ජෝතිෂ ගැන පලවන ලිපි (මෙගා ත්‍රේඩ්)

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    විවාහ දෝෂ 2



    පොරොන්දම් පරීක්ෂාවේදී 20 පොරොන්දම් හා වෙනත් පොරොන්දම් ක්‍රම වලට අමතරව විශේෂයෙන් සලකා බැලිය යුතු විවාහ දෝෂ කීපයක් පහත දැක්වේ.



    1) අඟහරු දෝෂය (කුජ දෝෂය,අංගාර දෝෂය,මංගල දෝෂය, භෞම දෝෂය යනුවෙන් හැදින්නේනේද මෙම දෝෂයමය)
    2) ශනි මංගල දෝෂය
    3)කඩහංදි මාරක දෝෂ
    4) විෂ කන්‍යා දෝෂ
    5)වැන්දඹු,බහු විවාහ,අවිවාහක,සරාගී දෝෂ,වඳ දෝෂ
    6)නශාංශක දෝෂ
    7) කළුකුමාර දෝෂ
    8) පිළිසඳ ගැනීමේ දෝෂ
    9)ප්‍රසූත්‍ර දෝෂ
    10)සෘතු දෝෂ
    11)තුන් කුළුදුල් දෝෂ
    12)ලේ නෑකම් දෝෂ
    13)චාරිත්‍ර දෝෂ

    ඉහත සදහන් විවාහ දෝෂ පිළිබදව දැන සිටීම ජ්‍යොතිෂවේදීන්ට අදාළ කටයුත්තක් මිස සාමාන්‍ය ජනතාවට අවැසි නොවන බවට පාඨක ඔබට එකවර සිතිය හැකි නමුත් ඒ පිළිබදව යම් තරමකින් හෝ දැනුවත්වී සිටීම කවදා හෝ දිනෙක ප්‍රයෝජනවත් විය හැක.එමෙන්ම ජ්‍යොතිෂය සම්බන්ධ ලිපි ලිවීමේදී ඇතැම් සිද්ධාන්ත සරලව ලියා දැක්වීම කළ නොහැකි බවද කිව යුතුමය.ජ්‍යොතිෂය ගැන එතරම් දැනුවත් කමක් නැති අයකු මෙම ලිපිය කියවන්නේ නම් මෙහි ඇති සිද්ධාන්ත නොවැටහුනත් මෙවැනි දෙයක් පවතින බව හෝ දැනුවත් වීම ප්‍රමාණවත් බව ප්‍රථමයෙන්ම කිව යුතුය.
    ඉහත දැක්වූ විවාහ දෝෂ ඇතිවන අයුරු මෙන්ම එම දෝෂ භංග වන අයුරු හා දෝෂ හරන පිළිවෙත් පිළිබදවද දැනුවත් විය යුතුය. නමුත් මේ සියල්ල එකම පෝස්ට් එකක් තුල ලිවීමට ගියහොත් ලිපිය අච්චාරුවක් බවට පත්වේ.එසේ වීම වලකනු පිණිස මෙන්ම මෙහි දැක්වෙන සිද්ධාන්ත කොටස් ඔබගේ දිගුකාලීන මතකයට කාවැද්දීම උදෙසාම දෝෂ භංග හා දෝෂ හරණය ගැන විමසීම ඊලග ලිපියට කල් දමා ඇත.


    1) අඟහරු දෝෂය
    ජන්ම කේන්ද්‍රයේ 1,2,4,7,8,12 ස්ථානයක කුජ(අඟහරු) තැන්පත් වීම මෙම දෝෂයයි. ඇතැම් පොත්පත්වල ලග්නයෙන් පමනක් නොව චන්ද්‍රයාගෙන් හෝ සිකුරුගෙන් 1,,4,7,8,12 යන ස්ථානයක කුජ පිහිටන විටද මෙම දෝෂය යෙදෙන බව සදහන්ය(එහෙම බැලුවොත් අඟහරු දෝෂය නැති කෙනෙක් හොයා ගන්නත් නැහැ වගේ.)නමුත් බහුලව සදහන් වන්නේ ලග්නයෙන් යෙදෙන බවයි.කේන්ද්‍ර දෙකේම දෝෂය යෙදීමෙන් දෝෂ භංගවේ.

    2) ශනි මංගල දෝෂය
    මංගල යනු කුජ(අගහරු) ග්‍රහයායි. ඒ අනුව ශනි මංගල දෝෂය යනු ශනි කුජ ග්‍රහයන්ගෙන් යෙදෙන්නකි.ශනි කුජ ග්‍රහයන් කේන්ද්‍රයේ සංයෝග වීම හෝ අන්‍යොන්‍ය දෘෂථියෙන් සිටීමෙන්(ශනිගෙන් 7 හෝ 10 කුජ සිටීම) මෙම දෝෂය සෑදේ.කේන්ද්‍ර දෙකේම දෝෂය යෙදෙන විට දෝෂ භංග වේ.


    3)කඩහංදි මාරක දෝෂ
    ස්ත්‍රී පුරුෂ දෙදෙනාටම විවාහයේ මුල් වසර දෙක තුළ ශනි,කුජ,රාහු වැනි තද පාප ග්‍රහයකුගේ(දෛනාටම එකම ග්‍රහයා) මහ දශාවන් තිබීම.

    4) විෂ කන්‍යා දෝෂ
    ස්ත්‍රී කේන්ද්‍රයක විෂ කන්‍යා දෝෂ ඇති විට පුරුෂයාට අගුණයි.
    දිනය,තිථිය,නැකත අනුවත් ලග්නය හා ග්‍රහ පිහිටීම අනුවත් විෂ කන්‍යා දෝෂ යෙදෙන අයුරු පහත දැක්වේ.


    දිනය තිථිය නැකත
    ඉරිදා 12 කැති,අස්ලිස,විසා,සියාවස
    ඉරිදා 02 අස්ලිස,සියාවස
    අගහරුවාදා 02,12 සියාවස
    අගහරුවාදා 07 විසා,සියාවස
    සෙනසුරාදා 02 අස්ලිස
    සෙනසුරාදා 07 කැති
    මීට අමතරව
    * මේෂ ලග්නයෙන් ඉපිද ශනි 1, කුජ කේතු 6 සිටින විට හෝ කුජ 1, රවි රාහු 6 සිටින විට හෝ රාහු1, කුජ ශනි 6 සිටින විටද
    * සිංහ ලග්නයෙන් ඉපිද ශනි 1, රවි කේතු 6 සිටින විටද කුජ රාහු 1, රවි ශනි 10 සිටින විටද
    * ලග්නය කුමක් වුවත් ශනි 1, රවි 5, කුජ 9 සිටින විටද
    විෂ කන්‍යා යෝගය යෙදේ


    5)වැන්දඹු,බහු විවාහ,අවිවාහක,සරාගී දෝෂ,වඳ දෝෂ
    මෙම දෝෂ යෙදෙන ආකාර රාශියක් ඇත.ඒවා සියල්ල දැක්වීම ලිපියේ සීමාව ඉක්මවා යයි.එබැවින් ප්‍රධාන වශයෙන් දක්වා ඇති අවස්ථා කීපයක් දක්වා ඇත.
    වැන්දඹු දෝෂ
    * ස්ත්‍රී කේන්ද්‍රයේ 7,8 ස්ථාන වල කුජ,ශනි,රාහු,කේතු වැනි පාප ග්‍රහයන් වැඩි ප්‍රමාණයක් සිටීමත් පුරුෂ කේන්ද්‍රයේ 7,8 ස්ථානවල පාපීන් නැතිවීම හා පාපී ග්‍රහ දෘෂ්ථි නැතිවීම පුරුෂ මාරක යෝගයකි.
    * කේන්ද්‍රයක හත අට අධිපති ග්‍රහයන් දෙදෙනා යෝගව හෝ පරිවර්ථනය වී(හත අධිපති අටේත් අට අධිපති හතේත් සිටීම) සිටින කේන්ද්‍රවලට එලෙසම ඇති කේන්ද්‍ර විවාහයට ගත යුතුය.නැත්නම් වැන්දඹුවේ.
    * මේෂ හෝ වෘශ්චික රාශිගත චන්ද්‍රයා පාප ග්‍රහයන්ට මැදිවී(චන්ද්‍රයාගේ අංශකයට දෙපසින් ආසන්නයේ පාප ග්‍රහයන් සිටීම) සිටීම වැන්දඹු දෝෂයකි.
    * ස්ත්‍රී කේන්ද්‍රයේ හත අධිපති ග්‍රහයා දුබලව පාපීන් සමග යෝගව හෝ පාප දෘෂ්ථිව හය අට හෝ දොළහේ පිහිටීම වැන්දඹු දෝෂයකි.


    බහු විවාහ දෝෂ
    * කේන්ද්‍රයක හත් වැන්නාධිපතියා සිකුරු සමග යෝගව (හත අධිපති සිකුරු වන විට සිකුරු ග්‍රහයාව සලකයි.) මිථුන,ධනු, මීන යන ද්විත්ව රාශියක තැන්පත් වීම
    * හතේ පාප ග්‍රහයන් තිදෙනෙකුට වැඩි ප්‍රමාණයක් සිටීම.


    සරාගී යෝග
    * සිකුරු කුජ යෝගය රවි සිකුරු යෝගය රාහු සිකුරු යෝගය කාම යෝග ලෙස සැලකේ.එවැනිම කේන්ද්‍ර ගැලපිය යුතුය.


    අවිවාහක දෝෂ
    * හත අධිපතියා හා සිකුරු ග්‍රහයන් දෙදෙනාම නීච වීම(හත අධිපති සිකුරු වන විට සිකුරු නීච වීම)
    * ශනි මංගල දෝෂය(ඉහත සදහන්කළ ) හතේ හෝ ලග්නයේ යෙදීම
    * කුජ රාහු යෝගය හතේ හෝ අටේ යෙදීම


    වඳ දෝෂ
    *පහ අධිපති හා බ්‍රහස්පති ග්‍රහයන් දෙදනාම නීච වීම
    *පස්වැන්නාධිපති ශනි සමග යෝග වීම.
    *පස්වැන්නාධිපතද හා ගුරු ග්‍රහයන් දෙදෙනාම මේෂ,මිථුන,සිංහ,කන්‍යා යන වඳ රාශි වල තැන්පත් වීම
    *ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම කේන්ද්‍රවල පහේ රාහු සිටීම
    * පහ හය ස්ථාන වල දුර්වල පාප ග්‍රහයන් තැන්පත් වීම.


    6)නශාංශක දෝෂ
    යම් කෙනෙකුගේ උපතේදී
    * ගුරු(බ්‍රහස්පති) ග්‍රහයා තමාට හිමි පුනාවස,විසා,පුවපුටුප යන නැකැත්වල ප්‍රථම පාදයේ ගමන් කරන විටද
    * ශනි(සෙනසුරු) තම නැකැත් වූ පුෂ,අනුර,උත්‍රපුටුප නැකැත් වල දෙවන පාදයේ ගමන් කරන විටද
    * ශුක්‍ර(සිකුරු) තම බෙරණ,පුවපල්,පුවසල නැකැත් වල තුන්වන පාදයේ ගමන් කරන විට.
    * රවි තමාගේ නැකැත් වන කැති,උත්‍රපල්,උත්‍රසල නැකැත්වල සිවුවන පාදයේ ගමන් කරන විටද
    එම ග්‍රහයන් නශාංශක දෝෂයට පත්වේ.හත හා පහ අධිපති නශාංශක වී හෝ හතේ පහේ නශාංශක ග්‍රහයන් තැන්පත් වී ඇත්නම් දෝෂ සහිතයි.


    7) කළුකුමාර දෝෂ
    මෙම දෝෂය ශරීරයේ රස කොටස් පහ වීමෙන්, සිහින දෝෂ ,ලිංගාශ්‍රිත රෝග පීඩා අනුව ඇතිවන දෝෂ තත්වයකි.ජලාශ ආශිතව ක්‍රියාත්මක කළුකුමාර අමනුෂ්‍ය දෝෂය මගින් කාන්තාවන් තුළ ක්‍රියාත්මක වන බවට මතයක් ඇත.ජන්ම කේන්ද්‍රයේ කුජ(අගහරු) දුබල විට අගහරු මහ දශාවේදී ඇතිවිය හැකි බවට ජ්‍යෙතිෂ මතයක් ඇත.


    8) , 9) ප්‍රසූත්‍ර හා සෘතු දෝෂද කළුකුමාර දෝෂයේම කොටස් ලෙස දැක්වේ.


    10) තුන් කුළුදුල් දෝෂය
    පවුලේ වැඩිමල් ස්ත්‍රී පුරුෂ අය විවාහ වීම තුන් කුළුදුල් දෝෂයයි.


    11) ලේ ඥාති දෝෂ
    ලේ ඥාති සම්බන්ධකම් ඇති ස්ත්‍රී පුරුෂ අය විවාහ වීම දරුවන්ට අගුණයි.


    12) චාරිත්‍ර දෝෂ
    * විවාහයට දින නියමව සිටියදී දෙපාර්ශ්වයෙන් එක් පවුලක ලගම ඥාතියකු මිය ගියහොත් විවාහය මාස 6කට වැඩි කාලයක් කල් දැමිය යුතුය.
    * එක්කුස උපන් අයගේ විවාහ එකම දිනයේ කිරීමද අසුභයි.මාසයක්වත් ඉක්මවිය යුතුය.



    http://lankajhothisha.blogspot.com/
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    විවාහ දෝෂ 2



    පොරොන්දම් පරීක්ෂාවේදී 20 පොරොන්දම් හා වෙනත් පොරොන්දම් ක්‍රම වලට අමතරව විශේෂයෙන් සලකා බැලිය යුතු විවාහ දෝෂ කීපයක් පහත දැක්වේ.



    1) අඟහරු දෝෂය (කුජ දෝෂය,අංගාර දෝෂය,මංගල දෝෂය, භෞම දෝෂය යනුවෙන් හැදින්නේනේද මෙම දෝෂයමය)
    2) ශනි මංගල දෝෂය
    3)කඩහංදි මාරක දෝෂ
    4) විෂ කන්‍යා දෝෂ
    5)වැන්දඹු,බහු විවාහ,අවිවාහක,සරාගී දෝෂ,වඳ දෝෂ
    6)නශාංශක දෝෂ
    7) කළුකුමාර දෝෂ
    8) පිළිසඳ ගැනීමේ දෝෂ
    9)ප්‍රසූත්‍ර දෝෂ
    10)සෘතු දෝෂ
    11)තුන් කුළුදුල් දෝෂ
    12)ලේ නෑකම් දෝෂ
    13)චාරිත්‍ර දෝෂ

    ඉහත සදහන් විවාහ දෝෂ පිළිබදව දැන සිටීම ජ්‍යොතිෂවේදීන්ට අදාළ කටයුත්තක් මිස සාමාන්‍ය ජනතාවට අවැසි නොවන බවට පාඨක ඔබට එකවර සිතිය හැකි නමුත් ඒ පිළිබදව යම් තරමකින් හෝ දැනුවත්වී සිටීම කවදා හෝ දිනෙක ප්‍රයෝජනවත් විය හැක.එමෙන්ම ජ්‍යොතිෂය සම්බන්ධ ලිපි ලිවීමේදී ඇතැම් සිද්ධාන්ත සරලව ලියා දැක්වීම කළ නොහැකි බවද කිව යුතුමය.ජ්‍යොතිෂය ගැන එතරම් දැනුවත් කමක් නැති අයකු මෙම ලිපිය කියවන්නේ නම් මෙහි ඇති සිද්ධාන්ත නොවැටහුනත් මෙවැනි දෙයක් පවතින බව හෝ දැනුවත් වීම ප්‍රමාණවත් බව ප්‍රථමයෙන්ම කිව යුතුය.
    ඉහත දැක්වූ විවාහ දෝෂ ඇතිවන අයුරු මෙන්ම එම දෝෂ භංග වන අයුරු හා දෝෂ හරන පිළිවෙත් පිළිබදවද දැනුවත් විය යුතුය. නමුත් මේ සියල්ල එකම පෝස්ට් එකක් තුල ලිවීමට ගියහොත් ලිපිය අච්චාරුවක් බවට පත්වේ.එසේ වීම වලකනු පිණිස මෙන්ම මෙහි දැක්වෙන සිද්ධාන්ත කොටස් ඔබගේ දිගුකාලීන මතකයට කාවැද්දීම උදෙසාම දෝෂ භංග හා දෝෂ හරණය ගැන විමසීම ඊලග ලිපියට කල් දමා ඇත.


    1) අඟහරු දෝෂය
    ජන්ම කේන්ද්‍රයේ 1,2,4,7,8,12 ස්ථානයක කුජ(අඟහරු) තැන්පත් වීම මෙම දෝෂයයි. ඇතැම් පොත්පත්වල ලග්නයෙන් පමනක් නොව චන්ද්‍රයාගෙන් හෝ සිකුරුගෙන් 1,,4,7,8,12 යන ස්ථානයක කුජ පිහිටන විටද මෙම දෝෂය යෙදෙන බව සදහන්ය(එහෙම බැලුවොත් අඟහරු දෝෂය නැති කෙනෙක් හොයා ගන්නත් නැහැ වගේ.)නමුත් බහුලව සදහන් වන්නේ ලග්නයෙන් යෙදෙන බවයි.කේන්ද්‍ර දෙකේම දෝෂය යෙදීමෙන් දෝෂ භංගවේ.

    2) ශනි මංගල දෝෂය
    මංගල යනු කුජ(අගහරු) ග්‍රහයායි. ඒ අනුව ශනි මංගල දෝෂය යනු ශනි කුජ ග්‍රහයන්ගෙන් යෙදෙන්නකි.ශනි කුජ ග්‍රහයන් කේන්ද්‍රයේ සංයෝග වීම හෝ අන්‍යොන්‍ය දෘෂථියෙන් සිටීමෙන්(ශනිගෙන් 7 හෝ 10 කුජ සිටීම) මෙම දෝෂය සෑදේ.කේන්ද්‍ර දෙකේම දෝෂය යෙදෙන විට දෝෂ භංග වේ.


    3)කඩහංදි මාරක දෝෂ
    ස්ත්‍රී පුරුෂ දෙදෙනාටම විවාහයේ මුල් වසර දෙක තුළ ශනි,කුජ,රාහු වැනි තද පාප ග්‍රහයකුගේ(දෛනාටම එකම ග්‍රහයා) මහ දශාවන් තිබීම.

    4) විෂ කන්‍යා දෝෂ
    ස්ත්‍රී කේන්ද්‍රයක විෂ කන්‍යා දෝෂ ඇති විට පුරුෂයාට අගුණයි.
    දිනය,තිථිය,නැකත අනුවත් ලග්නය හා ග්‍රහ පිහිටීම අනුවත් විෂ කන්‍යා දෝෂ යෙදෙන අයුරු පහත දැක්වේ.


    දිනය තිථිය නැකත
    ඉරිදා 12 කැති,අස්ලිස,විසා,සියාවස
    ඉරිදා 02 අස්ලිස,සියාවස
    අගහරුවාදා 02,12 සියාවස
    අගහරුවාදා 07 විසා,සියාවස
    සෙනසුරාදා 02 අස්ලිස
    සෙනසුරාදා 07 කැති
    මීට අමතරව
    * මේෂ ලග්නයෙන් ඉපිද ශනි 1, කුජ කේතු 6 සිටින විට හෝ කුජ 1, රවි රාහු 6 සිටින විට හෝ රාහු1, කුජ ශනි 6 සිටින විටද
    * සිංහ ලග්නයෙන් ඉපිද ශනි 1, රවි කේතු 6 සිටින විටද කුජ රාහු 1, රවි ශනි 10 සිටින විටද
    * ලග්නය කුමක් වුවත් ශනි 1, රවි 5, කුජ 9 සිටින විටද
    විෂ කන්‍යා යෝගය යෙදේ


    5)වැන්දඹු,බහු විවාහ,අවිවාහක,සරාගී දෝෂ,වඳ දෝෂ
    මෙම දෝෂ යෙදෙන ආකාර රාශියක් ඇත.ඒවා සියල්ල දැක්වීම ලිපියේ සීමාව ඉක්මවා යයි.එබැවින් ප්‍රධාන වශයෙන් දක්වා ඇති අවස්ථා කීපයක් දක්වා ඇත.
    වැන්දඹු දෝෂ
    * ස්ත්‍රී කේන්ද්‍රයේ 7,8 ස්ථාන වල කුජ,ශනි,රාහු,කේතු වැනි පාප ග්‍රහයන් වැඩි ප්‍රමාණයක් සිටීමත් පුරුෂ කේන්ද්‍රයේ 7,8 ස්ථානවල පාපීන් නැතිවීම හා පාපී ග්‍රහ දෘෂ්ථි නැතිවීම පුරුෂ මාරක යෝගයකි.
    * කේන්ද්‍රයක හත අට අධිපති ග්‍රහයන් දෙදෙනා යෝගව හෝ පරිවර්ථනය වී(හත අධිපති අටේත් අට අධිපති හතේත් සිටීම) සිටින කේන්ද්‍රවලට එලෙසම ඇති කේන්ද්‍ර විවාහයට ගත යුතුය.නැත්නම් වැන්දඹුවේ.
    * මේෂ හෝ වෘශ්චික රාශිගත චන්ද්‍රයා පාප ග්‍රහයන්ට මැදිවී(චන්ද්‍රයාගේ අංශකයට දෙපසින් ආසන්නයේ පාප ග්‍රහයන් සිටීම) සිටීම වැන්දඹු දෝෂයකි.
    * ස්ත්‍රී කේන්ද්‍රයේ හත අධිපති ග්‍රහයා දුබලව පාපීන් සමග යෝගව හෝ පාප දෘෂ්ථිව හය අට හෝ දොළහේ පිහිටීම වැන්දඹු දෝෂයකි.


    බහු විවාහ දෝෂ
    * කේන්ද්‍රයක හත් වැන්නාධිපතියා සිකුරු සමග යෝගව (හත අධිපති සිකුරු වන විට සිකුරු ග්‍රහයාව සලකයි.) මිථුන,ධනු, මීන යන ද්විත්ව රාශියක තැන්පත් වීම
    * හතේ පාප ග්‍රහයන් තිදෙනෙකුට වැඩි ප්‍රමාණයක් සිටීම.


    සරාගී යෝග
    * සිකුරු කුජ යෝගය රවි සිකුරු යෝගය රාහු සිකුරු යෝගය කාම යෝග ලෙස සැලකේ.එවැනිම කේන්ද්‍ර ගැලපිය යුතුය.


