යුතු වීම අනිවාර්යය කරුණකි. එම නිසා සෙනසුරු ඒරාෂ්ටකය කියන දෙය තිබූ පමණින් දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව කිසිසේත්ම බිය විය යුතු නැත. සෙනසුරුගේ ප්‍රශ්නයක් තිබුණත් එය ගොඩින් බේරා ගැනීමේ හැකියාව තිබේ.
    එසේම සෙනසුරු ඒරාෂ්ටකය සත්‍ය ලෙසම යෙදෙන්නේ දැනට තිබෙන ජනප්‍රිය ජේ‍යාතිෂයේ එය කියැවෙන ආකාරයට නොවේ. සෙනසුරු ඒරාෂ්ටකය තිබෙන කාලය නිර්ණය කරන්නේ වෙනත් ආකාරයටය. සමහරුන් සෙනසුරු ඒරාෂ්ටකට තිබුණු කාලයේ ජනාධිපති පදවියට පවා පත්වූ බව පොත්පත්වල සඳහන්ව තිබෙනු අප දැක ඇත. එහෙත් ඇත්ත කාරණාව නම් සෙනසුරු ඒරාෂ්ටකය ගැන ඇති ආකාරය වැරැදී තිබීම මිස අන් කිසිවක් නොවේ. මෙහිදී මා ඔබට කියන්නට උත්සාහ කරන්නේ සෙනසුරු ඒරාෂ්ටකයක් තිබෙනවා කියූ පමණින් දරුවාගේ අධ්‍යාපනය හෝ වෙනත් කිසිදු දෙයක් සම්බන්ධව බිය නොවිය යුතු බවයි.


    ජේ‍යාතිෂය හා කේන්දරය ඔබගේ ජීවිතයට වාරුවක්, සවියක්, ඉදිරි මඟ නිරවුල් කරගන්නක් බවට පත් කරගන්න. දරුවාගේ අධ්‍යාපන ගැන කෙන්දරයේ පෙන්වන සීමා මායිම් පළමුව අවබෝධ කරගන්න. ඉන්පසු ඒ අනුව කළ යුතු දේ කරන්න. දරුවාගේ අධ්‍යාපනික ගමන් මඟ දුර්වල නම් කළයුතු ශාන්තිකර්ම කර එම තත්ත්වය යහපත් අතට හරවන්නට උත්සාහ කරන්න. දරුවාගේ අධ්‍යාපනික ගමන් මඟ ශක්තිමත් නම් පැහැදිලි නම් අනවශ්‍ය ලෙස දරුවාට වද නොදී ඔහුට වඩා සුදුසු මාර්ගයක් සොයා දෙන්න. දරුවා උසස් අධ්‍යාපනය ලබන්නේ හෝ වෘත්තීමය තත්ත්වය ලබන්නේ නොවිධිමත් අධ්‍යාපනය ඔස්සේ නම් ඒ සඳහා සුදුසු වටපිටාව කල් තබාම දරුවාට සකසා දෙන්න.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ලග්නාධිපති හතේ නම් දවසකට හරි රට යන්න පුළුවන්

    වර්තමාන ජන සමාජයේ මිනිසා දැඩි කාර්යබහුලත්වයට පත්ව ඇත. ජීවත් වීම සඳහා ප්‍රබල අරගලයක නිරත වීමට මිනිසාට සිදුවෙමින් පවතී. ඒ සඳහා කෙනෙක් තමන් උපන් භූමියේ රැකීරක්ෂාවල නිරත වෙයි. තව කෙනෙක් රැකී රක්ෂා සඳහා විදේශගත වීමද දැකිය හැකිය.







    inShare​









    Mawbima, 2015-07-16 02:00:00
    Read 653 Times


    වර්තමාන ජන සමාජයේ මිනිසා දැඩි කාර්යබහුලත්වයට පත්ව ඇත. ජීවත් වීම සඳහා ප්‍රබල අරගලයක නිරත වීමට මිනිසාට සිදුවෙමින් පවතී. ඒ සඳහා කෙනෙක් තමන් උපන් භූමියේ රැකීරක්ෂාවල නිරත වෙයි. තව කෙනෙක් රැකී රක්ෂා සඳහා විදේශගත වීමද දැකිය හැකිය.
    කෙනකුට තමන් උපන් මවුබිමේ කරන රැකී රක්ෂාව ඉතා දියුණුවට පත්වන අතර තවත් කෙනකුට මෙරටින් පිටව විදේශයකදී කරන රැකියාව වඩාත් දියුණුවට පත්වීමද අපට දැකිය හැකිය. අධ්‍යාපනයට, විනෝද ගමන් සඳහා හෝ වන්දනා ගමන් සඳහාද කෙනකුට විදේශ ගතවීමේ අවස්ථා උදාවෙයි. මේ ආකාරයට අද ලෝකයේ සෑම රටකම මිනිස්සු විදේස් සංචාර සිදු කරති. රැකියා, අධ්‍යාපන, ගවේෂන, විනෝද, සංචාර, වෛද්‍ය ප්‍රතිකාර ලැබීම් ආදී බොහෝ කරුණු මුල් කරගෙන මෙලෙස විදෙස් සංචාර සිදු කරති.
    කෙසේ වෙතත් කුමන කරුණක් සඳහා ජන්මියකු විදෙස් ගත වුවත් ඔහුගේ හෝ ඇයගේ කේන්දරයේ විදෙස් සංචාරගත කිරීමට රුකුලක් දෙන ග්‍රහයෝග අනිවාර්යයෙන්ම තිබිය යුතුය. ඒ සඳහා විදෙස්ගත වීමේ ප්‍රධානම රාශිය 12 වැන්නයි. ඊට අමතරව කේන්දරයේ 07, 09, 10 යන ස්ථානයන්ද විදෙස්ගත වීමට බලපානු ඇත. 5 වැනි රාශිය හැර සෙසු සියලු රාශි විශ්ලේෂනය කළ යුතුය. කේන්දරයේ 1 වැන්න මාතෘ භූමියද කේන්දරයේ 4 වැන්න තමා ජීවත්වන භූමියද පෙන්නුම් කරයි. පළමුවැන්නත්, හත් වැන්නත්, දස වැන්නෙත් තැන්පත් ග්‍රහ දෘෂ්ටිය අනුව ලබන ග්‍රහ බලපෑම් අනුව යමකුට උපන් රටෙන් පිටව යා හැකිය.
    මේ අතර තුන්වැනි රාශියද කෙටි ගමන් පෙන්වයි. 9 වැන්න පෙන්වන්නේ දීර්ඝ ගමන්ය. එම ස්ථානය මේෂ, කටක, තුලා, මකර රාශියක් වී විදෙස්ගත වීම් සඳහා හිත් යොමු කරවන මූලික අඩිතාලම වනු ඇත. වෘෂභ, කන්‍යා, මකර වැනි පෘථිවි රාශියක් නම් පොළොව මත ගමන් කරන වාහන වලින්ද, මිථුන, කන්‍යා, තුලා යන වායෝ රාශියක් නම් ගුවන්යානාවලින්ද, වෘශ්චික, හා මීන නම් දියේ ගෙන යන නැව්, බෝට්ටු මඟින්ද, සංචාරයේ යෙදෙන බව කිව යුතුය. නමුත් අනෙක් බලපෑම් මත මේවා තරමක් වෙනස් විය හැකිය. ග්‍රහයන් අනුව රවි, සඳු, බුධ හා සිකුරු චර ග්‍රහයෝ වන අතර ගුරු, කුජ හා ශනි තිර ග්‍රහයෝ වෙයි.

    යමකුගේ කේන්දරයේ ලග්නාධිපතියා 7 වැන්නේ තැන්පත්ව සිටී නම් ඔහු හෝ ඇයට මෙම ජන්ම භූමියෙන් පිටත දේශයක වාසය කිරීමට සිදුවෙයි. තවද චර රාශියක් ලග්නය වී හෝ ලග්නාධිපතියා චර රාශියක සිට වෙනත් චර රාශියක දෘෂ්ටියට හසුවී නම් ජන්මියා විදේශයක වාසය කිරීමට සලස්වනු ලබන ග්‍රහ බලයකි. ඉතා සාර්ථක විදෙස්ගත වීමක් සිදුවීමට ලග්නය චර රාශියක් වීමත් ලග්නාධිපතියා රවි, සඳු, බුධ හෝ සිකුරු යන චර රාශියක් වීම අත්‍යවශ්‍ය වෙයි. මෙවන් ප්‍රබලතම යෝගයක් නොතිබුණද විදේශ ගත වීමට හැකි වෙනත් යෝග තවත් බොහෝ ගණනක් ජේ‍යාතිෂයේ සඳහන් වෙයි.


    කේන්දරයේ 4 වැන්නාධිපතියා සුබ ස්ථානයක ගුරු හා යෝගව හෝ ලග්නාධිපතියාගේ දෘෂ්ටියට හසුවී හෝ එම පිහිටීම සමඟ 2 වැන්න බලවත් වීම යම් ජන්ම පත්‍රයක දක්නට ලැබෙයි නම් එම ජන්මියා විදෙස්ගතව මුළු ජීවිත කාලයම ගත කරනු ලබයි. කුජ 4 වැන්නේ සිටි ජන්ම පත්‍ර හිමියා වෙනත් දේශයක වාසය කරයි. ගෘහ ජීවිතයේ මුල් කාලය ඉතා පී්‍රතිමත් වෙයි. 6 අධිපතියා 2 වැන්න හෝ 10 වැන්නේ සිටීමද විදෙස් ගමන් සඳහා හිතකර යෝගයකි.
    චර ග්‍රහයන් වේගවත් වුවද තිර ග්‍රහයන්ගේ ගමන් මන්දගාමී වෙයි. ගමන් බිමන්වලට විශේෂයෙන්ම බලපාන්නේ චර ග්‍රහයන්ය. ගුරු ග්‍රහයාගේද ප්‍රබල බලය විදෙස් ගමන් කෙරෙහි බලපානු ලබයි. නිතර විදේශගත වන ජන්මීන්ගේ කේන්දරයන් පරීක්ෂාවට ලක් කළ විට දැනගත හැකි වන්නේ ඔවුන්ගේ කේන්දරවල ගුරු බලවත් වීම හෝ ධනු ලග්න හිමියන් වීම බොහෝ විට දැකිය හැකිය.


    6 අධිපති 2 වැන්නේ සිට 8 වැන්න දකින්නේ නම් හෝ රාහු 6-8-11-12 ස්ථානය සිටින විට නිතර විදෙස් ගමන් යෙදීමට හේතු වෙයි. 7 වැන්නේ රවි උච්චව සිටීමද ප්‍රබල වූ විදෙස්ගත යෝගයකි. තුලා ලග්නය වී රවි මේෂයේ බලවත්ව සිටීමද විදෙස් රැකියා සඳහා ප්‍රබල යෝගයක් වනු ඇත.


    ලග්නාධිපතියා 7 වැන්නේ සිටීම එක් දිනකට හෝ විදෙස්ගත වීමට සිදුවන පිහිටීමකි. 3 වැනි භාවයද විදෙස්ගත වීම් පෙන්නුම් කරයි. රාහු 3 වැන්නේ සිටීම විදේශ ගමන් සඳහා මඟ පාදයි. තෙවැන්න කටකය හෝ මීන වී එහි සඳු සිටීමෙන් නියත වශයෙන් විදෙස් වන්දනා ගමන් සඳහා අවස්ථා හිමි වෙයි.
    රවි නීචව 8 වැන්නේ සිටීමද අවිවේකී ගමන් සඳහා යොමු කරවන පිහිටීමකි. ගුරු 8 වැන්නේ පිහිටීමෙන් නිතර වන්දනා ගමන්වල යොදවයි. ශනි 8 වැන්නේ නම් අෑත ගමන්වල යෙදීමට හැකි වෙයි. 9 වැන්නේ සිකුරු පිහිටීමද වන්දනා ගමන් සඳහා සුබදායී වනු ඇත. 10 වැන්න අධිපති 1/4/7/12 හෝ 5/9 යන ස්ථානයක සිටී නම් පී්‍රතිමත් විදේශ සංචාරයක යෙදෙන බවත් 10 වැන්න අධිපති දුෂ්ට ස්ථානයක සිටි විට විදේශ ගමන් සඳහා අසුභ දේත් සිදුවන බව දැනගත යුතුය.


    කේන්දරයේ 7 වැන්නාධිපති සිටින්නේ 12 වැන්නේ නම් එම ජන්මියා විවාහයෙන් පසු විදේශ ගත වෙයි. තම සැමියා හෝ බිරිය සමඟ හෝ නැත්නම් තමා පමණක් හෝ විදේශගත වනු ඇත. නැතිනම් තමාට ලැබෙන සහකරු හෝ සහකාරිය විදේශයක පදිංචි අයකු වීමට බොහෝ දුරට ඉඩ තිබේ. කේන්දරයේ ග්‍රහ පිහිටීම් මෙන්ම නවාංශකයේ ග්‍රහ පිහිටීම් දෙසද අවධානය යොමු කිරීම තුළින් විදේශ ගත වීම පිළිබඳ සාර්ථක පිළිතුරක් අපට ලබාගත හැකිය.
    ඉහත දැක්වූ ගහ බල තත්ත්ව හා යෝග ඔබගේ කේන්දරයේත් පිහිටා තිබේදැයි අවධානය යොමු කිරීම තුළින් ඔබටත් විදේශ ගතවීමේ වාසනාව උදාකර ගත හැකිය.





     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කලාකරුවන් බිහිකරන සිකුරුගේ යෝග


    යම් ජන්මියකු වත්මන් ආත්ම භාවය තුළ සිදුකරන ක්‍රියාකාරකම් හා ගති පැවැතුම් බොහෝ විට තීරණය වන්නේ ඒ අය පූර්වභාවයේදී කළ කී දෑ අනුව බව බෞද්ධයන් පිළිගන්නා අතර වත්මන් අධිමානසික පර්යේෂණ තුළින්ද තහවුරු වී ඇත. ජේ‍යාතිෂ විද්‍යාවේ මූලික සැලස්ම වන කේන්දරය තුළ ග්‍රහයන් පිහිටා ඇති ආකාරය සියුම්ව නිරීක්ෂණය කිරීමෙන් අදාළ ජන්මියා කුමන අංශයකට යොමුවේද යන්න පරීක්ෂා කළ හැකියි. සංගීතඥයන්, නළු - නිළියන් වැනි කලා අංශයේ නියුක්ත වූවන් සිකුරු හා යෝග වූ රවි, බුධ, සඳු, කුජ වැනි ග්‍රහයන් හේතුකොටගෙන ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ගොස් ඇති බව පෙනේ.
    උදාහරණ කීපයක් ගෙන බලමු.


    අමිතා බච්චන්
    1942. 10. 11 ප.ව. 16.00
    අලහබාද් ඉන්දියා.
    මෙහි ඇති සිකුරු මුල්කරගත් චතුර් ග්‍රහ යෝගයක් වූ සි, බු, ර, කු යෝගය නිසා ඉගෙනීමෙන් ධනයෙන්, සැප සම්පත්වලින් පමණක් නොව කලා අංශයේ උසස්ම තත්ත්වයකට පැමිණෙයි. ධනවත්. කලාවට ළැදි, දැකුම්කලු, කතාවේ දක්ෂ, වටිනා දේ අඳින පලඳින, මෙම ජන්මියාගේ 10 වැන්නාධිපති කුජ සමඟ සිකුරු යෝගවීම නිසා රැකියාව රඟපෑම වෙයි. සඳුගේ සිට 10 වැන්නේ සුබයෙක් වූ ගුරු සිටීමෙන් බිහිවූ අමිල කීර්ති යෝගය නිසා නිරෝගී, ධනවත්, චරිතවත්, අනුන්ට උදවු උපකාර කරන තත්ත්වයකි. ගුරු සඳුගේ සිට කේන්දරගතව 10 වැන්නේ වීම නිසා වූ ගජකේශරී යෝගයෙන්ද මොහු දැහැමි, බලවත්, ධනවත්, බුද්ධිමත්, ජනප්‍රිය, ප්‍රසිද්ධ, රජෙක් සේ බබළවයි.
    දිලිප් කුමාර්


    1922. 12. 11 - 11.15
    පේෂවර් - පාකිස්තානය.
    මෙහි ඇති ත්‍රිග්‍රහ යෝගයක් වූ රවි, බුධ, ශුක්‍ර යෝගය නිසා ශරීරය ලක්ෂණ සියුමැලි, කලාවට ළැදි, සැපයට කැමැති, ඉගෙනීමට, කතාවට, කාව්‍ය ශාස්ත්‍රයට, රඟපෑමට දක්ෂයෙක් වෙයි. නෛසර්ගික සුබයෙක් වූ ගුරු ලග්නයේ සිට 10 වැන්නේ වීම නිසා වූ අමිල කීර්ති යෝගය හේතුවෙන් ජන්මියා පාලකයන්ගේ ගෞරවාදරයට ලක්වෙන නිරෝගී, අන් අයට උදවුකරන, තම ක්‍රියාකාරකම රැකියාව වන ජනප්‍රිය තැනැත්තෙක් වෙයි. 5-10 අධිපති සිකුරු, ගුරුගේ විසා නැකැතේ 4 පාදයේ සාත්වික ගුණයෙන් ජන්මියා බබළවයි. බුධ, බුධගේ දෙට නැකැතේ සාත්වික ගුණයෙන්ද රවි බුධගේ දෙට නැකැතේ 3 පාදයේ සාත්වික ගුණයෙන්ද කලාව ඔප් නංවයි. කුජ රාහුගේ සියාවස නැකැතේ රජස් ගුණයෙන් සිට පිළිවෙළින් සුබපල දෙයි.


    චාලි චැප්ලින්
    1889. 04. 16 - ප.ව. 8.00
    ලන්ඩන්
    මෙහි කලාවට අධිපති සිකුරු, යෝගවී ඇත්තේ අධිපති රවි හා 7 අධිපති කුජ සමඟය. මෙම යෝගය හිමියා කලාවට නැඹුරු ධනවත් දැකුම්කලු වාසනාවන්ත අයෙකි. කතාවට අධිපති බුධ 12 අධිපති ලෙස 6 වැන්නේ සිටිමින් වූ විපරීත විමලා රාජ යෝගය නිසා මොහු විනෝදකාමී, ස්වාධීන, කතාවේ අතිදක්ෂකමින් අන් අය පී්‍රතියට පත්කරන ජනප්‍රිය චරිතයක් වෙයි. බී්‍රටක යෝගය වී ශනි 10 වැන්නේ සිටීමත් සුබ දෘෂ්ටි ලැබීම නිසා මහජනයා අතර සුවිශේෂී ජනප්‍රියතාවක් ලැබීමට හේතු විය. කුජ ග්‍රහයා 7 වැන්නේ කේන්ද්‍රගතව මූලත්‍රිකෝණවූ, ස්වක්‍ෂේත්‍රව පිහිටීම නිසා රුචක මහා පුරුෂ යෝගයද මොහුගේ අති විශේෂ ක්‍රියාකාරකම් සමඟ ජනප්‍රියත්වයට හේතු විය.

    මෙම කේන්දරයේ සිකුරු, සිකුරුගේ බෙරණ නැකැතේ 4 වැනි පාදයේ රජස් ගුණයෙන් යුක්ත වීමද කුජ, සිකුරුගේ බෙරණ නැකැතේ 3 වැනි පාදයේ රජස් ගුණයෙන් යුක්ත වීමද බුධ ග්‍රහයා බුධගේ රේවතී නැකැතේ 3 වැනි පාදයේ සාත්වික ගුණයෙන් යුක්ත වීමද චාලි චැප්ලින්ගේ ජනප්‍රියත්වයට හා විනෝදකාමිත්වයට හේතු විය.

    රාජේශ් ඛන්නා
    1942. 12. 29 - 17.45
    අමිරිෂ්ඨර් - ඉන්දියාව
    මෙහි කලාවට දායක සිකුරු යෝගවී ඇත්තේ 1-4 අධිපති බුධ සමඟය. කලාවට රංගනයට හා සංගීතයට නැඹුරුවන අතර වටිනා ඇඳුම් පැලැඳුම් හා ඉඩකඩම් දේපළ සමඟ විශේෂ කථිකත්වයක් මෙම යෝග හිමියන්ට ලැබේ. සහජ භාවය අධිපති රවිද බුධට යෝග වීමෙන් ක්‍රියාශීලී, බුද්ධිමත් භාවයක් ලබාදෙයි. ලග්නාධිපති හා 7 වැන්න අධිපතිගේ පරිවර්තන යෝගයක් වූ මදන ගෝපාල යෝගය නිසා මොහු කාන්තාවන් අතර අතිශය ජනප්‍රිය චරිතයක් විය. සුබ ග්‍රහයන් සියල්ල කේන්දරගත වීම නිසා බිහිවූ අමර යෝගයක් 4 වැන්න අධිපති කේන්දරගත වීම නිසා වූ උත්තම ගී්‍රහ යෝගයත් නිසා ජන්මියා විශාල ධනයකට හා සුවිසල් මැඳුරුවලට හිමිකම් ලබා ඇත.


    මෙහි සිකුරු, සිකුරුගේ පුවසල නැකැතේ 4 වැනි පාදයේ රාජසික ගුණයෙන්ද, බුධ රවිගේ උත්‍රසල නැකැතේ 1 පාදයේ රාජසික ගුණයෙන් යුත්තවද රවි සිකුරුගේ පුවසල නැකැතේ 1 පාදයේ රාජසික ගුණයෙන් යුක්ත වීමද ජනප්‍රියත්වයට හේතු විය. 6 වැන්න අධිපති 6 වැන්නේ වීමෙන් නිර්මාණය වූ විපරීත හර්ෂා රාජ යෝගයද, ගුරු ලග්නයේ හා නවාංශකයේ එකම රාශිගත වීම පිහිටීම නිසා වූ ත්‍රීක ලග්ඥාන යෝගයද ලග්නාධිපති හා 12 අධිපති කේන්දරගතව පිහිටීම හා එකිනෙකාට සුබ දෘෂ්ටි ලැබීම නිසා නිර්මාණය වූ පර්වත යෝගයද, ලග්නාධිපති හා සඳු තැන්පත් රාශි අධිපති එක්ව කේන්දරගතව තැන්පත් වීමෙන් නිර්මාණය වූ පුෂ්කලා යෝගයද, 8 වැන්න අධිපති 12 වැන්නේ සිටීම නිසා වූ විපරීත සරලා රාජ යෝගයද 4 අධිපති 5 වැන්න අධිපති සමඟ යෝග වීමෙන් නිර්මාණය වූ මහා පරිවර්තන යෝගයද රාජේශ් ඛන්නාගේ රංගන දිවියටත් සුඛෝපභෝගී ජීවිතයටත් ඉමහත් පිටිවහලක් වී ඇත. එසේම මෙම කේන්දරයේ චර රාශිවල කිසිම ග්‍රහයෙක් පිහිටා නැති වීම හේතුවෙන් චතුස්චක්‍ර යෝගය බිහිවීම නිසා ජන්මියා ඉතා බලවත් බහුශ්‍රැත දීර්ඝායු ලබන කීර්තිමත්, ප්‍රසිද්ධ, ජනප්‍රිය චරිතයක් විය.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කුම්භ ලග්න හිමියන්ට සෙනසුරුගේ බලපෑම්



    ජේ‍යාතීර්වේදයේ කුම්භ ලග්නය රාශි චක්‍රයේ 11 වැන්නයි. කුම්භ ලග්න හිමියන්ට ශනි (සෙනසුරු) ලග්නාධිපතියා වන අතර සිකුරු ග්‍රහයා වැඩියෙන් සුබ ඵල උදාකරයි. ගුරු සහ සඳු ග්‍රහයන්ගෙන් සුබ ඵල අපේක්ෂා කිරීම නිෂ්ඵල වුවද ඔවුන් පිහිටි රාශි අනුව තීරණය කළ යුතු වන්නේය. කුජ ද එසේමය. එහෙත් කුජ ගුරු සංයෝගයෙන් සුබඵල අපේක්ෂා කළ හැකිය. කුම්භ ලග්නයෙන් 2 වැන්න (මීන) සහ 11 වැන්න (ධනු) හිමි ගුරුගෙන් සුබ තත්ත්වයන් ඇති කරයි. සෙනසුරුට රවි - චන්ද්‍ර - කුජ ග්‍රහයෝ සතුරු වන්නේය.

    කුම්භ ලග්නයෙන් උපන් අයගේ ලග්නයට (01) සහ 12ට ශනි ලග්නාධිපතියා වන අතර ලග්නයේ (01) ශනි සිටීම යහපත්ය. මේ නිසා ආයුෂ වැඩිවෙයි. අනුකම්පා සහගතයි. ආත්ම ගෞරවය රකී. සමාජ සේවා කටයුතුවල යෙදේ. විවාහය පවුල් ජීවිතයද යහපත් වන්නේය. ආගම දහමට කැමැතියි. ඉඩකඩම් දේපළ ලැබීමේ භාග්‍යය උදාකරයි. ශනි කුම්භයේ සිටීම ලග්න ඒරාෂ්ටක වෙයි.


    ශනි 02 වැන්නේ වූ විට ඒරාෂ්ටකයේ අවසාන අදියර වෙයි. මෙවන් කුම්භ ලග්න හිමියන් කම්මැළි කමින් කාලය ගත කරන්න සිතයි. ඉගෙනීම, අධ්‍යාපන කටයුතුවලටද හිතකර නොවේ. අත මිට හිඟයි. සහකරුට හෝ සහකාරියට ශරීර අසනීප ඇති වෙයි. විවාහ දිවියද සැපවත් නොවන තරම්ය. කුජට අයත් මේෂ රාශියේ නොහොත් 03 වැන්නේ ශනි සිටින කුම්භ ලග්න හිමියන්ට පිට පළාත්වලින් ආදායම් ලැබිය හැකිය. එසේ වුවත් විවාහ ජීවිතයෙන් පාඩු ලැබේ. තමාට සමාජයේ කැපී පෙනී සිටීමට ඕනෑකරයි. පදිංචි ස්ථානය කීප වරක්ම වෙනස් කිරීමට සිදුවෙයි. එහෙත් තමාට උරුම හිමිකම් ලැබීමට පුළුවනි. 04 වැන්නේ ශනි සිටීම නිසා වෙළහෙළ¼දාම්, කර්මාන්ත ගොවිතැන් කටයුතුවලින් අදායම් ලබයි. මවුපියන්ට අසුබදායකයි. සකසුරුවම තිබුණත් වියදම වැඩියි. නෑයන් නිසා කරදරවලට පැටලීමට සිදුවෙයි. බුධට අයත් මිථුනගේ (05) ශනි සිටි විට චාම් දිවි පෙවෙතකට හුරුවෙයි. ඉවසිලිබවින් තම කාර්යයන් කර ගනී. ඉගෙනීමට බාධක යෙදුණත් බුද්ධිමත්ව කටයුතු කරයි.

    ප්‍රායෝගික දැනුම තිබේ. නඩු හබවලට පැටලේ. බුධ ග්‍රහයා 01 නම් අපල අඩුකරයි. ශනි 06 වැන්නේ සිටින විට, කුම්භ ලග්න හිමියෝ බාලවියේදී ලෙඩ රෝගවලට භාජන වෙති. ගෘහ ජීවිතයේ කරදර ඇති කරයි. පෙම් සබඳතා නිසා සිතේ අසහනය ඇති කරයි. බඩේ රෝග සාදයි. ඉගෙනීමේ කටයුතුවලටද බාධක යෙදේ. ශනි 06ට අසුබ වුවත් 07ට සුබයි. නිර්භීත තේජවන්ත අයකු ලෙස ක්‍රියා කරයි. දුක්කරදර ඇතත් ඒවා මැඬගෙන ඉදිරියටම යයි. අධ්‍යාපන කටයුතුවලටද වරදක් නැත. තරමක් ආඩම්බරයි. විවාහ කටයුතු ප්‍රමාද වෙයි. විවාහය සිදුවන්නේ කලින් ආශ්‍රය කළ අයකු සමඟය. තමා සුළු පිරිසක් පමණක් ආශ්‍රයට ගනී.

    ශනි 08 සිටීම නිසා අෂ්ටම ඒරාෂ්ටකය ඇති වී ළාබාල වියේ ලෙඩ රෝග ඇති කරයි. ඉඩකඩම් දේපළ ලැබීමට මෙය හොඳ පිහිටීමකි. ආගම දහමට ළැදිව කටයුතු කරයි. ගුප්ත රහස් දේවල් කෙරෙහි සිත යොමුවෙයි. ශනි 09 වැන්නේ වූ විට ඉතාමත් සුබ දායකයි. 09ට ශනි (තුලා) උච්ච නිසා උසස් අය ආශ්‍රයට ලැබේ. සමාජ සේවා කටයුතු ආගමික කටයුතුවල යෙදෙයි. අධ්‍යාපන කටයුතුවලටද හිතකරයි. අන් අය තමාගෙන් උපදෙස් ලබා ගැනීමට පැමිණෙයි. මව - පියාගේ ආදරය ලැබීම අඩුයි. විවාහ දිවිය සාර්ථක වෙයි. ශනි කුජගේ රාශියක් වූ 10 වැන්නේ (වෘශ්චික) සිටි විට ආගම දහමට එතරම් කැමැත්තක් නොදක්වයි. කපටිකම් ප්‍රෝඩාකාරකම්වලට දක්ෂයි. ආත්මාර්ථකාමීයි. සකසුරුවම්කම තිබේ. දුර බැහැර ප්‍රදේශවල රැකියාව කිරීමට සිදුවෙයි. උපන් තත්ත්වයට වඩා දියුණු වෙයි. රහස් ප්‍රේම සබඳතා ඇතිවුවත් ඒවා අක්‍රිය වෙයි.


    ශනි 11ටද යහපත්ය. ගුරුගේ රාශියක් වූ ධනුගේ ශනි සිටීමෙන් ගෞරවය හා ප්‍රසිද්ධියට පත්වෙයි. ආගම දහමට ළැදිවෙයි. ආදායම් තත්ත්වය යහපත්ය. පිරිස් බලය තිබේ. කියන කරන දේ එළිපිටම කිරීම නිසා පාඩු සිදු කරගනී. අධ්‍යාපන කටයුතුවලින් ඉහළ තැනක් හිමිකර ගනී. සමාජයෙන් ගරු සැලකිලි ලබයි. ශනි 12 සිටීම මකර රාශි ගත වීමයි. ස්වක්‍ෂේත්‍ර බලයකි. තමාගේ වාසිය පිණිසම කටයුතු කරයි. ආත්මාර්ථකාමියි. නාස්තිකාර ලෙස වියදම් නොකරයි. විවාහය ප්‍රමාද වෙයි. පිට ප්‍රදේශවල වාසය සිදුවෙයි.


    ශනි සිකුරු ලග්න ගතව (01) සිටීම නිසා ගේ ‍ෙදාර ඉඩකඩම් යාන වාහන ලැබීමේ භාග්‍යය තිබේ. ගුරු ශනි 01 සිටීමද සුබයි. රෝග පීඩාවලින් මිදෙයි. විවාහ දිවියද යහපත් වෙයි. කුජ ශනි 01 සිටීමද හො¼දයි. සෘජුව කටයුතු කරයි. සාහිත්‍ය කලා කටයුතුවලට ළැදිවෙයි. රවි ශනි ලග්න ගතවීමද භාග්‍යය උදාකරයි
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හතර කේන්දරේ පාළු වුණොත් ජීවිතයත් පාළු වෙනවාද?


    "අපෝ මේ ළමයාගේ හතර කේන්දරේ පාළුවෙලා නේ තියෙන්නේ. මේ ළමයාව මහණ කරන්න." මේ වැකිය අලුත උපන් දරුවකුගේ ජන්ම පත්‍රයක් පරීක්ෂා කිරීමෙන් පසු ජේ‍යාතිෂවේදියකු එම දරුවාගේ මවුපියන්ට දී ඇති උපදේශයකි. එසේ හතර කේන්දරේ පාළු වූ පළියට දරුවකු හෝ පුද්ගලයකු මහණ විය යුතුද? ඔහුට සාර්ථක ජීවිතයක් ගෙවිය නොහැකිද? ඇත්තටම හතර කේන්දරේ පාළු වූ කෙනකුට ලෞකික සැප, සතුට හා සැනසීම මෙන්ම යහපත් පවුල් ජීවිතයක් ගත කළ නොහැකිද? මේ ඒ පිළිබඳ විමසා බැලෙන සරල කෙටි ජේ‍යාතිෂ ලිපියකි.

    අප මුලින්ම ජේ‍යාතිෂය හා අපගේ ජන්ම පත්‍රය යනු කුමක්ද යන්න සරලව පැහැදිලි කර ගත යුතුයි. කෙනකු මේ ලෝකයේ උපදින වේලාවට නැඟෙනහිර ක්ෂිතිජයේ පායන ග්‍රහ තාරකා පදනම් කරගෙන යම් නක්ෂත්‍ර ගණිත ක්‍රමයකට සකසන සටහන අපි සරලව හඳහන කියලා හඳුන්වනවා. ඉතින් මේ සටහන තුළ කෙනකු පූර්ව ආත්මයේ කළ කී පින් පව් කොටු 12ක් තුළ අපූර්ව සටහන්ව තිබෙනවා.


    සරලව පැහැදිලි කළොත් ජෝති යනු ආලෝකයයි. මෙහි අරුත ග්‍රහ තාරකාවල ආලෝකය යන්නයි. නැතිනම් බැබළීමයි. පැහැදිලිවම මෙය ඉතාම සත්‍ය හා පිළිගත හැකි විද්‍යාවක්. තාරකා විද්‍යාවත්, අපේ සෞරග්‍රහ මණ්ඩලයත් පදනම් කරගෙන තමා මේ විෂය ගොඩනැඟිලා තියෙන්නේ. මෙම විෂය කෙතරම් පැරැණිද යන්න පිළිබඳ අවධානය යොමු කළොත් අවුරුදු 5000 වඩා පැරැණි අතීතයක් තිබෙනවා. කවුද මේ ශාස්ත්‍රය ලෝකයට දායාද කළේ? කවදා ද එහි ආරම්භය? ඇත්තටම ආරම්භය පිළිබඳ විද්වතුන් අතර විවිධ මත තිබෙනවා. එනම් බුදු උපතට වසර 610කට පෙර මධ්‍යධරණී ප්‍රදේශයේ පර්සියාවේ ආරම්භ වූ බව එක් මතයක් වෙනවා. ඒත් ඊට අෑත යුගයේ භාරතයේ ඉතා දියුණු සමෘද්ධිමත් ශිෂ්ටාචාරයක් තුළ ජේ‍යාතිෂය පැවතුණ බවට යම් යම් සාධක හා සටහන් තිබෙනවා. ඉතින් එදා විසූ මනසින් ඉතා දියුණු ඉසිවරු මෙම ශාස්ත්‍රය ලොවට දායාද කර තිබෙනවා. තවත් මත කීපයක් තිබුණත් මේ විෂය දීර්ඝ ඉතිහාසයක් තිබෙන ඉතාම පුළුල් විෂයක්. සිදුහත් කුමාරයා ඒකාන්තයෙන්ම බුදුවන බව එදා පැවසුවෙත් මේ ජේ‍යාතිෂය පදනම් කරගෙනයි.


    අපගේ කේන්දර සටහන්වල අපි උත්පත්ති මොහොත අනුව ජන්ම පත්‍රයේ කොටු 12 තුළ ග්‍රහයන් විවිධාකාරයෙන් සටහන්ව තිබෙනවා. ජන්ම පත්‍රයක 1, 4, 7, 10 යන ස්ථාන කේන්ද්‍රස්ථාන හෙවත් ප්‍රධාන ස්ථාන ලෙසත් 5, 9 ත්‍රිකෝණස්ථාන ලෙසත් ජේ‍යාතිෂයේදී හඳුන්වා දෙනවා. ඒ අනුව සමහර කේන්දර තුළ 1, 4, 7, 10 යන ප්‍රධාන ස්ථානවල ග්‍රහයන් නොපිහිටා ඇති කල එවිට එම ජන්ම පත්‍ර හිමියාගේ හතර කේන්දරය පාළුයි යන සංකල්පයක් අප සමාජගතව තිබෙනවා. නමුත් කිසිවිටෙක ඉහත ආකාරයට ලග්න කේන්දරය තුළ 1, 4, 7, 10 යන ස්ථානවල ග්‍රහයන් නැති වූ විට අපිට කිසිසේත්ම හතර කේන්දරය පාළුයි යන්න නිගමනය කළ නොහැකියි. ඒ සඳහා නවාංශක කේන්දරයේද ග්‍රහ පිහිටීමද සලකා බැලිය යුතුය. සමහර විට ලග්නයේ ඉහත ස්ථානවල ග්‍රහයන් නැතත් නවාංශකයේ එම ස්ථානවල ග්‍රහයන් තැන්පත්ව සිටිය හැකිය. එසේම ලග්න කේන්දරයේ මෙන්ම නවාංශක කේන්දරයේද කේන්ද්‍රස්ථානවල ග්‍රහයන් නැතත් ත්‍රිකෝණස්ථානවල ග්‍රහයන් ප්‍රබලව පිහිටා තිබිය හැකිය. එසේත් නොමැති නම් අනික් ස්ථාන 8හි ග්‍රහයන් පිහිටා තිබීමත් එම ග්‍රහයන්ගේ සුබ දෘෂ්ටීන් කේන්ද්‍රස්ථානවලට එල්ල වීමත් අප සලකා බැලිය යුතුය.

    ඒ අනුව අපිට කිසිසේත් ලග්නයේ පමණක් බලා තීරණයකට පැමිණිය නොහැකිය. එය දළ කේන්දරයකින් නොව භාව කේන්දරයකින් පුළුල්ව විමර්ශනය කළ යුතුය. යම් ජන්ම පත්‍රයක ඉහත සඳහන් කළ සියල්ල සම්පූර්ණ කර තිබුණත් එහි පිහිටා ඇති ප්‍රබල ග්‍රහ පිහිටීමකින් ඉතා ප්‍රබල සුබපල අත්විය හැකිය. එය උගත් ජේ‍යාතිෂ මතයයි.

    ඒ අනුව හතර කේන්දරය පාළුයි කියා මහණ කිරීම සුදුසුයි පැවැසීම අප බුද්ධ ශාසනයටද කරන අවමානයකි. අප සමාජය දෙස අවධානය යොමු කිරීමේදී ඉහත ආකාරයට හතර කේන්දරය පාළු වූ අති විශාල පිරිසක් සමාජයේ බොහෝ ඉහළ නිලතලවල සිටිනු දක්නට ඇත. ශාසනය තුළ සිටින අතිශයින් උගත් පින්වත් ස්වාමීන් වහන්සේ රැසකගේ ජන්ම පත්‍ර තුළ ඉහත ආකාරයට හතර කේන්දරය පාළු වීමක් දක්නට නොමැත.
    හතර කේන්දරය පාළු වීම යන කාරණය තුළදීද අප ජේ‍යාතිෂයේ මිථ්‍යා මතවලට නොරැවටී සැබෑ නිවැරැදි ජේ‍යාතිෂ සිද්ධාන්ත අනුගමනය කළ යුතුය.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    හතර කේන්දරේ පාළු වුණොත් ජීවිතයත් පාළු වෙනවාද?


    "අපෝ මේ ළමයාගේ හතර කේන්දරේ පාළුවෙලා නේ තියෙන්නේ. මේ ළමයාව මහණ කරන්න." මේ වැකිය අලුත උපන් දරුවකුගේ ජන්ම පත්‍රයක් පරීක්ෂා කිරීමෙන් පසු ජේ‍යාතිෂවේදියකු එම දරුවාගේ මවුපියන්ට දී ඇති උපදේශයකි. එසේ හතර කේන්දරේ පාළු වූ පළියට දරුවකු හෝ පුද්ගලයකු මහණ විය යුතුද? ඔහුට සාර්ථක ජීවිතයක් ගෙවිය නොහැකිද? ඇත්තටම හතර කේන්දරේ පාළු වූ කෙනකුට ලෞකික සැප, සතුට හා සැනසීම මෙන්ම යහපත් පවුල් ජීවිතයක් ගත කළ නොහැකිද? මේ ඒ පිළිබඳ විමසා බැලෙන සරල කෙටි ජේ‍යාතිෂ ලිපියකි.

    අප මුලින්ම ජේ‍යාතිෂය හා අපගේ ජන්ම පත්‍රය යනු කුමක්ද යන්න සරලව පැහැදිලි කර ගත යුතුයි. කෙනකු මේ ලෝකයේ උපදින වේලාවට නැඟෙනහිර ක්ෂිතිජයේ පායන ග්‍රහ තාරකා පදනම් කරගෙන යම් නක්ෂත්‍ර ගණිත ක්‍රමයකට සකසන සටහන අපි සරලව හඳහන කියලා හඳුන්වනවා. ඉතින් මේ සටහන තුළ කෙනකු පූර්ව ආත්මයේ කළ කී පින් පව් කොටු 12ක් තුළ අපූර්ව සටහන්ව තිබෙනවා.


    සරලව පැහැදිලි කළොත් ජෝති යනු ආලෝකයයි. මෙහි අරුත ග්‍රහ තාරකාවල ආලෝකය යන්නයි. නැතිනම් බැබළීමයි. පැහැදිලිවම මෙය ඉතාම සත්‍ය හා පිළිගත හැකි විද්‍යාවක්. තාරකා විද්‍යාවත්, අපේ සෞරග්‍රහ මණ්ඩලයත් පදනම් කරගෙන තමා මේ විෂය ගොඩනැඟිලා තියෙන්නේ. මෙම විෂය කෙතරම් පැරැණිද යන්න පිළිබඳ අවධානය යොමු කළොත් අවුරුදු 5000 වඩා පැරැණි අතීතයක් තිබෙනවා. කවුද මේ ශාස්ත්‍රය ලෝකයට දායාද කළේ? කවදා ද එහි ආරම්භය? ඇත්තටම ආරම්භය පිළිබඳ විද්වතුන් අතර විවිධ මත තිබෙනවා. එනම් බුදු උපතට වසර 610කට පෙර මධ්‍යධරණී ප්‍රදේශයේ පර්සියාවේ ආරම්භ වූ බව එක් මතයක් වෙනවා. ඒත් ඊට අෑත යුගයේ භාරතයේ ඉතා දියුණු සමෘද්ධිමත් ශිෂ්ටාචාරයක් තුළ ජේ‍යාතිෂය පැවතුණ බවට යම් යම් සාධක හා සටහන් තිබෙනවා. ඉතින් එදා විසූ මනසින් ඉතා දියුණු ඉසිවරු මෙම ශාස්ත්‍රය ලොවට දායාද කර තිබෙනවා. තවත් මත කීපයක් තිබුණත් මේ විෂය දීර්ඝ ඉතිහාසයක් තිබෙන ඉතාම පුළුල් විෂයක්. සිදුහත් කුමාරයා ඒකාන්තයෙන්ම බුදුවන බව එදා පැවසුවෙත් මේ ජේ‍යාතිෂය පදනම් කරගෙනයි.


    අපගේ කේන්දර සටහන්වල අපි උත්පත්ති මොහොත අනුව ජන්ම පත්‍රයේ කොටු 12 තුළ ග්‍රහයන් විවිධාකාරයෙන් සටහන්ව තිබෙනවා. ජන්ම පත්‍රයක 1, 4, 7, 10 යන ස්ථාන කේන්ද්‍රස්ථාන හෙවත් ප්‍රධාන ස්ථාන ලෙසත් 5, 9 ත්‍රිකෝණස්ථාන ලෙසත් ජේ‍යාතිෂයේදී හඳුන්වා දෙනවා. ඒ අනුව සමහර කේන්දර තුළ 1, 4, 7, 10 යන ප්‍රධාන ස්ථානවල ග්‍රහයන් නොපිහිටා ඇති කල එවිට එම ජන්ම පත්‍ර හිමියාගේ හතර කේන්දරය පාළුයි යන සංකල්පයක් අප සමාජගතව තිබෙනවා. නමුත් කිසිවිටෙක ඉහත ආකාරයට ලග්න කේන්දරය තුළ 1, 4, 7, 10 යන ස්ථානවල ග්‍රහයන් නැති වූ විට අපිට කිසිසේත්ම හතර කේන්දරය පාළුයි යන්න නිගමනය කළ නොහැකියි. ඒ සඳහා නවාංශක කේන්දරයේද ග්‍රහ පිහිටීමද සලකා බැලිය යුතුය. සමහර විට ලග්නයේ ඉහත ස්ථානවල ග්‍රහයන් නැතත් නවාංශකයේ එම ස්ථානවල ග්‍රහයන් තැන්පත්ව සිටිය හැකිය. එසේම ලග්න කේන්දරයේ මෙන්ම නවාංශක කේන්දරයේද කේන්ද්‍රස්ථානවල ග්‍රහයන් නැතත් ත්‍රිකෝණස්ථානවල ග්‍රහයන් ප්‍රබලව පිහිටා තිබිය හැකිය. එසේත් නොමැති නම් අනික් ස්ථාන 8හි ග්‍රහයන් පිහිටා තිබීමත් එම ග්‍රහයන්ගේ සුබ දෘෂ්ටීන් කේන්ද්‍රස්ථානවලට එල්ල වීමත් අප සලකා බැලිය යුතුය.