    අවිවාහක දෝෂ
    * හත අධිපතියා හා සිකුරු ග්‍රහයන් දෙදෙනාම නීච වීම(හත අධිපති සිකුරු වන විට සිකුරු නීච වීම)
    * ශනි මංගල දෝෂය(ඉහත සදහන්කළ ) හතේ හෝ ලග්නයේ යෙදීම
    * කුජ රාහු යෝගය හතේ හෝ අටේ යෙදීම


    වඳ දෝෂ
    *පහ අධිපති හා බ්‍රහස්පති ග්‍රහයන් දෙදනාම නීච වීම
    *පස්වැන්නාධිපති ශනි සමග යෝග වීම.
    *පස්වැන්නාධිපතද හා ගුරු ග්‍රහයන් දෙදෙනාම මේෂ,මිථුන,සිංහ,කන්‍යා යන වඳ රාශි වල තැන්පත් වීම
    *ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම කේන්ද්‍රවල පහේ රාහු සිටීම
    * පහ හය ස්ථාන වල දුර්වල පාප ග්‍රහයන් තැන්පත් වීම.


    6)නශාංශක දෝෂ
    යම් කෙනෙකුගේ උපතේදී
    * ගුරු(බ්‍රහස්පති) ග්‍රහයා තමාට හිමි පුනාවස,විසා,පුවපුටුප යන නැකැත්වල ප්‍රථම පාදයේ ගමන් කරන විටද
    * ශනි(සෙනසුරු) තම නැකැත් වූ පුෂ,අනුර,උත්‍රපුටුප නැකැත් වල දෙවන පාදයේ ගමන් කරන විටද
    * ශුක්‍ර(සිකුරු) තම බෙරණ,පුවපල්,පුවසල නැකැත් වල තුන්වන පාදයේ ගමන් කරන විට.
    * රවි තමාගේ නැකැත් වන කැති,උත්‍රපල්,උත්‍රසල නැකැත්වල සිවුවන පාදයේ ගමන් කරන විටද
    එම ග්‍රහයන් නශාංශක දෝෂයට පත්වේ.හත හා පහ අධිපති නශාංශක වී හෝ හතේ පහේ නශාංශක ග්‍රහයන් තැන්පත් වී ඇත්නම් දෝෂ සහිතයි.


    7) කළුකුමාර දෝෂ
    මෙම දෝෂය ශරීරයේ රස කොටස් පහ වීමෙන්, සිහින දෝෂ ,ලිංගාශ්‍රිත රෝග පීඩා අනුව ඇතිවන දෝෂ තත්වයකි.ජලාශ ආශිතව ක්‍රියාත්මක කළුකුමාර අමනුෂ්‍ය දෝෂය මගින් කාන්තාවන් තුළ ක්‍රියාත්මක වන බවට මතයක් ඇත.ජන්ම කේන්ද්‍රයේ කුජ(අගහරු) දුබල විට අගහරු මහ දශාවේදී ඇතිවිය හැකි බවට ජ්‍යෙතිෂ මතයක් ඇත.


    8) , 9) ප්‍රසූත්‍ර හා සෘතු දෝෂද කළුකුමාර දෝෂයේම කොටස් ලෙස දැක්වේ.


    10) තුන් කුළුදුල් දෝෂය
    පවුලේ වැඩිමල් ස්ත්‍රී පුරුෂ අය විවාහ වීම තුන් කුළුදුල් දෝෂයයි.


    11) ලේ ඥාති දෝෂ
    ලේ ඥාති සම්බන්ධකම් ඇති ස්ත්‍රී පුරුෂ අය විවාහ වීම දරුවන්ට අගුණයි.


    12) චාරිත්‍ර දෝෂ
    * විවාහයට දින නියමව සිටියදී දෙපාර්ශ්වයෙන් එක් පවුලක ලගම ඥාතියකු මිය ගියහොත් විවාහය මාස 6කට වැඩි කාලයක් කල් දැමිය යුතුය.
    * එක්කුස උපන් අයගේ විවාහ එකම දිනයේ කිරීමද අසුභයි.මාසයක්වත් ඉක්මවිය යුතුය.



    http://lankajhothisha.blogspot.com/

    විවාහ දෝෂ


    විවාහපේක්‍ෂිත යුවලකගේ පොරොන්දම් පරීක්‍ෂා කිරීමේදී 20 පොරොන්දම් පරීක්‍ෂාවට අමතරව විමසා බැලිය යුතු තවත් කරුණු කාරණා බොහෝය.බොහෝ දෛවඥයන් අතින් මෙම කටයුත්ත නිසිලෙස ඉටුනොවේ.
    නොදැනුවත් කමට වඩා මෙහිදී නොසැළකිල්ල පෙරටු වීඇති බව දක්නට ඇත.පොරොන්දම් පරීක්‍ෂා කිරීම ජ්‍යොතිෂවේදීන් සතු කාරයයක් වුවත් ඒ පිළිබදව සරළ වැටහීමක් සාමාන්‍ය ජනයා ලබා තිබීමේ වරදක් නැත.පොරොන්දම් පරීක්‍ෂාව පිළිබද විස්තර කිරීම බ්ලොග් ලිපියකින් කළ නොහැකිය.ඒ සදහා බ්ලොග් ලිපි මාලාවක් ලිවීමද අමනෝඥ ක්‍රියාවකි.ජ්‍යොතිෂය පිළිබද පාඩම් මාලා මෙම බ්ලොගය හරහා ලිවීම බ්ලොගයත් ජ්‍යොතිෂයත් දෙකම හෑල්ලු කිරීමකි.ජ්‍යොතිෂයේ වෙනත් සිද්ධාන්ත පිළිබදවත් කිව යුත්තේ එම කතාවමය."ලංකා ජ්‍යොතිෂ අරණ" බ්ලොගයේ අරමුණ ජ්‍යොතිෂය හා සාමාන්‍ය ජනයා අතර පරතරය අඩු කිරීම මිස ජ්‍යෙතිෂය ඉගැන්වීම නොවන බව අවධාරණය කළ යුතුමය.

    ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකුගේ විවාහ පොරොන්දම් ගෑලපීම පිළිබදව දෛවඥයන් කිහිප දෙනෙකු විසින් විවිධාකාර මත පළ කිරීම සාමාන්‍ය ජනයාට විශාල ගැටළුවකි.එක් දෛවඥයකු ගැලපීම ඉතා හොද බවත් තවත් අයෙක් ගැලපීම මධ්‍යස්ථව බවත් තවකෙකු ගැලපීම ඉතාමත් අසුභ බවත් පවසන විට දෙපාර්ශ්වයේ වැඩිහිටියන් අසීරුතාවට පත්වේ.ලේඛකයාගේ අදහස අනුව මේ සදහා බලපෑ හැකි කරුණු කාරණා කීපයකි.

    1) එක් එක් ජ්‍යොතිෂවේදියාගේ ජ්‍යොතිෂ දැනුමේ උස් පහත් කම් තිබීම.

    2) කිසියම් ජ්‍යොතිෂවේදියකුට ගනන් පැටලීම් වැනි වැරදීම් සිදුවීම.

    3)ජ්‍යොතිෂවේදියාට වැඩ අධික වීම හෝ වානිජකරණයට හසුවීම,
    සේවාදායකයා රැදී සිටීම අපහසු බව කියා කළබල කිරීම හෝ වෙනත් හේතුවක් නිසා පොරොන්දම් පරීක්‍ෂාවට අඩු කාළයක් වැය කිරීම නිසා එම කටයුත්ත නිසි ලෙස සිදුනොවීම.

    4)ප්‍රේම සබදතා වැනි අවස්ථාවලදී සමහර වැඩිහිටි ජ්‍යොතිෂවේදීන් තරුණ හැගීම් මානුෂික හේතු හා වෙනත් කරුණු සලකා ගැලපීම නැතත් දෝෂ නැති බව පැවසීම.(එනිසා පොරොන්දම් පරීක්‍ෂාව නිසි ලෙස ඉටු කර ගැනීමට නම් කිසිවිටෙක දෙදෙනා අතර ප්‍රේම සබදතාවක් ඇති බව එකවර ජ්‍යොතිෂවේදියාට නොපවසන්න.ඇහුවත් "එහෙම නැහැ" කියල මුලින් කියල පස්සේ ඇත්ත කියන්න )

    5) වැරදි හා වංචා සහගත ලෙස සැකසුනු කේන්ද්‍ර සැපයීම

    6)තමාගේ ජ්‍යොතිෂ දැනුම අන් අයට වඩා පුළුල් බව හුවා දැක්වීමට හා එකිනෙකා අතර අමනාපකම් ඇති ඇතැම් ජ්‍යොතිෂවේදීන් තර්ක විතර්ක කරමින් අනිකාගේ මතයට විරෝධය පැම.(එනිසා "අනිත් පැත්තෙන් මේ කේන්ද්‍ර දෙකේ ගැලපීම බැලුවාද? කව්ද බැලුවේ? වැනි ප්‍රශ්ණ ජ්‍යොතිෂවේදියා ඇසුවොත් "තවම අනිත් පැත්තෙ අය බැලුවෙ නැහැ.අපි තමයි මුලින්ම බලන්නේ" යනුවෙන් පවසන්න)

    7) පුවත් පත් දැන්වීම් පිළිතුරු වැනි ගැලපීම සදහා විශාල වශයෙන් කේන්ද්‍ර ඇති විට බොහෝ ජ්‍යොතිෂවේදීන් අත්‍යාවශ්‍ය පොරොන්දම් කීපයේ ගැලපීම හා වෙනත් ප්‍රධාන විවාහ දෝෂ පමනක් බලා විවාහයට සුභ අසුභ කේන්ද්‍ර තේරීම කරයි.මෙවැනි අවස්ථාවල වැරදීම් දෝෂ මතු විය හැකියි.(ලේඛකයාද නොගැලපෙන කේන්ද්‍ර තේරීමට මෙම ක්‍රමය අනුගමනය කරන නමුත් මෙම ක්‍රියාවේ අවදානමක්ද ඇත.පළපුරුද්ද අඩු තරුණ ජ්‍යොතිෂවේදීන් මෙහිදී කල්පනාවෙන් වැඩ කළ යුතුය.කේන්ද්‍ර දෙකක නොගැලපීම ගැන මෙම ක්‍රමයෙන් කිව හැකි වුවත් ගැලපීම තීරණය කිරීම උඩින් පල්ලෙන් බලා කළ නොහැක.)


    පොරොන්දම් පරීක්‍ෂාවේදී 20 පොරොන්දම් හා වෙනත් පොරොන්දම් ක්‍රම වලට අමතරව විශේෂයෙන් සලකා බැලිය යුතු විවාහ දෝෂ කීපයක් පහත දැක්වේ.


    1) අඟහරු දෝෂය (කුජ දෝෂය,අංගාර දෝෂය,මංගල දෝෂය, භෞම දෝෂය යනුවෙන් හැදින්නේනේද මෙම දෝෂයමය)
    2) ශනි මංගල දෝෂය
    3)කඩහංදි මාරක දෝෂ
    4) විෂ කන්‍යා දෝෂ
    5)වැන්දඹු,බහු විවාහ,අවිවාහක,සරාගී දෝෂ
    6)වඳ දෝෂ
    7)නශාංශක දෝෂ
    8) කළුකුමාර දෝෂ
    9) පිළිසඳ ගැනීමේ දෝෂ
    10)ප්‍රසූත්‍ර දෝෂ
    11)සෘතු දෝෂ
    12)තුන් කුළුදුල් දෝෂ
    13)ලේ නෑකම් දෝෂ
    14)චාරිත්‍ර දෝෂ


    මෙම දෝෂ පිහිටන ආකාරය පිළිබදවත් එම දෝෂ භංග,හරණ ක්‍රම විධි පිළිබදවත් ඊලඟ බ්ලොග් ලිපියෙන් සලකා බලමු
    me oba liyapuwada ? blog ekenda gaththe ?
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Mawbima, 2015-10-08 02:00:00



    ජන්ම පත්‍රයක පලාපල කථනයේදී එය හිමි අයගේ ආයු ප්‍රමාණය ගැන මුලින්ම නිගමනය කිරීම ඉතා වැදගත් වෙයි. එහෙත් කිසිම විටෙක ඒ පිළිබඳ දන්වා සිටීම අහිතකරය.
    ආයු ප්‍රමාණය විනිශ්චය කිරීමේදී එහි මාරක සහ බාධක ස්ථාන පිළිබඳ අවධානය යොමු කරන්න.
    සෑම ජන්ම පත්‍රයකම 2 වැනි භාවය සහ 7 වැනි භාවය එය හිමිකරුගේ මාරක ස්ථාන වෙයි. මාරක ස්ථාන නිවේදක ග්‍රහයන්ගේ ක්‍රියාකාරීත්වය මඟින් ජන්මියා මාරක අවස්ථාවලට යොමු කරන රෝගාබාධ වැලඳීම ආදියෙන් ජන්මියාගේ ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයන් වෙනස් කරයි.
    ජන්ම පත්‍රවල බාධක ස්ථාන යෙදෙන්නේ මේ ආකාරයටය.


    මේෂ/කටක/තුලා/මකර යන චර රාශිවලට එහි 11 වැනි භාවයද, වෘෂභ/සිංහ/වෘශ්චික/කුම්භ යන තිර රාශිවලට එහි 9 වැනි භාවය සහ මිථුන/කන්‍යා/ධනු/මීන යන උභය රාශිවලට එහි 7 වැනි භාවය බාධක ස්ථාන වෙයි. ඒ අනුව,
    මේෂ/කටක/තුලා/මකර යන චර රාශිවලට 2 වැනි, 7 වැනි, 11 වැනි භාවයන් මාරක සහ බාධක ස්ථාන වෙයි.
    වෘෂභ/සිංහ/වෘශ්චික/කුම්භ යන තිර රාශිවලට 2 වැනි, 7 වැනි සහ 9 වැනි භාවයන් මාරක සහ බාධක ස්ථාන වෙයි.
    මිථුන/කන්‍යා/ධනු/මීන යන උභය රාශිවලට 2 වැනි, 7 වැනි සහ 7 වැනි භාවයන් මාරක සහ බාධක ස්ථාන වෙයි.
    ජන්ම පත්‍රයක ආයු ප්‍රමාණය නිගමනය කිරීමේදී එහි ලග්න භාව ස්ඵුටයේ උප ස්ථානය හිමි ග්‍රහයා බලන්න.
    මෙම ග්‍රහයා තැන්පත්ව සිටින නක්ෂත්‍රය හිමි ග්‍රහයා මාරක සහ බාධක ස්ථානවලට පමණක් නිවේදකයකු වෙයි නම් ජන්මියා අල්ප ආයු හිමියෙකි. ආයු ප්‍රමාණය වසර 33කට වඩා අඩු වෙයි.


    මෙම ග්‍රහයා තැන්පත්ව සිටින නක්ෂත්‍රය හිමි ග්‍රහයා මාරක සහ බාධක ස්ථානවලට නිවේදකයකු වෙයි නම් ජන්මියා මධ්‍ය ආයු හිමියෙකි. ආයු ප්‍රමාණය වසර 66ක් දක්වා වෙයි.
    මෙම ග්‍රහයා තැන්පත්ව සිටින නක්ෂත්‍රය හිමි ග්‍රහයා මාරක හෝ බාධක ස්ථානවලට නිවේදකයකු නොවෙයි නම් ජන්මියා දීර්ඝ ආයු හිමියෙකි. ආයු ප්‍රමාණය වසර 70ක් දක්වා වෙයි.
    ලග්න භාව ස්ඵුටයේ උප ස්ථානය හිමි ග්‍රහයා 1 වැනි, 3 වැනි, 5 වැනි 8 වැනි සහ 12 වැනි ස්ථානවලට නිවේදකයකු නම් ජන්මියා දීර්ඝ ආයු හිමියෙකි. ආයු ප්‍රමාණය වසර 70-90ක් දක්වා වෙයි.
    අප ගුරු ශ්‍රීමත් කේ.එස්. ක්‍රිෂ්ණමූර්ති මැතිතුමන්ගේ පුත් මහාචාර්ය හරිහරන් ක්‍රිෂ්ණමූර්ති සහ එතුමාගේ පුත් මහාචාර්ය විග්නේෂ් ක්‍රිෂ්ණමූර්ති විසින් කොළඹදී පවත්වන ලද තෙදින වැඩමුළුවෙහිදී දක්වන ලද අදහස්ද මෙහි සඳහන් කර ඇත.
    ක්‍රිස්තු වර්ෂ 1944 ජූලි මාසයේ 25 වැනි දින කේන්දර සටහන බලන්න.
    මෙම ජන්ම පත්‍රයේ රාශි, භාව නක්ෂත්‍ර සහ උපස්ථාන බෙදීම් මෙසේය.


    ග්‍රහ පිහිටීම
    ග්‍රහයා භාවය නක්‍ෂත්‍රය උපස්ථානය
    රවි ඪඪ ශනි සිකුරු
    සඳු ඪඪඪ රවි රාහු
    කුජ ඪඪඪ සිකුරු සිකුරු
    බුධ ඪඪ කේතු සිකුරු
    ගුරු ඪඪඪ කේතු රාහු
    සිකුරු ඪඪ ශනි ගුරු
    ශනි ඪ රාහු ශනි
    රාහු ඪ ශනි ශනි
    කේතු මඪඪ රවි ශනි

    මෙම ජන්ම පත්‍රයේ ලග්න භාවය මිථුන රාශියේ රාහු ග්‍රහයා හිමි නක්ෂත්‍රයේ සහ උප ස්ථානයේය. උප ස්ථානය හිමි රාහු ග්‍රහයා කටක රාශියේ 1 වැනි භාවයේ ශනි ග්‍රහයා හිමි නක්ෂත්‍රයක තැන්පත්ව සිටියි. ශනි ග්‍රහයා 8 වැනි සහ 9 වැනි භාව අධිපතිව 1 වැනි භාවයේ තැන්පත්ව සිටියි. මෙම භාව නිවේදකත්වය අනුව ජන්මියා දීර්ඝායු හිමිව උපත ලබා ඇති අයෙකි.
    දැන් මෙම ජන්මියා ශනි ග්‍රහයාගේ මහ දශාව ගත කරයි. එය 2018 සැප්තැම්බර් මාසය අවසානය දක්වා පවතියි. මෙම දශාව ඔහුට අයහපත් නැත.

    විශ්ව කීර්ති ජේ‍යාතිෂවිද්‍යා පණ්ඩිත වාස්තු විද්‍යා ප්‍රසාද අභිමානී
    ජී.එච්.ඩබ්ලිව්. සිල්වා
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Mawbima, 2015-10-01 02:00:00



    භූමි පුත්‍ර, මංගල, කුජ, අඟහරු යන කොයි නමකින් හැඳින්වුවත් ඒ එක් ග්‍රහයෙකි. අපට වඩාත්ම සමාන භූගෝලයකින් යුක්ත යැයි සැලැකෙන හෙයින් එම ග්‍රහ ලෝකය කෙරෙහි පෘථිවියේ වෙසෙන බොහෝදෙනකුගේ අවධානය යොමුවී තිබේ. එහි ජීවීන් ඇතැයි සැලැකෙන අතර විවිධ අවස්ථාවන්හිදී අභ්‍යවකාශ යානා මඟින් තොරතුරු සෙවීමේ කටයුත්තේ අභ්‍යවකාශ විශේෂඥයෝ උත්සාහ කරති. පසුගිය දශක කිහිපයේම අඟහරු ලොවින් මෙහි පැමිණ ජීවීන් පිළිබඳ සිංහල ඇතුළු භාෂා බොහෝ ගණනාවකින් ප්‍රබන්ධ කතාද ලියැවී තිබේ.
    ජේ‍යාතිෂයේදී කුජ සැලකෙන්නේ සෙල්ලක්කාර, කාමභෝගීව ඇවිදින, ශක්තිමත් තරුණයකු වශයෙනි. තරුණ ශක්තිය කාය බලය සහිත වේගවත් ග්‍රහයෙකි. සුබ මෙන්ම අසුබ පල දෙන විටත් වේගවත්ව ඒ වැඩේ කරයි. ශනි-මංගල යෝගය ශනි හා කුජගේ එක්වීමෙන් සෑදෙන්නෙකි. ගුරු-මංගල යෝගය කියන්නේ කුජ සමඟ ගුරු එක්වූ විටය. එහෙත් කුජ චණ්ඩාල යෝගය මෙතෙක් අසා නැතිවා විය හැකිය. එසේ කියන්නේ කුජ සමඟ රාහු එක්වූ විටය. අනෙක් ග්‍රහයන් සමඟ යෝග වූ විටද ගුරු චණ්ඩාල යෝගය, බුධ චණ්ඩාල යෝගය ආදී වශයෙන් කියැවෙයි. එයින් පැහැදිලි වන්නේ රාහු චණ්ඩාලයකු ලෙස සලකන නිසාදැයි නොදනිමි.
    රාහු නිරූපණය වන්නේ නයි හිසක් සහිත දිගු කකුල්වලින් යුක්ත වූවකු ලෙසිනි. ඒත් එහෙම කියන්න ග්‍රහලෝකයක් නැති හෙයින් චින්තන මාත්‍ර ග්‍රහයකු සේ සැලැකේ.

    හිසක් නැති නිසා සිහිකල්පනාව අඩුය. හොඳ නරක බලන්නේත් නැත. ඉබාගාතේ ඇවිදියි. කකුල් දිග මදියි සිතා වාහනය ලෙස අශ්වයකු දී තිබේ. ඇවිදින්න නම් හොඳටම හොඳය. කරන දෙයක් හරියට පැහැදිලිව පෙනෙන්න කරයි. අනෙක් ග්‍රහයන් දෙවිවරුන් ලෙස හැඳින්වුවත් රාහු හඳුන්වන්නේ අසුරයකු ලෙසය. "සුරයෝ හොඳ කරති. අසුරයෝ නරක කරති" මතයක් පවතියි. හඳහනක 3, 5, 11 වැනි තැනක සිට සුබ ග්‍රහයකුට පෙනේ නම් සුබපල දෙයි. 5, 9 හා 12 යන තැන්වලදී නම් හොඳක් කරන පාටක් පෙනෙන්නට නැත. ඒ 5 වැන්නෙන් බුද්ධියත්, 9 වැන්නෙන් ආගමික භක්තියත් පෙන්වන බැවිනි.
    රාහු මෙන්ම වේගවත් කුජ එකට එක්වූ විට වේගය තවත් අධික වෙයි. එහිදී සුබ ග්‍රහයකු සම්බන්ධ නොවුණහොත් නපුරු දේ කිරීමට මැළි නොවේ. මොළේ නැති හිතුවක්කාරයකුත්, තරුණ මදයෙන් ඇවිස්සුණ ශක්තිමත් ශරීරයක් ඇති මදාවියකුත් එකතු වූ විට කරන්නේ මොනවාදැයි විස්තර කළ යුතු නැත. මේ දෙන්නාත් ඒවාගේය. අසුබ පල දෙන්නේ ඔවුන්ගේ යෝගය ඇති ස්ථානය අනුවය.