    ඒ අනුව අපිට කිසිසේත් ලග්නයේ පමණක් බලා තීරණයකට පැමිණිය නොහැකිය. එය දළ කේන්දරයකින් නොව භාව කේන්දරයකින් පුළුල්ව විමර්ශනය කළ යුතුය. යම් ජන්ම පත්‍රයක ඉහත සඳහන් කළ සියල්ල සම්පූර්ණ කර තිබුණත් එහි පිහිටා ඇති ප්‍රබල ග්‍රහ පිහිටීමකින් ඉතා ප්‍රබල සුබපල අත්විය හැකිය. එය උගත් ජේ‍යාතිෂ මතයයි.

    ඒ අනුව හතර කේන්දරය පාළුයි කියා මහණ කිරීම සුදුසුයි පැවැසීම අප බුද්ධ ශාසනයටද කරන අවමානයකි. අප සමාජය දෙස අවධානය යොමු කිරීමේදී ඉහත ආකාරයට හතර කේන්දරය පාළු වූ අති විශාල පිරිසක් සමාජයේ බොහෝ ඉහළ නිලතලවල සිටිනු දක්නට ඇත. ශාසනය තුළ සිටින අතිශයින් උගත් පින්වත් ස්වාමීන් වහන්සේ රැසකගේ ජන්ම පත්‍ර තුළ ඉහත ආකාරයට හතර කේන්දරය පාළු වීමක් දක්නට නොමැත.
    හතර කේන්දරය පාළු වීම යන කාරණය තුළදීද අප ජේ‍යාතිෂයේ මිථ්‍යා මතවලට නොරැවටී සැබෑ නිවැරැදි ජේ‍යාතිෂ සිද්ධාන්ත අනුගමනය කළ යුතුය.


    මෙතනදි මෙහෙම දෙයක් මම දැකල තියෙනව. මෙවැනි අයට කොපමන වස්තු සම්පත් තිබුනත් ඒවගෙන් නිසි ප්‍රයෝජන ගෙන සැප පහසු ජීවිතයක් ගත කරන්න අපහසු තත්වයක් තියෙනව.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මෙතනදි මෙහෙම දෙයක් මම දැකල තියෙනව. මෙවැනි අයට කොපමන වස්තු සම්පත් තිබුනත් ඒවගෙන් නිසි ප්‍රයෝජන ගෙන සැප පහසු ජීවිතයක් ගත කරන්න අපහසු තත්වයක් තියෙනව.
    ජිවිතයේ කේන්ද්‍රස්ථාන වලට අදාළ යම් කොටසක් කඩා වැටෙනවා ,එක්කෝ එයාලා එකම දෙකට තමා ප්‍රමුකත්වය දෙන්නේ ,එකයි ගොඩක් ඉන්ජිනේරුවෝ ,විදයන්ච්යන් ,පර්යේෂකයෝ ,වගේ අය බිහි වෙන්නේ ,අපි හොදටම දන්නවා ,පර්යේෂකයෙක් එකට වැටුනම එයාට අනෙක් කිසි දෙකින් වැඩක් නැති විත්තිය
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ජේ‍යාතිෂ ශාස්ත්‍රය 100%ක් විශ්වාස කරනවාද?


    ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන වෙනස්වීමත් සමඟම ජේ‍යාතිෂ ශාස්ත්‍රය දැඩි විවේචනයට ලක් විය. ජේ‍යාතිෂ ශාස්ත්‍රය කෙරෙහි දැඩි විශ්වාසයකින් කටයුතු කළ අය පවා මේ වන විට දෙගිඩියාවකින් සිටින බවක් පෙනෙයි. සත්‍ය වශයෙන්ම මෙම ශාස්ත්‍රය 100%ක් නිවැරැදි ශාස්ත්‍රයක්ද?බොහෝ දෙනකුට වැරැදුණේ මෙතැනය. මුලින්ම ලංකාවේ පුරවැසියන් මූලික වශයෙන් කොටස් 3කට වෙන් කළ හැකිය.
    1. එනම් ජේ‍යාතිෂ ශාස්ත්‍රය 100%ක් විශ්වාස කළ පුද්ගලයන්.
    2. ජේ‍යාතිෂ ශාස්ත්‍රය 100%ක් අවිශ්වාස කළ පුද්ගලයන්.
    3. ජේ‍යාතිෂ ශාස්ත්‍රය විශ්වාස කළ පුද්ගලයන් වශයෙනි.
    තුන්වැනි කාණ්ඩයට අයත් පුද්ගලයෝ 50%ක්, 60%ක් 70%ක්, 80%ක්, 90%ක් යනාදී වශයෙන් මෙම ශාස්ත්‍රය විශ්වාස කළහ.
    මේ වන විට ඔබත් ජේ‍යාතිෂය 100%ක් විශ්වාස කර අනාවැකියක් වැරැදීමෙන් ඔබේ විශ්වාසය බිඳී සිටින්නෙක් නම් ඔබ මීට ප්‍රථම පුබ්බේකත කර්මවාදියෙක් හෝ ඊශ්වර නිර්මාණවාදියෙක් වී සිටියා විතරක් නොව මේ වන විට කර්මය විශ්වාස නොකරන පූරණ කස්සප ශාස්තෘන්ගේ මතය දරන අකිරිය වාදියෙකි. නොඑසේ නම් අජිත කේසකම්බලි මඟ යන අයෙකි. ජේ‍යාතිෂ ශාස්ත්‍රය 100%ක් අවිශ්වාස කළ අය නම් එදා මෙන්ම අදත් ඉහත මිථ්‍යා දෘෂ්ටිවල එල්බ සිටින්නෙක් බවට පත් වන්නේය. මන්ද ජේ‍යාතිෂ ශාස්ත්‍රය වනාහී කර්මය මත පමණක් පදනම්ව නිර්මාණය වූ ශාස්ත්‍රයකි. මෙය නිවැරැදි ශාස්ත්‍රයක් නමුත් 100%ක් නිවැරැදි වූ දෙයක් නොවේ.
    යමෙක් උපන් වේලාව ගෙන පිළියෙල කරන ජන්ම පත්‍රයෙන් පෙන්වන්නේ ඔහු ඊට ප්‍රථම ආත්මභාවයන්හි රැස් කරන ලද කුසල හා අකුසල කර්මයන් මෙම අත් භවයෙහි කෙසේ පල දෙන්නේද යන්නයි.


    උදා-
    වරාමිහිරාචාර්යයන් විසින් රචිත ලඝු ජාතකය නම් ග්‍රන්ථයේ 03 වැනි ශ්ලෝකය.
    පූර්ව ජාතියෙහි රැස් කරන ලද සුබ අසුබ වූ යම් කර්මයක් ඇත්තේද ඒ කර්මයාගෙන් පැමිණිය යුතු ඉෂ්ට විපාකය මේ ශාස්ත්‍රයෙන් ප්‍රකාශ කරන්නේ යම් සේද අන්ධකාරයේ පිහිටියා වූ නානාප්‍රකාර ද්‍රව්‍යයන් අලෝකයෙන් දක්වන්නාක් මෙනි.
    සඟරාවලිය නම් ප්‍රසිද්ධ ජේ‍යාතිෂ ග්‍රන්ථයේ 2 අදියර 03 ශ්ලෝකය සමහර ප¾ඩිපරයන් පෙර අත්බවෙහි රැස් කළ සුබ අසුබ කර්ම විපාක හේතුව හෝරා ශාස්ත්‍රය නොහොත් ජේ‍යාතිෂය යනුවෙන් හඳුන්වයි. තවත් බොහෝ ජේ‍යාතිෂ ග්‍රන්ථයන්හි මේ බව ප්‍රකාශිතව පවතී.
    එනම් ජේ‍යාතිෂ ශාස්ත්‍රයෙන් පිළිබිඹු වන්නේ බුදු දහමේ සඳහන් වූ කම්ම නියාම ධර්මයයි.


    බුදුරජාණන් වහන්සේ මිනිසාගේ ස්වාමීත්වයට හා ස්වාධීනත්වයට මෙන්ම උත්සාහයට පටහැනි වූ මේ මතවාද සියල්ල ප්‍රතික්ෂේප කරමින් සියලුම දේ කර්මයෙන් සිදුනොවන බව හා මිනිසාගේ පැවැත්මට හේතු වන බොහෝ කාරණා අතරින් කර්මය එකක් පමණක් බව දේශනා කළහ. අංගුත්තර නිකායේ ගිරිමානන්ද සූත්‍රය හා සංයුක්ත නිකායේ වේදනා සංයුක්තෝ මෝළිය සීවක සූත්‍රයද මේ කාරණය ඉතා පැහැදිලිව දේශනා කර ඇත. එය එයින් මෝළිය සීවක සූත්‍රය මිනිසාගේ සැපදුක් කෙරෙහි බලපාන හේතු අටක් දක්වා තිබේ.
    පිත්තං සෙම්භංච වාතෝච
    සන්නිපාතා උතූනිච
    විසමං ඕපක්ක මිකෝච
    කම්ම විපාකේනෙ අට්ඨම
    පිත, සෙම, වාතය මේ ‍ෙදාස් සියල්ල කිපීම, සෘතු විපර්යාසයන් නිසා වන බලපෑම්, තමන්ට නොගැළපෙන විෂම දේ පරිහරණය කිරීම, වෙනත් අයගේ උපක්‍රම හා එයට අමතරව කර්මයන් හි බලපෑම යනු ඒ කරුණු අටයි. මෙහිදී සත්ත්වයන්ට ඇතිවන රෝග පීඩා කර්මය මත පමණක් පදනම්ව ඇති නොවන බව දේශනා කළහ.
    රෝගවලට පමණක් නොව අප ජීවිතයේ සෑම කාරණාවකටම මෙම ධර්මතාව පොදුය. අජාසත්ත රජුන්ටද සෝවාන් වීමට වාසනාව තිබුණත් අසත්පුරුෂයන්ගේ ආශ්‍රය නිසා සිදු කරගත් ආනන්තරීය පාප කර්මය හේතුවෙන් එම වාසනාව නැතිවී අපාගත වීමට සිදුවූ බව ඔබ නොදන්නෙහිද?
    තවද ගිරිමානන්ද සූත්‍රයෙහි මිනිසාගේ පැවැත්ම කාලත්‍රය වර්තී වූ ස්වයංක්‍රියාකාරී කලබලකාරී වූ බලවේග පහක් මත සිදුවන බව පැහැදිලි කරන නියාම ධර්ම පහක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී.


    1. උතු නියාම
    2. බීජ නියාම.
    3. ධම්ම නියාම
    4 චිත්ත නියාම
    5. කම්ම නියාම
    කම්ම නියාම යනු තමන් විසින් කරනු ලබන කුසල අකුසල කර්මයන්ට අනුව විපාක ලැබීම මෙම කම්ම නියාමය ලෙස සැලකේ. අනිත් නියාම ධර්ම 4 පිළිබඳ දහම් ත්‍රිපිටකය පොත් කියවා අවබෝධය ලබාගන්න.
    තවද අභිධර්මයේ කර්මය විපාක දීම පිළිබඳ මූලික වශයෙන් 4 ආකාරයකින් පෙන්වා දී ඇත.
    1. කෘත්‍ය වශයෙන් කර්ම 4කි.
    2. විපාක දෙන පිළිවෙළින් වශයෙන් කර්ම 4කි.
    3 විපාක දෙන කාල වශයෙන් කර්ම 4කි.
    4. විපාක දෙන ස්ථාන වශයෙන් කර්ම 4කි.
    මේ පිළිබඳ විස්තරය දීර්ඝ බැවින් අභිධර්ම ත්‍රිපිටක පොත් කියවා අවබෝධය ලබාගන්න. එවිට ඔබට සත්‍ය වැටහෙනු ඇත.
    ජේ‍යාතිෂ ශාස්ත්‍රයෙහිද සුබ අසුබ කර්ම මූලික වශයෙන් කොටස් 2කට බෙදා වෙන් කොට ඇත.
    1. දෘඨ කර්ම (දැඩි වශයෙන් රැස් කළ කර්ම)
    2. අදෘඨ කර්ම (නොදැඩි හෙවත් අල්ප වශයෙන් රැස්කළ කර්ම.)
    දෘඨ කර්ම විපාක දීම නොවැළැක්විය අතර අදෘඨ කර්ම විපාක වළක්වා ගැනීමට හැකි බවත් ඊට පිළියම් මොනවාද යන්නත් සෘෂිවරු ප්‍රකාශ පත් කොට ඇත.
    ඍද්ධි ප්‍රභූලාභී දේව ඍෂිවරයන් විසින් මෙම වෙද ශාස්ත්‍ර මුලින්ම ප්‍රකාශ කළ අතර ඔවුන්ට අභියෝග කිරීමට වර්තමාන සමාජයේ අප කාටත් නොහැකි කාරණාවකි. නමුත් සෘෂිවරුන් පවා කර්මය පමණක් විශ්වාස කළ අය විය. බුදුරජාණන් වහන්සේගේ දේශනාවලට පමණක් සෘෂි මතය දෙවැනි වෙයි.
    දඹදිව විසූ ප්‍රමුඛ පෙළේ දේව සෘෂිවරයෙක් වන මය මුනිවරයා විසින් රචිත සූර්ය සිද්ධාන්ත නම් ග්‍රන්ථයේ පොළොවේ විශ්කම්භයද සඳේ විශ්කම්භයද එහි ඉතා නිවැරැදිව දක්වා ඇත. එය නූතන තාරකා විද්‍යාවේ ගණනය කිරීම්වලටද සමානය.


    ජන්ම පත්‍රයෙන් ප්‍රකාශ වන කාරණා ඒ ඒ ආකාරයෙන්ම සිදුවීම බලාපොරාත්තු වේ නම් ජන්ම පත්‍රය ගැන පරීක්ෂා කිරීමේ ප්‍රතිඵලය කිම. අප විසින් ජන්ම පත්‍රය පරීක්ෂා කරන්නේ කර්මයට අභියෝග කිරීමට විනා කර්මයට ඉඩදීමට නොවේ. එනම් සුබ කර්ම විපාකයන් ක්‍රියාත්මක වීමට ඇත්නම් එහි සුබ පලය වැඩි කරගැනීමටත් අසුබ කර්ම විපාකයක් ඇතිනම් එහි අසුබ පල අඩු කිරීමට හෝ අහෝසි කරගැනීමටත්ය. ඒ වෙනුවෙන් ජන්ම පත්‍ර පරික්ෂා කරගන්නා අය නොයෙකුත් වත් පිළිවෙත්වල හා ආගමික කුසල් කටයුතුවල යෙදේ.


    ජේ‍යාතිෂ ශාස්ත්‍රයේ පරිහානියට හේතු වන මූලික කාරණාව නම් අනාවැකි වැරැදීම නොවේ. එනම් ඇතැම් දෛවඥ මහතුන්ගේ ක්‍රියාකලාපයයි. ඇතැමෙක් මත අනාවැකි වැරදුණු විට මම බයට බොරු කිව්වා නැත්නම් මුකුත් ප්‍රකාශ නොකොට යම් සිද්ධියකට පසුව මම දැනගෙන ප්‍රකාශ කළේ නෑ යනුවෙන් ආත්මාර්ථකාමී ලෙස කපටි ප්‍රකාශ ඉදිරිපත් කරයි. මෙම පුද්ගලයන්ව දෛවඥවරු වශයෙන් හැඳින්වීම ශාස්ත්‍ර විරෝධී කටයුත්තකි. ශම්භු හෝරා ප්‍රකාශය නම් ග්‍රන්ථයේ 10 වැනි ශ්ලෝකයෙහි දෛවඥයකු සතු විය යුතු ලක්ෂණ වශයෙන් ශාස්ත්‍රීය කටයුතු කිරීමේදී ස්ථිරව පිහිටි සිත් ඇතිව කටයුතු කිරීම, කෛරාටික නොවීම, සත්‍යවාදී වීම තිබිය යුතු බවත් එසේ නොමැති අයට දෛවඥ නාමය නොගැළපෙන බවත් ප්‍රකාශ කරන ලදී.


    තවද විශේෂිතව කිවයුතු කරුණක් පවතී. අහේතුක ප්‍රතිසන්ධියක් හෝ ද්විහේතුක ප්‍රතිසන්ධියක් ලත් පුද්ගලයන්ට මේ භවයේ කොපමණ උත්සාහ කළද මාර්ග පලයන්ට හෝ ධ්‍යාන පලයන්ට ළඟා විය නොහැකිය. එය ධර්මයේ විස්තර කොට ඇත. කනාවට අනාවැකියක් හරිගිය පළියට ඔහු දක්ෂ දෛවඥයෙක් වශයෙන් වටහා ගත යුතු නැත. තමාට යම් යම් ධ්‍යාන ශක්තීන් ඇති බව ප්‍රකාශ කරන මෙවන් පුද්ගලයන්ගෙන් විශේෂයෙන් ජේ‍යාතිෂ ශාස්ත්‍රය බේරාගත යුතුව ඇත.
    ජේ‍යාතිෂ ශාස්ත්‍රය බොරුයි කීමට ප්‍රථම ඔහු මුලින්ම මෙම ශාස්ත්‍රය ගැඹුරට ඉගෙන ගත යුතුයි යන්න මාගේ හැඟීමයි. පූජ්‍යාචාර්ය බට්ලර්තුමාද ජේ‍යාතිෂ ශාස්ත්‍රය ඉගෙන ගත්තේ එය විසි කර දමන අදහසින්. නමුත් ඉගෙන ගන්නට ඉගෙන ගන්නට එහි ගැත්තකු වූ බවත් පියර්ස් නමැත්තා ප්‍රකාශ කර තිබෙනවා. බට්ලර්තුමා මෙම ශාස්ත්‍රය ඉගෙනීමෙන් අනතුරුව ප්‍රකාශ කොට ඇත්තේ මගේ මෝඩකමිනුත් අහංකාරකමිනුත් මගෙන් අපහාස ලත් ජේ‍යාතිෂ පූර්වාචාරවරයන් කෙරෙහි මගේ ශීර්ෂ ප්‍රණාමය මෙම ශාස්ත්‍රය ඉගෙනීමෙන් ඇතිවූ බවයි. ඕනෑම බුද්ධිමතෙක් මෙම අති සූක්ෂ්ම ශාස්ත්‍රය ස්වල්පයක්වත් ඉගෙන ගත්තා නම් ඔහුටද බට්ලර්තුමාට සිදුවූ දේ සිදුවන බව නොඅනුමානය.

    ජේ‍යාතිර් විද්‍යාපති ජී.ඩී අසංක වීරසිරි ජේ‍යාතිර් විඥානාචාර්ය පී.ජී. (ඉන්දියා), ජේ‍යාතිර් විඥානාචාර්ය (ඉන්දියා), ජේ‍යාතිෂ් ශිරෝමනී (ඉන්දික), භාස්කර් (ඉන්දියා)
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    උද්භිද විද්‍යාව ජීව විද්‍යාව අනුව බෝ ගස සහ මිනිසා අතර සම්බන්ධය

    Mawbima, 2015-06-11 02:00:00

    මීට පෙර ලිපියෙන් බෝ වෘක්ෂයේ සුවිශේෂත්වය පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කළ අතර මෙම ලිපියේ අරමුණ සම්පූර්ණයෙන්ම යොමුකර ඇත්තේ මෙම ශාකය සුවිශේෂී වීමට විද්‍යාත්මක කවර ආකාරයකින් සම්බන්ධවනවාද යන්න පෙන්වා දීමටය. ඓතිහාසිකව අවුරුදු 2,500කට වඩා ඉපැරැණි අනුරාධපුරයේ තිබෙන්නා වූ ජය ශ්‍රී මහා බෝධිය ලෝකයේ පැරැණිතම පූජනීය වෘක්ෂය ලෙසද හඳුනාගෙන ඇත. අද වෙනතෙක් මොන තරම් භක්තිමතුන් පිරිසක් මෙම ස්ථානයට පැමිණ පුදපූජා, නමුස්කාර කර ඇත්ද? මේ අනුව මොනතරම් ශක්ති කදම්බයක් මෙම ශුද්ධ භූමිය තුළ පැතිර ඇත්ද යන්න සිතාගත නොහැකි තරම්ය. මෙම මාතෘකාව පැහැදිලි කිරීමට උද්භිද විද්‍යාව, ජීව විද්‍යාව හා විශ්වය සම්බන්ධ (ඛ්ධඵථධතධඨර) විද්‍යාව යන විෂයන් සියල්ලම යොදා ගන්නා බව සඳහන් කරමි. අපි පළමුව උද්භිද විද්‍යාව අනුව "බෝ ගස" විද්‍යාත්මකව හඳුනා ගනිමු.

    උද්භිද විද්‍යාවයි බෝ වෘක්ෂයයි
    01. බෝගසේ ආයුෂ හා පැරැණි බව අනුව මුල් විශාල කේෂ්ත්‍රයකට විහිදීගොස්, කඳ ටිකෙන් ටික වර්ධනය වී ඒ අනුව බෝ ශාකය වටේට අතු පත විහිදී යනු ඇත. මෙම ශාකයේ අතු විහිදී යන දුර අනුව කිරණ ප්‍රමාණය තීරණය වනු ඇත. අවුරුදු 100කට වඩා වැඩිවූවිට කඳ විශාල ලෙස වර්ධනය වනු ඇත.
    බෝ වෘක්ෂය කිරණ රටාව
    විහිදෙන පරාසය
    බෝ වෘක්ෂයේ අතු, පත්‍ර විහිදී ඇති ප්‍රමාණය තෙක්ම එහි ඇති කිරණ ශක්තිය කාන්දුකරනු ලබයි. බෝ ශාකය වටේට රශ්මි වළල්ල මෙම රූපයේ කහපාට කොටසින් පෙන්වා ඇති දුරතෙක් විහිදෙනු ඇත.
    (1 රූපය)


    බෝ ශාකයේ සෙවණැල්ල
    විහිදෙන ප්‍රමාණයටම
    අවකාශයට කිරණද මුදාහරි
    (2 රූපය)
    (3 රූපය)
    02. බෝ ගසේ සෑම පත්‍රයක්ම සැමවිටම රිද්මයානුකූලව චලනය වෙයි. එම නිසා මේ ශාකය "සලපත්‍ර" යනු වෙන්ද හඳුන්වයි.
    03. බෝ පත්‍රය හදවතේහි ආකාරයට පිහිටා ඇති අතර බෝ පත්‍රය නිතරම පොළොව දෙසට යොමුවී එහි කිරණ විශ්වයට මුදාහරින්නේ එහි ඇති තුඩ තුළින්ය.
    පොළොව දෙසට යොමුවී ඇති බෝ පත්‍රයේ තුඩ තුළින් හිතකර කිරණ මුදාහරී.
    (4 රූපය)
    04. උද්භිද විද්‍යඥයන් බෝ පත්‍රවල තම ශක්තියත් විද්‍යුත් ශක්තියත් රැඳී පවතින බවත් බිමට නැවී ඇති ශාක පත්‍රවලින් මිනිස් සිරුර තුළට විදුලිය ආකර්ෂණය කරන බවත් විද්‍යාත්මක පර්යේෂණවලින් සොයාගෙන ඇත. හිතකර කිරණ නිසා සිරුරේ රුධිර සංසරණය ක්‍රියාකාරි වී මනස සමතුලිතතාවකට පත්වීම ඔබටත් නොදැනිවම සිදුවනු ඇත. උද්භිද විද්‍යාවයි ජීව විද්‍යාවයි සුසංයෝගවීමේ ප්‍රතිඵලය ඔබටත් විඳ ගැනීමට අවශ්‍ය නම් හැකි සැමවිටම බෝ මළුවට පිවිසෙන්න. එසේ පිවිසිය යුත්තේ සියලු පාපකර්මවලින් මිදී, පිරිසුදුවී හිත සන්සුන් කරගෙනය.
    5. මෑතකදී උද්භිද විද්‍යාඥයන් විසින් ජංගම දුරකතනයේ බැට්රිය (ආරෝපණය) ප්‍රාණවත් කිරීමට බෝ පත්‍ර දෙකක තුඩුදෙක තුළින් කළ හැකිබව පෙන්වා දී ඇත.
    6. බෝ ගසේ පත්‍ර පොළොව දෙසට නිතරම යොමුවී තිබීමෙන් විදුලිසැර. අකුණුසැර කිසිවක් මේ ශාකයට ඇදගන්නේ හෝ වදින්නේ නැත. කිතුල්ගස, පොල්ගස, තැඹිලිගස්වල පත්‍ර තුඩ අහස දෙසට යොමුවීම නිසා අකුණුසැර ඇදගැනීමට හේතුවන බවද පෙන්විය හැකිය.
    7. බෝ ගස ශක්ති හුවමාරු කරන මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියාකාරී වෙයි. විශ්වයේ පවතින සුබ කිරණ බෝ පත්‍ර තුළින් ආකර්ෂණය කර බෝ මළුවට පිවිසෙන බැතිමතුන්ගේ මනසට කාන්දු කිරීම කරනු ලබයි.


    මිනිසා සහ බෝ ගස
    අතර සම්බන්ධතාව
    එදා සිට බැතිමතුන් පූජනීය බෝ ගස ජීවමාන බුදුරදුන් ලෙස සලකා පුද පූජා පවත්වයි. අවුරුදු ගණනාවක් කිවනොහැකි ප්‍රමාණයක් බෝ ගස වන්දනාමාන කිරීම නිසා මෙම පූජාභූමි තුළ විශාල ශක්තියක් ගොඩනැඟී ඇත. මිනිසාට මෙන්ම ශාකයටද කෑම, බීම, වාතය ආලෝකය අවශ්‍යයි ශාකය එය ලබාගනුයේ ප්‍රභාසංස්ලේෂණය මඟින් සූර්යා ලෝකය සමඟ සිදුවන ක්‍රියාවලිය ඔස්සේය. පත්‍ර මඟින් හිරු එළිය ලබා ගන්නා අතර භූමිය පුරා දිවයන මල්වලින් ජලය හා අවශ්‍ය අනෙකුත් දේ ලබාගනී. ලෝකයේ වෙනත් කිසිම ශාකයක් අසලට මෙපමණ සෙනඟ ප්‍රමාණයක් ඒකරාශී වන්නේද නැත. එමෙන්ම වෙනත් කිසිම ශාකයක් බෝ ගස තරම් සංවේදීවන්නේද නැත. මේ හේතු නිසා බෝගසට අනෙක් ශාකවලට වඩා අසමසම ශාකය නැමැති සුවිශේෂී තත්ත්වය ලැබී ඇත.
    මිනිසා සහ ශාකය අතර බැඳීම


    (5 රූපය)
    මිනිසා සහ ශාකය
    එකම වායුව දෙවිදියකට භාවිත කිරීම
    උද්භිද විද්‍යාවයි, ජීව විද්‍යාවයි එකට සුසංයෝග වීම ඉහත සඳහන් සටහනෙන් ඔබට පැහැදිලි වනු ඇත. විශේෂයෙන් බෝ ගස පිටකරන ඔක්සිජන් ප්‍රමාණයට සාපේක්ෂව අනෙක් ශාකවලට වඩා අති විශාල බවද කිය යුතුය. බෝ ගස විශාල ප්‍රමාණයක් ඔක්සිජන් වායුව මුදා හරින්නේ උදය සහ දවල් කාලයටය. මෙම කාලවේලාවලදී බෝධි පූජා හා වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන්ගේ රුධිරය පිරිසුදු කිරීමේ ක්‍රියාවලියේ නිරන්තරයෙන්ම යෙදී සිටී. මෙහිදී සිත සන්සුන් වීම සිදුවනුයේ ඔබටත් නොදැනීමය. මේ අවස්ථාවේදී බෝ ගසයි, ඔබයි අතර විශාල සම්බන්ධතාවක් ගොඩනැඟේ. බෝධි පූජා සඳහා දින 7, 14 හෝ 21 යනවිට බෝධිය ඔබ හොඳහැටි හඳුනා ගෙන ඇත. බෝධිය ඕනෑම කෙනකුට පිහිට වන්නේය. මූලිකම දෙය ඔබ පූජා භූමියට ඇතුළු විය යුත්තේ පිරිසුදුව, මස්මාංස නොකා, මත්පැන් නොබී සිත සැහැල්ලු කරගෙනය.


    ශාකයට සහ මිනිස් සිරුරට දැනෙන
    කිරණ විද්‍යාත්මකව දැකිය හැකිද
    අද විද්‍යාව දියුණු වේගෙන යන්නේ ඉතා වේගයෙනි. අෑත අතීතයේ මිනිසුන් විශ්වාස කළා ශාකවලට මෙන්ම මිනිසාටද කිරණ රටාවක් ඇත්නම් රශ්මිමාලාවක් තිබෙන බව. නමුත් එය දැක ගැනීමට නොහැකි විය. ඒ නිසාම එම ශක්තීන් නොපෙනෙන බලවේග ගණයට දමා තිබිණි.
    අද අද්භිද ලෝකයේ විද්‍යාඥයන් විසින් නිර්මාණය කර ඇති කිර්ලියන් කැමරාව (ම්ධ්අඹ්ධ්ඒව් ඛ්ඒර්ඡ්අඒ) නිසා එදා නොදුටු දෙය අද දැකගත හැකි වී ඇත.
    මිනිස් සිරුරේ පවතින රශ්මි වළල්ල


    (6 රූපය)
    මේ ඔබ දකින්නේ භාවනා කිරීමට පෙර ගත් පුද්ගලයකුගේ ශරීරයේ පවතින ශක්ති වළල්ලක් (ඒඋඅඒ) එම පුද්ගලයාගේම භාවනාවෙන් පසු ගත් ඡායාරූපයකි. මේ රූප දෙකේ වෙනස පරීක්ෂාකර බලන්න. ඔබ පූජා භූමියකට ඇතුළු වීමේදීත් එයින් පිටවී යාමේදීත් ඔබ නිවැරැදිව පූජා විධික්‍රම, බණ භාවනා කළේ නම් මේ ආකාර කිරණ වළල්ලක් කිර්ලියන් කැමරාවක් හරහා ලබාගෙන පරීක්ෂාකර බැලිය හැකිය.
    ඔබ නිරෝගී නම් සිත පිරිසුදු වෙන්න, වෙන්න ශරීරය වටා නොකැඩුණු කිරණ ධාරාවක් තිබෙන බව දැනගත හැකිය. මෙම රශ්මි ධාරාවන් දැකීමට නම් ඔබ කුණ්ඩලීනි ශක්ති ඔස්සේ අඩු වශයෙන් 6 වැනි චක්‍රය වන ආඥාහි චක්‍රයටවත් සිත දියුණුකර ළඟාවිය යුතුව ඇත. (ඒට්ට්ඒව්ඒඛ්ඩ්ඒම්ම්අඒ - ඊඩ්ධ්අච්ඡ්කඡ්)
    (මූලාශ්‍රය : "සිත්පිත් නැත්තෝ නොවෙති තුරුලතා" - පියසිරි අමිල සිත් යාපා)
    හොඳට වැඩුණු දැවැන්ත බෝ ගසක බෝ පත්‍රවලින් පිටවන රශ්මි වළල්ල


    (7 රූපය)
    මෙම රූපයෙන් පෙන්වන බෝ පත්‍ර දෙක තුළ විහිදී ඇති රශ්මි මාලාව දෙස පරීක්ෂාකාරීව බලන්න. එය තද නිල්පාටට ලේසර් කිරණයන්ගේ සටහන්ව ඇත. විද්‍යාත්මකව මේ අනුව මිනිසාටත්, ශාකවලටත් ඔබට දැකිය හැකිය. බෝ මළුවේදී ඔබට දැනෙන්නේ බෝධියෙන් මුදාහරින හිතකර කිරණවල බලපෑම මිස වෙන කිසිවක් නොවන බවද කිවයුතුය.


    එමෙන්ම පූජා භූමියේ පුදසුන මත පූජාකර ඇති පුෂ්පයන්වලද මෙම රශ්මි වළලු තිබිය හැකි බවද කිව හැක්කේ පහත සඳහන් ඡායාරූප පරීක්ෂාකර බැලීමෙන්ය.
    පුෂ්පයන් දෙකක රශ්මි වළලු
    (8 රූපය)
    (9 රූපය)
    බෝ වෘක්ෂයක් සංවේදී වන අවස්ථා
    පන්සල් භූමියේ බෙර හඬ ඝණ්ටාර හඬ, පිරිත් දේශනා, බෝධි පූජා සෙත්කවි ගායනා යනාදී සියලු හඬවලට බෝ ගස සංවේදී වෙයි. ශාකය මේවාට ප්‍රතිචාර දැක්වීමද කරයි. අවුරුදු දහස් ගණනක් තිස්සේ මිනිස් වාසයේ සිටිමින් මිනිසා වෙනුවෙන් මොනතරම් සේයාවක් මේ දක්වා කර ඇත්ද? වෙනත් කිසිම ශාකයකට නැති සුවිශේෂී ලක්ෂණද බෝ ගසට ඇත. මේ එවැනි සිද්ධියකි.


    මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ එල්ලුම් ගස ඇති ස්ථානයට මුහුණලා ඒ අසල බෝ ශාකයක් පිහිටා ඇත. එදා සිට අද දක්වාම එල්ලුම් ගස තිබෙන දිශාවට බෝ අතු නොවැඩෙන බවත්, යම් ආකාරයකින් බෝ අත්තක් වැඩුණද එය ටික කලකින් මරණයට පත්වන බවටද විශ්වාසයක් ඇත.
    මේ අපූරු සිද්ධිය ගැන ඔබ සිතන්නේ කුමක්ද? බෝ ගසද මිනිසාමෙන් සංවේදී නිසා, දුක්, ‍ෙදාම්නස යන සිදුවීම් දරාගත නොහැකි නිසා පෝරකය ඇති පැත්තට ගසේ අතු විහිදවන්නේ නැතැයි සිතිය හැකිය. සෑම සිද්ධියක්ම අපට විද්‍යාවට හසුකර එහි සත්‍ය අසත්‍යතාව මැන නිගමනය කළ නොහැකිය. සමාජයේ ජන විඥානයේ පවතින මේ දේවල් අපට එකපාරටම බැහැර කළ නොහැකිය. මේ සියලු සිද්ධීන් අදටත් සිදුවන සත්‍ය සිදුවීම්ය.


    ශ්‍රී මහා බෝධීන් වහන්සේට හෝ බෝ මළුවට යම්කිසි ව්‍යවසනයක් සිදුවූ විට අපේ රටට ඉදිරි කාලයේදී යම් විපතක් සිදුවිය හැකි යැයිද අප අතරේ තවත් විශ්වාසයක් ඇත. මෙයින් හැඟෙන්නේ බෝ ගසේ ඇති අධි සංවේදී ශක්තිය නිසා කල්තබා එයට මෙවැනි විපත් හඳුනාගත හැකි බවය.
    මේ පමණක් නොව බෝ ශාකයේ ගෙඩි, මුල්, අතු, පොතු හා දලු යන සෑම කොටසක්ම අයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී ඔෟෂධ සැදීම සඳහා භාවිත කරයි.


    බෝ වෘක්ෂය ආරක්ෂා කළ යුතුය
    මේ ලිපිය ඔබ කියවීමේදී මෙම ශාකය ඉතාමත් සංවේදී බවත් අපිව ආරක්ෂා කිරීමට මොන තරම් සේවයක් කරනවාද කියා අමුතුවෙන් කිවයුතු නැහැ. එසේ සිදුකරන බෝ ගසේ අතු කැපීම හෝ පලුදු කිරීම මොනතරම් පාපයක්ද? එවැනි පලුද්දක් ගසට වුවහොත්, විශ්වයට කිරණ මුදාහරින ක්‍රියාවලිය අඩුවීමටද, එසේ නැත්නම් සම්පූර්ණයෙන්ම නැතිව යෑමටද හැකිය. බෝ ගස් රෝපණය කරන විට උද්භිද විද්‍යානුකූලවත්, වාස්තු විද්‍යානුකූලවත් එය සිදු කළ යුතුව ඇත. බෝ ගසේ අතු කැපීම ආදිය කළ යුත්තේ ඒ සඳහා ඇති චාරිත්‍ර අනුගමනය කිරීමෙන් පසුවය. මෙම ජීවගුණය ඇති අධි සංවේදී (ඩ්ඪඨඩතර ඉඥදඵඪබඪමඥ) මේ සුවිශේෂී ශාකය රැකගත යුත්තේ ශාසනයත්, බුද්ධ දර්ශනයත් ආරක්ෂා කරගත යුතු නිසාය.


    පුද පූජා පැවැත්වීමේදී බෝ වෘක්ෂය ආසන්නයේම පොල්තෙල් පහන් පත්තු කිරීම පිළිබඳ ඔබගේ කාරුණික අවධානය යොමු කළ යුතුව ඇත. බෝ වෘක්ෂයෙන් මහජන සුබසිද්ධිය සඳහා මුදාහරින කිරණයන්ට මේ ක්‍රියාකාරකම් නිසා හානි සිදුවිය හැකිය. පහන් දැල්වීමෙන් සහ දුම් ඇල්ලීමෙන් ශාකයෙන් පිටවන ඔක්ෂිජන් වායුවට සෘජු බලපෑමක් එල්ලවන බවද කිව යුතුය. මේ කටයුතු සඳහා බෝ ශාකයේ ශක්ති රටාව විහිදෙන භූමි ප්‍රමාණයෙන් අෑතට වන ලෙස පොල්තෙල් පහන් දැල්වීම සිදු කිරීමට වෙනමම පන්සල් භූමියේම ස්ථානයක් පිළියෙල කිරීම වඩා යෝග්‍ය බවද පෙන්වා දිය යුතුය.


    ඒ වගේම ග්‍රහ අපල උපද්‍රවවලට නොයෙකුත් වර්ණවලින් සෑදු රෙදි කොඩි ප්ලාස්ටික් කොඩි බෝ ගසේ අතුවලත්, කඳ වටාත් එල්ලා තිබෙනවා ඔබද දැක ඇතැයි සිතමි. මෙම කොඩිවැල්වලට භාවිත කර ඇති බාල වර්ගයේ රසායනික ද්‍රව්‍ය කල්යනවිට වැස්සට පින්නට සේදී බෝ ගසේ අතුවලට සහ කඳටද ස්පර්ශ වී නොයෙකුත් හානි සිදුවි හැකිය. මෙම කටයුතු කිරීම ස¼දහාද වෙනමම ස්ථානයක් පන්සල් භූමිය තුළ තනා තිබේ නම් වඩා යෝග්‍ය බවද පෙන්වා දිය යුතුය. බෝධිය නැත්නම් බෝ ගස ජීවමාන බුදුරදුන් ලෙස සලකන්නේ නම් මෙවැනි වැරැදිවලින් අෑත් වී සිටීමෙන් බෝ වෘක්ෂයේ ආයුෂද වැඩිවන බව කිව යුතුය.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Mawbima, 2015-05-28 02:05:00




    උපදින දරුවා දුවෙක්ද පුතෙක්ද ?
    ප්‍රවීණ ජේ‍යාතිෂවේදී සම්පත් එස්. කල්පගේ
    දරුවන් පිළිසිඳ ගැනීම සිදුවන්නේ ස්ත්‍රියකගේ මාසේ ශුද්ධියෙන් 06, 08, 10, 12, 14, 16 යන ඉරට්ටේ දිනවලත් 5, 7, 9, 11, 13, 15 යන ඔත්තේ දිනවලත් පිළිවෙළින් පුතුන් හා දූවරුන් වශයෙනි. මේ ජේ‍යාතිෂයේ ස්ත්‍රී, පුරුෂ දරු පිළිසිඳ ගැනීම් පිළිබඳ දක්වා ඇති ආකාරයයි. ඊට අමතරව අෑත අතීතයේ සිටම අපේ පැරැණි මවු පියවරු දරු ගැබක් හටගත් විගසම ජේ‍යාතිෂ ශාස්ත්‍රඥයන් වෙත පැමිණෙන්නේ ලැබෙන්නේ දුවෙක්ද? පුතෙක්ද? යන්න දැන ගැනීමටයි.
    එදා අපේ පැරැණි ගුප්ත ශාස්ත්‍රඥයන් මේ ප්‍රශ්නයට පිළිතුරු සැපයූ ක්‍රමවේද රාශියක් තිබිණි. තත්කාල ක්‍රමය, දූත ලක්‍ෂණය, නාඩි පරීක්‍ෂාව ආදී ක්‍රම භාවිත කරමින් නිවැරැදිව උපදින දරුවාගේ ස්ත්‍රී පුරුෂභාවය ප්‍රකාශ කළේය.
    අතීතයේ මෙන්ම වර්තමාන සමාජයේදී මවුපියන් උපන් දරුවාගේ වේලාව ගෙනවිත් දෛවඥයාට දී බලා සිටින්නේ උපන් දරුවාගේ ස්ත්‍රී, පුරුෂභාවය දෛවඥයාගේ කටින් පිට වන තුරුයි. එය දෛවඥයාගේ දැනුම පරීක්‍ෂා කිරීමකි. කෙසේ වෙතත් ජේ‍යාතිෂයට අනුව උපදින්න සිටින දරුවා ගැහැනු දරුවෙක්ද? පිරිමි දරුවෙක්ද යන්න ප්‍රකාශ කිරීමට හැකියාවක් ඇති බව පහත ජේ‍යාතිෂ කරුණු විග්‍රහයෙන් පෙනී යයි.


    භාරතීය ජේ‍යාතිෂවේදීන් මෙය ප්‍රකාශ කරනු ලබන්නේ චන්ද්‍රයාගේ උදාවීම අනුවයි. ඒ අනුව චන්ද්‍රයාගේ උදා දිනය පාදක කරගෙන යම් දරු උපතක් සිදු වී දවස් නවයක් ගත වීමට පෙර අලුත් සඳ උදා වුවහොත් ඒ උදා සඳට පසුව උපදින දරුවා පෙර දරුවකු උපත ලබා සිටී නම් ඒ දරුවාට විරුද්ධ ලිංගිකයකු වෙයි. මේ අනුව මේ දරු උපන් කාලය තුළ නව සඳක් උදාවෙයි. නැතිනම් උපදින දරුවා පෙර දරුවාට සමාන ලිංගිකයකු වන්නේය.


    දරු ප්‍රසූතියකින් පසුව දෙවැනි දරු ප්‍රසූතියට අනුව ස්ත්‍රී පුරුෂභාවය ප්‍රකාශ කිරීමට හැකි වුවත් ප්‍රථමයෙන්ම උපදින දරුවා දුවෙක්ද? පුතෙක්ද? යන්න කීමට නම් මවගේ උපන් දිනය සොයාගෙන ඒ දිනයේ සිට දින නවයක් තුළ නව ස¼දා උදාවූ ආකාරය පරීක්‍ෂා කර බැලීමෙන් පසුව නව ස¼දා උදාවී ඇත්නම් ලබන ප්‍රථම දරුවා ගැහැනු දරුවකු බව භාරතීය මතයයි. මෙය තවදුරටත් විග්‍රහ කිරීමේදී උපත සිදු වූ දිනයේ සිට ඊට පෙර අවසාන වශයෙන් නව සඳ උදාවූ දිනය සොයාගෙන මේ දරු ගැබ පිළිසිඳ ගැනීමේ අවස්ථාව දක්වාම කොපමණ නව සඳවල් උදා වූවාද යන්න සොයාගෙන එම ගණන් සංඛ්‍යාත්මකව ඔත්තේද ඉරට්ටේද යන්න සොයා ගැනීමෙන් ඔත්තේ සංඛ්‍යා නම් පිරිමි දරුවෙක්ද ඉරට්ටේ සංඛ්‍යා නම් ගැහැනු දරුවෙක්ද උපදින බව ප්‍රකාශිතයි.