    ලග්නයේ මෙම යෝගය පිහිටියේ නම් හිසට තුවාල ඇති කරයි. මොළය අවුල් කරයි. යුතු අයුතුකම් තකන්නේ නැත. කරන්නේම මෝඩකම්, දාමරිකකම් හා අකීකරුකම්ය. ඉගෙනීමට ඇති ආශාව නැතිකොට බාධා ඇතිකරන්නේ මේ දෙන්නාම ඉගෙනීමට අකැමැති හින්දාය.
    ධනස්ථානය, කුටුම්භස්ථානය යනාදී නම්වලින් හැඳින්වෙන දෙවැන්නේ පිහිටා ඇත්නම් මුහුණට, දත්වලට හානි කරයි. එහෙම වෙන්න නම් හදිසි අනතුරු හෝ ගුටිබැට හුවමාරු වෙන්න ඕනෑය. නිතර අසභ්‍ය වචන භාවිත කිරීමට පුළුවන් තරමට ලැජ්ජාව අඩුය. ඒවා මහලොකු දේවල් යැයි සිතයි. විවාහයෙන් පසුව අඹුසැමියන් අතර රණ්ඩු සරුවල් ඇතිවෙයි. එකිනෙකා නොරුස්සයි. කටහ‍ෙ¾ඩ් ගොරෝසු බවකින් යුක්ත හෙයින් කන්වලට වැටෙන විටත් අප්‍රියජනකය. ධනය ලැබුණත් නරක දේට වැය කිරීමට පෙලැඹේ.


    මේ දෙන්නා සහෝදරස්ථානය වන 3 වැනි කොටුවේ එකට හිටියොත් සහෝදරයන් අතර වාද භේද දැකිය හැකියි. බලයට කෑදර හෙයින් දේශපාලනයට නම් හොඳ වීමට හැකියි. ආවේගයන්ට නතුවන මොවුහු අනෙක් මිනිසුන් කෙරෙහි සැලකිල්ලක් දක්වන්නේද නැත.
    සිවුවැන්න දේපළ, ඉඩකඩම් පිළිබඳ කියැවෙන ස්ථානයයි. මේ දෙන්නා එකතුව එහි සිටියොත් මුල් දේපළ හෝ උරුම හෝ සම්බන්ධයෙන් ආරවුල් සහ කලකෝලාහල සිදුවෙයි. තමන්ගේ ලේ ඥාතීන්ට විපත් ගෙනදේ. ස්ථිර දේපළ ලැබුණත් ඒවායේද අවුල් වියවුල් හටගනියි. නපුරු සිතක් පිහිටන හෙයින් ඉවසීම අඩුකරන අතර සිත නපුරු වෙයි. එහෙත් සුබ දෘෂ්ටි ලැබේ නම් මැණික් වැනි පොළොවෙන් ලැබෙන ඛනිජ වස්තූන් ලැබීමටත්, උරුම හිමිකම් ලැබීමටත් වාසනාව පෑදිය හැකියි.


    දරුවන් පිළිබඳ පෙන්වන පස්වැන්නේ සිටියොත් දරුවන්ට රෝගාබාධ සාදයි. ප්‍රේම සබඳතා සම්බන්ධවද පස්වැන්න මූලික වන හෙයින් අනියම් ප්‍රේම සබඳතා ඇතිවීමටත්, ඒවායින් කරදරවලට මුහුණපෑමටත් සිදුවිය හැකිවෙයි. සූදුවට ලොල්වෙයි. රේස්, සූදු පවතින ස්ථානයන්හි දවස ගෙවන්නේ මේ වැනි පුද්ගලයන්ය. 5 වැන්න පපුවටද සම්බන්ධ නිසා පසු කාලයේ හෘදයාබාධ සෑදීමේ ඉඩ පවතියි.
    ලෙඩ රෝග, අසනීප, මෙහෙකරුවන් ආදිය හා උදරයේ පහළ කොටස මෙන්ම ගර්භාශයද හය වැනි භාවයෙන් පෙන්වන දේවල්ය. එහෙයින් උදරාබාධ සෑදීම, කාන්තාවන්ගේ ඔසප් දෝෂ හා ගබ්සා වීම් වැනි තත්ත්වයන් ඇති කරයි. රැකියා කරන ස්ථානයේ හෝ තමන්ගේ සේවකයන් සමඟ ගැටුම් හටගැනීම ඇති වෙයි. සිරුර කෙට්ටු කරයි. ණය ගැනීමට බය නැත. ණයට දීමෙන් මුදලත් මිතුරාත් නැතිවේ කියන්නේ ඒ වාගේ අය දැක්කාමය. ණය ගැනීමෙන් කරදර ඇතිවෙයි. කලත්‍රස්ථානය නමින් ජේ‍යාතිෂයේදී හැඳින්වෙන හත්වැන්නේ මේ දෙන්නා එකට සිටියොත් බිරියට රෝග පීඩා සාදයි. විවාහයේ ගැටුම් ඇති කිරීමටද ඉඩ තිබේ. විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වීමේ ඉඩ පවතියි. සමහර විට එක් බිරියකට හෝ එක් සැමියකුට වඩා සිතිය හැකියි. එයින් පෙනී යන්නේ බහු භාර්යා හෝ බහු පුරුෂ සේවනයට ඉඩ ඇති බව හෝ දික්කසාද වීමට ඉඩ ඇති බවයි. කුජ හතේ පිහිටීම භෞම දෝෂයක් බව නොදන්නා කෙනකු නැත. ඒ අනුව බිරියට අපලදායක තත්ත්වයක්ද පෙන්නුම් කෙරේ. අනෙක් අය සමඟ හවුලේ කටයුතු කිරීම අපහසුය. උකුල අභ්‍යන්තරය උණුසුම් හෙයින් අර්ශස් රෝග වැලැඳීමේ ඉඩ පවතියි.


    8 වැන්න යනු මාරක ස්ථානයයි. සිත සම්බන්ධ තත්ත්වයන් පවසන්නේද මෙම භාවයෙනි. එහෙයින් කුජ සමඟ රාහු එක්ව 8 වැන්නේ පිහිටියහොත් පවට සිත පෙලැඹීමේ ඉඩකඩ වැඩිවන අතර නිතර නිතර චිත්ත පීඩාවන්ට මුහුණපෑමට සිදුවෙයි. හදිසි විපත් සිදුවිය හැකියි. දේපළ සම්බන්ධ අවුල් හටගනියි. ශරීර සෞඛ්‍යයට බාධා පැමිණීමේ ඉඩ ඇත. වෙනත් බලවත් දීර්ඝායුෂ දෙන යෝග හඳහනේ නැතහොත් මැදිවියේදී මරණය සිදුවිය හැකියි. පුණ්‍යස්ථානය, භාග්‍යස්ථානය නමින් හැඳින්වෙන නවවැන්න විදේශ ගමන් සම්බන්ධවද බලපවත්වයි. පියා පිළිබඳ පැවැසෙන්නේද මෙම භාවයෙනි. රාහු සමඟ එක්වූ කුජ මෙහි සිටියහොත් වෙන්නේ මොනවාදැයි අමුතුවෙන් කියන්න දෙයක් නැත. ආගම තුට්ටු දෙකකටත් මායිම් නොකරන පුද්ගලයකු බිහිවෙයි. මවුපියන්ට හෝ වැඩිහිටියන්ට හෝ ගරු කරන්නේවත්, සලකන්නේවත්, කියන දෙයට ඇහුම්කන් දෙන්නේවත් නැත. හිතුවක්කාර වෙයි. ගුරුවරුන්ටද කීකරු නොවේ. ඔවුන් සමඟද එකට එක කියයි. ගමන්වලදී විපත් සිදුවිය හැකියි. පියා සමඟ භේද ඇතිකිරීමට ඉඩ තිබේ.


    කර්මස්ථානය 10 වැන්න වෙයි. විශේෂයෙන්ම රැකියාව පිළිබඳ බැලිය යුත්තේ මෙම භාවයෙනි. කුජ සමඟ රාහු මෙම ස්ථානයේ එකට සිටි විට රැකියා කටයුතු අවුල් කරයි. වෙනස් කරයි. රැකියාවක යෙදී එක තැනක සිටිය නොහැකියි. තමන්ගේ සේව්‍යයන් හා උසස් නිලධාරීන් සමඟ ගැටුම් ඇතිකර ගන්න පෙලැඹේ. ගතිපැවැතුම් රෞද්‍ර ස්වභාවයක් ගනියි. පියාටද අපලදායක පිහිටීමකි.
    එකොළොස්වැන්න සියලු ලැබීම් පිළිබඳ පෙන්වන හෙයින් අයස්ථානය හෝ ලාභස්ථානය ලෙස හඳුන්වයි. එකට එක්වූ කුජ හා රාහු මෙම භාවයෙහි පිහිටීම නිසා තමන් විසින් උපයන දේ හෝ සන්තක දේ හෝ නැතිකරයි. මිතුරන් සතුරු වෙයි. අන් අය සමඟ සබඳතා අපහසු කරයි. මෙය වැඩිමහල් සහෝදරයන්ට අපලදායක වන අතර මෙම පිහිටීම හිමි ජන්මියා ඔවුන් සමඟ හවුලේ කටයුතු කරන්නටද කැමැති නැත. දුෂ්ට ස්ථානයක් ලෙස නම් කර ඇති 12 වැන්න වැයස්ථානය වෙයි. ඊට අමතරව විදේශ ගමන්, සිර ගතවීම හා වෙනත් නරක දේ සම්බන්ධයෙන්ද බැලිය හැකියි. මෙහි ඉහත යෝගය පිහිටි විට කරන කටයුතු කඩාකප්පල් වන තත්ත්වයක් ඇති කරයි. විශේෂයෙන්ම දශා, අතුරු දශාවලදී නඩුහබවලට පැටලී බන්ධනාගාර ගතවීමට ඉඩ තිබේ. ඒවායින් දඬුවම් විඳීමට සිදුවෙයි. විවිධ හේතූන් නිසා සමාජයේ අපකිරීත්යට පත්වීමට ඉඩ තිබේ. ඉතිරි කිරීම අපහසු කරයි.
    කුජ හා රාහු යෝගය පිහිටි භාවය අනුව එහි පල විපාක කීමට හදිසි විය යුතු නැත. ඔවුන්ගේ උච්ච නීච ස්වක්‍ෂේත්‍රාදී බල මෙන්ම ලැබෙන සුබ අසුබ දෘෂ්ටීන්ද සැලකිල්ලට ගතයුතුය.


    මෙම යෝග නරකම නැත. යහපත් ආකාරයට යෙදුණු විට කායික ශක්තිය අවශ්‍ය කරන බොක්සිං, රගර් වැනි ක්‍රීඩාවන්හි දක්‍ෂතාව ඇති වෙයි. එක්ව සිටීම පමණක් නොව කුජගේ දෘෂ්ටිය රාහුට ලැබෙන ආකාරයෙන්ද විවිධ ප්‍රතිඵල දක්නට ලැබේ. කුජගේ සප්තම දෘෂ්ටියට රාහු ලක්වීමෙන් ක්‍රියාකාරීත්වය හා නිර්භය බව ඇති කරයි. එය සමතුලිත කරගෙන ජීවිතය ගතකිරීමෙන් යහපත් තත්ත්වයන් උදාකරගත හැකියි. එසේ නොවුවහොත් තමන්ගේ ශක්තිය හා නිර්භීතකම වැරැදි ආකාරයට යොදා ගනියි. අපරාධකරුවන්, චණ්ඩීන්, පාතාලයන් බිහිවන්නේ ඒ ආකාරයෙනි. එහෙත් ඔවුන්ට රුධිර චාක්‍රණය සම්බන්ධ රෝග වැලැඳීමේ ඉඩ පවතියි. චතුරස්‍ර දෘෂ්ටියට ලක්වීමෙන් ලැබෙන ප්‍රතිඵල ඊට වෙනස්ය. සැරපරුෂකම, කෘෘරත්වය ඔවුන් කෙරෙන් දැකිය හැකිය. වැඩ කටයුතු අධික මහන්සියෙන් කළ හැකි නමුත් නොඉවසිල්ල පවතියි. දැඩි ලිංගික ශක්තිය නිසා අසංවර ආකාරයෙන් හැසිරේ. එසේ වුවත් කායික දුබලතා ඇතිවීමේ ඉඩ තිබේ.


    සමහර විට මේ ග්‍රහයන් දෙදෙනා සමඟ තවත් ග්‍රහයන් සම්බන්ධ වී සිටිය හැකියි. එවැනි තත්ත්වයක් ජන්මියාට බලපාන්නේ කෙසේදැයි දැනගැනීමද වැදගත්ය. කුජ, සිකුරු හා 5 වැන්න අධිපති ග්‍රහයා රාහු සමඟ සිටියේ නම් දරුවකුගේ මරණය සිදුවන බව පැවැසේ. රාහු 7 වැන්නේත්, කුජ 4 වැන්නේත් සිටීමෙන් රාහුට කුජගේ දෘෂ්ටිය ලැබේ. එවැනි හඳහනක් හිමි අයගේ මනස කාමුක ආශාවන්ගෙන් විකෘති තත්ත්වයට පත්කරයි. රාහු 7 වැන්නේත්, කුජ 6 වැන්නේත්, ශනි 8 වැන්නේත් පිහිටා ඇත්නම් බිරියට හා දරුවන්ට මාරකය. රාහු, කුජ හා ශනි ලග්නයේ පිහිටා ඇත්නම් ලිංගික රෝගයන්ට ගොදුරු වීමේ අවදානම පවතියි.
    එසේම රාහු හා කුජ සමඟ යෝග වූ ශනි සිටියි නම් හදිසි අනතුරුවලට ලක්වීමට ඉඩ ඇති අතර නිවෙසේ සමෘද්ධිය වනසන පිහිටීමක් බවද කියැවේ. රාහු හා කුජ සමඟ ශනි 8 වැන්නේ සිටීමෙන් අධිෂ්ඨානය මෙන්ම කෘෘරකමද ලැබෙනවාක් මෙන්ම අනාචාරයේ හැසිරෙන පුද්ගලයකු වෙයි. කුජ, ශනි සමඟ රාහු හෝ කේතු 9 වැන්නේ පිහිටීම පියාට දුෂ්කරතා ඇති කරවන්නකි. 10, 11 හෝ 12 යන භාවයන්හි මේ දෙන්නා එක්ව සිටියොත් නීති විරෝධී ක්‍රමවලින් මුදල් ඉපැයීමට පෙලැඹේ.
    මෙම ග්‍රහ පිහිටීම් බොහෝමයක් ජේ‍යාතිෂ පොත්වල සඳහන්ව ඇතත් අත්දැක ඇත්තේ කිහිපයක් පමණක් බවද සඳහන් කරනු කැමැත්තෙමි.

    ජේ‍යාතිෂවේදී
    චන්ද්‍රසිරි සී. කළුබෝවිල
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Mawbima, 2015-10-01 02:00:00



    මෙලොව උපන් යම් මනුෂ්‍යයෙක් වේද අප සියලු දෙනා පෙර කළ කර්මය මත පදනම්ව නැවැත මේ ලොවට ජීවයක් ලද පිරිසකි. මිනිසුන් වේවා තිරිසන් සතුන් වේවා මේ ලෝ තලයේ යම් ජීවී බවක් ඇති සත්ත්වයෙක් වේවා මේ සියලු දෙනා පෙර කළ කර්ම ශක්තීන් මත මෙලොව ජීවයක් ලත් අය වෙති. අප යම් හොඳ හෝ නරක ක්‍රියාවක් කරන්නේද ඒ සියල්ල අප විසින්ම විශ්වයේ පුවරුවක් මත ලියනා ලද්දක් වැනිය. යම් දිනෙක අප ආත්ම ගණන් සැරිසරන තෙක් අප කළ ක්‍රියාවන් අප නොදන්නා නමුත් මේ පෘථිවි තලය මත සැරිසරමින් සිටි අප කළ ක්‍රියාවන් විශ්ව තරංග ලෙස අප හඹා එන බව ස්ථිරය.
    මෙම පැහැදිලි කිරීම කරනුයේ ඔබත් මමත් අන් සියලු සත්ත්වයනුත් යටත් විශ්ව නීතිය පැහැදිලි කිරීමටය. තරු වළල්ලේ ග්‍රහයන් නවයකින් යුත් විශ්වය ආකර්ෂණීයයි. එම තරු රටා මවමින් ලග්න ‍ෙදාළහකින් යුත් වෙන් කිරීමක් සිදු වෙයි. අප මෙලොවට එළිය දකිනා විටම මෙම ලග්න ‍ෙදාළහෙන් එක් ලග්නයකට වෙන් වී අවසානය. අපගේ විශ්වාසය අවිශ්වාසය විශ්ව ශක්තියට බල නොපාන බව ඔබට වැටහෙනු ඇත. අප සංසාරගත කරනා ලද කුසල් පලදෙන විට කිසිවකුට අප කළ කුසලයන් නිසා පලදෙන බව සිහිපත් වන්නේ බොහොමත් කලාතුරකිනි. නමුත් පෙර කළ අකුසල කර්ම පලදෙන විට නම් පෙර කළ කර්මයන් සිහි කරනා වාර අනන්තය.

    අප මිනිසුන් වශයෙන් ඉපදී අප විසින්ම වෙන් කර ගන්නා ලද කුල මල ජාති ආගම් භේදයන්වල සීමාව වන්නේ මිය පරලොව යෑම පමණි. නමුත් අප විසින් වෙන් කර ගන්නා නියමයන් පරයා විශ්වය අප කාටත් පොදු ලෙස ක්‍රියාත්මක වෙයි. විශ්වය යන අර්ථය දුන්නද තරු සඳු අනෙකුත් ග්‍රහ තාරකාවන්ද මීට ඇතුළත්ය. ජීවිතයේ යම් යම් විශේෂ සිදුවීම්වලදී කොතරම් දියුණු නවීන යුගයක වුවත් අප ජේ‍යාතිෂ ශාස්ත්‍රය තදින් විශ්වාස කරන අයයි. ජේ‍යාතිෂයත් බුදු දහමත් යන ගැඹුරු ජීවන දර්ශනය යම්තාක් දුරට හැදෑරීමේදී එක්ව බැඳුණු බවක් හැඟී යනු ඇත.


    මිනිසුන්ගේ ශරීරය අභ්‍යන්තරව ජීවත් වන වටිනා සත්ත්ව සිත කොතෙක් සරල යහපත් සිතක් කරගත හැකිද යන්න ජීවිතයේ කවදා හෝ කෙදිනක හෝ ඔබට වැටහී යනු ඇත. වර්තමාන යුගයේ අනවශ්‍ය කාරණා වැඩි වන තරමටම ඔබගේ සිත් ගිනියමින් දැවෙන බව අද සමාජය දෙස බලන විට ඔබට පෙනී යනු ඇත. එම සමාජය තුළ ලුහුබඳින කිසිවක් අපට අවශ්‍ය වූවක්ද බව ඔබ සැමට දැනෙන දිනක් එන බව සත්‍යයි. හැල්මේ දුවන්නම් වාලේ දුවමින් නැවතුණ යම් දිනෙක ගුළි කරගෙන පැමිණි අත්ලෙහි පසුතැවීම ගුළි කරගෙන යන්නට සිදු නොකර ගැනීම අපේ යුතුකමකි. ජීවිතයට අවශ්‍ය දේ, සාරවත් දේ පසෙක දමා අනවශ්‍ය අසාරවත් දේ කරා පියනඟන අප ගැනම පසුතැවිය යුතු කලියුගයකි මෙය.


    මනුෂ්‍යයන් වන අප කාගේත් කේන්දර සටහන් පිරික්සීමෙන් ජේ‍යාතිෂවේදියකුට දත හැකි කරුණක් නම් සියලු මිනිසුන්ගේ යම් වාසනා ගුණයක් ඇතිව අප මෙලොවට ජීවය ලද බවයි. ඒ ලත් මානුෂීය ගුණයෙන් පිරි මේ ජීවිතය විසම සමාජයක් තුළ මනුසත්කම පසෙකට වී මුදල මත යැපෙන සමාජයක කොටස්කරුවන් වෙමින් පවතින විටෙක ඔබ සැමගේ අභ්‍යන්තර මනුෂ්‍ය සිතට කතා කිරීමට හැකි වීමද භාග්‍යයකි. ගංගාවක් ගලා බසින විට උඩුගං හැරවීම අසීරු කටයුත්තකි. නමුදු සිතට වන හානිය දෙස හැරී බලන්නට කාලයකි මේ.


    අප පෙර කළ කර්මයන් මත ග්‍රහයන් කොටු ‍ෙදාළහකට සිර වී ඇත. ඒ ග්‍රහයන්ගේ පිහිටීම පෙර අප කළ කී දැය අප කළ හොඳ ක්‍රියාවන් නිසා එක් එක් ග්‍රහයන් උච්චව ස්වක්ෂේත්‍රව මිත්‍රව පිහිටා ඇත. අප කළ අයහපත් ක්‍රියාවන් නිසා ග්‍රහයන් නීචව, සතුරුව ලග්න කේන්දරය තුළ පීඩාවට පත් වී ඇත. බුදුන් වහන්සේ දේශනා කළ සද්ධර්මය තුළ මනුෂ්‍යයකු විනා අනෙකුත් අකුසල් කළ අයට හොඳ ක්‍රියාවෙන්ම එම අකුසලයන් මැඬලිය හැකි බව දේශනා කළේය.
    යම් කේන්දර පරීක්ෂාවකදී ඔබට අපලයි කියා දෛවඥයන් පැවසූ විට ඔවුන් කියනා සත්‍ය හෝ අසත්‍ය මාර්ග ඔස්සේ ගමන් කිරීම අපගේ අනුවණකමකි. එබැවින් අප යහපත් ධාර්මික මාවතකට යොමු විය යුතුයි. එසේ නම් අයහපත දැක දැක තම ජීවිතයට ආදරය ඇත්තා යහපත් ධර්මිෂ්ඨ මාර්ගය ඔස්සේ ගමන් කරන්නේද පෙර කළ අකුසලයන් පරදා සිය ආධ්‍යාත්මික චින්තනයේ දියුණු මෙහෙයවන්නෝය. මේ ලොව ජීවත් වන මිනිසුන් ලෙස අද සමාජයේ දමා යන දේවල් එක්රැස් කිරීමට මුළු ජීවිත කාලය මිඩංගු කිරීම තත්පරයෙන් තත්පරය ගෙවී යන වටිනා කාලය අකාලයේ ගෙවා දැමීමකි.