    හෙළදිව ජේ‍යාතිෂයට අනුව මෙය විසඳෙන්නේ මෙසේය. යම් කාන්තාවක් පිළිසිඳ ගැනීම සිදුවන්නේ ඇය උපත ලබන දිනයේදී යෙදී තිබුණු තිථියට අනුවයි. ඒ අනුව සෑම මාසයකම එම තිථිය උදාවන අවස්ථාවක එම කාන්තාවගේ සරු කාලය නම් එවැනි අවස්ථාවක පුරුෂයකු සමඟ සංසර්ගයේ යෙදීමෙන් දරු ගැබක් ඇති වෙයි. මේ අනුව පිළිසිඳ ගන්නා ලද දරුවාගේ ස්ත්‍රී පුරුෂභාවය නිගමනය කරනු ලබන්නේ එදින චන්ද්‍රයා ගමන්කරන තිථිය රාශිවල වන්නේ ඉරට්ටේ සංඛ්‍යාවන් අනුවයි. මෙහිදී චන්ද්‍රස්පුට අනුව ගැනිය යුතු බව දත යුතුයි. ඒ අනුව චන්ද්‍රයා ගමන් කරන රාශිය ඔත්තේ රාශියක් වුවහොත් පිරිමි දරුවෙක් බවත් ඉරට්ටේ රාශියක් වුවහොත් ගැහැනු දරුවෙක් බවත් ප්‍රකාශ කළ යුතුය. මේ පිළිසිඳ ගැනීමේ දිනයේදී රවි එදා යන ග්‍රහයන්ට ලැබෙන ග්‍රහ දෘෂ්ටි අනුව කලලයේ ස්වභාවය වෙනස් වෙන බවත් උපදින දරුවාගේද විවිධ වෙනස්කම් අඩුපාඩුකම් ඇති වන බවද දත යුතුයි.


    එසේ හෙයින් සුබ ග්‍රහ තත්ත්වයක් පවතින කාලය මෙම තිථිය උදාවන ග්‍රහ තත්ත්වයන්ට අනුව ඔබට අවශ්‍ය දුවෙක්ද පුතෙක්ද යන්න තීරණය ගත හැකිය. මේ ක්‍රමය පාඨක ඔබ සැමට අත්හදා බලා ප්‍රතිඵල ගෙන සතුටු විය හැකිය.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බාධක ග්‍රහයාගේ අපලයට පිළියම්








    inShare​









    Mawbima, 2015-05-28 02:00:00


    ජන්ම පත්‍රය අනුව කෙනකුගේ ජීවිතයේ එදිනෙදා කටයුතු සඳහා බාධා, කරදර, මෙන්ම අපල ගෙනදෙන ග්‍රහයා ලෙස තමයි බාධක ග්‍රහයා ජේ‍යාතිෂයේදී පුරාණ ඉසිවරු විසින් හඳුන්වා දී තිබෙන්නේ. තමන්ගේ කේන්දරේ එම ග්‍රහයා පිහිටි ස්ථානය අනුව ඔහු හා සබැඳි භාව පල, ස්ථාන පල මෙන්ම ග්‍රහ පල විනාශ කිරීම තමයි බාධක ග්‍රහයාගේ කාර්යය වෙන්නේ.
    සෑම කෙනකුටම ලග්නයක් තිබෙනවා. ලග්නයේ පෘථිවිය මැදි කොට ගෙන කොටු 12ක් තුළ නවග්‍රහයන් ප්‍රධාන ග්‍රහයන් 12 දෙනකු සිටිනවා. මේ ග්‍රහයන් කෙනකු උප්පත්තිය ලබන අවස්ථාවේ හැටියට හඳහනේ කොටු කීපයක් තුළ විසිරී සිටිනවා. ඉතින් මේ ප්‍රධාන නවග්‍රහයන් අතරින් රාහු කේතු හැර අන් ග්‍රහයන් 7 දෙනාගෙන් එක් ග්‍රහයකු ඕනෑම කෙනකුගේ ජන්ම පත්‍රයේ ලග්නයට අනුව බාධක ග්‍රහයා වීමේ හැකියාව තිබෙනවා. ඕනෑම ලග්නයකට බාධක ග්‍රහයකු සිටින අතර ලග්න 12ටම බාධක ග්‍රහයන් 12 දෙනකු සිටිනවා.

    අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් 12 දෙනකු සිටියත් ග්‍රහ බලපෑම මත අප විසින් ජේ‍යාතිෂයේදී මූලිකවම අවධානය යොමු කරන්නේ නවග්‍රහයන් වන රවි, සඳු, කුජ, බුධ, ගුරු, සිකුරු, සෙනසුරු හා රාහු, කේතු යන ග්‍රහයන් ගැන පමණයි. මේ අතරින් රාහු හා කේතු කියන්නේ ජේ‍යාතිෂයේදී පමණක් අප යොදා ගන්නා ග්‍රහයන් නොව ඡායා ග්‍රහයන් නිසාත් ප්ලූටෝ, නෙප්චූන් හා යුරේනස් යන ග්‍රහ ත්‍රිත්වය පෘථිවියට ඉතා අෑතින් පිහිටා ඇති නිසා අපට එල්ල වන බලපෑම අඩු නිසාත් මා ඉහත සඳහන් කළ බලපෑමක් සහිත රවි, සඳු ඇතුළු ග්‍රහයන් 7 දෙනා මෙම කාරණාවේ දී යොදා ගනු ලබනවා. එය ජේ‍යාතිෂ සිද්ධාන්තයක්.


    ලග්න අනුව බාධක ග්‍රහයන්
    • පළමු හා දෙවැනි ලග්න වන මේෂ හා වෘෂභ යන ලග්න 2කට ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා බාධක ග්‍රහයා වෙනවා.
    • මිථුන හා කන්‍යා යන ලග්න 2කට ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා බාධක ග්‍රහයාය.
    • සිංහ හා මකර යන ලග්න රාශි 2කට කුජ හෙවත් අඟහරු ග්‍රහයාද
    • ධනු හා මීන යන ලග්න රාශි 2කට බුධ ග්‍රහයා බාධක ග්‍රහයා ද වෙනවා.
    • කටක ලග්නයට සිකුරු ග්‍රහයාත්, තුලා ලග්නයට රවි ග්‍රහයාත්, වෘශ්චික ලග්නයට චන්ද්‍රයා හෙවත් සඳුත්, කුම්භ ලග්නයට ශුක්‍ර හෙවත් සිකුරු ග්‍රහයාත්, බාධක ග්‍රහයන් වෙනවා.


    එම ග්‍රහයන්ගේ මහ දශා කාලය හෝ අතුරු දශා කාලය තුළ ඔහුට හෝ ඇයට අපල තත්ත්වයන් මෙන්ම බාධා හා විවිධ කාර්යයන්ගේ ප්‍රමාදයන් ඇති විය හැකියි. එසේම ආසන්නවම ගෙවනු ලබන විදශා කාලය තුළ ද ක්‍රියාත්මක වෙනවා.


    බාධක ග්‍රහයා ගුරු හෝ සිකුරු වැනි සුබයෙක් වුවත් ඔහුගෙන් ඇතිවන්නේ බාධාවක්. ඒ වගේම පාපී ග්‍රහයකු වීමද සුබදායක නැහැ. කේන්දරේ එම අදාළ ග්‍රහයාගේ තත්ත්වය මත මෙහි ප්‍රතිඵල වෙනස් වීමට ඉඩ තිබෙනවා. සුබ ග්‍රහයකු වුවත් පාප දුෂ්ටිවලින් පීඩිත නම් එම තත්ත්වය සුබ දායක වන්නේ නැහැ. එම කාරණය තවදුරටත් ටිකක් පැහැදිලි කළොත් අපි උදාහරණයක් ලෙස හිතමු යම් කෙනකුගේ ජන්ම පත්‍රය හෙවත් හඳහනේ ඉහත සඳහන් කළ බාධක ග්‍රහයා විවාහ ස්ථානය වන ලග්නයෙන් 7 වැන්නේ තැන්පත් වී සිටිනවා කියා. එවිට අනිවාර්යයෙන්ම එම ජන්මියාගේ විවාහයට එම තත්ත්වය බලපානු ලබනවා.


    මේ තුළ බොහෝ විට විවාහයට විවිධ බාධක හා ප්‍රමාදයන් එල්ල වීමේ ප්‍රවණතාවක් තිබෙනවා. එසේම මෙම බාධක ග්‍රහයාගේ බලපෑම එල්ල වෙන්නේ විවාහයට පමණක් නොවන අතර බාධක ග්‍රහයා අපේ කේන්දරේ තැන්පත්ව සිටින ස්ථානය හෙවත් භාවය අනුව එම භාවයට අදාළ කාරණය සම්බන්ධයෙන් බාධා, කරදර හා අපල උදා වීමේ හැකියාව තිබෙනවා. මෙම බාධක ග්‍රහයා රැකියා ස්ථානය වන 10 වැන්නේ පිහිටා සිටිය විට රැකියා අංශවලින් බාධා කරදර ඇතිවිය හැකියි. නැති නම් 4 වැන්නේ නම් ගෙවල් ‍ෙදාරවල් යාන වාහන ගැන වන්න පුළුවන්. ඒ වගේම 5 වැන්නේ නම් දරුඵල හෝ අධ්‍යාපනය ගැන වන්න පුළුවන්. එසේත් නැත්නම් අපි හිතමු 2 වැන්නේ 11 වැන්නේ කියා. එවිට ආදායම සම්බන්ධයෙන් බාධා කරදර ඇතිවිය හැකියි. ඒ ආකාරයට මෙම බාධක ග්‍රහයා පිහිටා සිටින භාවය අනුව ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්.


    එසේම කේන්දරේ අනෙකුත් ග්‍රහ ශක්තීන් මත බාධක ග්‍රහයාගේ බලපෑම වෙනස් වීමේ හැකියාවද තිබෙනවා. එය අවබෝධ කරගත හැක්කේ නිවැරැදි ජන්ම පත්‍ර පරීක්ෂාවකින් අනතුරුවයි. බාධක ග්‍රහයා බාධක රාශිය හෙවත් බාධක ස්ථානයේම සිටින විට අප එම ග්‍රහයා ජේ‍යාතිෂයේදී මහා බාධක ග්‍රහයා ලෙස හඳුන්වනු ලබනවා. පළමු ලග්න හය වන මේෂ ලග්නයට බාධක ස්ථානය 11 වැන්න වී සෙනසුරු බාධක ග්‍රහයා වන අතර 10 හා 11 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. වෘෂභ ලග්නයට බාධක ස්ථානය 9 වැන්න වී සෙනසුරු බාධක ග්‍රහයා වන අතර 9 හා 10 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. මිථුන ලග්නයට බාධක ස්ථානය 7 වැන්න වී ගුරු හෙවත් බ්‍රහස්පති බාධක ග්‍රහයා වන අතර 2 හා 10 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. කටක ලග්නයට බාධක ස්ථානය 11 වැන්න වී සිකුරු බාධක ග්‍රහයා වන අතර 4 හා 11 වන භාවයන්වල අධිපතිත්වය ලබනවා. සිංහ ලග්නයට බාධක ස්ථානය 9 වැන්න වී කුජ හෙවත් අඟහරු බාධක ග්‍රහයා වන අතර 4 හා 9 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. කන්‍යා ලග්නයට බාධක ස්ථානය 7 වැන්න වී ගුරු බාධක ග්‍රහයා වන අතර 4 හා 7 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. තුලා ලග්නයට බාධක ස්ථානය 11 වැන්න වී ශුක්‍ර හෙවත් සිකුරු බාධක ග්‍රහයා වන අතර 1 හා 8 වන භාවයන්වල අධිපතිත්වය ලබනවා.


    වෘශ්චික ලග්නයට බාධක ස්ථානය 9 වැන්න වී සඳු හෙවත් චන්ද්‍රයා බාධක ග්‍රහයා වන අතර 9 වන භවයේ අධිපතිත්වය ලබනවා. ධනු ලග්නයට බාධක ස්ථානය 7 වැන්න වී බුධ බාධක ග්‍රහයා වන අතර 7 හා 10 වන භාවයන්වල අධිපතිත්වය ලබනවා. මකර ලග්නයට බාධක ස්ථානය 11 වැන්න වී කුජ බාධක ග්‍රහයා වන අතර 4 හා 11 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. කුම්භ ලග්නයට බාධක ස්ථානය 9 වැන්න වී සිකුරු බාධක ග්‍රහයා වන අතර 4 හා 9 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා. මීන ලග්නයට බාධක ස්ථානය 7 වැන්න වී බුධ බාධක ග්‍රහයා වන අතර 4 හා 7 වැනි භාවයන්වල අධිපතිත්වය ලබනවා.


    ඕනෑම චර රාශියක 11 වැන්නත් ඕනෑම තිර රාශියක 09 වැන්නත් ඕනෑම උභය රාශියක 7 වැන්නත් බාධක රාශිය ලෙස අප ජේ‍යාතිෂයේදී හඳුන්වනු ලබනවා. මේ ආකාරයට බාධක ග්‍රහයන් වගේම බාධක රාශියකුත් අපේ කේන්දරයට තිබෙන අතර ඕනෑම ලග්නයකට බාධක ස්ථානයක් වන බාධක රාශියක් තිබෙනවා. බාධක රාශියත් අපල, කරදර, බාධා හා ප්‍රමාදයන් ගෙන එනු ලබනවා. විශේෂයෙන්ම එම කේන්දරයේ බාධක රාශිය වන ස්ථානයට අදාළව කියැවෙන පලයන් සඳහා මෙහිදී බාධා වනු ලබනවා. මේෂ කටක තුලා හා මකර යන රාශි තිර හෙවත් ලග්න චර රාශි ලෙස හඳුන්වනු ලබනවා. වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන රාශි තිර රාශි ලෙස හැඳින්වෙනවා. ඉතිරි ලග්න රාශි 4 වන මිථුන, කන්‍යා, ධනු හා මීන යන රාශි උභය රාශි ලෙස හැඳින්වෙනවා.


    මෙම බාධක ග්‍රහයාගේ උදාවන අපල තත්ත්වයන් ග්‍රහ ශාන්ති කර්ම මඟින් සමනය කර ගත හැකි අතර ඒ සඳහා උගත් ජේ‍යාතිෂවේදියකු මඟින් නිවැරැදි ජන්ම පත්‍ර පරීක්ෂාවකින් අනතුරුව අදාළ ග්‍රහ ශාන්ති කර්ම ඉටු කිරීම තුළින් එම අපල තත්ත්වයන් සමනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. අදාළ බාධක ග්‍රහයා හා රාශිය හඳුනා ගැනීමෙන් පසු ඒ සඳහා එම නිශ්චිත ග්‍රහයාට අදාළව අපල දුරුවීම සඳහා බෝධි පූජාමය පින්කම්, අටවිසි බෝධි පූජා, දේව පූජා, සෙත් කවි ගායනා, මැණික් පැලැඳීම්, යන්ත්‍ර දැමීම් වැනි දේ කළ හැකියි.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Mawbima, 2015-05-28 02:00:00



    ශනි ග්‍රහයා නොහොත් සෙනසුරු ග්‍රහයා මුල්කරගෙන යෙදෙන්නාවූ ඒරාෂ්ටක අපල පිළිබඳ නොදන්නා කෙනකු නොමැති තරම්ය. තිස් අවුරුද්දක් ජීවත් වන සෑම අයකුටම මේ ඒරාෂ්ටක යෙදෙයි. එහෙත් හැමදෙනාටම එකසේ අසුබ ඵල නොදෙයි. පෙර කළ පව් පින් අනුව විපාක යෙදෙයි. එනම් කේන්දරයේ සෙනසුරු ග්‍රහයා සුබ රාශිගතව, ස්ථානගතව යෙදී ඇත්නම් ඒරාෂ්ටක අපල තත්ත්වය තදබල ලෙස විපාක නොදෙයි. මෙය කීප ආකාරයකට යෙදේ.

    ජන්ම ඒරාෂ්ටකය
    ජන්ම ඒරාෂ්ටකය යෙදෙන්නේ චÂද්‍රයා සිටි රාශියට ශනි ග්‍රහයා පැමිණි පසුවයි. එය එක් එක් කේන්දරවල චÂද්‍රයා සිටින ස්ථානය අනුව වෙනස් වෙයි. සාමාන්‍යයෙන් සෙනසුරු ග්‍රහයාට රාශි 12 පසු කිරීමට අවුරුදු 30ක් පමණ ගතවෙයි. එක රාශියක් පසු කිරීමට අවුරුදු 2 1/2ක් පමණ ගත වෙයි. මෙම ග්‍රහ ගමනේදී චÂද්‍රයා සිටින ස්ථානයට ශනි පැමිණිවිට එයට ජන්ම ඒරාෂ්ටකය යැයි කියනු ලබයි.


    ලග්න ඒරාෂ්ටකය
    ලග්න ඒරාෂ්ටකය යනු ශනි ග්‍රහයා කෙන්දරයේ 12 වැනි භාවයට 1 වන භාවය හෙවත් ලග්නයට, 2 වැනි භාවයට ගෝචරයෙන් පැමිණීමයි. මෙම කාලය සාමාන්‍යයෙන් අවුරුදු 7 1/2කි. ජන්ම ඒරාෂ්ටකය තරම් හැමවිටම බලවත් නොවෙයි. කේන්දරයේ බල දුබලතා අනුව අධික සුබ පලදීමටත්, එමෙන්ම අසුබ පල දීමටත් හේතුවෙයි. සෙනසුරු වෘශ්චිකරාශිගතව සිටින මෙම කාලසීමාවේ (2014.11.02 සිට ඉදිරියට) වසර 7 1/2ක් ධනු ලග්න හිමියන්ට ලග්න ඒරාෂ්ටකය පවතී. වෘශ්චික ලග්න හිමියන්ට 2014.11.02 සිට ඉදිරියට වසර 7ක් ඒරාෂ්ටකය පවතී. තුලා ලග්න හිමියන්ට 2014.11.02 සිට 2017.10.26 දක්වා ලග්න ඒරාෂ්ටකය පවතී.


    මෙම ලග්න හිමියන්ගේ චÂද්‍රයා වෘශ්චිකරාශිගතව යෙදී ඇති අයට ලග්න, ජන්ම ඒරාෂ්ටක දෙක එකපිට යෙදෙයි. මෙය ඉතාමත් අසුබ තත්ත්ව යෙදෙන පිහිටීමකි. 2014.11.02 සිට 2017.10.26 දක්වා ලග්න ජන්ම ඒරාෂ්ටක යෙදීම ලග්නවලට චÂද්‍රයා සිටින ස්ථානය අනුව පහත දක්වා ඇත.
    ලග්නය චÂද්‍රයා සිටින ස්ථානය
    ධනු ලග්නය 12 වැන්නේ සිටීම
    වෘශ්චික ලග්නය 1 වැන්නේ සිටීම
    තුලා ලග්නය 2 වැන්නේ සිටීම
    ඉහත සඳහන් ආකාරයට චÂද්‍රයා සිටී නම් දැනටමත් ඔබට ජන්ම ලග්න ඒරාෂ්ටක දෙක එකවිට යෙදී ඇත. මෙය තදබල අසුබ තත්ත්ව දෙන කාලය බව දත යුතුය.
    අෂ්ටම ඒරාෂ්ටකය


    අෂ්ටම ඒරාෂ්ටකය යනු සෙනසුරු ග්‍රහයා 8 වැනි භාවයට පැමිණීමයි. 2014.11.02 - 2017.10.26 දක්වා මේෂ ලග්න හිමි ඔබට අෂ්ටම ඒරාෂ්ටකය ආරම්භ වී ඇත. මෙම ලග්න හිමි ඔබගේ චÂද්‍රයාද 8 වැන්නේ නම් ජන්ම අෂ්ටම ඒරාෂ්ටක දෙක එකවිට යෙදෙයි. මෙයද ඉතා අසුබ පල ලබාදෙන පිහිටීමකි. මේෂ ලග්න හිමියන්ගේ චÂද්‍රයා ලග්නයේ සිටින අයටද වෘශ්චික ලග්න හිමියන්ගේ චÂද්‍රයා 8 වැන්නේ සිටීමද චÂද්‍ර අෂ්ටම ඒරාෂ්ටක තත්ත්ව වෙයි.


    සෙනසුරු ග්‍රහයා ලග්නයේ හැසිරෙන වෘශ්චික ලග්න හිමියන්ට මේ කාලය ඉතා අසුබ බව කිව යුතුය. චÂද්‍රයාද ලග්නයේ නම් අධික අසුබ පල දෙයි. 2014.11.02 - 2017.10.26 දක්වා වෘශ්චික ලග්න හිමි ඔබගේ ශරීර සෞඛ්‍යයට බාධා පැමිණෙයි. අඹු දරුවන්ගේ අසනීප කරදර යෙදෙයි. කරන කියන දේ සාර්ථක නොවෙයි. හේතුවක් නොමැතිව වුවද නිවෙසේ අඬ දබර යෙදෙයි. ධන හානි, සතුරු කරදර යෙදෙනු ඇත. ජන්මියාගේ වයස් සීමා අනුව බලපවත්වන පරිදි කරදර යෙදෙනු ඇත. උදාහරණ ලෙස කුඩා කාලයේදී රෝග පීඩා, පාසල් යන්නේ නම් අධ්‍යාපනයට බාධා කරදර, අසනීප වී ඉගෙනීම නතර වීම, මවුපියන්ට විරුද්ධ වීම, නින්දා අපහාස ලැබීම, තැන තැන ඉබාගාතේ ඇවිදීම වැනි දේ සිදුවෙයි. මවුපියන්ටද අසනීප සඳහා වියදම් දැරීම නිසා අධික කරදර යෙදෙයි.


    රැකියාවක් කරන වයසක නම් රැකියාව අවුල් වේ. තම ඉහළ නිලධාරීන්ට තමාව නුරුස්සයි. නෑයන්ට මවුපියන්ට එපාවෙයි. තමාට යහපත් සිහිකල්පනාවක් නොමැති වෙයි. ශරීරය පවා දුර්වර්ණ වෙයි. නඩු හබ ඇති වෙයි. නිවෙසේ වාසය එපාවෙයි. බරපතළ අසනීප තත්ත්වයන්ට ලක්වෙයි. විශේෂයෙන් වෘශ්චික ලග්න හිමියන්ට මෙම කාලයේ හිසේ රෝග, මුත්‍රාශ, ගර්භාෂ, වකුගඩු, අක්මාව, ප්ලීහාව ආදියේ අසනීප තත්ත්ව නිසා තියුණු වේදනා ගෙන දෙයි. ශල්‍යකර්ම, හදිසි අනතුරු තත්ත්ව යෙදීමත් සිදුවිය හැකියි. සතුරු කරදර යෙදෙයි. දරුවන්ගේ අසනීප කරදර වෙයි. කලින් ගරු සරු දැක්වූ අයට නිග්‍රහ කරයි. ගොවිතැන් පාළුවෙයි.
    වයස්ගත පුද්ගලයෙක් නම් ඔහුට නැතිවෙන දෙයක් නොමැති නම් රෝගාතුර වීම, ඔත්පළ වීම, දරුවන්ට එපාවීම, ජීවිතය කෙළවර වීම ආදිය යෙදෙයි. අනන්ත කටුක දුක් විඳී.


    සෙනසුරු ඒරාෂ්ටකයේ විපාක දීම ජීවිත කාලයටම මතක සිටින පාඩුවක් දැනෙන එකක්වීම විශේෂත්වයකි. මේ නිසා මෙම අපල කල්තියා දැනගෙන ඒවාට පිළියම් ලෙස ශාන්ති කර්ම කිරීම සුදුසුයි.
    ඒරාෂ්ටක අපල සඳහා ශාන්ති කර්ම
    • සත්ත්ව ඝාතනය, හිංසාවෙන් තොරවීම, මස් මාංස අනුභවයෙන් වැළකීම (සෙනසුරාදා දිනවලදීවත් මාංස ආහාර නොගැනීම සුදුසුයි.) විශේෂයෙන් ගව මස් කෑමෙන් වැළකීම.


    • "ශනි මෘතුංජය" නවග්‍රහමෘතුංජය, යන්ත්‍ර පැලැඳීම, නුග වෘක්ෂයට සාත්තු කිරීම අපල දුරුවීමට හේතුවෙයි.
    • පාදයක් ආබාධිත යාචකයකුට සෙනසුරාදා දින උදේවරුවේ කැකුළු බත් එළවළු සමඟ දන් දෙන්න.
    • එළඟිතෙල් මිශ්‍ර කිරිබත් ගුළි කපුටන්ට දීම දිනපතා (කපුටා අනෙක් ආහාර ගැනීමට පෙර ලබාදෙන්න.)
    • ශ්‍රී විෂ්ණු දෙවියන්ට බාරවීම. පින්දීම. නිල්මල් පූජා කරන්න.
    • බෝධිපූජා සිදුකිරීම දිනපතා නිවෙසේ මල්පහන් පූජා කිරීම. (ඊශාන දිශාව සුබයි.)
    • කළුතල, ලොත් සුඹුල, අංජන කැට, මී පොරි, සතකුප්ප තැම්බූ වතුර ස්නානය කිරීම.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔබත් පංච මහා පුරුෂ යෝග හිමියෙක්ද?










    Mawbima, 2015-05-21 02:00:00



    "ග්‍රහ යෝග" යැයි කී පමණින් හැඟෙන්නේ ග්‍රහයන් දෙදෙනකු හෝ ඊට වැඩි දෙනකු එකම රාශියක් තුළ සිටීමයි. ග්‍රහයන් දෙදෙනෙක්, තුන්දෙනෙක්, හතරදෙනෙක් ආදී වශයෙන් එක රාශියක සිටීමෙන් ද්වි ග්‍රහ යෝග, ත්‍රි ග්‍රහයෝග, චතුර්ග්‍රහ යෝග, පංච ග්‍රහ යෝග, ෂඩ් ග්‍රහ යෝග ඇතිවෙයි. රාහු, කේතු, යුරේනස්, නැප්චුන් හා ප්ලූටෝ යන ග්‍රහයන් හැර ඉතිරි ග්‍රහයන් සත් දෙනා එකම රාශියේ සිටීමත් එම සත්දෙනා තනි තනිව රාශි හතක සිටීමත් කලාතුරකින් දැකිය හැකිය. ඉන් පළමු පිහිටීම අසුබ යෝගයක් සේද, දෙවැනි පිහිටීම සුබ යෝගයක් සේද සැලකේ. කෙසේ වෙතත් යට කී ග්‍රහයන් සත්දෙනා රාශි හතරක හෝ ඊට වැඩි ගණනක සුබ ස්ථාන ඇතුළුව සිටීම යහපත් වෙයි. සුබ ග්‍රහයෝග සාදන ග්‍රහයන් දෙදෙනකු එක රාශියක අංශක 28කට වඩා එකිනෙකා දුරින් සිටියහොත් යෝගයේ නිසි පල නොලැබේ. එසේම එවැනි ග්‍රහයන් දෙදෙනකු රාශි දෙකක එකිනෙකා අංශක 2කට වඩා අඩු දුරකින් සිටියද යෝගපල මනාසේ ගෙන දෙයි.

    ඇතැම් යෝග පිහිටීමට එක් රාශියක එක් ග්‍රහයෙක් (අදාළ) සිටීම සෑහේ. යාබද රාශිවල සිටින අසුබ ග්‍රහයන්ගෙන් පීඩාවට පත් නොවේ නම් සුබ යෝගවල පල නිසි සේ ලැබෙන අතර එසේ වීමට වෙනත් සුබ ග්‍රහ දෘෂ්ටි (දැකීම්) ද ඉවහල් වෙයි.


    පංච මහා පුරුෂ යෝග, සුබ ග්‍රහයෝග අතර මුල්තැන ගනී. කුජ, බුධ, ගුරු, ශුක්‍ර හා ශනි (බුධ, ගුරු, ශුක්‍ර ග්‍රහයන් වන අතර කුජ ශනි අසුබ ග්‍රහයන්සේ සැලැකේ. අසුබ ග්‍රහයන්ගෙන්ද සුබ යෝග සෑදේ.) ග්‍රහයන් පස්දෙනා මූලික කරගෙන පංච මහා පුරුෂ යෝග සෑදේ. පුරුෂ යෝග යැයි සඳහන් වුවද ඒවා වාසනාවන්ත කාන්තා කේන්දරවලද දැකිය හැකිය. පංච මහා පුරුෂ යෝග, ඒවා පිහිටන ආකාරය, ඒවායින් ලැබෙන ප්‍රතිඵල ආදිය පහත දැක්වෙයි. මා දන්නා තරමින් මෙම යෝග හතරක්ම ඇතිව මේ දක්වා ජන්ම ලාභය (උපත) ලබා ඇත්තේ බුදුන් වහන්සේ පමණි. ඔබටද මෙයින් එකක් හෝ පිහිටා ඇද්දැයි ඔබගේ කේන්දරයෙන් බලාගන්න.
    පංච මහා පුරුෂ යෝග


    1. රුචක යෝගය.
    2. භද්‍රා යෝගය.
    3. ගුරු හංස යෝගය.
    4. මාලවී යෝගය.
    5. සස යෝගය.

    1. රුචක යෝගය
    මෙය රුචක යෝගය යනුවෙන්ද හැඳින්වෙයි. මෙම යෝගය කුජ හෙවත් අඟහරු ජන්ම කේන්දරයේ එක, හතර, හත, දහය (1, 4, 7, 10) යන කේÂද්‍රස්ථානයක උච්චව හෝ ස්වක්ෂේත්‍රව සිටීමෙන් යෙදෙයි.

    2. භද්‍රා යෝගය
    මෙම යෝගය බුධ ග්‍රහයා ජන්ම කේන්දරයේ එක, හතර, හත, දහය (1, 4, 7, 10) යන කේÂද්‍රස්ථානයක උච්චව හෝ ස්වක්ෂේත්‍රව සිටීමෙන් යෙදෙයි.

    3. ගුරු හංස යෝගය
    මෙය "හංස යෝගය" යනුවෙන්ද හැඳින්වෙයි. මෙම යෝගය ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා ජන්ම කේන්දරයේ එක, හතර, හත, දහය (1, 4, 7, 10) යන කේÂද්‍රස්ථානයක උච්චව හෝ ස්වක්ෂේත්‍රව සිටීමෙන් යෙදෙයි.

    4. මාලවී යෝගය
    මෙය "මාලව්‍ය යෝගය" යනුවෙන්ද හැඳින්වෙයි. මෙම යෝගය ශුක්‍ර හෙවත් සිකුරු, ජන්ම කේන්දරයේ එක, හතර, හත, දහය (1, 4, 7, 10) යන කේÂද්‍රස්ථානයක උච්චව හෝ ස්වක්ෂේත්‍රව සිටීමෙන් යෙදෙයි.
    5. සස යෝගය


    මෙය "සස යෝගය" යනුවෙන් හැඳින්වෙයි. මෙම යෝගය ශනි හෙවත් සෙනසුරු, ජන්ම කේන්දරයේ එක, හතර, හත, දහය (1, 4, 7, 10) යන කේÂද්‍රස්ථානයක උච්චව හෝ ස්වක්ෂේත්‍රව සිටීමෙන් යෙදෙයි.
    මෙම ග්‍රහ යෝග හා සම්බන්ධ ග්‍රහයන් පාප ග්‍රහයන්ගෙන් පීඩා නොවී සුබ ග්‍රහයන්ගේ දෘෂ්ටි ලබා සිටීම වඩාත් පලදායක වන අතර අදාළ (යෝගයට) ග්‍රහයා ස්ව‍ෙක්‍ෂත්‍රව සිටිනවාට වඩා උච්චව සිටීමෙන් මහඟු සුබපල ගෙන දෙයි. ඊට අමතරව යෝගයට මූලික වන ග්‍රහයා තම ජන්ම ලග්නයට යෝග කාරකයා වීම, ගත කරන මහා දශාව හා අතුරු දශාව සුබ වීම ආදී කරුණුද මෙයට බලපායි.

    • කුජ මකර රාශියේදී උච්ච වන අතර, මේෂ රාශිය හා වෘශ්චික රාශියේදී ස්වක්‍ෂේත්‍ර බලයෙන් සිටී.
    • බුධ කන්‍යා රාශියේදී උච්චවන අතර මිථුන රාශියේදී ස්වක්‍ෂේත්‍ර බලයන් කන්‍යා රාශියේදී උච්ච බලයට අමතරව ස්වක්‍ෂේත්‍ර බලයෙනුත් සිටී.
    • ගුරු කටක රාශියේදී උච්චවන අතර, ධනු රාශියේදී හා මීන රාශියේදී ස්වක්‍ෂේත්‍ර බලයන් සිටී.
    • ශුක්‍ර මීන රාශියේදී උච්ච බලය ලබන අතර, වෘෂභ රාශියේදී හා තුලා රාශියේදී ස්වක්‍ෂේත්‍ර බලයන් සිටී.
    • ශනි තුලා රාශියේදී උච්ච බලය ලබන අතර මකර රාශියේදී හා කුම්භ රාශියේදී ස්වක්‍ෂේත්‍ර බලයන් සිටී.
    මේ අනුව බලනවිට මේෂ, වෘෂභ, මිථුන, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ හා මීන යන ලග්නවලට එම ලග්නාධිපති ග්‍රහයන් ලග්න ස්ථානයේ (1 භාවය = කොටුව) ස්වක්‍ෂේත්‍ර බලය ලබන අතර තුලා, මකර හා මීන යන ලග්නවලට ලග්න ස්ථානයේ (1 භාවය) පිළිවෙළින් ශනි, කුජ හා ශුක්‍ර උච්ච බලයෙන් සිටිති. කටක ලග්නයට ලග්න ස්ථානයේ උච්ච වන්නේ ගුරුය. කන්‍යා ලග්නයට ලග්න ස්ථානයේදී ස්වක්‍ෂේත්‍ර හා උච්ච යන බල දෙකම ලබන්නේ බුධය. එමඟින් අනගි "විදුරවි" යෝගයද පිහිටයි.

    විශ්‍රාමික විදුහල්පති
    ඒ. වී. කේ. ජයතිලක
    උෟව - දීගල්ල
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පංච මහා පුරුෂ යෝග


    පංච මහා පුරුෂ යෝග ජ්‍යොතිෂයේ දැක්වෙන්නේ සුභ ග්‍රහ යෝගයන් ලෙසය.කුජ,බුධ,ගුරු,ශුක්‍ර හා ශනි ග්‍රහයන් උච්ච හෝ ස්වක්‍ෂෙත්‍ර බලයෙන් යුතුව කේන්ද්‍රස්ථානයක(1,4,7,10 ස්ථානවල) පිහිටීමෙන් උදාවන මෙම මහා පුරුෂ යෝග පහ පිළිවෙලින් රුචක,භද්‍ර,හංස(ගුරු හංස),මාලවී හා ශශ නම්වේ.

    * (ඇතැම් පොත් පත්වල ලග්නයෙන් කේන්ද්‍රගතව මෙන්ම සදුගෙන් කේන්ද්‍රගතව(සදු සිටින රාශියේ සිට (එම රාශිය සමග) ගනන් කරන විට 1,4,7,10 ස්ථානවල අදාළ) ග්‍රහයන් උච්ච ක්‍ෂෙත්‍රව සිටින විටද පංච මහා යෝග යෙදෙන ගව දක්වා ඇතත් නියම ලෙස යෙදෙන්නේ ලග්නයෙන් කේන්ද්‍රගතව ඇති විටය.සදුගෙන් කේන්ද්‍රගතව යෙදීමද සුභදායක නමුත් එහි ඵල විපාක ලග්නයෙන් කේන්ද්‍රගතව යෙදන නියම පංච මහා පුරුෂ යෝගයන්ට දෙවැනිවේ.


    * පංච මහා පුරුෂ යෝග අර්ථ දක්වා ඇත්තේ ලග්න කේන්ද්‍රය ඇසුරෙන්ය.භාව කේන්ද්‍රය අනුව පංච මහා යෝග අර්ථ දැක්වීමක් නැත.


    මෙම යෝගයන් යෙදෙන ආකාරය හදුනා ගැනීම හා එහි ඵල විපාක පිළිබදව පාඨක ඔබව දැනුවත් කිරීම මෙම ලිපියේ ප්‍රධාන අරමුනයි.ප්‍රථමයෙන්ම පංච මහා යෝග සාදන ග්‍රහයන් පස්දෙනා උච්ච හා ස්වක්‍ෂෙත්‍ර වන රාශීන් හදුනා ගනිමු


    ග්‍රහයා ස්වක්‍ෂෙත්‍ර වන රාශීන් උච්ච වන රාශිය
    1) කුජ මේෂ,වෘශ්චික මකර
    2) බුධ මිථුන කන්‍යා
    3) ගුරු ධනු,මීන කටක
    4) ශුක්‍ර වෘෂභ,තුලා මීන
    5) ශනි මකර,කුම්භ තුලා


    ඉහත දක්වා ඇත්තේ පංච මහා යෝග හදුනා ගැනීමට ආධුනික අයකු දැන සිටිය යුතු ප්‍රමාණයයි.මෙම ලිපියෙන් දැක්වෙන දෑ වටහා ගැනීමට එය හොදටම ප්‍රමාණවත්ය.මීට අමතරව සියළුම ග්‍රහයන් ඒ ඒ රාශිවල මිත්‍ර,සතුරු,උච්ච,ක්‍ෂෙත්‍ර,..... ආදිය දැක්වෙන අයුරු පහත රූපයෙන් දැක්වේ.ලිපියේ අන්තර්ගතය අච්චාරුවක් මෙන් අවුල් වීම වැලැක්වීමට එය වෙනම දක්වා ඇත.(පහත රූපය)



    IMAGE0055_zpsx8iqqzca.jpg




    රුචක යෝගය
    යෙදෙන ආකාරය
    කුජ(අඟහරු) ග්‍රහයා උච්චව හෝ ස්වක්‍ෂෙත්‍ර බලයෙන් කේන්ද්‍රස්ථානයක(1,4,7,10 ස්ථානයක) තැන්පත් වීම
    ඵල විපාක
    ශක්තිමත් සිරුරය.ඒ නැතත් එඩිතර වීර්යය ඇත්තෙක්මය.සම්ප්‍රධායික සිරිත් විරිත් වලට ගරු කරයි.මනා පෞරුෂයකි.රජෙක් බදුය.බල පරාක්‍රමාන්විතය.නායකත්වයට සුදුසුය.කුජ උච්චව සිටින විට යෝගය වඩාත් බලවත්ය.

    විශේෂ සටහන
    රුචක යෝගය ඇත්තවුන් ඉහත දැක්වූ ලක්‍ෂණ සහිතය.හමුදා පොලිසි වැනි ආරක්‍ෂක අංශ වල මෙන්ම යන්ත්‍ර සූත්‍ර ඉංජිනේරු වෘත්තිකයන්ට මෙම යෝගය වැඩි වශයෙන් යෙදේ.10 වැන්නේ රුචක යෝගය ඇත්තවුන්ගේ කුජ දිග්බලයද ලැබෙන නිසා බලය වැඩියි.ආරක්‍ෂක අංශ හා ඉංජිනේරු අංශයේ රැකියා කරන්නන්ගේ 10 රුචක යෝගය වැඩිපුර යෙදේ.4 හා 7 ස්ථාන වල රුචක යෝගය යෙදීම අනිත් ස්ථාන වලට වඩා අඩු බල වන්නේ විවාහ බාධකයක් ලෙස යම් බලපෑමක් ඇති බැවිනි. රුචක යෝගය නියමාකාරයෙන් පිහිටන්නේ චර (මේෂ,කටක,තුලා,මකර) හා තිර(වෘෂභ,සිංහ,වෘශ්චික,කුම්භ) ලග්න හිමියන්ට පමණි.


    භද්‍ර යෝගය
    යෙදෙන ආකරය
    සතර කේන්ද්‍රයෙන්(1,4,7,10) තැනක බුධ උච්චව හෝ ක්‍ෂෙත්‍රව සිටීම
    ඵල විපාක
    උදාර ගමන් විලාසයකි.කඩිසරය.නමුත් කලබල නැත.බුද්ධිමත්ය.අනිත් අයගේ අනුකම්පාවට ලක්වීමට අකැමැතිය.සැප සම්පත් ලැබේ.හොද ධාරණ ශක්තියක් ඇත.ඉගෙනුමෙහි දක්‍ෂය.ආයුෂ බලැතිය.


    විශේෂ සටහන
    බුධගෙන් යෙදෙන භද්‍ර යෝගය පිහිටි අය ඉහත ලක්‍ෂණ දරයි.භාෂා සාස්ත්‍ර පිහිටයි.ලේඛන කලාවට කථිකත්වයට දක්‍ෂ අයට වැඩිපුර පිහිටයි.ප්‍රභල ධන යෝගයනට සම්බන්ධ වන එකම පංච මහා පුරුෂ යෝගයයි.භද්‍ර යෝගය පිහිටි අය වයසට ගියත් තරුණ පෙනුම ඇතැයි කතාවකි.ක්‍රියාවන්ද තරුණය.1 හා 7 ස්ථාන වල භද්‍ර යෝගය ඇත්තන් වැඩි බලවන්තය.භද්‍ර යෝගය නියම ලෙස පිහිටන්නේ උභය(මිථුන,කන්‍යා,ධනු,මීන) ලග්න හිමියන්ට පමනි.


    ගුරු හංස (හංස) යෝගය
    යෙදෙන ආකාරය
    සතර කේන්ද්‍රයෙන් එකක ගුරු(බ්‍රහස්පති) ග්‍රහයා උච්ච හෝ ක්‍ෂෙත්‍ර බලයෙන් පිහිටීම
    විපාක
    කඩවසම් පෙනුමය.හංසයකුගේ බදු කටහඩකි.දහම්සොඩවේ.ධාර්මිකය.තීක්‍ෂණ නුවණය.පරාර්ථකාමීය.
    විශේෂ සටහන
    ගුරු හංස යෝගය පිහිටන අය ඉහත දැක්වූ ලක්‍ෂණවේ.ප්‍රතිපත්ති ගරුකය.නිහීන වැඩ නොකෙරෙති.සමාජය වැඩදායි මුදල් පසුපස හඹානොයන ගුරුවරුන් ආදීන්ට මෙම යෝගය වැඩිපුර පිහිටයි.දුක් කරදර අඩු වුවත් ඒවා විදීමේ ශක්තිය සහිතයි.කටක ලග්න හිමියාගේ ලග්නයේ යෙදෙන ගුරු හංස යෝගය වඩාත්ම බලවත් යෝගයයි.


    මාලවී යෝගය
    යෙදෙන ආකාරය
    සතර කේන්ද්‍රයෙන් එකක සිකුරු(ශුක්‍ර) ග්‍රහයා උච්චව හෝ ක්‍ෂෙත්‍රව පිහිටීමයි.
    විපාක
    රූප සොභාව පිහිටයි.යෝගය යෙදෙන කේන්ද්‍රස්ථානයට අනුරූපව ලැබීම ඇතිකරන යෝගයකි.කලා හැකියාවන් පිහිටයි.


    විශේෂ සටහන
    කන්‍යා ලග්න හිමියාගේ හත්වැන්නේ සිකුරු උච්ච වීමෙන් යෙදෙන මාලවී යෝගය වඩාතාම බලවත් බව සදහන් වෙතත් සිකුරු සමඟ යෝගවන අනිත් ග්‍රහයන් අනුව බල දුබලතාව අඩු වැඩිවේ.අඟහරු සමග යෝග වූ විට ඉතා දරුණු කාම යෝගයක් සාදයි.දසවැන්නේ මාලවී යෝගය උසස් රැකියා ලබාදේ.කලාකරුවන්ගේ කේන්ද්‍රවල මාලවී යෝගය වැඩිපුර යෙදේ.


    ශශ යෝගය
    යෙදෙන ආකාරය
    සතර කේන්ද්‍රයෙන් එකක ශනි ග්‍රහයා උච්ච හෝ ක්‍ෂෙත්‍ර බලයෙන් පිහිටීම
    ඵල විපාක
    සටන්කාමීය. සේනා බලය ඇත.යහපත් දැසි දසුන් ලබයි.නිර්භයය.ත්‍යාගශීලීය.අනිත් පංච යේග හතර ඇත්තන්ට වඩා ආත්මාර්ථකාමී ගති පිහිටයි.(වෙනත් යෝග වලින් එම තත්ත්වය අඩු වැඩිවේ.)