    අපල උපද්‍රවවලින් ජීවිත කාලය බේරා ගැනීම ඔබේ වගකීමකි. අපල කාලවලදී පමණක් දාන මාන, බෝධි පූජා වැනි පින්කම් අපට පමණක් ශාන්තිය උදෙසා කරනවාට වඩා පරාර්ථය උදෙසා කිරීමෙන් ඉතාමත් යහපතක් ඔබට වනවාට සැක නැත. ඔබේ කේන්දර සටහන්වලින් ඔබ කවුද? ඔබේ අනන්‍යතාව කුමක්ද? ඔබ ධර්ම චරිතයක්ද? අර්ථ චරිතයක්ද? කාම චරිතයක්ද? මෝක්ෂ චරිතයක්ද යන්න පැහැදිලිව කිව හැකියි. ලග්න ‍ෙදාළහ මෙම ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ යන කොටස් හතරට ලග්න තුනක් වශයෙන් වෙන් වේ. ඒ අනුව ඔබේ කේන්දර සටහනේ ග්‍රහයන් වැඩියෙන් පිහිටන රාශීන් ඔස්සේ ඔබේ මනස ගමන් ගන්නා මාර්ගය ජේ‍යාතිෂවේදියකුට පහසුවෙන් අවබෝධව දත හැකිය. එබැවින් සමාජයට අයහපතක් නොකරන්න. එයින් දූෂණය වන්නේ ඔබයි. සමාජයට යහපතක් කරන්න. එයින් ඔබට යහපත් කලක් යන බව සත්‍යයි.

    ජේ‍යාතිෂ ශිෂ්‍ය
    වාසනා ලක්මිණී දෙහිවල
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ජේ‍යාතිෂයේ තිබෙන අතිශයින්ම වැදගත් කොටස නම් තිබෙන්නා වූ හෝ ඉදිරියේ වන්නා වූ ග්‍රහ අපලය දැන හඳුනා ගෙන ඒවා නිවාරණය කර ගැනීමේ හැකියාවයි. එසේ අපල නිවාරණය කර ගැනීමේ ක්‍රමවේද රාශියක්ම ජේ‍යාතිෂයේ ඉගැන්වෙයි. මූලික සිද්ධාන්ත කොතෙක් නිවැරැදි වුවත් එක් එක් අය ඒවා තේරුම් ගැනීමේ පරස්පරතා තිබෙන අතර අද දවසේ ජේ‍යාතිෂ භාවිතාවේ එය ප්‍රධාන ගැටලුවක් වී ඇත. එසේ අපල නිවාරණය කිරීමට භාවිත කෙරෙන ක්‍රමවේද කිහිපයක විශ්වසනීයත්වය ගැන ඔබ දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණයි.
    එසේ අපල නිවාරණය කර ගැනීමේ එක් මාර්ගයක් ලෙස බොහෝ නිර්දේශ කරන්නේ යම්කිසි යන්ත්‍රයක් පැලැඳවීමයි. යන්ත්‍රවල බලයෙන් බොහෝ අපල නිවාරණය කර ගත හැකි බව සැබෑය. එනමුත් ඒ සඳහා අදාළ යන්ත්‍රයන් නිවැරැදිව නිර්මාණය කළ යුතුවෙයි. යන්ත්‍ර වර්ග ගණනාවක්ම තිබේ. ඒ අතර ඉතා පහසුවෙන්ම සෑදිය හැකි මන්ත්‍ර රහිත යන්ත්‍ර තිබෙන අතර කෙටි මන්ත්‍ර ජපයක් පමණක් අවශ්‍ය යන්ත්‍රද වෙයි. සෑදීමට දුෂ්කර මෙන්ම දීර්ඝ මන්ත්‍ර ජප අවශ්‍ය යන්ත්‍ර අපට නිතර දකින්නට ලැබේ. බොහෝ විට එවන් එක් යන්ත්‍රයක් වෙනුවෙන් වැය කළ යුතු කාලය අති විශාලය. මේ කරුණ නිසා බොහෝ විටම එසේ මහා පරිමාණයෙන් යන්ත්‍ර වෙළෙ¼දාමේ යෙදෙන අය කරන්නේ අච්චුවක් සාදා එයින් යන්ත්‍ර පිටපත් කිරීමය. එවන් යන්ත්‍ර නිර්මාණය වන්නේ කිසිසේත්ම නියමිත ආකාරයට ශාස්ත්‍රානුකූලව නොවේ. යන්ත්‍රයක් නිර්මාණය කිරීමට සුදුසු වේලාවක් තිබේ. ඒ සඳහා යන්ත්‍රය නිර්මාණයට පෙරත් යන්ත්‍රය නිර්මාණය කිරීමේදීත් යන්ත්‍රය නිර්මාණය කළ පසුත් කළ යුතු නියමිත වතාවත් තිබේ. යන්ත්‍රය ඇඳීමට තෝරා ගන්නා මාධ්‍යය මෙන්ම පන්හිඳ ද අදාළ කාර්යයට සුදුසු ලෙස සකස් විය යුතුය. එසේම යන්ත්‍රයේ සටහන ඇඳීමට නියමිත ක්‍රමවේදයක්ද තිබේ. එහි ආරම්භයත් අවසානයත් නිසි ලෙස විය යුතුය. එසේම අදාළ කාර්යයට ගැළපෙන පරිදි ඉරි ඇඳිය යුතු දිසා තිබේ. මේ කිසිවක් යාන්ත්‍රිකව අච්චුවකින් යන්ත්‍ර නිර්මාණය කිරීමේදී සිදුවන්නේ නැත. සමහර දේවස්ථාන ඉදිරිපිට මෙන්ම වෙළෙඳසල්වලද එසේ යාන්ත්‍රික ලෙස නිර්මාණය කළ යන්ත්‍ර විකිණීමට තිබෙන අන්දම ඔබද දැක ඇතුවාට සැක නැත. අපල නිවාරණයට යන්ත්‍ර පැලඳීම යහපත් පිළියමක්. ඔබගේ අපලයට ඔබ පලඳින යන්ත්‍රයෙන් කිසිදු පලක් නොවන්නේ නම් එය ශාස්ත්‍රයේ වරදක් නොව නිර්මාණයේ වරදක් බව කරුණාවෙන් සලකන්න.

    යන්ත්‍ර මෙන්ම මුදු පැලඳීමද තවත් සමහරුන් ඉතා ප්‍රිය කරන අපල නිවාරණ ක්‍රමවේදයකි. තමන් කරා එන සැමටම මැණික් ගල් ඇල්ලූ මුදු පැලඳීම නිර්දේශ කරන මැණික් විශේෂඥයන් අපට නිතර හමුවෙයි. එනමුත් ඒ සඳහා නියමිත සිද්ධාන්ත ඔස්සේ කටයුතු කෙරෙන අවස්ථා විරලය. ජේ‍යාතිෂ ඉගෙනුම් මාධ්‍යවල තිබෙන දුබලතා හා නොපැහැදිලිකම් එයට හේතුව වන්නට ඇත. කෙසේ වෙතත් මැණික් පැලඳීම ඉතා සීරුමාරුවෙන් කළ යුතු කාර්යයකි. ඒ පිළිබඳ පැහැදිලි නිරවුල් අවබෝධයකින් සන්නද්ධව විනා ග්‍රහ අපල නිවාරණයට මැණික් පැලඳීමට උපදෙස් දීම කිසිසේත්ම නොකළ යුතුය. මන්ද යත් මැණික් පැලඳීම දෙපැත්තම කැපෙන දැලි පිහියක් මෙන් බැවිනි. කුමන හෝ අරමුණක් වෙනුවෙන් ඔබ පලඳින මැණික ඔබගේ ජීවිතයේ වෙනත් පැතිකඩක් සම්බන්ධව ඉතා අමිහිරි අත්දැකීම් ගෙන එන්නක් විය හැකියි.

    පමා වූ විවාහය ඉක්මන් කර ගැනීම සඳහා ඔබ පලඳින මැණික නිසා ඔබ නොදැනුවත්වම එසේ ඔබට උරුම වන විවාහ දිවියේ දරුවන් නොමැති වීමට ඉඩ තිබේ. දරුවන් නොමැති ඔබ ඒ සඳහා පිළියමක් ලෙස පලඳින මැණික නිසා ඔබට හෝ ඔබගේ සැමියාට රැකියාව අහිමි වීමට ඉඩ තිබේ. විදේශ රැකියා අවස්ථාව ඉක්මන් කර ගැනීම සඳහා ඔබ පලඳින මැණික් ගල නිසා එසේ ලැබෙන රැකියාවට මාසෙන් දෙකෙන් සමු දෙන්නට සිදු විය හැකියි. කේන්දරයක එක් රාශියක තැන්පත් ග්‍රහයා බොහෝ විටම විවිධාකාරයෙන් තවත් තැන් කිහිපයකටම තම බලපෑම් එල්ල කරයි. එම බලපෑම් බොහෝ විටම ඒකාකාරී නොවන අතර විවිධ තැන්වලට බලපාන ආකාරය වෙනස් වෙයි. එක් තැනකට කරන යහපත තවත් තැනකදී අයහපතක් විය හැකියි. එම නිසා මැණික් ගල් පැලැඳීම කළ යුත්තේ ඒ ගැන ඉතා දිගු විශ්ලේෂණයකින් අනතුරුව පමණි. පැලැඳිය යුතු මැණික් ගල තීරණය කිරීම පිණිස ලොව පුරා ජේ‍යාතිෂශාස්ත්‍රඥයන් අනුගමනය කරන ප්‍රසිද්ධ ආකාර දෙකක් තිබේ.
    පළමු ක්‍රමය වන්නේ යම් ග්‍රහයකුට අදාළ මැණික් ගල පැලැඳීමෙන් එම ග්‍රහයාගේ බලපෑම තවත් වැඩිවෙන සේ සලකා කටයුතු කිරීමයි. දෙවැනි ආකාරය වන්නේ එසේ නම් ග්‍රහයකුට අදාළ මැණික් ගල පැලැඳූ විට එම ග්‍රහයාගේ කිරණ එයින් පෙරී එම ග්‍රහයාගේ බලපෑම් දුර්වල කෙරෙන සේ සලකා කටයුතු කිරීමයි. මැණික් පැලැඳීමේ අනුකූලවාදය හා ප්‍රතිකූලවාදය ලෙස ලොව පුරා ප්‍රචලිතව තිබෙන්නේ මෙම ආකාර දෙකයි. ඒ අතරින් ලොව පුරා ශේ‍ර්ෂ්ඨයන් සේ සැලකෙන වියත් ජේ‍යාතිෂශාස්ත්‍රඥයන් බහුතරයක් අනුගමනය කරන්නේත් නිවැරැදි සේ සලකන්නේත් එම පළමු ක්‍රමයයි. එම ක්‍රමය අනුගමනය කිරීමේදී ග්‍රහයාගේ බලපෑම් අඩු වැඩි කිරීමේ උපක්‍රමද ජේ‍යාතිෂයේ ඉගැන්වෙයි. කෙසේ වුවත් කනගාටුදායක කරුණ නම් අප රටේ බොහෝ විටම අනුගමනය කෙරෙන්නේ ලොවපුරා වියතුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලද ඉහත සඳහන් දෙවැනි ක්‍රමවේදය වීමයි. සෙනසුරු ඒරාෂ්ටකයක් තිබෙන විට ඔබට කාකනිල් ගලක් පලඳින ලෙස උපදෙස් ලැබෙන්නේ එබැවිනි. රාහු අපලයක් තිබෙන විට ඔබට ගෝමේද ගලක් පලඳින ලෙසට උපදෙස් ලැබෙන්නේද එබැවිනි. ගුරුතුමා වැරැදි ජේ‍යාතිෂය ඉගෙන ගත් විට ඔහුගේ මුළු ගෝල පරම්පරාවන් සියල්ලමද ඉදිරියට ගෙන යන්නේ එම වැරැදි සිද්ධාන්තමය. කෙසේ වුවත් මැණික් ගල් පැලැඳීමට පෙර දෙතුන් වරක් ඒ ගැන සිතා බැලීම ඔබගේම යහපතට හේතු වනු ඇත.

    යම් කේන්දරයකින් රාහු අපලය තිබේ යැයි නිගමනය කරන බොහෝ විටම ඒ සඳහා නිර්දේශ කරන පිළියම් වන්නේ ගෝමේද ගලක් පැලැඳීමත්, වැටකේ මල් පූජා කිරීමත්, වැටකේ ගසකට සාත්තු සප්පායම් කිරීමත්ය. මින් ගෝමේද ගල පැලැඳීම වැරැදි සිද්ධාන්තයක් බව මෙම ලිපියේම පෙර තැනක පැහැදිලි කර ඇත. වැටකේ මල් පූජා කිරීමත් වැටකේ ගසකට සාත්තු කිරීමත් යනු එකිනෙකට සහමුලින්ම විරුද්ධ කාරණා දෙකකි. යමක් පූජා කළ පසු එය ඔබට අයිති නොවේ. එය අයිති පූජාව ලද තැනැත්තාටය. ඒ අනුව රාහු නියෝජනය කරන වැටකේ මල පූජා කිරීම යනු එය ඔබගෙන් ඉවත් කිරීමකි. එනම් සංකේතාත්මකව රාහු ඔබගෙන් ඉවත් කිරීමකි. එසේ කළ යුත්තේ රාහු ඔබගේ කේන්දරයේ පිහිටීම අනුව ඔබගේ කටයුතුවලට කරදරකාරයකු වේ නම් පමණි. කේන්දරයේ එකොළොස් වැන්නේ සිටින රාහු බොහෝ දෝෂ භංග කරන බව ජේ‍යාතිෂ සිද්ධාන්තයකි. එවැනි කේන්දරයක් හිමියකු වැටකේ මල් පූජා කර එම වටිනා ග්‍රහ පිහිටීම දුර්වල කර ගන්නා බව ඔබට තේරුම් ගැනීම අසීරු නොවනු ඇත. වැටකේ ගසකට සාත්තු සප්පායම් කර එය රැක බලා ගන්නේ එය තව තවත් තමන්ට කිට්ටු කර ගැනීමේ හැඟීමෙනි. රාහු නියෝජනය කරන වැටකේ ගසකට එසේ ඔබ සාත්තු කිරීමෙන් වන්නේ සංකේතාත්මකව රාහුගේ බලපෑමට ඔබ තව තවත් නතු වීමයි.

    කේන්දරයේ ඉතා අයහපත් ලෙස රාහු පිහිටා තිබෙන අයෙක් රාහු අපලයෙන් මිදීමේ අදහසින් එසේ කළත් සැබැවින්ම සිදුවන දේ ඔබට දැන් පැහැදිලිය. අපල දුරුකිරීමේ උපක්‍රම මෙසේ සංකේතාත්මකව භාවිත කිරීම බුද්ධිමත්ව යොදා ගන්නේ නම් ඒවා අතිශයින්ම ක්‍රියාශීලීය. ඉහත කී උදාහරණයේ රාහු අපලයට වැටකේ උපයෝගී කර ගත හැකි තවත් ආකාර තිබේ. කේන්දරයේ පිහිටීම අනුව වැටකේ මල් තෝරා ගත් යමෙකුට තෑගි දීම, දිය පහරක පා කර හැරීම, පූජාවෙන් පසු කොටසක් නැවැත රැගෙන ඒම ආදිය ඉන් කිහිපයකි. නමුත් මේවා කළ යුත්තේ නොකර බැරි අවස්ථාවකදී තවත් ආරක්ෂක උපක්‍රම යොදාගෙන පමණි. එසේ නොවන්නේ නම් ඒ සඳහා උපදෙස් දීමත් එම උපදෙස් අනුගමනය කිරීමත් ශිව දෙවියන්ගෙන් දඬුවම් ලද හැකි කාරණා බව ජේ‍යාතිෂයේ වෙයි.
    ජේ‍යාතිර්වේදී
    ජනක මාධව නවරත්න
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේෂ ලග්නය:
    සාමාන්‍ය රූප ස්වභාවය මධ්‍යම ප්‍රමාණ ශරීරය වෙයි. කදිම දික්වූ බෙල්ලක් හා පොකුරු කෙස් හා රැවුල්ද, ඇස් බැමද ඇත. යහපත් අඟ පසඟ වෙයි. ගමන් කිරීමේදී ස්වල්පයක් නැවී යයි. කඩිසරයි. පිත් අධිකයි
    ගතිගුණ
    කුජ හිමි සටන්කාමී උෂ්ණ රාශියක් වූ බැවින් මේෂයෙහි උපන් අය උසස් අදහස් ඇති ඉදිරියට යන තේජවන්ත ගතියකින් යුක්ත වෙයි. වුවමනා දේ වුවමනා වෙලාවට වුවමනා කරන කෙනෙකි. කෙසේ හෝ ලබා ගනියි. තමාගේ පෞද්ගලික ආශා සැප පහසුකම් අනුන් වෙනුවෙන් කැපකිරීමට සතුටු නොවේ. තමාට වුවමනා කරන දේ තමාට ඕනෑම වෙයි. කීර්ති ප්‍රශංසා ලැබීමට ඇති කැමැත්තත් පෙරමුණෙහි සිටීමට ඇති ආශාවත් ඉදිරියට යන ගතියත් නිසා ජය හා ප්‍රසිද්ධිය ලබයි. ක්‍රියාවෙන් සූරයි. එසේම කඩිසරයි. පුරුෂයකු නම් තමාගේ භාර්යාවට හෝ ස්ත්‍රියක නම් තමාගේ ස්වාමියාට හෝ හැර වෙන කිසි කෙනකුට යටහත් පහත් වීමට කැමැති නැත. සහකාරියට සහකාරයාට ඉතා භක්තිවන්ත වෙයි. දිනන ලද ඉඳුරන් ඇති කෙළෙහිගුණ සලකන කෙනකු වෙයි. බඩගිනි ඉසිලිය නොහැකිය. නිතර ටික ටික කෑම ඕනෑ කරයි. නිතරම ආඩම්බර ගතියෙන් සිටියි.


    මේෂ ලග්නයෙහි උපන් අය වාද විවාදවලට වඩා යෝග්‍ය නැත. විවාදයේදී තමාට ජයගන්න බැරි වූ විට රණ්ඩුවක් මතු කරගෙන එයින්වත් ජයගන්නට සිතයි. එහෙත් වහා අවබෝධ වන තීක්ෂණ නුවණක් තිබේ. සටනට නොපැකිළෙයි. කිසි බයක් නැත. සුළු සුළු දේවලට කැමැති නැත. විශාල ව්‍යාපාර කටයුතුවලට යෝග්‍යයි. උසස් සිතිවිලි වෙයි. හදිසියේ කරුණු වෙනස් කරයි. එහෙත් යමක් ස්ථිරව කරගෙන යෑමට සිතා ගත්තොත් එසේම කරයි. ලෝකයේ ශේ‍ර්ෂ්ඨ වීරයෝ මේෂ ලග්නයෙන් ඉපදී සිටිති. රාශි චක්‍රය පටන් ගන්නේ මේෂයෙන් බැවින් මෙය බලවත්ම රාශිය වෙයි. මකර, කටක දෙකට මැදි බැවින් යුක්ති සහගත වෙයි. එහෙත් තුලාවේ තරම් නැත.
    දුර්වලකම් හැටියට පෙනෙන්නේ නොඉවසිලි ගතිය හා සමාදානයට එතරම් ගරු නොකරන ගතියයි. සුළු දේ කිරීමට කැමැති නැත.
    රෝග
    උෂ්ණ දැවිලි රෝග, මොළේ අසනීප, බඩේ කැක්කුම්, හදිසි ක්ලාන්ත වීම්, නින්ද නොයෑමේ රෝග, හිටිහැටියේ සිහි නැතිවීම, ලෙහෙසියෙන් සෑදෙන රෝගයෝ වෙයි.
    මේෂයෙන් උපන් අයට පැලැඳීමට යෝග්‍ය වන්නේ දියමන්ති හා සුදු නිල් මැණික් වෙයි.

    වෘෂභ ලග්නය
    සාමාන්‍ය රූප ස්වභාවය පළල් වූ නළලකින් යුත් මධ්‍යම ප්‍රමාණයට වඩා තරමක් ලොකු වූ ශරීරයකි. බෙල්ල මහත් වෙයි. රළු හිසකෙස් වෙයි. සෙම් අධික වෙයි.
    ගතිගුණ
    සිකුරු හිමි වෘෂභයේ උපන් අය කෞතුක දේවලට ආශා කරයි. ලෙහෙසියෙන් ජීවත් වීමට සිතයි. තිර රාශියේ ගතිය ඔප්පු කිරීමට මෙන් නොනැවෙන හිතක් ඇති වෙයි. හිතේ තබාගෙන සිටීමට සමතෙකි. තරහා වීමත් හෙමින්ය. එසේ වුණත් හොඳ වීමත් හෙමින්ය. අනුන්ට තේරුම් ගත නොහැකි ගුප්ත ගති තිබේ. ඉතා සුළු දේවල් පවා සිතේ තබාගෙන සිට වුවමනා වූ විට ඉදිරිපත් කර කතා කරයි. ස්ථිර ජය ලැබෙනතුරු සටන් කරගෙන යෑමට සමර්ථයි. මිල මුදල් සම්බන්ධ හා තමාගේ ලෞකික දේවල් බොහෝ සුපරික්ෂාකාරී වෙයි. සිකුරා මෙන්ම වෛවාරන්න ඇඳුම් පැලැඳුම්වලට වියදම් කිරීමට මැළි නොවේ. භූමියට හිත වෙයි. වැවීමට මල් වැවීමට හිත වෙයි. අන්‍යයන් උදෙසා වියදම් කිරීමට ටිකක් මැළි වෙයි. තරමක් ලෝභී වෙයි. මුදල් ගනුදෙනුවලදී පරෙස්සම් වෙයි. කඩිසරකමක් නැත. එහෙත් නොනවත්වා වැඩෙහි යෙදී කරගෙන යෑමට සමර්ථ වෙයි. විරුද්ධකාරයා ඉදිරියේ දණින් වැටී නැවෙන්නෙක් නොවේ. ස්වාභාවික දර්ශනයන්ට ප්‍රිය වෙයි. නගරබද ජීවිතයට වඩා මල් ගොමු, පලතුරු, ගස්වැල් ආදියෙන් යුත් පිටිසරබද ජීවිතය යහපත් සේ සිතයි. කතාවට බොහොම හොඳයි. කරුණු ඇතිව කතා කරයි. තමාගේ අදහස් තදින් අල්ලාගෙනම සිටියි. අනුන්ගේ දැනමුතුකම් අනුව කටයුතු කිරීමට සතුටු නැත. තමා දන්නා කෙනෙක් සේ සිතයි. සිතුවිලි ලෞකික පැත්තට බර වෙයි.
    දුර්වලකම් හැටියට පෙනෙන්නේ තරමක ලෝභකමත්, සැප පහසුවට ඕනෑවට වඩා ආශාවන් ජයගැනීමට තිබෙන ආශාවත්ය. එනිසාම සතුරෝ ඇති වෙති. නඩුමඟටද බසින්න අන්තිමේදී සිදු වෙයි.
    රෝග
    සියලු සෙම් රෝග පහසුවෙන් සෑදේ. ඔළුවේ, බෙල්ලේ හා පපුවේ රෝග, උගුරේ රෝග, පීනස, ඇදුම, සෙම් ගෙඩි ලෙහෙසියෙන් සෑදේ. කල් යෑමේදී මලබද්ධය, ලේ වැඩිකම හෝ සෙම් වැඩිකම, වතුර වැඩිකම පිළිබඳ රෝග හටගැනීමට හැකියාව පවතී.
    වෘෂභයෙන් උපන් අයට පච්ච ගල් පැලැඳීම යහපති.

    මිථුන ලග්නය
    සාමාන්‍ය රූප ස්වභාවය උස් වූ සම්පූර්ණව වැඩුණු ශරීරය වෙයි. දික්වූ අත පය වෙයි. ලක්ෂණ දේහය වෙයි. බොහෝ විට ප්‍රමාණයට වඩා උස් වෙයි. තාලයට ගමන් කරයි. පැහැදිලි වචන වෙයි. බොහෝ විට බුද්ධිමත් කෙනකු විය යුතුය.
    ගතිගුණ
    නර රාශියක් වූ මිථුනයෙහි උපන් අය මනුෂ්‍ය ජීවිතය සම්බන්ධ මනා අවබෝධයක් ඇත්තෙකි. මානුෂික ගතිය හා අනුකම්පාවද ඇති වෙයි. ඒ ඒ වෙලාවට වුවමනා අන්දමට කටයුතු කිරීමට දක්ෂ නුවණක් තිබේ. කතාවෙහිදී සෑම දෙයක්ම දන්නා කෙනකු මෙන් උඩින් පෙන්වීමට කතා කරයි. දක්ෂ චින්තකයෙක් නොවේ. නිතර අදහස් වෙනස් වෙයි. මේ නිසාම පටන්ගන්නා දේවල් මුලින් හිතූ හැටියට අවසාන නොකරයි. පරස්පර විරෝධී වෙයි. බුධ බලවත්ව යහපත් තැනක සිටියොත් දක්ෂ කථිකයකු හෝ කාව්‍යකාරයකු හෝ සංගීතඥයකු වීමට ඉඩ තිබේ. නිතරම වෘත්තීන් දෙකක හෝ වැඩි ගණනක යෙදෙන්නෙකි. එකක් කරන ගමන් තව එකක් ගැන සිතයි.
    සමහරවිට ස්ත්‍රී පක්ෂය නිසා ධන හානියට පැමිණේ. නවයේ පාපයකු නොසිටියොත් හොඳට ආගමික භක්තිය ඇත්තෙක් වෙයි. ඇවිදිලි ප්‍රිය වෙයි. වැඩෙහි යෙදී සිටිනතුරු ඒ වැඩෙහි දක්ෂයකු ලෙස කටයුතු කරයි. මිත්‍රයන් සමඟ ආශ්‍රය ඇති කෙනෙකි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ පටන් ගන්නා වැඩ අවසාන නොකර අතරමඟ අතහැර දැමීමත් දවසින් දවස අදහස් වෙනස් කිරීමත් නිස්කලංක භාවයක් නැතිකමත් වෙයි.
    රෝග
    පෙණහැල්ලේ රෝග, නිවුමෝනියා නම් සෙම් රෝගය ආදී පපුව ප්‍රදේශයේ රෝග හා බාහුවල වාත රුදාවද ලෙහෙසියෙන් සෑදේ.
    මිථුනයෙන් උපන් අයට අක්වා මැරීන් හෝ ලා නිල් ගල් පැලඳීම යහපත්ය.

    කටක ලග්නය
    සාමාන්‍ය රූප ස්වභාවය මධ්‍යම ප්‍රමාණ සිහින් ශරීරය වෙයි. ප්‍රිය මුහුණ වෙයි. සෞම්‍ය පෙනුම වෙයි. සියුමැලි ශරීරය හෙවත් සියුම් සම ඇති කෙනෙකි. ගොරෝසු දේවල් පරිහරණය කළ නොහැකිය.
    ගතිගුණ
    කටකය උත්තරායනයෙහි උසස්ම තැන වෙයි. හිතට අධිපති චන්ද්‍රයා හිමි කටක ලග්නයේ උපන් අය උසස් සිතිවිලි ඇති තීක්ෂණ චින්තකයෝ වෙති. දුටු දේ කිරීමෙහි සමර්ථ වෙයි. තමාගේ යහපත් ගතිය නිසා අනුන්ගේ බස් විශ්වාස කර ඊට නැවේ. ක්‍රියා සූර වෙයි. උදාර අදහස් වෙයි. සෘජු අදහස් ඇත්තකු මෙන් පෙනේ. සඟවන රහස් ඉතා අඩුය. ධනවත් වෙයි. සමහරවිට මහා ධනවන්තයෝ වෙති. අඹුදරු ආදීන්ට ඇති තද ඇල්ම නිසා ගෙදරම වාසයට හිතැති වෙයි. නිර්භීත මෙන්ම බියගුලුද වෙයි. මිත්‍රයන් ඇති කරගන්නාක් මෙන්ම නැතිවෙයි. විපතට දුරදීම බියවන්නෙකි. අනුන්ගේ විපතේදී අධිකව කම්පා වෙයි. කුඩා සතුන් කෙරෙහිද සැලකිල්ලක් දක්වයි.
    දුර්වලකම් හැටියට පෙනෙන්නේ අධික අනුකම්පාවත්, වහා කිපීමත් නොඉවසිලිකමත්, උස්පාත් වන තත්ත්වයත්ය.
    රෝග
    ගලනාලයේ, ආමාශයේ අසනීප, ග්‍රහණිය, අර්ශස් රෝගය, නිතර බඩ පිපුම, පිත්තාධික රෝග පහසුවෙන් සෑදේ.
    කටකයෙන් උපන් අයට පච්ච හෝ දියපච්ච ගල් පැලැඳීම යහපති.

    සිංහ ලග්නය
    සාමාන්‍ය රූප ස්වභාව පළල් වූ උරහිස්වලින් යුත් සම්පූර්ණව වැඩුණු දේහයක් වෙයි. බඩ සිහින්ය, තේජවන්ත පෙනුමක් ඇති වෙයි. ලොකු හිසක් වෙයි. රත් පැහැ සම වෙයි. උරහිස් සමහරවිට බොහෝ පළල් වෙයි.
    ගතිගුණ
    රවි හිමි සිංහයෙහි උපන්නේ ආත්ම ශක්තියෙන් යුත් දියුණු වීමේ තද ආශා ඇති එඩිතර ගති ඇත්තෙකි. චිත්ත ධෛර්ය නිසාම විපත්වලින් අෑත්වෙයි. ආත්ම විශ්වාසය නිසාම ඕනෑම බැරෑරුම් කටයුත්තක් කිරීමට භාර ගනී. මහ බලාපොරොත්තු නිසා සුළු වැඩ හා සුළු වැඩ කරන්නන් නුරුස්සයි. ආ ගිය තැන ප්‍රධානත්වය දරයි. අන්තිම මොහොත දක්වා වෙනස් නොකරන හිත නිසා මූලිකත්වයට හා ප්‍රසිද්ධියට පැමිණේ. මන්ත්‍ර ශාස්ත්‍ර, කාව්‍ය ශාස්ත්‍ර, චිත්‍ර කර්මාන්තාදියට ප්‍රිය වෙයි. ඒවායේද දක්ෂ වෙයි. සිහි කල්පනාවෙන් යුක්තව ක්‍රමානුකූලව කටයුතු කරන්නෙකි. එයින්ම ජීවිතයේ ජය පක්ෂය භජනය කරයි.
    දුර්වලකම් හැටියට පෙනෙන්නේ තමාගේ තීන්දුව වෙනස් නොකිරීමට සිතීමත් පතළ වීමට හා අන්තිම තීන්දුව දීමට ඇති ආශාවත් වෙයි.
    රෝග
    හෘදයේ හා කොඳු ඇටයේ රෝගවලට භාජන වෙයි. වැඩිවියේදී වකුගඩු රෝගද මුත්‍ර රෝගද සෑදේ.
    සිංහයෙන් උපන් අයට තනි රතු, දියමන්ති බෙරලියන්තු පැලැඳීම යහපති.
    කන්‍යා ලග්නය
    සාමාන්‍ය රූප ස්වභාව : සියුමැලි ශරීරය ඇත. මධ්‍යම ප්‍රමාණ වෙයි. සමහර විට මධ්‍යම ප්‍රමාණයටත් කුඩා වෙයි. ලෙළදෙන කටහඬක් වේ. කඩිසර ගමන් වෙයි. වයසට වඩා තරුණ ගතියක් පෙනේ.
    ගතිගුණ
    ඥානයට අධිපති බුධහුගේ උච්ච රාශිය වූ කන්‍යා ලග්නයෙහි උපන් අයට විසඳීමෙහි දක්ෂ ඥානයක් උප්පත්තියෙන් ලැබේ. බොහෝ අනුකම්පා සහගත වෙයි. අනුන්ගේ ‍ෙදාස් දකී. ඉතා ප්‍රවේශම් සහිත වෙයි. ආත්ම විශ්වාසය අඩු කෙනෙකි. කලබල ගතිය කෙබඳුද කීවොත් ලියුම් දෙකක් ලියා සියල්ල ඉවර කර නියම ලියුම නියම කවරයේ දැම්මාද කියා නැවැත විවෘත කර බලයි. යමක් කීමේදී ඉතා සුළු දේ පවා විස්තර කර කියයි. නැවැත නැවැත කියයි. ගෙදර‍ෙදාර කටයුතු පවා වැඩිපුර සොයා බලා කිරීම සිරිතයි. ගෙදර‍ෙදාර බඩු බාහිරාදිය පවා නියම ක්‍රමානුකූලව තබා ගැනීමට සිතයි.
    දුර්වලකම් හැටියට පෙනෙන්නේ ආත්ම විශ්වාසය අඩුකම නිසා අනුන් විශ්වාස නොකිරීමත් ඉතා සුළු දේවල්වලට ඇඟිලි ගැසීමත් අනුන්ගේ ‍ෙදාස් සෙවීමත් වෙයි.
    රෝග
    ආමාශයේ රෝගවලටත් සාමාන්‍ය ශරීර ශක්ති අඩුවීගෙන යන රෝගවලටත් භාජන විය හැකිය.
    කන්‍යාවෙන් උපන් අයට ලා රතු හෝ ලා පාට ගල්, පත්මරාග පැලැඳීම යහපත් වෙයි.

    තුලා ලග්නය
    සාමාන්‍ය රූප ස්වභාව සිහින් උස් වූ සාමාන්‍ය ප්‍රමාණයට වැඩුණු දේහයකි. ප්‍රිය ලක්ෂණ පෙනුමක් ඇති වෙයි. තියුණු ඇස් ඇතිවෙයි. මධ්‍යම වයසෙන් පසු හිසේ පස්සා පැත්ත තට්ටය සෑදෙයි.
    ගතිගුණ
    සෘජු අනුකම්පා සහිත කරුණාවන්ත සිතක් ඇති කෙනෙකි. යුක්තියටත්, සහයෝගයටත් කරුණාවටත් ගරු කරන්නකු වෙයි. සමාදානයට ඉතා කැමැති වෙයි. ඥානයත් සූර ගතියත් වාග් චාතූර්යයත් දායාද මෙන් උප්පත්තියෙන් ලැබී තිබේ. ඉව හෙවත් කලින් යමක් පෙනෙන ඥානය ඇත්තෙක් වෙයි. තරහ ඉතා ඉක්මනින් සංසිඳේ. ව්‍යාපාරයන්හි දක්‍ෂ වෙයි. යුක්තිය පසිඳලීමෙහි මූලිකත්වය දරයි. තරාදියක් මෙන් සමබරව යුක්තිය විසඳයි. මේෂ ලග්නකාරයා මෙන් නොව තමාගේ පෞද්ගලික සැප පහසුකම් අන්‍යයන් උදෙසා කැපකර තමා දුක් විඳීමට තුලා ලග්නකාරයා කැමැති වෙයි. ආත්මාර්ථයට වඩා පරාර්ථය ගරු කරයි. උසස් සිතිවිලි වෙයි. ස්වාභාවික සන්දර්ශනයට ප්‍රිය වෙයි. වාද විවාදයේදී සමාදානයට ගරු කරයි. මෘදු මිහිරි ගතිය නිසා නිතර ප්‍රිය ස්වභාවයක් ඇතිවෙයි. සමාජයට හිත වෙයි. ඇවිදීමට හිතවෙයි. ජන සේවයේදී මූලිකව පෙනේ. අන්‍යයන්ගේ හොඳ හිත දිනාගැනීමට කැමැතියි. මනුෂ්‍යත්වය ඉතා ගරු කොට සලකයි. කටක මකර දෙකට මැද බැවින් ලෞකික ලෝකෝත්තර ගති දෙකට මැද සිටියි.
    දුර්වලකම් හැටියට පෙනෙන්නේ කෞතුක දේට ආශාවත් නිතර පී්‍රති වීමේ ආශාවත් තීන්දුවට නොබැසීමත්ය.
    රෝග
    වකුගඩු රෝග ඇපැන්ඩිසයිටිස්, කටීවායු හෙවත් තුනටියේ වාත රෝග, මුත්‍රාශයේ රෝගවලට භාජනය විය හැකියි.
    තුලාවෙන් උපන් අයට බෙරලියන්තු, දියමන්ති, සුදුනිල් පැලඳීම යහපති.

    වෘශ්චික ලග්නය
    සාමාන්‍ය රූප ස්වභාව : යහපත් සේ වැඩුණු අවයව වේ. නිරෝගී වේ. වකුටු හිසකෙස් වේ.
    ගතිගුණ :
    ඉක්මන් කෙනෙක් වෙයි. නිර්භීත වෙයි. රහස් නැත. අවහිරයට පයින් ගසා ඉදිරියට යන ගතියක් තිබේ. සාරවත් හිතක් ඇත්තෙකි. එසේම ඥානවන්ත ද වෙයි. ඉතා කඩිසර ගති ඇත්තෙකි. ධෛර්ය නැතිකර නොගනී හෙවත් නැතිවූ ධෛර්ය වහා ඇතිකර ගන්නෙකි. උසස් ආඩම්බර ගති වෙයි. ගුණ ‍ෙදාස් විවේචනයට ප්‍රියවෙයි. අන්‍යයන්ගේ අදහස් ක්‍රියා ආදියේ ‍ෙදාස් පෙනේ. ඒවා සම්බන්ධ කතා කරන්න ගොස් නිකරුණේ අසතුටු සාදා ගනී. මේෂ රාශිය ළඟට වෘශ්චික රාශිය ක්‍රියාවෙහි දක්ෂ වෙයි. නොයෙක් දේ දුටු හැටියේ කළ හැකි වෙයි. රැස්කර තබා ගැනීමේ ආශාවක් නැත. මානසික ධර්ම වහා අවබෝධ වන නුවණක් තිබේ. සෙවීමට ආශා ඇත්තෙකි. කාලය අනුව ගරුසරු කරන සිරිත්වලට සැලකුවේ වී නමුත් ක්‍රමානුකූලව කතා කිරීමට ඉතාම දක්‍ෂය.
    දුර්වලකම් හැටියට පෙනෙන්නේ මායමක් නැතිව තමාගේ අදහස් අන්‍යයන්ට දැනගන්නට හැරීම, වහා කිපීම, සෙල්ලම් ක්‍රීඩා ආදියට ඇති ආශාව හා තරමක කුඩුකේඩුකමත්ය.
    රෝග
    මුත්‍රාශයේ ගර්භාෂයේ රෝග මුත්‍රගල් හා දරුණු ඉක්මන් රෝග ආදියයි.
    වෘශ්චිකයෙන් උපන් අයට පුෂ්පරාග, කහපාට ගල් පැලඳීම යහපති.

    ධනු ලග්නය
    සම්පූර්ණ ලෙස වැඩුණු ලක්‍ෂණ රූපය වෙයි. පළල් නළල වෙයි. සමහර විට ප්‍රමාණයට වඩා උස් වෙයි. උස්වූ දික් නාස වෙයි. රන්වන් ඉසකෙස් වෙයි. රතු පැහැ සම වෙයි. අංගසම්පූර්ණ රූපය වෙයි.
    ගතිගුණ
    ගුරු හිමි ධනු රාශියේ උපන් අය ත්‍යාගවන්ත වෙයි. සෘජුයි කෙළින් වැඩ කරයි. පෘථුල අදහස් ඇත. ක්‍රියාද එසේමයි. උසස්වීම් මතු බලාපොරොත්තු ඇත්තෙකි. යුක්තිය දිවි මෙන් සලකයි. අන්‍යයකුට හෝ වෙන කෙනකු අයුක්තක් කරනවා ඉවසිය නොහැකියි. එවිට කිසිම අනුකම්පාවක් නැත්තකු මෙන් යුක්තිය ඉටුකිරීම පිණිස සටන් වැදීමට ඉදිරිපත් වෙයි. ධනු රාශිය ශරීර දෙකක් එක්වී සෑදී තිබෙන්නාක් මෙන්ම ධනු රාශියේ උපන් අය ද ගති දෙකක් ඇත්තෝය. වරක් කිසි ගරු සරුවක් නැතිව ඕනෑ දේකට ඉදිරියට පැන කරදර, විය හියදම් දරා වැඩ කරයි. වරක් බොහෝ ඉවසිල්ලෙන් සිහි කල්පනාවෙන් සකසුරුවම්කමින් යුතුව එවැනි දේට මැදිහත් නොවී සිටියි. ඕනෑම අලුත් දෙයක් ධනු ලග්නකාරයාට අලුත් නැත. භාරගත් දෙය කිරීම ගන්නා ධෛර්ය වටිනා දායාදයකි. යුක්ති ගරුක භාවය නිසා නීත්‍යනුකූල නොවූ දේ නොකරයි. ධනු ලග්නකාරයා තමාගේ ඕනෑ කමින් නඩු මඟට නොබසී. හැකි සෑම විටම ඉන් බේරීමට යත්න දරයි. යතොත් යන්නේ අන්‍යයකු නිසායි. මිථුන ලග්නකාරයා පටන්ගත් වැඩය නොකර අතපසු කරන්නාක් මෙන්ම ඊට ප්‍රතිවිරුද්ධ ධනුකාරයා පටන් ගත් දේ අවසාන නොකර වෙන වැඩක නොයෙදේ. ඒකේම යෙදී ඉක්මනට අවසාන කරයි. දර්ශන න්‍යායාදී උසස් ධර්ම ඉගෙනීමට ආශා කරයි. රාශි වළල්ලේ නවවැන්න ඒවාට අයිති බැවිනි. කරන දේ ලොකුවටම කිරීමට සිතෙයි. නිදහසට ගරු කරයි. අන්‍යයන්ගෙන් නොරැවටීමට පරෙස්සම් වෙයි. යුක්තිගරුක භාවය සත්‍යවාදී භාවය ධාර්මිෂ්ඨ භාවය යන උතුම් ගති ඔහුගේ නොහරින ධනය වෙයි. වාසනා ගතියෙන් හා පී්‍රතියෙන් පසුවෙයි. වචන ඥානවන්තවන වාක් මෙන්ම ආඥා මෙන්මද වේ. ක්‍රියා ධෛර්ය ගන්වනසුලු මෙන්ම භයානක ද වෙයි. කඩිසරකම ද ක්‍රියාකාරීත්ව ගතිය යහපත් බැවින් ව්‍යාපාරයෙහි මහත් දියුණුව ලබයි. විනීත ගතිය වැඩිය.
    රෝග
    තුනටියේ හා ඒ අවට ප්‍රදේශවල රෝග රක්ත වාතය, නියම ක්‍රමානුකූලව ශරීර යන්ත්‍රය වැඩ නොකිරීම උගුරේ හා සෙම් නාළයේ රෝග, අර්ශස් ගෙඩි, ගුද කීල ආදිය හෝ කකුල් ඉදිමීම නොවේ නම් කකුල්වල කළු ලේ නහර මතුවීම ආදියයි.
    ධනුවෙන් උපන් අයට කොළ නිල් මිශ්‍ර ගල් ජාති පසිංගල් හෝ ගන පච්ච වර්ග යහපති.