    විශේෂ සටහන
    දුක් පීඩා විද දරා ගැනීමේ අමුතු ශක්තියක් පිහිටයි.කෘෂිකර්මාන්තය ආශිතව දියුණුව ඇත්තන්ට වැඩිපුර පිහිටන යෝගයකි.හතරේ පිහිටන අයට භූමි වාසනා ගේදොර වාසනාව උදා කරයි.7 වැන්නේ පිහිටි අයට විවාහ ප්‍රමාද කලත් විවාහයෙන් ධනය,සැප සම්පත් සේනා බලය සාදයි.10 වැන්නේ පිහිටි අයට රැකියා ප්‍රමාද කරන නමුත් පසුකාලීනව තමා යටතේ වැඩි සේවක පිරිසක් සිටින උසස් තත්ත්ව ලබා ගනී.ලග්නයේ ශශ යෝගය ඇත්තවුන් තරමක් දුරට කේන්තිකාරයන්ය.



    http://lankajhothisha.blogspot.com/
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    උපන් වේලාව අනුව ගැහැණු හෝ පිරිමි දරුවෙක්ද කීමට නොහැකි වන්නේය
    ප්‍රවීණ ජෝතිර්වේදී
    ආචාර්ය ජී. ජී. කේමන් කුලසිරි

    උපන් වේලාව අනුව ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියා කීමට ජ්‍යොතිෂ පොත් පත් වල විවිධ ලෙස කරුණු ගෙනහැර පාමින් පෙන්වාදී ඇතත් ඒවා පරික්ෂා කර බැලිමේදී යම් දුර්වලතා අඩුපාඩු කම් රැසක්ම හමුවන බව පෙනීයන්නේය. මේ නිසා දරුවා උපන් රෝහලෙන් ලියාදී ඇති වේලාවට නිවැරදිව දරුවාගේ හදහන සකස් කරවාගන්න.තමන්ට කුසලයට හෝ අකුසලයට ලැබුනු දරුවාගේ හදහන උපන් ස්ථානයට අනුව සකස්කර ගැණිමේදී ඉපදී සිටින්නේ ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියා කිසිම වෙනස් කිරීමකින් තොරව හදහන සකස් කරවා ගත යුතුය. එවිට එම හදහන නිවැරදිව පරික්ෂා කරවා ගැනීමෙන් අනාගතය පිළිබඳව සත්‍ය තොරතුරු දන ගැනීමට හැකි වන්නේය.
    දරුවකු මෙලොව ජනිතවන නිවැරදිම වේලාව ගැනද ප්‍රශ්ණ රැසක්ම පවතින්නේය. දරුවා ඉපදී මුලින්ම අඬන වේලාව උපන් වේලාව ලෙසත් මවගේ කුසෙන් එලියට එන වේලාව උපන් වේලාව ලෙසත් සමහර අය සඳහන් කරණු ඇතත් මෙය නිවැරදිවම බැලිය හැකිද? කාටනම් මෙය සෙවිය හැකිද? භාවනානු යොගී තුන්කල් පෙනෙන උත්තමයෙකුට නම් කිව හැකිය. මා දරණ මතය වන්නේ දරුවා උපන් රෝහලෙන් ලියාදී ඇති වේලාව ඉපදී සිටින දරුවාගේ කුසලයට නැත්නම් අකුසලයට ලද වේලාව වන බවයි. යම් හෙයකින් දරුවන් බිහිවන වේලාවේ සේවය කරන අය බොහෝ කාර්‍ය බහුලවී දරුවා උපන් වේලාව ලියා තැබීමට අමතක වී පසුව එම වෙලාව සාමාන්‍ය විදියට මතකයේ ඇති අයුරින් ලියා දෙන්නට සිදුවන අවස්ථාද ඇතිවන්නටද පිළිවන. එසේ වුවහොත් හරියටම උපන් වේලාව සොයාගත හැකිද? එසේ වෙලාව පමාවී ඇත්තේද දරුවාගේ කුසල් අකුසල් හේතුවෙනි. ඒ ලද වේලාවට හදහන සෑදිය යුතුය. එසේ නොමැතිව බොරුවට ගැහැණු පිරිමි සොයා වැරදි හදහනක් සාදා ගත යුතු නැත.
    හණමිටිය ඔලූව උඩතබාගත් හැට පැයට යටවී නවාංශකය අනුව ස්ත්‍රී පුරුෂ බේදය සොයන තවමත් බරභාගයෙන් යන යුගයක් යයි සිතා කටයුතු කරන සමහර උගත්යයි තමන්ම හිතන පත්තිරු පුස්කොල බලා කාටත් නොතේරෙන සොලෝක ඇදබාමින් ජ්‍යොතිෂය කිසිදු පරීක්ෂනයකින් නිරීක්ෂනයකින් තොරව කටයුතු කරන පැරණි දේම විශ්වාසය තබාගන කටයුතු කරන අයට මෙම ලිපිය කියවු විට මෙසේද හිතෙන්න පුලූවනි —මොන බොරුද? මට කියන්න පුලූවන් මම කියල තියෙනව හරියටම ඉපදිලා ඉන්නේ ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියාල මගේ ඉසකෙස් පැසුනේ මෙවා කරලා˜
    මෙන්න මෙහෙම හිතන බොරු කරමින් හදහන් හදා ඉපදී සිටින්නේ පිරිමි දරුවෙකි නැත්නම් ගැහැණු දරුවෙකි කියා තමන් කියනදේ වැරදුන හොත් රෝහල් කාර්‍ය මංඩලයටත් බැන වේලාව වරද්දා ඇති බව කියා උපන් වේලාවෙන් විනාඩියක් දෙකක් තුනක් අඩුකර වැරදි හදහන් හදාදී තමන් සුදනා බවට පත්වන අය අතීතයේ මෙන්ම අද සමාජයේ සිටින්නේය.
    මා දන්නා දෙයක් වනුයේ පැරණි ඉරණම ජ්‍යොතිෂය පුවත් පතක පිරිසක් මෙම ස්ත්‍රී පුරුෂ ගැටලූවට පිළිතුරු සෙවීම සඳහා කොළඹ රෝහල් කීපයකම ළදරු උපත් ඒකක තුලට ගොස් උපන් වේලාවන් ගැන පරීෂාවට ලක්කිරීම සිදුකලබවයි. ඉන් පැහැදිලි වන්නටද යෙදුනේ එකම වේලාවක එකම රෝහලක පිරිමි හා ගැහැණු දරුවන්ගේ උපත් සිදුවන බවයි.
    මම පසුගිය කාලයේදී මාතර මහ රෝහලේ කාර්‍ය මංඩලයේ පිරිසකට ජ්‍යොතිෂය ඉගැන්වීමක් කරන්නට යෙදුනු අතර එහිදී එම අයගෙන් විමසිමක් කලේ පිරිමි හා ගැහැණු දරුවන් ඉපදීමේ දි වෙන් වෙන් වශයෙන් වේලාවන් තුල ඉපදීම සිදුවන්නේද? කියාය. ඔවුන් ඉතාම පැහැදිළිව ප්‍රකාශකරන්නට යෙදුනේ පිරිමි හා ගැහැණු දරුවන් එකම වෙලාවේදී ඕනෑ තරම් උපදීන බවත් යම් කාලවලදී එකදිගටම පිරිමි හෝ ගැහැණු දරුවන් පමනක්ම උපදින අතර පසලොස්වක දිනවල සේම අඟරුවාදා දිනවල වඩා වැඩිපුරම දරුවන් උපදිනු ඇති බවත්ය.
    සතුන්ට උපදින්න වේලාවන් හෝ මිනිසුන්ට උපදින්නට වේලාවන් ඇතිබව කියන සමහර උදවිය කියන්නේ ඉස්සර කාලයේ සතුන් ඉපදුනු වේලාක් දුන්නම හරියටම මෙම වේලාව අනුව ඉපදී ඇත්තේ කකුල් හතරක් ඇති සතෙකු යනුවෙන් පවසන්නට හැකි පුද්ගලයන් සිටි බවයි . පුදුමයකි, එසේ කියන යම් පුද්ගලයෙකු ගෙන් ප්‍රශ්ණ කලහොත් එසේ කියන්නට හැකි පුද්ගලයා හඳුනනවාද? නැත්නම් ඔබ දැක ඇද්ද කියා ඔහු පවසන්නේ මමත් කාගෙන් හරි අසා දැනගත් දෙයක් බවයි.
    මාගේ හැගීම වන්නේ මෙම ලිපිය බලා පිළිතුරු ලිපියක් කාටහරි ලියන්න පුලූවන් මෙන බොරුද මේකවත් කියන්න බැරිව අනිත් දේවල් කියන්නේ කොහොමද? අර පොතේ මෙහෙම තිබුනා මේ පොතේ මේක නිවැරදිව කියන්න පුලූවන් විදිය කියල තියෙනව ඒවා දන්නේ නැතිව වෙන්න ඇති මේ ලියල තියෙන්නෙ අන්න එහෙම හිතන යම් අයෙකු ඇත්නම් ලිපිය කියවල දොස් නගමින් ඉන්නේ ඉන්නේ නැතිව එන්න ඕනෑම සම්මුඛ සාකච්චාවකට මම සූදනම් පිලිතුරු දෙන්න. මා අභියොගයක් කරන්නේ ස්ථීරවම උපන් වේලාව අනුව ඉපදී සිටින්නේ පිරිමි හෝ ගැහැණු දරුවෙකුද? කියා පැවසීමට හැකි යයි කියන ජනතාව මුලාවේ දමන අයටයි. මාතර රෝහලේදී උපන් දරුවන් 10 දෙනෙකුගේ වේලාවන් 10 ක් නිවැරදිව ලබාදෙන්නම් එම වේලාවන් 10 යටම උපන් වේලාව අනුව ඉපදී සිටින්නේ පිරිමි හෝ ගැහැණු දරුවෙකුද කියා නිවැරදිව කියන්න පුලූවන් නම් රූපවාහිණි නාලිකාවක් ඒ සඳහා ඉඩ ලබාදෙන්නේ නම් මා එම අවස්ථාවට පැමිණ මාගේ අභියොගය ඉදිරිපත් කරන්නට ඕනෑම වේලාවක සූදනමි බවද සඳහන් කරන්නේ ජ්‍යොතිෂයේ උන්නතිය වෙනුවෙනි.
    පිරිමි හා ගැහැණු දරුවන්වී මෙලොව ඉපදෙන්නේ පෙර කරන ලද කුසල් අකුසල් වල ප්‍රමානයට අනුව බවත් මෙලොව ඉපදීමට හෝ මරණයට වෙන් කරන ලද වේලාවක් වෙන වෙනම නොමැති බවත් එකම වෙලාවේදී ඕනෑම දෙයක් සිදුවන්නට හැකි බව තුන්කල් දක්නා ණුවනක් ඇති බුදුරජානන් වහන්සේගේ දහමට අනුව පෙන්වා දෙන්නේය.
    ස්ත්‍රීන් වැනි පුරුෂ යන්ද පුරුෂයන් වැනි ස්ත්‍රීන්ද මෙලොව ඉපදෙන අතරම නපුංෂක අයද උපදින්නේය..
    ස්ත්‍රින්ගේ ග්‍රහ බල ක්‍රියාත්මක වේලාවන් හා පුරුෂ ග්‍රහ බල ක්‍රියාත්මක වේලාවන් ඇති බව මා පිළිගනිමි. ස්ත්‍රින්ගේ ග්‍රහ බල ක්‍රියාත්මක වේලාවක පිරිමි දරුවකු ඉපදුනහොත් එම දරුවාගේ ශරීරය ලස්සන සියුමැලි එකක් වන අතරම ගමන බිමනද කරන ක්‍රීයාවක් ස්ත්‍රියක් විලාශය ගන්නා බවද පුරුෂ ග්‍රහ බල ක්‍රියාත්මක වේලාවක ස්ත්‍රියක් ඉපදුනහොත් ඇය ජව සම්පන්න බියනැති පිරිමියකු වාගේම ක්‍රියාකරන පිරිමියකුගේ ශරීර ලක්ෂන ඇතිව උපදින බවද දැනගත යුතුය. එසේම නිවැරදිවම පිරිමි ග්‍රහබල සහිත වෙලාවේ පිරිමිත් ගැහැණු ග්‍රහ වෙලාවේ ගෑහැණු අයත් ඉපදුන හොත් ඔවුන් නිවැරදි පිරිමි ලක්ෂණද නිවැරදි ගැහැණු ලක්ෂණද ඇතිව ක්‍රියාකරන්නේය
    ජ්‍යොතිෂය පිළිබඳව කිසිවක් නොදන්නා මිනිසුන් ලග බොරුකල හැකි මුත් කිසිවක් නොදන්නා අහිංසක මිනිසුන් ලඟ පණ්ඩිතයන් නොවී ඇත්ත සත්‍ය ජනතාවට පෙන්වාදී මේ මහා වටිනා උතුම් සාස්ත්‍රයෙන් හදවතට එකඟව සාස්ත්‍රාවබෝදයෙන් කටයුතු කරන ලෙසටද ජ්‍යොතිෂය රැකියාවක් ලෙස කරණ සැමගෙන්ම ඉල්ලා සිටින්නේ හදවතට එකඟවම ජ්‍යොතිෂය අභිවෘර්ධියට ඇති කැමැත්තෙනි.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔබ මුළා කරන දිනපතා ලග්න පලාපල
    ප්‍රවීණ ජෝතිර්වේදී ආචාර්ය කේමන් කුලසිරි
    දිනපතා ඔබේ ලග්නයට අනුව පවතින පලාපල රසවත් කර ලස්සනට හැඩ දමා ජෝතිෂ්‍ය විෂයට මහා සම්මාන ලාභී ඉතා සුපතල වියතුන් යයි නම් දරා ඇති පිරිස පුවත් පත් වල ,රුපවාහිනී නාලිකා වල හා ගුවන්විදුලි සේවාවන් තුළ ලග්න 12 ට වෙන වෙනම විස්තරාත්මකව පලාපල ඉදිරිපත් කරයි.
    මෙසේ පලාපල පළ කරන්නේ එදිනෙදා සඳු ග්‍රහයාගේ ගමන මුල් කරගෙනයි.කෙනෙකු උපදින මොහොතේ සඳු ග්‍රහයා එක් එක් පුද්ගලයාගේ හඳහන් වල විවිධ අයුරින් එනම් මිත්‍රව,සමව,නිචව,මුල ත්‍රිකෝණව,සතුරුව හෝ උච්චව සිටිය හැකිය.එසේම මෙලොව උපදින සියලු දෙනාම උපදින්නේ පෙර කරන ලද කුසල් හා අකුසල් වල තිබෙන පල විපාකයන්ට සාපේක්ෂව ඇති ග්‍රහ බල දුබලතා අනුවයි.එම නිසා එක් එක් පුද්ගලයට විවිධ අයුරින් පල විපාක අත් වන්නේය.ඒ හේතුවෙන් කිසිම විටක එක හා සමාන බලපෑම් වෙනස් පුද්ගලයන් දෙදෙනෙකුට අත් වන්නේ නැත.
    මෙලෙස උජාරුවට කියන ලියන ලග්න පලාපල ගැන මේ සත්‍ය මෙතෙක් කල් කිසිම උගතකු ජගතකු සමාජයට පෙන්වා දී නොමැත.මාගේ වසර 30 කට අසන්න ජෝතිෂ්‍ය විෂය පිළිබඳ පර්යේෂණ තුළින් ලද අත්දැකීම් වලින් පෙනී ගියේ මෙසේ පවසනා ලග්න පලාපල අසත්‍ය හා අසරණ මිනිසුන් මුළා කරන සිහින කතන්දර පමණක් වන බවයි.
    ශ්‍රී ලංකාවේ ජනගහනය සාමාන්‍ය ලෙස කෝටි2 කට වැඩි ප්‍රමාණයකි.මේ සියලු දෙන මේෂ ,වෘෂභ ,මිථුන ,කටක ,සිංහ ,කන්‍යා, තුලා, යන ලග්න12 අයත් වන්නේය.මේ කෝටි2 වෙන් වෙන් වශයෙන් ලග්න12ට අනුව කොටස් 12 කට වෙන් කර ගනිමු.එම කොටස් 12න් මේෂ ලග්නයට අයත් සියලුම දෙනාට අදාලව එම පවසනා දවසේ ලග්න පලාපලය නිවැරදි වෙනවද ?උදාහරණයක් ලෙස මෙසේ පලාපල සදහන් කර තිබේ යැයි සිතමු , “මේෂ ලග්නයෙන් උපන් අයට අද දින ඉතාම යහපත් දිනයක් වන අතර බලාපොරොත්තු ඉටු වන හදිසි ධන ලාභ ලැබෙන විදේශ සංචාරයකට වාසනාව ලැබෙන නායකත්වය ලබන එහෙත් යටගිය රෝගයක් මතුවී කරදර සිදුවන දිනයක් වේවි.හදිසි අනතුරු වන්නටත් පුළුවන්.මේ අනුව බලන කල ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 12 න් එක් කොටසකටම මේ ලග්න පලාපලය එකසේ ලැබෙනවද ?
    මේෂ ලග්නයෙන් උපන් සමහර අය අද දිනයේ රෝගී වී රෝහලක ඇදක් මත සිටිනවා වියහැක , මේෂයෙන් උපන් තව පිරිසක් සිරගතවී හෝ සිරගත් වී මරණ දඬුවම් ලබා හෝ සිටිය හැක.එසේම මේෂ ලග්න තවත් කොටසක් දුගී දුප්පත්ව අසරණව හෝ සිගමන් යදිමින් සිටීමටද පුළුවන,එසේම මේෂයෙන් උපන් තවත් කෙනෙක් මහා ධනවතකුව බැබළෙමින් නායකයකු ලෙස සිටිනවා විය හැක.එසේම මේශයේ උපන් ඇතැමුන් කුඩා ළදරුවන් සේද ,තරුණ තරුණියන් සේද ,වැඩිමහල්ලන් හෝ මහලු අය සේ සිටිය හැක.එලෙසම මේෂ ලග්න කරුවන් ව ඉපද අඳ ගොළු බිහිරි අබ්බගත් ව අසරණව සිටින්නන්ද ඇත.ඉතින් මේ සියලුම දෙනාගේ ජිවන රටාවන් සමානද ?ඉහත කි දවසේ ලග්න පලාපලය මේ සියල්ලන්ටම එකසේ සත්‍ය වන්නේද ?බුද්ධිමත්ව සිතා බලන්න
    එම නිසා ලග්නයට අනුව පලාපල රසවත්කර රුපවාහිනී ගුවන්විදුලි නාලිකාවල පැවසුවත් හැඩකර පුවත්පත් වල පළ කරත් ඒවා සත්‍ය යැයි පිළිගත හැක්කේද ?
    මා හට ඇති ගැටලුව වන්නේ ලෝකයට යහපත කරනවායි කියාගන්න ,උගත් බුද්ධිමතුන් යැයි කියාගන්න පිරිස මේ යථාර්ථය ලෝකයට පෙන්වා නොදෙන්නේ ඇයි යන්නයි.එක්කෝ ඔවුන්ද මේ පිළිබඳව දැනුවත් නැතුව ඇති, නැත්නම් දැන දැනම අසරණ මිනිසුන් මුල කරනවා විය හැකි.
    ජෝතිෂ්‍ය යනු විද්‍යාත්මක හා තර්කානුකුල වුද ඉතාම නිවැරදි වුද දිව්‍ය නෙත්‍රයක් බඳු විෂයකි.නමුත් කොහොමින් හෝ යන්තම් ඉගෙන ගෙන අහිංසක මිනිසුන් මුළා කරමින් තමාගේ අදායම සරි කරගන්න වංචාකාර පුද්ගලයන් බොහොමයක් ඇති නිසා මේ උතුම් ජෝතිෂ විෂය පිළිබඳව බොහෝ දෙනාට ඇත්තේ අවිශ්වාසයකි.
    ඔබට නිවැරදිව ලග්න පලාපල දැනගත හැකි වන්නේ .ඔබ උපන් දිනය වෙලාව හා ස්ථානය භාවිතා කර ගනිමින් නිවැරදිව සකසන ලද හඳහන නොඑසේනම් කේන්ද්‍රය රැගෙන ජෝතිෂ්‍ය විෂය පිළිබඳ මනා දැනුමක් ඇති ජෝතිර්වේදී මහතකු හමුවට යෑමෙන් පමණි.පුවත් පත් හෝ රුපවාහිනී නාලිකා වල සඳහන් කරන දවසේ පලාපල වලට රැවටෙන්නට එපා.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පොරොන්දම් පරීක්‍ෂාවේදී සැලකිලිමත් විය යුතු කරුණු
    ප්‍රවීණ ජෝතිර්වේදී
    ආචාර්ය ජී. ජී. කේමන් කුලසිරි