    මකර ලග්නය
    සාමාන්‍ය රූප ස්වභාව : සිහින් දුර්වල ශරීරය වෙයි. හීන් මුහුණ හා මහත් දත් වෙයි. ශනි හෝ ගුරු ලග්නයේ නම් මහත් ශරීර වෙයි.
    ගතිගුණ :
    ශනි අධිපති පඨවි රාශියක් බැවින් මකර ලග්නයෙහි උපන් තැනැත්තාගේ බලය ලබාගැනීමේ ආශාව ඇත්තෙකි. සියුම් සිතිවිලි, අඩු ක්‍රියාත්මක ගති වැඩි කෙනෙකි. තමාගේ වාසිය පිණිසම වැඩ කරන ආත්මාර්ථකාමී ගතිය බල පවත්වයි. ඒ වෙනුවෙන් දුර කල්පනා කරයි. ලාභය අතට ලැබෙන තුරු එය ලැබේය යන විශ්වාසයෙන් තොර වෙයි. කම්කටොලු විඳීමේ ඇති නොපසුබස්නා ගතිය නිසා ජයග්‍රහණය කරා ගමන් කරයි. මකර ලග්නයෙහි උපන් තැනැත්තාගේ කම්මැළි කමින් නිකරුණේ කාලය ගත නොකරයි. ලෞකික ආශාව ඉතා බලවත් වෙයි.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    තරුණ වියේ පසුවන ඔබ ඔබගේ විවාහය පිළිබඳ තොරතුරු දැන ගැනීමට මහත් කැමැත්තක් දක්වයි. ඔබගේ ජන්ම ලග්නය අනුව ලබන සහකරු හෝ සහකාරිය පිළිබඳ ඔවුන්ගේ ස්වභාවය, ගති ලක්ෂණ මේ තුළින් ඔබට තේරුම් ගැනීමට සිදුවෙයි. යම් අයකුගේ විවාහය ජන්ම පත්‍රයේ හත්වැනි කොටුව තුළින් විමර්ශනය වනු ඇත. එපමණක් නොවෙයි, චන්ද්‍රයාගේ හත්වැන්න හා සිකුරුගේ හත්වැන්නද හත්වැන්නෙන් හත්වැන්නද විවාහය පිළිබඳ තොරතුරු විමර්ශනය කරයි.
    ඔබේ ලග්නයේ හත් වැන්නාධිපතියා හඳුනාගන්න
    ලග්නය හත්වැන්න අධිපති
    මේෂ සිකුරු
    වෘෂභ කුජ
    මිථුන ගුරු
    කටක ශනි
    සිංහ ශනි
    කන්‍යා ගුරු
    තුලා කුජ
    වෘශ්චික සිකුරු
    ධනු බුධ
    මකර සඳු
    කුම්භ රවි
    මීන බුධ
    හත අධිපති

    පළමු කොටුවේ නම්
    මොවුන් දැඩි ලෙස ප්‍රේමයෙන් බැඳුණු පෙම්වතකු හෝ පෙම්වතියක වීමට හැකියාව ඇත. මොවුන් ඉතා වාසනාවන්තයෝය. තම සහකරු හෝ සහකාරිය සොයා ගැනීම අසීරු කටයුත්තක් නොවන අතර ඔවුන් ඔබ සොයා ඔබ වෙත පැමිණෙනු ඇත.
    හත අධිපති

    දෙවැන්නේ නම්
    ගායන කථිකත්වය වැනි කටහඬ මූලික කරගත් අවස්ථාවකදී ප්‍රේමය ප්‍රකාශ වනු ඇත. නැතිනම් මුදල් ගනුදෙනුවකදී වැනි අවස්ථාවකදී විය හැකිය. ඉරණම්කරු බොහෝ විට හමුවන්නේ නිවෙස ආශි්‍රත පරිසරයෙනි.
    හත අධිපති

    තුන්වැන්නේ නම්
    ලබන අය රාජ්‍ය අංශයේ ස්ථිර රැකියාවක නිරත වීමට ඉඩකඩ පවතී. ඉහළ තනතුරු දරන අය ඇසුරු කරයි. ජීවිතයේ ඍජු තීරණ ගෙන කටයුතු කරයි. තරමක් උසින් වැඩියි. තේජවන්තව ගමනේ යෙදෙන අයෙකි. පිරිසක් අතර ප්‍රධානත්වයක් උසුලයි. සමාජය තුළ කුමන හෝ හේතුවක් නිසා ජනප්‍රියතාවකට පත්වෙයි. ඔහුට හෝ ඇයට තරමක් උෂ්ණ රෝග ඇති කරයි.
    හත අධිපති

    හතරවැන්නේ නම්
    දැනීම, උගත්කම ඇති අයකු හිමිකරු හෝ හිමිකාරිය වෙයි. දැනීම අන් අයට බෙදාදෙන ලිපි ලේඛන පිළිබඳ රැකියාවක නිරත වීමට පුළුවනි. මනා ලෙස ශරීරය වැඩුණු නැති අයකු වුවත් දැනුම බුද්ධියෙන් පරිපූර්ණ අයෙකි. කුඩා අලංකාර නිවෙසකට හිමිකම් දරන අතර ජීවිතයේ යථාර්ථවාදීව කටයුතු කරයි. ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත මෙම අය නිකරුණේ කාලය ගත නොකරයි. තරමක් කපටිකමින්ද යුක්ත අයෙකි.

    හත අධිපතියා පස්වැනි කොටුවේ නම්
    නිතරම යමක් ඉගෙන ගැනීමට උත්සාහ දරන අයෙකි. චිත්‍ර කලාව, සංගීතය, නාට්‍ය කලාව වැනි අංශවලට යොමුවෙයි. ඔබගේ හිමිකරු හා හිමිකාරිය ඇසුරක් මත හමු වූ අයෙක් වන අතර ආදරය හොඳින් හඳුනාගනී. විවාහ ජීවිතය ඉතාමත් සතුටින් ගත කිරීමට උනන්දුවක් දක්වන අයකු ලබන අතර ඔහුගේ හෝ ඇයගේ අවංක ආදරයත් මුළු ජීවිතය පුරාම හිමිවෙයි. කලා ක්‍ෂේත්‍රය තුළ හෝ විසිතුරු දේවල් නිර්මාණය කරන ව්‍යාපාර අංශවල නිරත අයකු විය හැකියි.

    හත අධිපති හය වැන්නේ සිටී නම්
    ඔබ ලබන ඉරණම්කරු බොහෝ දුරට ඔබගේ අදහස්වලට ප්‍රතිවිරුද්ධ විය හැකියි. සුවකළ නොහැකි රෝගී තත්ත්වයක් නිසා ජීවිතයේ පසු කාලය තුළ කනස්සලු ස්වභාවයෙන් පසුවන අයෙකි. ක්‍ෂණික කෝපය උපදවන අතර සමහර අවස්ථාවලදී දුරදිග නොබලා කටයුතු කරයි. සුළුදේටත් කිපෙන සුළු අයකු වන බැවින් ජීවිතයේ ප්‍රශ්නයක්, ගැටලුවක් බොහෝ දුරට නිරාකරණය කර ගැනීමට නොහැකියි. සමහර අවස්ථාවලදී ඔබගේ සතුරකු ලෙස ජීවත් වීමට පුළුවනි. ආරක්ෂක අංශ හා කාර්මික ක්‍ෂේත්‍රවල රැකියාවක නිරත වීමට ඉඩකඩ පවතී.
    හත අධිපති හත්වැන්න තුළ සිටි විට
    ඔබ ලබන සහකරු හෝ සහකාරිය ආගම දහමට ළැදිව කටයුතු කරන පරිත්‍යාගශීලී ගති පැවැතුම් ඇති රාගික හැඟීම්වලින් යුතු අයකු වෙයි. බොහෝ දුරට උසේ තරමට මහත ඇති පිරුණු ශරීරයකින් යුක්ත අයෙකි. මොවුන් ආධ්‍යාත්මික සුවය අගය කරයි. පිරිසක් අතරට ගිය විට ප්‍රධානත්වයක් ලබන අතර නිස්කලංකව සිටීමට උත්සාහ දරයි. ඔබට හිමි වන්නේ ආරාධනාත්මක ප්‍රේමයකි. එය ඔබ කෙරෙහි බලවත් වූ හැඟීමෙන්ම ඇති වූවකි. මෙවැනි කේන්දර හිමියන් සොයා ඔහුගේ හෝ ඇයගේ පෙම්වතා හෝ පෙම්වතිය පැමිණෙනු ඇත. මෙවැනි අයට උරුම ප්‍රේමණීය විවාහයකි.

    හත අධිපතියා අටවැන්නේ නම්
    තමන්ගේ ප්‍රේමය හමුවන්නේ හදිසි අවස්ථාවකදීය. ලබන අය තමන්ට, තමන්ගේ අදහස්වලට නොගැළපෙන අයෙකි. නිතර පහත් වැඩ කිරීමට උත්සාහ දරයි. ආගම දහම කෙරෙහි විශ්වාසය නොතබන මෙම අය තමන්ගේ වාසියට හැම දෙයක්ම හරවා ගනී. බොහෝදුරට ජීවිතය අසන්තෝෂයෙන් කල් ගෙවයි.

    හත අධිපතියා නව වැන්නේ නම්
    නිතර නිතර දුර බැහැර ප්‍රදේශවල ගමනේ යෙදෙන ජීවිතය තුළ කොපමණ ප්‍රශ්න කරදර තිබුණත් එතරම් ලොකුවට ගණන් නොගනී. ජීවිතයේ විශාල බලාපොරොත්තු ඇති නොකරගෙන ජීවත් වන මෙම අය පෙර සංසාරයේ සිටම දෛවෝපගතව හමුවන අය විය හැකියි. උස, මහත තිබුණත් මෙම අය තුළ ශරීරයේ ප්‍රියමනාප හැඩයක් නැත.
    හත අධිපතියා දහ වැන්නේ නම්
    ඔබගේ හිමිකරු රාජ්‍ය අංශවල ස්ථිර රැකියාවක නිරත හෝ ව්‍යාපාර අංශවල නිරත අයකු විය හැකිය. ඉතාමත් සාධාරණ තීරණ අනුව වැඩකටයුතු කරන පරාර්ථකාමී සිතුවිලිවලින් පිරිපුන් අයකු වෙයි. ජීවිතයේ ධනාත්මක සිතුවිලි ගොඩනඟාගෙන වැඩ රාජකාරි කරන අතර නිතරම වර්තමානයට වඩා අනාගතය ගැන සිතා කටයුතු කරයි. කලබල ගතිවලින් තොර වන මෙම අය ධාර්මිකව කටයුතු කරයි.

    හත අධිපති
    එකළොස්වැන්න තුළ නම්
    ඔබ ලබන අය කාර්යශූර එඩිතර ගති ඇති තරමක් කලබලකාරී ගති ඇති අයෙකි. සිතන පතන දේවල් එවලේම ක්‍රියාවට නංවයි. ජීවිතයේ හොඳ ආර්ථික ස්ථාවරයක් ගොඩනඟාගන්නා මේ අය අන් අයට අතනොපා ජීවත් වෙයි. බොහෝ දුරට ආරක්ෂක අංශවල හෝ කාර්මික ක්‍ෂේත්‍රය තුළ රැකියාවක නිරත වීමට පුළුවන. ඔබගේ සහකරු හෝ සහකාරිය නිරායාසයෙන්ම ඔබ සොයාගන්නා අයෙකි.

    හත අධිපති
    ‍ෙදාළොස්වැනි
    කොටුවේ සිටී නම්
    ඔබගේ හිමිකරු හෝ හිමිකාරිය දුර බැහැර ප්‍රදේශයකින් හමුවෙයි. සහජ කලා කුසලතා ඇති විනෝදයට ප්‍රිය කරන ආගන්තුක සත්කාරවලින් යුක්ත අයෙකි. අලංකාරයට, විනෝදයට ප්‍රියකරන අතර උපයන ධනය වැඩි කොටසක් යොදවන්නේ ලෞකික සැප සම්පත් භුක්ති විඳීමටයි. බොහෝදුරට විදෙස්ගතව ආර්ථිකය උපයන මොවුන් ව්‍යාපාර ක්‍ෂේත්‍රවලද නිරත වීමට පුළුවනි.

    ප්‍රවීණ ජේ‍යාතිෂවේදී
    බණ්ඩාරගම
    සම්පත් එස්. කල්පගේ
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මෙලොව එළිය දකින විට උදාවී තිබූ ලග්නය එම ජන්මියාගේ උපන් ලග්නයයි. පංචාංග ලිත භාවිතයෙන් පහසුවෙන් උපන් වේලාව අනුව ජන්මියාට හිමි ලග්නය, නැකැත, තිථිය, යෝගය, කරණය ආදී අදාළ බොහෝ වැදගත් කරුණු සොයා බලා දැනගත හැකිය. ලග්නයක් ලෙසින් හැඳින්වෙන්නේ තරු රැසක එකතුවකි. ලග්න උදාවී තිබියදී එම තරු රාශියෙහි ආලෝක පරාවර්තනය මඟින් මෙලොව තත් කාලයෙහි ජන්මය ලැබූ දරුවාගේ සිරුර මතද ආලෝක කදම්බයක් පතිත කරවයි. ජීවී ශරීරය තුළ මෙම ආලෝක කිරණ කදම්බයන් පතිත වීම නිසා සිදුවන ප්‍රතික්‍රියාවන් ජීව කාලය පුරා බලපැවැත්වෙයි. එම ජන්මියාගේ හැසිරීම් රටාව සිතුවිලි හා ගතිගුණ සහ අනාගතය ගොඩනැඟෙන්නේ මෙම ප්‍රතික්‍රියාවට සමගාමීවය. ලග්න ‍ෙදාළහකින් යුත් රාශි වළල්ලේ එක් රාශියක් උපන් රාශිය වූ ජන්ම ලග්නයට අනුව ජන්මියාගේ ගති ස්වභාවය ජේ‍යාතිෂය විසින් මනා සේ විග්‍රහ කරනු ලබයි.
    මේෂ ලග්න හිමියන් අධිෂ්ඨානශීලීය. නිර්භීතය. නුවණැතිය. සමාජයේ කැපී පෙනීමට කැමැති මොවුන් කිත් යසස්ද කැමැත්තෝ වෙති. ආත්මාභිමානය උසස් කොට සලකයි. තමාගේ කටයුතු සියල්ල නොපිරිලො ඉටුකරගනී.ස්ථිරසාර සිතක් හිමි වෘෂභ ලග්න හිමියන් තමන්ගේ අපේක්‍ෂාවන් රහසිගතව හෝ ඉටුකර ගැනීමට පෙලඹෙයි. මිනිසුන් අමනාප කර නොගනියි. වැරැදිවලට සමාව දීමට පෙලැඹෙයි. බාධක මධ්‍යයේ වුවද අරමුණ කරා පිය නඟන වෘෂභ ලග්න හිමියෝ උගතුන් ඇසුර ප්‍රිය කරයි.මිථුන ලග්න හිමියන් මිනිස්කම අගය කරන්නෝය. ඕනෑම සමාජයක ජීවත් වීමට හැකියාව ඇත. පිරිවර සම්පත හිමිය. විවෘත හදවතකින් කටයුතු කරයි. මිථුන ලග්න හිමියන් ආගම දහමට ළැදිය. යොවුන් ඇසුර ප්‍රිය කරයි. කටක ලග්න හිමියන් පුළුල් දැනුමක් සොයා යන හා දැනුමක් ලබන පුද්ගලයන්ය. තමන්ගේ දියුණුවට වඩා අනුන්ගේ දියුණුව ප්‍රිය කරයි. අසරණ සරණ වෙයි. බියගුලු බවක් නොපෙන්නුවත් බියගුලු ගතිගුණ ඇත. ඉක්මන් කෝපයට පත්වෙයි. නීතියට අනුකූලව කටයුතු කිරීමට පෙලඹෙයි.

    දැඩි අදිටනින් කටයුතු කර ජයග්‍රහණය වෙත පියනඟන සිංහ ලග්න හිමියන් ඉගෙනීමෙහිද දක්‍ෂයෝය. අනුන්ට සැලකීමට පෙලැඹෙන අතර පරිසර හිතකාමී වෙයි. වෛරය සිතෙහි රඳවා ගනියි. තමා උසස් කොට සලකයි. නීතියට අවනත වන අතර දැඩි මතධාරී වෙයි. සමාජයේ පිළිගැනීමක් හිමිය.
    සංවේදී ගුණාංගයක් හෙබි එහෙත් ඉක්මනින් කලබලයට පත්වන කන්‍යා ලග්න හිමියන් ස්වභාවයෙන් මසුරු වෙයි. හිතමිතුරුකම් අමතක කරන පුද්ගලයෙකි. විවාදයෙහි දක්‍ෂය. පාරම්පරික දේපළ ධනය හිමි වීමට ඉඩ ඇති කන්‍යා ලග්න හිමියාගේ විවාහ ජීවිතය සාර්ථකය. තුලා ලග්න හිමියන් සහජ දක්‍ෂයෝය. කාර්යශූර මොවුන් දක්‍ෂ කථිකයන්ය. පරාර්ථකාමීය. සුන්දර පරිසරයක හුදෙකලාව කැමැති බොළඳ ගතිගුණ හිමි අයෙක් වෙයි.වෘශ්චික ලග්න හිමියන් සියුම් නුවණින් ජයග්‍රහණය සොයා යෑමේ ආත්මශක්තියෙන් හෙබි පුද්ගලයෝය. විවෘත අදහස් ඇති සැබෑ නිවැරැදි බවට ගරු කරන්නෝය. අන් අයගේ උපදෙස් අවවාද පිළිගැනීමට මැළිකම නිසා බොහෝ විට පාඩු සිදුකරගනියි. ධනු ලග්න හිමියන් යුක්තිගරුකය. දිරිමත්ව කටයුතු කරයි. උගත් ශිල්පයෙන් පල ලබයි. චාම් වූ පරාර්ථකාමී ධනු ලග්න හිමියන් අරපිරිමැස්මෙන් ජීවත් වෙයි. තීන්දු තීරණ ගැනීමේදී ප්‍රමාද වෙයි.


    මකර ලග්න හිමියන් සමාජයේ වගකීම් දැරීමට සමත්ය. අරපිරිමැස්මෙන් ධනය වැය කරයි. ශිල්ප ශාස්ත්‍ර පිළිබඳ ඇලුම් කරයි. අපේක්‍ෂාවන් ජය ලබන තුරුම ක්‍රියාත්මක වෙයි. පාරාර්ථකාමී පුද්ගලයෙකි. ඉක්මන් කෝපය හා අනවශ්‍ය කලබලය දුර්වලකමකි. කුම්භ ලග්න හිමියන් සත්‍යයට ඇලුම් කරන්නෝය. උපේක්‍ෂා සහගතව කටයුතු කරන සහජ දක්‍ෂතාවයෙන් හෙබි ඉවසීමේ ගුණය ඇති උපක්‍රමශීලී අයෙකි. වැරැදි අනුමත නොකරයි. තමාගේ මතයේම එල්බෙන මුසාව ප්‍රිය නොකරන අයෙකි.පරාර්ථකාමීත්වය අගය කරන අනුන්ගේ දුකේදී පෙරට එන මීන ලග්න හිමියන් තමන්ගේ දුක තමන් විසින්ම දරාගනියි. සමාජ සේවය අගය කරයි. අධ්‍යාපනයෙහි දක්‍ෂය. නීතිගරුක මීන ලග්න හිමියා කලාකාමී අයෙකි.


    ජන්මියකුට උපන් ලග්නය අනුව හිමිවන ගතිගුණ ස්වභාවය එලෙස දැක්විය හැකිය. ජොතිෂයේදී උපන් ලග්න හා ලග්නාධිපති ග්‍රහයන් සම්බන්ධවද දක්වා ඇත. කුජ ග්‍රහයා මේෂ හා වෘශ්චික ලග්නාධිපතියා වන අතර සිකුරු ග්‍රහයා වෘෂභ හා තුලා ලග්න අධිපතියා වෙයි. මිථුන හා කන්‍යා ලග්න අධිපති බුධ ග්‍රහයා වන අතර සඳු ග්‍රහයා ලග්නාධිපති වන්නේ කටක ලග්නයටය. සිංහ ලග්නයේ අධිපති රවි ග්‍රහයා වන අතර ගුරු ග්‍රහයා අධිපති වන්නේ ධනු හා මීන ලග්නවලටය. මකර හා කුම්භ ලග්නවලට අධිපති වන්නේ ශනි ග්‍රහයාය. රාහු සහ කේතු ඡායා ග්‍රහයන්ය. රාහු අධිපති වන්නේ කන්‍යා ලග්නයටය. මීන ලග්නයට කේතු අධිපති වේ.
    ලග්න හා ග්‍රහයන් අතර සම්බන්ධය විග්‍රහ කිරීමේදී නවග්‍රහ මණ්ඩලයේ රාහු සහ කේතු හැර ඉතිරි ග්‍රහයන් සහ ලග්න අතර ඇති සම්බන්ධය බලවත්ය. ලග්න හිමියන්ට ග්‍රහයන් විසින් සුබ හෝ බාධක ගෙන ඒමද ග්‍රහයන් විසින් ලග්න හිමියන්ට වඩාත් සුබ ගෙනඒමේදී යෝගකාරක ග්‍රහයන් බවට පත්වීමද ලග්න හිමියන්ට වඩාත් අපල ගෙන ඒමේදී මාරක ග්‍රහයන් බවට පත්වීමද ජේ‍යාතිෂය විග්‍රහ කරයි.


    වඩාත් අපල ඇති වකවානුවෙහි ලග්නාධිපති ලග්නයේ සිටීම ලග්න හිමියාට යහපත්ය. මාරක ග්‍රහයා එහිදී පසුබෑමකට ලක්වේ. සුබ යැයි සලකන බුධ සිකුරු සඳු බොහෝ විට අසුබ ලෙස හැසිරෙන අවස්ථා ඇත. පසළොස්වක හා අමාවක අතර කාල පරාසයේ සඳු අසුබ ලෙස හැසිරෙයි. පාප ග්‍රහයන් ලග්නයේ සිටින විට සුබ කටයුතුවල යෙදීම හෝ එම පාප ග්‍රහයාගේ හෝරාව තුළ නැකැත් යොදාගැනීම සුදුසු නැත.සෑම ලග්නයකටම ග්‍රහයන් බලපාන අයුරු මෙහි ඇති වගුවෙන් වඩාත්ම පැහැදිලි වේ. බාධක හා මාරක ග්‍රහයන්ට හිමි දිනවල සහ එම ග්‍රහයන්ට හිමි හෝරාවල සුබ කටයුතුවල යෙදීම සුදුසු නොවේ. එමෙන්ම යෝගකාරක හා සුබ ග්‍රහයන්ට හිමි දිනවල සහ හෝරාවල සුබ නැකැත් යොදා ගැනීම වැදගත්ය.