    “පොරොන්දම්” යන්න අපට ඉතා හුරු පුරුදු වදනකි. එහෙත් මෙම වදන ශ්‍රී ලාංකික ජේ‍යාතිෂවේදීන්ගේ ශබ්ද කෝෂයට කවදා කෙසේ ඇතුළු වූවක්දැයි කියා කිසිවකු විසින් මෙතෙක් හෙළිදරව් කළ වගක් දක්නට නොමැත. ලංකාවේ ඉපැරණිම නක්ෂත්‍රාචාර්යවරයකු වශයෙන් සැලකෙන ‍දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි පඬිදුන් ඇතුළු එතුමන්ගේ පරම්පරාව විසින් ක්‍රි.ව. 1855 සිට මේ දක්වා ප්‍රසිද්ධ කරනු ලබන ඈපා පංචාංග ලිත් පෙළෙහි 1950 දක්වා වූ පංචාංග ලිත්වල පොරොන්දම් පිළිබඳ කිසිදු සඳහනක් නොමැති අතර 1951 ඈපා පංචාංග ලිතෙහි පටන් “විවාහ පරීක්‍ෂාව” නමින් පරිච්ඡේදයක් ඇතුළත් කර ඇත.
    මේ අතර 1936 පළවූ ‘කල්පද්‍රැම’ පංචාංග ලිතෙහි “විවාහ පොරොන්දම් බලන ක්‍රමය” නමින් පරිච්ඡේදයක් වන අතර, 1900 දී පමණ ආරම්භ කරන ලද සිංහල පංචාංගය නම් වූ ග්‍රන්ථයේ “විවාහ පරීක්‍ෂාව හෙවත් පොරොන්දම් බලන ක්‍රමය” යනුවෙන් පරිච්ඡේදයක් වේ. මේ අනුව “පොරොන්දම්” යන වදන මෙයට වයසර 100කට පමණ පෙර සිංහලයට එක්වන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. (මෙම තොරතුරු සදොස් වේ නම් සුධීහු කමා කර නිදොස් කරත්වා) “පොරොන්දම්” යන්න “පොරුතම්” යන දමිළ වදනෙන් බිඳී හෙළයට නැඟුණු වදනකි. පොරුතම් යන දමිළ වදනෙහි අරුත වන්නේ “ගැළපීම” යන්නයි. මේ අනුව අද අප වහරන “පොරොන්දම් ගැළපීම” යන්න අරුත් සුන් යෙදුමක් වේ. ඉහතකී පැරැණි පංචාංගයන්හි සඳහන් “විවාහ පරීක්‍ෂාව” හෝ “පොරොන්දම් බලන ක්‍රමය” යන වදන් වඩාත් නිවැරැදි වේ. පොරුතම් බැලීම අද ද දකුණු ඉන්දියාවේ පවතී. එහෙත් එහි ඇත්තේ අංග 10ක් පමණි. එය දසවිධ පොරුතම් වේ. උතුරු ඉන්දියාවේ මෙය “ගුණමිලාන්” හෙවත් අෂ්ටකූට ගැළපීම නමින් කරුණු අටක් සම්බන්ධයෙන් විමසීමක් කෙරේ. වර්තමානයෙහි ශ්‍රී ලංකාවේ බහුල ලෙස භාවිතාවන්නේ විසි (20) පොරොන්දම් ක්‍රමයයි. මෙම ක්‍රමයේදී පොරොන්දම් වැඩි ප්‍රමාණයක් ගැළපේ නම් එම දෙදෙනා අතර විවාහයක් සිදුවීම යහපත් යැයි තීරණය කෙරේ. “විවාහය සඳහා දෙදෙනෙක් නක්ෂත්‍රානුකූලව ගැළපීම පහසු දෙයක් නොවේ. එය ජෝතිෂයේ ඉතා වැදගත් අංගයකි. ඇසට ඇසක් ගැටීමෙන් අඩිතාලම වැටෙන විවාහය තුළ සතුට පමණක් නොව දිගුකල් පැවැත්මක්ද තිබිය යුතුය. එනිසා ගැළපීම නැතිවම බැරි දෙයකි. මෙය ඉතා පරිස්සමින් අධ්‍යයනය කළ යුතු කරුණු කාරණා ගණනාවකින් යුතු දිගු ක්‍රියා දාමයකි.” ආචාර්ය බී.වී. රාමන් මැතිඳුන්ගේ දියණිය වන ගයත්‍රි දේවී වාසුදේව් සිය ග්‍රන්ථයේ එසේ සඳහන් කරයි. එසේ වුවද අද අප ජනසමාජයේ පොරොන්දම් බැලීම ඉතා සරල කාරියකි. අද හැම පරිගණකයකම විවාහ ගැළපීමේ සරල ක්‍රමලේඛයක් ඇත. අධ්‍යනය කළ යුතු මූලික අවශ්‍යතාවන් ගැන කිසිදු අවබෝධයක් නොමැති විවාහාපේක්‍ෂිතයෝ එමගින් තමතමන්ගේ විවාහ ගැළපීම් කරගනිති. කවුරුන් කෙසේ ගැළපුවද, කරුණු විස්සම ගැළපී විවාහ දිවියට පත් බොහෝ දෙන නොබෝ කලකින් දික්කසාදවීම, විවාහයෙන් ටික කලකට පසු දෙදෙනාගෙන් එක් අයකු මරණයට පත්වීම හෝ අසාධ්‍ය රෝගාබාධයන්ට ගොදුරුවීම. දරු සම්පත් අහිමිවීම, තත්ත්වයන් පහළ වැටීම, ධන ධාන්‍ය විනාශයට පත්වීම ආදී කනගාටුදායක සිද්ධීන් බහුලව සිදුවන බව අප විසින් කරන ලද සමීක්‍ෂණයන්ගෙන් අනාවරණය වී ඇත. එවැනි අසාර්ථක විවාහයන්ට ප්‍රධාන හේතුව වන්නේ සාම්ප්‍රදායික විසි පොරොන්දම් ක්‍රමයේදී අදාළ දෙදෙනාගේ පූර්ව කර්මයන් මනාව හෙළි නොවීමයි. නැතහොත් විවාහය වැනි තිරසර බන්ධනයක අඩිතාලමට අවශ්‍ය මූලික ගුණාංගයන් හඳුනා නොගැනීමයි. මීට අමතරව විසි පොරොන්දම් ක්‍රමයේදී ලැබෙන පිළිතුරු සුබ හා අසුබ වශයෙන් සඳහන් වූ පත්‍රිකාවකින් ජ්‍යෝතිෂය ගැන කිසිවක් නොදන්නා අය තේරුම් ගන්නේ හෝ අවබෝධ කරගන්නේ මොනවාද? විවාහාපේක්‍ෂිත දෙපළගේ ආධ්‍යාත්මයන්හි ගුණාගුණ හෝ විශේෂිත පෞද්ගලික ගුණාංග හෝ පිළිබඳ පාර්ශ්වකරුවන්ට අවබෝධයක් ලැබෙනවාද? නැත. එහෙත් වැඩි ගණනක් ගැළපීම් සුබ යැයි සඳහන් වේ නම් එම යෝජනාව ස්ථිර කිරීමට පෙලඹෙති. ඊට අමතරව කුජ දෝෂය, ශනි ඒරාෂ්ටකය හෝ රාහු වැනි පාපයන්ගේ ගැළපුම විශේෂ කොට සලකති. මෙය විසෙන් විස නැසීමේ න්‍යාය යැයි සඳහන් වුවද, ගිනි ගත් තැනකට වහා ගිනි ඇවිළෙන සුළු පෙට්‍රල් වත්කිරීම කොතරම් ප්‍රඥාගෝචර ද යන්න විමසා බැලීම වටී. වඩාත් විද්‍යාත්මක සහ තර්කානුකූල පදනමක් මත විවාහ සහකරු ගැළපේද යන්න විනිශ්චය කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රධානම දෙය නිවැරැදි ජන්ම කේන්ද්‍රයයි. රූපය, කුලය, ධනය, බලය, රැකියාව, දේපළ යානවාහන ආදිය පිළිබඳ සොයා බැලීමට පෙර සොයා බැලිය යුතු ප්‍රධාන කරුණු ගණනාවක් පිළිබඳ තොරතුරු දැනගැනීමට ඇති එකම මාර්ගය උපදින මොහොතේ නවග්‍රහයන් පෙළ ගැසී සිටි ආකාරය දැක්වෙන ජන්ම සිතියම හෙවත් ජන්ම කේන්ද්‍රය විමසීම වේ. එහෙත් කිසිවකු විසින් සපයන උපන් වේලාව අනුව නිවැරැදි ජන්ම කේන්ද්‍රයක් සැකසීම ද පහසු කාර්යයක් නොවේ. රෝහල්, මාතෘ නිවාස හා වින්නඹු මාතාවන් වෙතින් ලැබෙන උපන් වේලාවන් බොහොමයක් නිවැරැදි ඒවා නොවන බව අප විසින් අත්දැක ඇත. උපදින දරුවාගේත්, මවගේත් ජීවිතවල සුරක්‍ෂිතභාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීමට සිදුවීම නිසා උපන් වේලාව පිළිබඳ ඔවුන් වෙතින් විශේෂ අවධානයක් යොමු නොවීම ඊට හේතුවයි. මේ නිසා සපයන උපන් වේලාව නිවැරැදිදැයි පරීක්‍ෂා කිරීම හා වැරැදි නම් නිවැරැදි කිරීම අනිවාර්යයෙන් සිදුකළ යුත්තකි. එහෙත් අභාග්‍යයකට මෙන් මෙවැනි කර්තව්‍යයක් අප රට ජෝතිෂ ක්‍ෂේත්‍රයේ දක්නට නොලැබේ.
    මෑතකදී මාවෙත ලැබුණු දරුවකුගේ කේන්ද්‍රයක උපත සිදුවී ඇත්තේ ඉතාලියේ රෝහලකය. ඒ හේතුව නිසාම එම කේන්ද්‍රයේ නිරවද්‍යතාව තීරණය කිරීම පිණිස දරුවා උපන් රෝහලේ පිහිටීම පිළිබඳ මවුපියන්ගෙන් තොරතුරු ලබාගෙන අදාළ ස්ථානීය පිහිටීම් සහ වේලා කලාපය සැලකිල්ලට ගෙන මවිසින් සකස් කළ කේන්ද්‍රය, මා වෙත ඉදිරිපත් කළ කේන්ද්‍රයට වඩා බෙහෙවින් වෙනස් විය. මේ පිළිබඳ මවුපියන්ගෙන් විමසීමේදී ඔවුන් කියා සිටියේ ලාංකික දෛවඥ මහතකු විසින් ඉතාලියේ උපන් වේලාව ලංකා වේලාවට හරවා එම කේන්ද්‍රය සැකසූ බවයි. ඒ අනුව එය ඉතාලියේ සිදුවූ උපතක් සඳහා සැකසූ කේන්ද්‍රයක් නොවන බව මනාව පැහැදිලි වේ. මෙවැනි ප්‍රබල වැරැදි අනාවරණය කරගෙන නිවැරැදි විද්‍යාත්මක ජන්ම කේන්ද්‍රයක් සැකසීම සඳහා උපන් දිනය හා වේලාවට අමතරව උපන් ස්ථානයද විදේශයක නම් අදාළ වේලා කලාපයද ඉතා වැදගත් සාධකයන් වේ. ඊට අමතරව උපන් දිනය වන විට ගණනය කරන ලද අයනංශ ප්‍රමාණය හෙවත් පෘථිවියේ ඇලය ද විශේෂයෙන් සැලකිලිමත් විය යුතු සාධකයකි. මෙම තොරතුරු අනුසාරයෙන් නිවැරැදිව සකස් කරගත් ජන්ම කේන්ද්‍ර අනුව පොරොන්දම් ගැළපීමට පෙර එක් එක් කේන්ද්‍රයන් වෙන් වෙන්ව විශ්ලේෂණය කර, පහත සඳහන් කරුණු පිළිබඳ අධ්‍යයනයක් කළ යුතුය.
    1. විවාහ වාසනාව හා කාල නිශ්චය ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව නිසි වයස් එළඹි කල්හි විවාහය ගැන සිතීම අරුමයක් නොවේ. එපමණකුදු නොව තම දූ දරුවන්ගේ අනාගතය ගැන වෙහෙසන මා පියවරු තමන්ට යමක් කමක් කරගත හැකි අවධියේදී දරුවනට පෙලවහක් කරදීමට උත්සුක වෙති. මෙවැනි සමහර මාපියන් වසර ගණනාවක් තිස්සේ තම දරුවාට සුදුසු සහකරුවකු හෝ සහකාරියක සෙවීම සඳහා මුළු සේසතම වැය කරමින් වෙහෙසෙති. එහෙත් විවාහක වයස ඉක්ම ගියද අපේක්‍ෂාවන් සාර්ථක නොවූ අවස්ථා කොතකුත් වේ. සාම්ප්‍රදායික පොරොන්දම් ගැළපීම සාර්ථක වුවද දෙපාර්ශ්වයෙන් එක් පාර්ශ්වයක කුමන හෝ අඩුපාඩුවක් භෞතික හේතුව වශයෙන් පෙරට පැමිණේ. අප වෙතින් විමසුම් කළ එවැනි ජන්මීන් බොහොමයක් දෙනා විවාහයට කැමැත්තක් දැක්වුවද, විවාහ සැපත විඳීමේ වාසනාවක් නොමැත්තෝ බව ජන්ම පත්‍රවලින් අනාවරණය කරගත හැකිවිය. එම නිසා පොරොන්දම් ගැළපීමට පෙර එක් එක් කේන්ද්‍ර හිමියන්ට විවාහ සම්පත විඳීමේ වාසනාව තිබේදැයි බැලීම ප්‍රථම සහ වැදගත්ම කාර්යය වේ. විවාහ වාසනාව ජන්ම පත්‍රයෙන් හෙළි වුවද, අප සිතන කාල සීමාවන්හිදී විවාහයක් නොසිදුවීමට ද විවිධ ග්‍රහ බලපෑම් හේතුවේ. එය විවාහ ප්‍රමාදයයි. මෙවැනි අවස්ථාවන්හිදීද නියමිත පරිදි පොරොන්දම් ගැළපුණද අනපේක්‍ෂිත ප්‍රමාදයන් ඇතිවේ. විවාහය පමාවීම නිසා ජ්‍යෝතිෂයේ පිහිට පතා එන බොහෝ දෙනකුගේ ජන්ම පත්‍රයන්හි විවාහ පමාවීමේ ප්‍රබල හේතූන් දක්නට ඇත. මෙවැනි බොහෝ කේන්ද්‍රවල ශනි හා සඳු යන දෙපළගේ අන්‍යොන්‍ය ක්‍රියාකාරිත්වයේ බලපෑම මත විවාහය පමාවන බවට ක්‍රිස්ණමූර්ති පද්ධති ක්‍රමයේ එන ඉගැන්වීම අප විසින් කරන ලද සමීක්‍ෂණයන් මගින් මනාව තහවුරු වී ඇත. ඒ අනුව පොරොන්දම් ගැළපුණද වරක් දෙකක් උත්සාහයන් අසාර්ථක වූයේ නම් හේතු විමසිය යුතුය. තවත් සමහර දරුවෝ විවාහය ගැන කිසිදු අපේක්‍ෂාවක් නොමැතිව සිටිති. එහෙත් මවුපියන්ගේ බලකිරීම මත විවාහ සහකරුවන් සෙවීමට එකඟ වෙති. ගෙනෙන කිසිදු යෝජනාවකට කැමැත්ත පළ නොකරති. කුමක් හෝ අඩුපාඩුවක් පෙන්වා ඉන් ගැලවී යති. අවසන තනිකඩව වෙසෙති. දිගින් දිගටම මෙසේ සිදුවන්නේ නම් එවන් අය විවාහයට අකමැති අය වශයෙන් ජෝතිෂ්‍ය විද්‍යානුකූලව හඳුනා ගත හැකිය. අගනුවරට ආසන්න විශ්‍රාමික යුවළකගේ එකම දරුවා වූ විවාහ වන වයසේ සිටි රූමත් දියණිය විවාහය ගැන කිසිම උනන්දුවක් නැතිව සිටීම නිසා මාපියන් සිත් තැවුලෙන් පසුවූහ. ඇය එවකට සරසවි අධ්‍යාපනය ලබමින් සිටි නිසා නොගැළපෙන පෙම් සබඳතාවක් ඇද්දැයි විමසුවද එවැන්නක්ද නොවීය. එකම දරුවා නිසාත්, පවුලට පිරිමියකුගේ එක්වීමක් අපේක්‍ෂා කළ නිසාත් කෙසේ හෝ ඇය විවාහයකට කැමැති කරවා ගැනීමේ මා පිය ප්‍රයත්නය සාර්ථක විය. ඒ සඳහා පවුලේ අය මෙන්ම දියණියද හොඳින් දන්නා හඳුනන ඇගේ සරසවියේම සිටි තරුණයෙක් තෝරා ගැනීමට හැකි වූ අතර, විවාහය සඳහා සියලු දේ සංවිධානය කර හෝටල්වලට අත්තිකාරම් ගෙවා, ආරාධනා පත් සකසා නෑ හිත මිතුරන්ට ආරාධනය කොට මාපියන් බරින් නිදහස් වීමට දින ගනිමින් සිටියහ. විවාහ මංගල්‍යයට හරියටම දින 15 කට පෙර එම දියණිය තමන් විවාහ වීමට අකමැති බව ප්‍රකාශ කළාය. මවුපියන්ගේ සුසුම් මැද මංගල්‍යයට තිත තැබිණි. අදත් ඇය අවිවාහකය. ඉහත කී කරුණු විමසීමෙන් අනතුරුව ඒවාට ධනාත්මක පිළිතුරු සැපයේ නම් පොරොන්දම් ගැළපීමට පෙර විවාහාපේක්ෂිත දෙදෙනා කුමන කාල වකවානුවලදී යුග දිවියට පිවිසේද යන්න විනිශ්චය කළ යුතුය. විවාහ සම්පත හිමි වුවද, විවාහයට රුකුල් දෙන ග්‍රහයින්, පවත්නා මහ දශා, අතුරු දශා අධිපතීන් හා එකඟ නොවීම නිසා ප්‍රමාදයන්ට භාජනය වේ. විවාහය පමණක් නොව හඳහනේ රාජ යෝග තිබුණද එකී කරුණ අරභයා මහ දශාධිපතියාගේ ආවරණය නොමැත්තේ නම් බලාපොරොත්තු ඉටු නොවේ. මෙවැනි විමසීමක් නොකර යෝජනා හඹා යමින් ඒවාට පොරොන්දම් ගැළපීමෙන් යහපතක් සිදුවන්නේ මඟුල් කපුවන්ට, පුවත්පත් ආයතනවලට සහ ජෝතිශ්‍යවේදිනට පමණි. මේ නිසා කුමන කාල වකවානුවකදී විවාහයක් සාර්ථක වන්නේද යන්න ප්‍රථමයෙන්ම විමසීම වැදගත් වේ.
    පොරොන්දම් පරීක්‍ෂණය සම්බන්ධයෙන් ක්‍රිෂ්ණමූර්ති පද්ධති ඉගැන්වීම අනුව මීළඟට වැදගත් වන කරුණු පහත පරිදි වේ.
    2. ආයුෂ (අල්පායුෂ, මධ්‍යායුෂ, දීර්ඝායුෂ)
    3. ශාරීරික සෞඛ්‍ය (අසාධ්‍ය රෝග/සුවකළ නොමැකි රෝග/හදිසි අනතුරු)
    4. දරු සම්පත්
    5. රැකියාව, ධනය ඉපැයීමේ මාර්ග සහ ධනය රැඳීම
    6. අධ්‍යාපනය
    7. විවාහයෙන් පසු අනියම් සබඳතා සහ බහු විවාහ යෝග
    මේ අනුව එක් එක් කේන්ද්‍රයන් වෙතින් අනාවරණය වන ඉහත කී මූලික කරුණු පිළිබඳ සෑහීමකට පත්වන්නේ නම් පමණක් විද්‍යාත්මක පොරොන්දම් ගැළපීමක් සිදුකළ යුතුය. මෙහිදී ‘විද්‍යාත්මක’ යන පදය යෙදුවේ ඉහත ඡේදයක සඳහන් කළ මූලික දත්තයන් අනුගමනය නොකළ, ජනප්‍රිය දළ කේන්ද්‍රයක් මගින් නිවැරැදි පලාපල කථනය සාර්ථක නොවන හෙයිනි. භාව කේන්ද්‍රයක ග්‍රහ පිහිටීම්, ද කේන්ද්‍රයක ග්‍රහ පිහිටීම්වලට වඩා වෙනස්වීම් සුලභව දැකිය හැකිය. උදාහරණයක් වශයෙන් දළ කේන්ද්‍රයක 7 වැනි රාශියේ සිටින ග්‍රහයෙක් භාව කේන්ද්‍රයක 6 වැනි භාවයේ පිහිටීමට පුළුවන. ඒ දළ කේන්ද්‍රයක 7 වෙනි රාශියේ සිටින ග්‍රහයා දෙස බලා විවාහය පිළිබඳ කියන ධනාත්මක අනාවැකි භාව කේන්ද්‍රයකදී සමානාත්මක වේ. 7 වැන්න කේන්ද්‍රයක විවාහස්ථානය වන අතර 6 වැන්න යනු 7 වැන්නෙන් 12 වැන්න වන නිසා 6 වැන්නේ සිටින විවාහය කෙරෙහි අසුබයෙක් වනු ඇත.
    ජන්ම කේන්ද්‍ර දහස් ගණනක් නිරීක්‍ෂණය කොට නිවැරැදි බවට සනාථ වූ ‘ක්‍රිෂ්ණමූර්ති පද්ධති පොරොන්දම් විනිශ්චය’ අනුව පහත සඳහන් කරුණු දහය අනුව අනේ‍යාන්‍ය ගැළපීම් පිළිබඳ මනා අවධානයක් යොමු කෙරේ.
    1. නෛසර්ගික චරිත ගැළපීම.
    2. විවාහ ජීවිතයේ සුසංගමිකතාව.
    3. ආකල්ප සහ පෙලඹවීම.
    4. ජීවිත සන්තෘෂ්ටිය.
    5. දෙදෙනා අතර අනේ‍යාන්‍ය අවබෝධය.
    6. විවාහයෙන් පසු වාසනාව සහ සතුට.
    7. විවාහ යෝග්‍යතාව
    8. අදාළ දෙදෙනා අතර විවාහයක් සිදුවීමේ ප්‍රවණතාව.
    9. විවාහ ජීවිතයේ ප්‍රසන්නතා.
    10. වර්තමාන මහදශාධිපතීන් අනුව විවාහයේ යෝග්‍යතාව.
    දෙදෙනාගේ කේන්ද්‍රවල පවත්නා ග්‍රහ පිහිටීම් අනුව මෙම කරුණු දහය පිළිබඳ අනාවරණය වන ප්‍රතිඵල මත සුවිශේෂී වූ ලකුණු ක්‍රමයක් මගින් පොරොන්දම් ගැළපීම් සිදුකෙරෙන අතර, විවාහයට සුදුසු ලකුණු ප්‍රමාණයක් නොලද කේන්ද්‍ර විවාහය සඳහා අනුමත නොකෙරේ. විවාහ ජීවිතය අතිසාර්ථක එකක් බවට පත්කිරීමේ වගකීමෙහි කොටස්කරුවන් වශයෙන් විවාහ යෝජනා සම්බන්ධව සැලකිලිමත්වීමේදී පොරොන්දම් බැලීමට මුල් තැනක් දෙන්නේ නම් මෙම කරුණු පිළිබඳ දෙවරක් සිතීමට කාලය එළැඹ ඇත.