    ජේ‍යාතිෂවේදී
    ගාමිණී ජයතිලක බණ්ඩාර
    පරාක්‍රමසමුද්‍රය
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Mawbima, 2015-08-20 02:00:00
    Read 374 Times


    නිතරම අසන්නට ලැබෙන දෙයක් තමා කේන්දරය කීප තැනකින්ම බැලුවා. ශාන්ති කර්ම කළා නමුත් තවම රෝගය සුවයක් නැති බව.
    මේ තත්ත්වය රෝගීන්ට පමණක් නොව වෙනත් කරුණු එනම් ඉගෙනීම, රැකියාව, විවාහය ආදී ඕනම දෙයක් ප්‍රමාද වනවිට බාධා එනවිට දැකගන්න පුළුවන්.
    උදාහරණයක් ලෙස ගතහොත් අප කවුරුත් දන්නා නවග්‍රහයන් වන රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු හා කේතු ග්‍රහයන් නව දෙනාගේ සුබ කාලවලදී අසුබ මහ දශා, අසුබ අන්තර් දශා විදසා ආදිය ගත වනවිට නොයෙක් විපත් හා කරදර අනතුරු දුක් බාධා මතුවෙන අතර ඒ සඳහා පිළියම් සොයන විට ඔබට මේ ලිපිය ප්‍රයෝජනවත් වෙනවා ඇත.


    රවි ග්‍රහයාගේ මහ දශාවක් අන්තර් දශා තුළදී රවි දුර්වලව සිටි විටදී නරක ආකාරයට කේන්දරය තුළ පිහිටා ඇති විටදී. කරදර බාධා රාජ්‍ය තාන්ත්‍රික දෝෂා රෝපණ උසස් අයගෙන් ප්‍රශ්න මතුවීම, ශරීරයේ උෂ්ණ බව, උෂ්ණ රෝග මතුවීම හා නීති ප්‍රශ්න ඇතිවීම, ආදායම් තත්ත්වය පහත වැටීම් ආදී දේ වන විටදී රවි ග්‍රහයා සිටිනා තැන රාශිය, භාවයට වඩා රවි ග්‍රහයා සිටිනා නැකැත කුමන ග්‍රහයකුගේ නැකැතකද ජන්මියා උපත ලබන විට සිටින්නේද බලා ගතයුතු අතර දැනට අපල කරන රවි ග්‍රහයා ඉන්නා නැකැතද බලා ගත යුතුයි.එම නැකැත බලා රවි සිටියේ තමා උපන් නැකැතට අනුව ජන්ම සම්පත් විපත් කියා ගණිනවිට විපත් නැකැතක නම් වද කියන නැකැතක නම් ඒ නැකැත හිමි ග්‍රහයාට අවශ්‍ය ශාන්ති කර්ම කිරීම කළ යුතුයි.


    රවි සිටියේ රාහු හෝ කේතුගේ නැකැතක නම් විශේෂයෙන්ම ඡන්මියාට කරදර විපත් අනතුරු රෝහල් ගතවීම් වැඩි වන අතර එයින් මිදීමට නම් රවි සිටියේ කුමන අංශකයේද කියා බලාගත් විට රවි ග්‍රහයා සිටිනා නැකැත ඉබේම හමුවෙයි.
    මේ ආකාරයට සෑම ග්‍රහයකු පිළිබඳව ග්‍රහයා සිටිනා අංශකය බලා ගත්විට නැකැත හමුවෙයි. එවිට ඒ නැකැත හිමි ග්‍රහයාට අයිති ශාන්ති කර්ම කිරීම මඟින් ඔබගේ කරදර ප්‍රශ්න පීඩා අවුල් බාධාවලට සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි වෙයි.
    උදාහරණයක් ලෙස ගතහොත් රවි ග්‍රහයා සිටියේ රාහුගේ නැකැතක නම් රවි ග්‍රහයාට නියමිත ශාන්ති කර්ම කරන ගමන් රාහු ග්‍රහයාට හිමි ශාන්ති කර්ම වත් පිළිවෙත්ද කළ යුතුයි. එහිදී බෝධි පූජාවට සුවිශේෂී වැදගත් කමක් ඇත.


    බෝධි පූජාව තබන විට බෝධිය ළඟ පස්තෙල් පහන් 7ක් දැල්වීම, පිච්ච මල් වට්ටිය බෝධියට පූජා කිරීම.
    සුදු නෙලුම් මල් 7 සූනියන් දේවාලයකට පූජා කරන විට පස් තෙලින් පහනක් එම දේව රූපය ඉදිරියෙන් දල්වා පින්දීම කළ යුතුයි.

    ජේ‍යාතිෂවේදී
    නිහාල් හේවා බටගොඩගේ
    පානදු
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඍෂිවරුන් කාල සර්ප යෝගය ගැන සඳහන් නොකළේ ඇයි?



    මුලින්ම කියනවා නම් මෙම ලිපියෙන් ප්‍රකාශ කිරීමට අදහස් කරන්නේ කාල සර්ප යෝගය පිළිබඳ හඳුන්වා දීම නොව ජේ‍යාතිෂයේ ඍෂි ග්‍රන්ථවල මෙම යෝගය පිළිබඳ මොන ආකාරයේ විග්‍රහයක් ප්‍රකාශ කොට තිබේද යන්න පැහැදිලි කිරීමටය.

    ජේ‍යාතිෂය පිළිබඳ සුළු දැනුමක් ඇති අයට පවා කාල සර්ප යෝගය පිළිබඳ යම් අවබෝධයක් ඇත. නමුත් මෙම අවබෝධය වේද ග්‍රන්ථවලට පටහැනි බව බහුතරයක් දෙනා නොදන්නා කරුණකි. කාල සර්ප යෝගය යෙදෙන ආකාරය පිළිබඳ අද සමාජය තුළ දරන අදහස් මොනවාදැයි අපි විමසා බලමු.
    මෙම කාල සර්ප යෝගයට මූලික වන්නේ රාහු, කේතු ග්‍රහයන්ය. රාහු, කේතු ඡායා ග්‍රහයන් දෙදෙනකු වන අතර මෙම ග්‍රහයන් දෙදෙනා සෑම විටම අංශක 180 දුරින් සිටී. එනම් එකිනෙකාට හරි ඉදිරියෙන් සිටී. රාහු, කේතු ග්‍රහයන්ගෙන් එක් පැත්තක සියලුම ග්‍රහයෝ තැන්පත් වීම මඟින් මෙම කාල සර්ප යෝගය යෙදේ. තවත් අයකු ප්‍රකාශ කරන පරිදි කේන්දරයේ පිළිවෙළින් කොටු 5ක ග්‍රහයන් නොතිබීම කාල සර්ප යෝගය වෙයි.


    මෙම යෝගයට අප සමාජය තුළ ඇත්තේ අසාමාන්‍ය බියකි. දිනක් තම දුවට පොරොන්දම් බැලීමට මා වෙත පැමිණි අයෙක් කොටු 5ක ග්‍රහයන් නොමැති හඳහනක කාල සර්ප යෝගයක් නොමැති බව මා විසින් ප්‍රකාශ කිරීම නිසා මටද බැනවැදී ජන්ම පත්‍රය පරීක්‍ෂා නොකර යන්න ගියේය. ඔහුගේ මතය වූයේ කාල සර්ප යෝගයක් යෙදී ඇති ජන්මීන් ඉතා අවාසනාවන්ත අය බවයි. එවන් ජන්ම පත්‍රයක් ඇති අයෙක් විවාහ කර දීමට ඔහු තුළ ඇති විශාල අකැමැත්ත එයින් පිළිබිඹු විය. අප සමාජය තුළ කාලසර්ප යෝගය සහිත කේන්දර හිමියන් ඉතා උසස් තැන්වල වැජඹෙන අතර ඉතාමත් සාර්ථක පවුල් ජීවිත ගත කරනු ඇත. අප මෙම කාල සර්ප යෝගයට දක්වන්නේ බොරු බියකි. කිසිම ඍෂි ග්‍රන්ථයක කාල සර්ප යෝගය යනුවෙන් යෝගයක් හඳුන්වා දී නොමැත.

    නාභස යෝග යනුවෙන් ඍෂි ග්‍රන්ථයන්හි යෝග 1,800ක් හඳුන්වා දී ඇති අතර, මෙම යෝගය සාරාංශ කොට යෝග 32ක් විග්‍රහ කරන ලදී. එම යෝග 32 ආකෘති යෝග 20ක් සංඛ්‍යා යෝග 7ක් ආශ්‍රය යෝග 3ක් හා දළ යෝග 2ක් ලෙස යෝග 32 තවත් කොටස් 4කට වෙන් කරන ලදී. මෙහිදී නෞ කූට ඡත්‍ර චාප යනුවෙන් ආකෘති යෝගයන් හි ලග්නය ආදී කේන්ද්‍රස්ථානයන් මුල් කොටගෙන රාශි 7ක ග්‍රහයන් සිටීමෙන් ඇති වන ග්‍රහ යෝග යෙදෙන බව ප්‍රකාශ කර ඇත. එනම් 1, 2, 3, 4 ,5, 6, 7 යන කොටුවල අතරක් නොමැතිව ග්‍රහයන් තැන්පත් වීම නෞ යෝගය වශයෙනුත් 4, 5, 6, 7, 8, 9, 10 යන කොටුවල අතරක් නොමැතිව ග්‍රහයන් තැන්පත් වීම කූට යෝගය ලෙසත් 10, 11, 12, 1, 2, 3, 4 යන කොටුවල අතරක් නොමැතිව ග්‍රහයන් තැන්පත් වීම චාප යෝගය ලෙසත් 7, 8, 9, 10, 11, 12, 1 යන කොටුවල අතරක් නොමැතිව ග්‍රහයන් තැන්පත් වීම ඡත්‍ර යෝගය ලෙසත් හඳුන්වා දී ඇත. මෙම යෝගයන්හි සුබ අසුබ ප්‍රකාශ කර ඇති අතර නෞ නොහොත් නෞකා යෝගයෙන් උපන් ජන්මීන් ජලයෙන් ජීවිත ගෙනයන අතර ධනවතෙක් වෙයි. බොහෝ ලාභ ලබයි. පතළ කීර්ති ඇතිවෙයි. සතුටින් යුක්ත වෙයි. රළු ගති වෙයි. අපිරිසුදු ගති ඇති අතර මසුරු ගති නොහොත් අරපිරිමැස්ම ඇතිව කටයුතු සිදු කරනු ලබයි. කූට යෝගය ඇති අය බොරු කීමට ප්‍රිය කරයි. සොර සිත් ඇති වෙයි. දිළිඳු වෙයි. කපටි ගති හා කෘෘර ගති ඇති වෙයි. තවද ඡත්‍ර යෝගයේ සුබ පලාපලද චාප යෝගයේ අසුබ පලාපලද ප්‍රකාශ කොට ඇත.

    උදාහරණයක් ගත් කල මේෂ ලග්න අයකුගේ ලග්නගතව රාහු සිටි විට 7 වැන්නේ කේතු වී අනෙකුත් ග්‍රහයෝ 7 දෙනා 1, 2, 3,
    4, 5, 6, 7 යන කොටුවල යෙදී ඇත්නම් හා ඔවුන් රාහු කේතු අක්ෂයෙන් එක් අර්ධයක යෙදී ඇති නම් කාල සර්ප යෝගය සහ නෞකා යෝගය යන යෝග 2කම යෙදෙන බව ඔබට වැටහෙනු ඇත. නමුත් එවන් උසස් යෝගයක් යෙදී ඇති කේන්දරයක් කාල සර්ප යෝගයක් යෙදී ඇති බවට හංවඩු ගසා අරිටු ඵල ප්‍රකාශ කිරීම ශාස්ත්‍ර විරෝධී ක්‍රියාවකි.

    ඍෂිවරුන් ප්‍රකාශ කළ නාභස යෝග ඵල ප්‍රකාශ නොකර ඍෂි භාෂිතයේ නැති කාල සර්ප යෝග ඵල ප්‍රකාශ කිරීම තමන්ට ඍෂි දැනුමට වඩා උසස් දැනුමක් ඇති බව ප්‍රකාශ කරන්නක්ද ධ්‍යානලාභීන් නිර්මාණය කළ මේ වේධ ශාස්ත්‍රයන්හි අපට අලුත් කිරීමටවත් ඉවත් කිරීමටවත් කිසිදෙයක් නොමැති අතර උසස් ජේ‍යාතිෂ වේදීන් විසින් කළ යුත්තේ කාලානුරූපීව ඍෂි භාෂිතය ප්‍රකාශ කිරීම පමණි. තවද නාභස යෝගයන්හි යූප ශර ශක්ති දණ්ඩ අර්ධ චන්ද්‍ර ගදා යනුවෙන් කාල සර්ප යෝග යෙදිය හැකි තවත් යෝග රාශියක් නාභස යෝගයන්හි හඳුන්වා දී ඇති අතර එයින් සමහරක සුබ යෝග වන අතර සමහර අසුබ හා සුබාසුබ මිශ්‍ර යෝග වෙයි. නමුත් මේවා සියල්ල කාල සර්ප යෝග ලෙස හඳුන්වා හංවඩු ගැසීම ශාස්ත්‍රයට පමණක් නොව එම යෝගය තැන්පත් ජන්මීන්ටද සිදුකරන ව්‍යසනයකි. ඉතාමත් හොඳ විවාහ ගැළපීමක් ඇති කේන්දරයන්හි එක් කේන්දරයක කාල සර්ප යෝගය යෙදී ඇති නිසා එම කේන්දර විවාහයට ප්‍රතික්ෂේප වන අවස්ථා අප සමාජය තුළ බහුලව සිදුවෙයි. ඇතැමෙක් තම දරුවාගේ ජන්ම පත්‍රයේ කාල සර්ප යෝගයක් යෙදී ඇති බැවින් එවන් කාල සර්ප යෝගයන් යෙදී ඇති ජන්ම පත්‍ර පමණක් තම දරුවාට ගැළපෙන බව ඇතැම් අයගේ ප්‍රකාශ මඟින් විශ්වාස කොට විවාහ ගැළපීම් බැලීමට කාලසර්ප යෝග පමණක් ඇති කේන්දර අප වෙතට රැගෙන එන අවස්ථා පවා සිදුවී ඇත. ජේ‍යාතිෂයේ ඇති දුර්මත දුරලා ජේ‍යාතිෂ ශාස්ත්‍රයට නව ප්‍රබෝධයක් ලබාදීමට අප පැරැණි ඍෂි මතය අනුව කටයුතු කළ යුතු බව වටහා ගන්න. එයින් අප සමාජයට ජේ‍යාතිෂයෙන් ලබාගත හැකි උපරිම ප්‍රයෝජන ලබාගත හැකියි.
    ජේ‍යාතිර් විද්‍යාපති
    ජී.ඩී. අසංක වීරසිරි
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ජන්ම පත්‍රයේ වක්‍ර ග්‍රහයන්ගේ ක්‍රියාකාරිත්වය



    Mawbima, 2015-08-13 02:00:00
    Read 368 Times


    මේ දිනවල ගෝචර ගමන් මඟින් දක්නට ලැබෙන වක්‍ර ග්‍රහයන් ගැන අවධානය යොමු කළෙමු. දැන් අපි ජන්ම පත්‍රයෙහි සිටින වක්‍ර ග්‍රහයන් දෙස බලමු. වක්‍ර ග්‍රහයන් ගෝචර ගමන් මඟින් ආපසු හැරී නැවැතත් ඉදිරියට යන ආකාරයට ජන්ම පත්‍රයෙහි සිටින වක්‍ර ග්‍රහයන් පෙන්වා දෙනු ලබන්නේ එම ජන්මියාගේ පසුගිය ජන්මය දෙසට ආපසු යෑමකි. එමඟින් ඔහුගේ පෙර ආත්මවලදී කටයුතු කළ ආකාරය අවබෝධකර ගත හැකියි. එහෙයින් යම් අයකු කර්මානුකූලව රැගෙන එන ප්‍රතිඵල මෙම වක්‍ර ග්‍රහයන් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය අනුව හඳුනාගත හැකි වෙයි.

    බොහෝ උගතුන් හෝ දාර්ශනිකයන් සහ විශේෂ හැකියාවන් ඇති අයගේ ජන්ම පත්‍රවල ග්‍රහයන් කිහිප දෙනකු වක්‍රව සිටිනු නිරීක්ෂණය කළ හැකියි. මෙවැනි අයගේ ජීවිතවල සැඟවී ඇති කර්මානුකූල හැකියාවන් මතු වන්නේ වක්‍ර ග්‍රහයන් මඟින් පෙන්වන ආපසු ගමන් මඟින් පෙර ආත්මවලට ගමන් කිරීම් හේතු කොටගෙනය. එසේ පෙර ආත්මවලදී දක්වන ලද විශේෂිත කරුණු මෙම ජීවිතයේදී මොනම ආකාරයක හෝ සම්බන්ධතාවක් නැතිව වුවද පෙන්වීමේ හැකියාව ලබන්නේ එහෙයිනි.
    මෙසේ එක් ආත්මයකදී මුහුණ දුන් අවස්ථා හේතු කොට ගෙන තවත් ආත්මයකදී අලුත් අදහස් හෝ නව නිර්මාණ වැනි දේවලදී දක්වන හැකියාව මඟින් ඔවුන් දෙබිඩි ජීවිත ඇති අය ලෙස පෙන්විය හැකියි.


    වක්‍ර සිකුරු ග්‍රහයා පෙන්වා දෙන්නේ සිකුරු ග්‍රහයා කාරක වන දේ්වල ආපසු ගමනකි. එහිදී ප්‍රේමය, කලාව වැනි දේවල ආපසු ගමනක් යෙදෙන ආකාරයක් ඇතිවී නැවැත ඉදිරියට යෑමේදී මුලින් ලැබුණු දේවල් මතුකර පෙන්වයි. එමඟින් ගෙවී ගිය අතීතය පිළිබඳ මතකයන් අලුත් වෙයි. ප්‍රේමය මෙන්ම කලා, සංගීත ආදියෙහි දක්ෂතාව පෙන්වන්නේ බොහෝ විට අතීත ස්මරණය අලුත්වැඩියා කිරීමකි.


    සංගීත සහ කලා කටයුතුවල විශේෂිත වූ දක්ෂතා පෙන්වන බොහෝ දෙනකුගේ ජන්ම පත්‍රවල සිකුරු ග්‍රහයාගේ වක්‍ර ගමන් නිරීක්ෂණය කළ හැකිය. වක්‍ර සිකුරු ග්‍රහයා සිටින ජන්ම පත්‍ර හිමියන්ගේ සිකුරු ග්‍රහයාගේ දශාව හෝ අතුරු දශා ඇති කාලවලදී ගෝචර සිකුරු ග්‍රහයා ඔහුගේ නිවේදකත්වය ඇති ප්‍රතිඵල ක්‍රියාත්මක කරයි.
    මේ ආකාරයට ජන්ම පත්‍රයේ වක්‍රව සිටින ග්‍රහයා ස්වකීය ස්වභාවය අනුව දානය කළ යුතුව තිබූ ප්‍රතිඵලවලට වඩා හාත්පසින්ම වෙනස් වූ නිවේදකත්වය ඇති ප්‍රතිඵල ක්‍රියාත්මක කරයි.


    සිකුරු ග්‍රහයා සාමාන්‍යයෙන් සම්බන්ධතා දක්වන කරුණු මෙසේ වෙති.
    සිකුරු ග්‍රහයා ජන්ම පත්‍රයේ බලවත්ව සිටින අයගේ බාහිර පෙනුමෙන් ඉතාමත් ආකර්ෂණීය සිරුරකින් යුතු වෙයි. කලාව සහ සංගීත යන කටයුතුවලට සම්බන්ධ ගතිගුණවලින් යුතු එවැනි අංශවල රාජකාරි කරන අය වෙති. තවද ඉතා පැහැදිලි ලෙස සහ සැහැල්ලු ලෙස සිය කටයුතුවල නිරත වෙයි.
    මෙම ජන්මියා යහපත් ගුණවලින් හෙබි අනුන්ට ආදරය සහ අනුකම්පාව දක්වන අතර ලාභ ප්‍රයෝජන හෝ වාසි ලබා ගැනීමට උනන්දු නොවන ප්‍රසන්න අයෙකි.
    සාමකාමී සහ ත්‍යාගශීලී වූ වාසනාවන්තව කලා කටයුතුවල නිපුණ අයෙකි.


    රූපලාවණ්‍ය ශිල්පය, නෘත්‍ය සහ ගීත වාදකයෙකි. ශරීරාංග වශයෙන් දෙතොල්, රුධිරය සහ වකුගඩු ආදියට සම්බන්ධ වෙයි.
    මෙවැනි ගුණ ලැබෙන්නේ ජන්ම පත්‍රයේ සිකුරු ග්‍රහයා තැන්පත්ව සිටි ස්ථානය සහ සිකුරු ග්‍රහයා තැන්පත්ව සිටි නක්ෂත්‍රය අධිපති ග්‍රහයන් ජන්ම පත්‍රයේ නිවේදකත්වය දරන භාවවලට කාරක වන ප්‍රතිඵල අනුවය.


    සිකුරු ග්‍රහයා වක්‍ර වූ විට මේවාට ප්‍රතිවිරුද්ධ ආකාරයේ ප්‍රතිඵල ක්‍රියාත්මක කරයි.
    කිස්තු වර්ෂ 1929 මැයි මාසයේ 4 වැනි දින පෙරවරු 3.00ට උපන් අයකුගේ ජන්ම පත්‍රය මෙසේය.


    ග්‍රහ පිහිටීම
    ග්‍රහයා භාවය නක්‍ෂත්‍රය උපස්ථානය
    රවි ඪඪ සිකුරු ගුරු
    සඳු ඪ රාහු බුධ
    කුජ මඪ ගුරු රාහු
    බුධ ඪඪඪ රවි කේතු
    ගුරු ඪඪ රවි සඳු
    සිකුරු ඪ කේතු කේතු
    ශනි ය කේතු රාහු
    රාහු ඪඪ රවි කුජ
    කේතු මඪඪඪ ගුරු රවි
    මෙම ජන්ම පත්‍රයේ සිකුරු ග්‍රහයා වක්‍රව සිටියි. එවිට ලබා ඇති ප්‍රතිඵල මොනවාදැයි ලබන සතියේ බලමු.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Mawbima, 2015-08-13 02:00:00



    පෘථිවිය ඇතුළු ග්‍රහ ලෝක භ්‍රමණය වෙමින් සූර්යයා වටා ගමන් ගන්නා නමුත් අප වට කර පවතින අභ්‍යවකාශ තලය නිසොල්මන්ය. එහෙත් අපට පෙනෙන්නේ අප එක තැන සිටියදී ලෝකය කරකැවෙන්නාක් මෙනි. මෙම තත්ත්වය අවබෝධ කර නොගෙන ජේ‍යාතිෂයේ යථාර්ථය හඳුනා ගත නොහැකියි.

    මේ නිසල අභ්‍යවකාශය නැකැත් වශයෙන් කොටස් විසිහතකට බෙදා තිබේ. (පහත රූප සටහන බලන්න.) ඒ සමඟ තවත් කොටස් ‍ෙදාළහකට බෙදා දක්වයි. ඒ මේෂ, වෘෂභ ආදී රාශීන් වශයෙනි. මෙම නැකැත් හෝ රාශි එක සමාන පළලකින් යුක්ත නැත. මෙහි වැදගත්කම වන්නේ අප පාරක් හෝ රෙද්දක් මනිනවාක් මෙන් මීටර්, කිලෝමීටර් හෝ අඩි, අඟල් වශයෙන් මනින්නේ නැති වීමයි. නැකැතක හෝ රාශියක මැනීම සඳහා උපයෝගී කරගන්නේ පැය හා විනාඩිය. අපි ජීවත්වන පෘථිවියේ සම්මත ලක්‍ෂ්‍යයක් එක් රාශියක් හෝ නැකැතක් පසු කිරීමට ගතවන කාලය මිම්ම වශයෙන් යොදා ගැනේ. උදාහරණ වශයෙන් දක්වතොත් රෙහෙණ නැකැත සිංහල පැය 63 මිනිත්තු 50ක්ද අද නැකැත සිංහල පැය 60 මිනිත්තු 27ක් ද වෙයි. දිනකට සිංහල පැය 60ක් වන අතර එය ඉංග්‍රීසි පැය වශයෙන් සිංහල පැයක් ඉංග්‍රීසි පැය දෙකයි විනාඩි 24කි.

    රාශීන්ගේ පළලද එකිනෙකට වෙනස්ය. උදාහරණයක් දක්වතොත් තුලා රාශිය සිංහල පැය 4 විනාඩි 51 තප්පර 30ක් වන අතර වෘශ්චික රාශිය සිංහල පැය 5 විනාඩි 09කි. (රූපසටහනෙහි ඊතලයෙන් දක්වා ඇති ස්ථානයේ උපන් අයකුට කටක ලග්නයත් අස්ලිස නැකැතක් හිමි වන බව පැහැදිලිව දැකිය හැකියි.)
    යම් පුද්ගලයකු උපත ලබන අවස්ථාවේ එම ස්ථානය මුහුණ පා සිටින්නේ කුමන රාශියකට හා නැකැතකටදැයි යන්න තීරණය කිරීමෙන් ලග්නය හා උපන් නැකැත තීරණය කෙරේ. පෘථිවිය තමා වටා කරකැවෙමින් සූර්යයා වටේද භ්‍රමණය වන හෙයින් දරුවකු උපදින අවස්ථාවේ හිස බිහිවන ස්ථානයේම නොව වෙනත් ස්ථානයකදී දෙපා බිහිවෙයි. රූපසටහන දෙස බැලූ විට මෙය පැහැදිලි වෙතැයි සිතමි. අප හ¼දහනක ලග්න ශේෂය ලෙස දක්වන්නේ උපදින මොහොතේ අදාළ ලග්නය පසු කරන්න තවමත් කොපමණ වේලාවක් පවතීදැයි යන්නය.


    එක් එක් නැකැත හිමි ග්‍රහයන් ජේ‍යාතිෂයේ වෙන් වෙන් වශයෙන් දක්වා තිබේ. එක් ග්‍රහයකුට නැකැත් තුනක් අයත්ය. උදාහරණ වශයෙන් කැති, උත්‍රපල් හා උත්‍රසල යන නැකැත් රවිටද, හත හා සුවණ යන නැකැත් චන්ද්‍රයාටද අයත්ය. කෙනකු උපදින අවස්ථාවේ එම ලක්‍ෂ්‍යය පිහිටියේ කැති නැකැත තුළ නම් රවි මහ දශාවට අයත්ය.
    උදාහරණයක් ලෙස සලකන්නේ නම් චන්ද්‍රයාගේ මහ දශාවට අයත් කාලය වර්ෂ 10කි. රෙහෙණ නැකැත පැය 63 විනාඩි 50කි. උපත සිදුවන අවස්ථාවේ එම නැකැතේ පැය 31 විනාඩි 55ක් ගතවී තිබුණේ නම් දශාවෙන් වර්ෂ පහක් ගතවී අවසන්ය. ඉදිරියට වර්ෂ පහක් ගත කිරීමට තිබේ.


    කෙනකුගේ පලාපල කීමේදී දශා ශේෂය වැදගත් වන්නේ මේ නිසාය. මිනිසකුගේ පරමායුෂ වර්ෂ 120ක් සේ සලකා දශා ක්‍රමය සකස් වී තිබේ. ඒ රවිට වර්ෂ 06ක්, චන්ද්‍රයාට වර්ෂ 10ක්, කුජට වර්ෂ 7ක්, රාහුට වර්ෂ 18ක්, ගුරුට වර්ෂ 16ක්, ශනිට 19ක්, බුධට වර්ෂ 17ක්, කේතුට වර්ෂ 7ක් හා සිකුරුට වර්ෂ 20ක් වශයෙනි.

    උපන් දිනය හා දශා ශේෂය සඳහන් නොවන්නේ නම් ඊළඟ දශාව ඇරඹෙන්නේ කුමන කාලසීමාවකදැයි දත නොහැකිය. උපතේදී සටහන් වන යහපත් අයහපත් තත්ත්වයන් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක පවතින්න නම් මහ දශාධිපතිගේ බලපෑම් අවශ්‍ය කරයි. දශා ශේෂය නිවැරැදි නැත්නම් කියන අනාවැකි වරදියි. පලාපල කථනයේදී දශා ශේෂය වැදගත් වන්නේ මේ නිසාය. පුස් කොළ හඳහන් ලියන කාලයේදී අප ආරම්භ කළේ ආශීර්වාද ශ්ලෝකයකිනි. එය බොහෝවිට "බ්‍රහ්මාදි දේවතාස් සර්වේ" යනුවෙන් ඇරඹිණි. ශක වර්ෂයෙන් වර්ෂය අරඹා, උපන් වේලාව, දිනය, දවස හා වේලාවද, යුද්ධ සූර්යෝදයාදී වේලාවද පැහැදිලිව, පිළිවෙළින් සටහන් වූ අතර තිථිය, කරණය, යෝගය, නැකැත ආදියත් ගණ, යෝනි, වෘක්ෂ, පක්ෂි ආදී නැකැතට අදාළ සියලු විස්තර ලියා අවසන් වශයෙන් සඳහන් කරන්නේ දශා ශේෂයයි. එහිදී ග්‍රහයාගේ නම සමඟ ඉදිරියට පවතින වර්ෂ, මාස හා දින පැහැදිලිව දැකිය හැකි විය. එම සාම්ප්‍රදායික හා පාරම්පරික ක්‍රමය ජේ‍යාතිෂවේදියාට මෙන්ම සාමාන්‍ය ජනයාටද පහසුවක් විය. අද වන විට තුන්දා ලිත වැඩි වශයෙන් නොලියැවෙන්නේ දශා ශේෂය නිවැරැදිව සටහන් වන හෙයිනි.

    ජේ‍යාතිෂය පරිගණකකරණය වීමත් සමඟම වැදගත් යැයි සැලකෙන කරුණුවලට වඩා එක් එක් මෘදුකාංග සකසන්නාට අවශ්‍ය ආකාරයට හඳහන සකස් වන්නට විය. තවත් කොටසක් තම තමන්ගේ අභිරුචිය පරිදි උපන් දිනය එක් තැනකත්, දශා ශේෂය තවත් තැනකත්, වෙනත් විස්තර වෙනත් තැන්වලත් සටහන් කළ හැකි පොත් පිංචක් සකස් කරගනිති. මෙහිදී විශේෂයෙන්ම සමහර ජේ‍යාතිෂවේදීහු සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසියෙන් සකස් වූ හඳහනක පරිගණක පිටපත් ලබා දෙන්න පටන් ගෙන ඇත. ඉන්දියාවේ මෘදුකාංග සකසන්නාගේ දක්‍ෂතාව යටපත් කොට තමාගේ හා ජේ‍යාතිෂායතනයේ නමද ඇතුළත් කරති. එහි වරද නිවැරැදි තම තම නැණ පමණින් දැන ගත යුතුය. ඒ හැරෙන්න ඉංග්‍රීසියෙන් ලබා ගත් මුද්‍රණ පිටපතක් කියවා සිංහල පරිවර්තනය කොට දෙන්නෝද සිටිති.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සඳුගේ පිහිටීම අනුව ඒරාෂ්ටක අපල පලදීම

    Mawbima, 2015-08-06 02:00:00
    Read 567 Times


    ඔබේ කේන්දරයේ සඳුගේ පිහිටීම අනුව ශනි ඒරාෂ්ටක අපලය යෙදෙන ආකාරයත් සුබපල දෙන ආකාරයත් මෙසේය. ඔබගේ උප්පත්ති ජන්ම කේන්දරයේ සඳු ග්‍රහයාගේ පිහිටීම අනුව සෙනසුරු හෙවත් ශනි ඒරාෂ්ටක අපලය යෙදෙන ආකාරයත් සඳුගේ පිහිටීම අනුව සෙනසුරු සුබපල දෙන ආකාරයත් පහත දක්වෙයි.
    1. චන්ද්‍රයා උප්පත්තියේදී ලග්නයේ සිටි අයට සෙනසුරු 12, 1, 2, 8 රාශිවල ශනි ගමන් කරන විට තදබල ලෙස අපල ඇති කරන නමුත් 12 වැන්නේ ගමන් කරන කාලයේදී තදබල අපල ඇති නොකරයි.


    2. චන්ද්‍රයා උප්පත්තියේදී 2 සිටි අයට සෙනසුරු 1, 2 යන රාශිවල ගමන් කරන විට තදබල අපල ගෙන දෙයි. 12, 3 යන භාව 2දී එතරම් අසුබ පල ඇති නොකරයි.
    3. චන්ද්‍රයා උප්පත්තියේදී 3 සිටි අයට සෙනසුරු 2 වැනි රාශියේ ගමන් කරන කාලවලදී තදබල අපල ගෙන දෙයි.
    4. උප්පත්තියේදී චන්ද්‍රයා 4 වැන්නේ සිටි අයට සෙනසුරු 4, 5 යන රාශිවල ගමන් කරන කාලවලදී පමණක් තදබල අපල ගෙන දෙයි. 12, 1, 2 යන භාවවලදී ගමන් කරන කාලය තුළ එතරම් අසුබ පල ඇති නොවේ. ඒත් 12 ගමන් කරන විට තදබල ලෙස අපල ඇති කිරීමට පුළුවන.
    5. උත්පත්තියේදී චන්ද්‍රයා 5 සිටි විට ඒරාෂ්ටක අපලය තදබල ලෙස ගෙන දෙන්නේ සෙනසුරු 5, 8, 12, 1, 4 යන භාවවල ගමන් කරන කාලවලදීය. අනෙක් භාවවලදී එතරම් තදබල අපල ගෙන නොදෙයි.
    6. චන්ද්‍රයා උප්පත්තියේදී 6 වැන්නේ සිටි විට තදබල ලෙස අපල ගෙන දෙන්නේ සෙනසුරු 12, 1, 2, 5, 6 යන රාශිවල ගමන් කරන කාලවලදීය. මෙයින් ලග්නයේ ගමන් කරන කාලය ඉතාම අසුබ කාලයකි.


    7. උප්පත්තියේදී චන්ද්‍රයා 7 වැන්නේ සිට උපදින අයට තදබල අපල ගෙන දෙන්නේ සෙනසුරු 7, 2, 8 යන රාශි යන භාවවල ගමන් කරන කාලවලදීය.
    8. උප්පත්තියේදී චන්ද්‍රයා 8 වැන්නේ සිටි අයට තදබල ලෙස අපල ගෙන දෙන්නේ සෙනසුරු 8, 2, 7 යන රාශිවල ගමන් කරන කාලවලදීය.
    9. චන්ද්‍රයා උප්පත්තියේදී 9 වැන්නේ සිටි විට තදබල ලෙස අපල ගෙන දෙන්නේ 8, 9, 12 යන රාශි තුළ ගමන් කරන කාලවලදීය.
    10. උප්පත්තියේදී චන්ද්‍රයා 10 සිටි අයට තදබල ලෙස අපල ගෙන දෙන්නේ සෙනසුරු 1, 5, 9 යන රාශිවල ගමන් කරන කාලයේදීය.
    11. චන්ද්‍රයා උප්පත්තියේදී 11 සිටි අයට තදබල ලෙස අපල ගෙන දෙන්නේ සෙනසුරු 12, 2 ගමන් කරන කාලවලදීය.
    12. උප්පත්තියේදී චන්ද්‍රයා 12 වැන්නේ සිටි අයට අසුබ පල ගෙන දෙන්නේ 11, 12, 1 යන රාශිවල ගමන් කරන කාලයේදීය.
    තවද උප්පත්තියේදී චන්ද්‍රයා සිටි භාව අනුව සෙනසුරු ගමනේදී ඉතා සුබ පල දෙන ස්ථාන මෙහි දැක්වෙයි.


    1. චන්ද්‍රයා ලග්නයේ සිටි අයට සෙනසුරු 3, 6, 11 යන රාශිවලද,
    2. චන්ද්‍රයා දෙවැන්නේ සිටි අයට සෙනසුරු 6, 11 යන රාශිවලද,
    3. චන්ද්‍රයා තුන් වැන්නේ සිටි අයට සෙනසුරු 5, 11 යන රාශිවලද,


    4. චන්ද්‍රයා හතර වැන්නේ සිටි අයට සෙනසුරු 6, 9 යන රාශිවලද,
    5. චන්ද්‍රයා පස් වැන්නේ සිටි අයට සෙනසුරු 7, 10, 3 යන රාශිවලද,
    6. චන්ද්‍රයා හය වැන්නේ සිටි අයට සෙනසුරු 11, 3, 4 යන රාශිවලද,
    7. චන්ද්‍රයා හත් වැන්නේ සිටි අයට සෙනසුරු 9, 11, 5 යන රාශිවලද,
    8. චන්ද්‍රයා අට වැන්නේ සිටි අයට සෙනසුරු 10, 11, 6 යන රාශිවලද,
    9. චන්ද්‍රයා නව වැන්නේ සිටි අයට සෙනසුරු 11, 7 යන රාශිවලද,
    10. චන්ද්‍රයා දස වැන්නේ සිටි අයට සෙනසුරු 3, 6 යන රාශිවලද,
    11. චන්ද්‍රයා එකොළොස් වැන්නේ සිටි විට සෙනසුරු 3, 9 යන රාශිවලද,
    12. චන්ද්‍රයා ‍ෙදාළොස් වැන්නේ සිටි විට සෙනසුරු 3, 5, 11 යන රාශිවල ගමන් කිරීමේදී එම කාල තුළ ඒ ඒ ස්ථානවල චන්ද්‍රයා පිහිටා ඇති ආකාර අනුව සුබපල උදා කරයි.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අටවිසි මහා යෝගයෙන් සුබ මුහුර්ත

    Mawbima, 2015-07-30 02:00:00



    ජේ‍යාතිෂයේදී නැකැත් තරු වළල්ල අනුව නැකැත් විසි හතක් භාවිතයට ගැනෙයි. මෙම නැකැත් සතියේ දිනවල උදා වීමෙන් අටවිසි මහායෝග යෙදෙන අවස්ථාත් ඇත. එම අටවිසි මහ යෝගය සමඟ නැකැත භාවිතයෙන් සුබ මුහුර්තයන් සාදා කටයුතුවල යෙදීමෙන් යහපත් ප්‍රතිඵල උදාකර ගැනීමට හැකිය.

    අස්විද නැකැත කේතු හිමි නැකැතකි. ස්ථීර සරස් මුඛ නැකැතක් වන අස්විද නැකැතට හිමි ගොඩ කදුරු ගසයි. පුරුෂ ලිංග නැකැතක් වන අස්විද නැකැත ඉරිදා උදාවීමෙන් ආනන්ද නම් අටවිසි මහා යෝගය යෙදෙයි. ළිං කැපීම, වෙදකම, ගොවිතැන, ගෙවැදීම වැනි කටයුතුවලට සුදුසුය. කිවි හිමි බෙරණ නැකැත ස්ථීර අධෝ මුඛ නැකැතක් වන අතර නෙල්ලි වෘක්‍ෂය හිමිය. පුරුෂ ලිංග නැකැතකි. බෙරණ නැකැත බ්‍රහස්පතින්දාවක උදාවීමෙන් "පද්ම" අටවිසි මහා යෝගය යෙදෙයි. නඩු ජය ගැනීම, සතුරු මර්දනයට පිටත් වීම, ගොවිතැන ආදී කටයුතුවලට සුදුසුය. රවි හිමි කැති නැකැත අත්තික්කා ගස හිමි චංචල අධෝමුඛ ස්ත්‍රී ලිංග නැකැතකි. සිකුරාදා දිනයෙහි කැති නැකැත උදා වීමෙන් "ඡත්‍ර" නම් අටවිසි මහා යෝගය යෙදෙයි. ණය දීම හා ණය ගැනීමට සුදුසුය.


    සඳු හිමි රෙහෙණ නැකැතට අයත් වන්නේ මාදං ගසයි. වංචල උෟර්ධව මුඛ නැකැතකි. පුරුෂ ලිංග නැකැතක් වන රෙහෙණ නැකැත සඳුදා දිනයක උදා වීමෙන් "ප්‍රවර්ධමා" නම් අටවිසි මහා යෝගය යෙදෙයි. ළිං කැපීම, ගෙවැදීම, රැකියා භාර ගැනීම වැනි කටයුතුවලට සුදුසුය. කුජ හිමි මුව සිරස නැකැතට හිමි කළුවර ගසයි. ස්ථීර සරස් මුඛ නපුංසක ලිංග නැකැතකි. ඉරිදා දිනයෙහි මුවසිරස නැකැත යෙදීමෙන් "සෞම්‍ය" නමැති අටවිසි මහා යෝගය යෙදෙයි. නිවාස සෑදීම, හිසකේ කැපීම හා කන් විදීමට සුදුසුය. රාහු හිමි අද නැකැත චංචල උෟර්ධව මුඛ නැකැතකි. කිනීරිය ගස හිමි වන අතර පුරුෂ ලිංග නැකැතකි. අද නැකැත අඟහරුවාදාවක යෙදීමෙන් "චර" නමැති අටවිසි මහා යෝගය යෙදෙයි. පැවිදි කිරීමට, වෙළෙ¼දාමට, අකුරු කියැවීමට සුදුසුය.


    ගුරු හිමි පුනාවස නැකැතට හිමි උණ ගසය. පුරුෂ ලිංග චංචල සරස් මුඛ නැකැතකි. බ්‍රහස්පතින්දා දිනයක පුනාවස නැකැත යෙදීමෙන් "සිද්ධි" නම් අටවිසි මහා යෝගය උදාවෙයි. වෙළෙ¼දාම, ගෙවැදීම, බත් කැවීම ආදී සුබ කටයුතුවලට සුදුසුය. ශනි හිමි පුෂ නැකැතට හිමි වන්නේ බෝ ගසයි. පුරුෂ ලිංග ස්ථීර උෟර්ධව මුඛ නැකැතකි. අඟහරුවාදා දිනයක පුෂ නැකැත උදාවීමෙන් "ප්‍රවර්ධමා" අටවිසි මහ යෝගය යෙදෙයි. වෙහෙර විහාර ගොඩනැඟීමට මෙන්ම නව වාහනයකට ගොඩවීමටද සුදුසුය. බුධ හිමි අස්ලිස නැකැත ස්ත්‍රී ලිංග චංචල අධෝමුඛ නැකැතකි. ‍ෙදාඹ ගස හිමිය. අඟහරුවාදා දිනයක අස්ලිස නැකැත උදා වීමෙන් ආනන්ද අටවිසි මහා යෝගය යෙදේ. නඩු ජය ගැනීමට, සතුරු පරාජයට නික්ම යෑමට සුදුසුය.


    කේතු හිමි මා නැකැත ස්ථීර අධෝමුඛ නැකැතකි. පුරුෂ ලිංග වන අතර නුග ගස හිමි නැකැතකි. මා නැකැත සෙනසුරාදා උදා වීමෙන් "පද්ම" නමැති අටවිසි මහා යෝගය යෙදෙයි. ගෙවල් සෑදීමට හා විවාහයට මෙම දිනය සුදුසුය. සිකුරු හිමි පුවසල් නැකැතට කෑල වැල හිමිය. ස්ත්‍රී ලිංග වන අතර වංචල අධෝමුඛ නැකැතකි. සඳුදා දිනයක පුවපල් නැකැත උදාවීමෙන් "ධ්වජ" අට විසි මහා යෝගය යෙදෙයි. වෙළෙඳ කටයුතු ආරම්භයට ඉතාම සුබයි. රවි හිමි උත්‍රපල් නැකැතට හිමි වන්නේ අලිරි වෘක්‍ෂයයි. ස්ථීර උෟර්ධව මුඛ ස්ත්‍රී ලිංග නැකැතකි. උත්‍රපල් නැකැත සඳුදා දිනයක උදා වීමෙන් "ශ්‍රී වත්ස" නමැති අටවිසි මහා යෝගය යෙදෙයි. ණය දීම, සතුරු මර්දනයට නික්ම යෑම ආදියට සුදුසුය.


    දිඹුල් ගස හිමි වන්නේ සඳු අධිපති හත නැකැතටය. ස්ථීර සරස් මුඛ නැකැතකි. සිකුරාදා දිනයක හත නැකැත උදා වීමෙන් "අමෘත" නම්වූ අටවිසි මහා යෝගය යෙදෙයි. විවාහය, බත් කැවීම, පැවිදි කිරීම ආදියට සුබදායකය. සිත නැකැත කුජට හිමි නැකැතක් වන අතර බෙලි ගස හිමිය. චංචල සරස් මුඛ පුරුෂ ලිංග නැකැතකි. සඳුදා දිනයක සිත නැකැත උදාවීමෙන් "මුද්ගර" නමැති අටවිසි මහා යෝගය යෙදෙයි. හිසකේ කැපීමට, සූදුවට, ලොතරැයි මිලදී ජය ලැබීමට සුබදායකය. රාහු හිමි සා නැකැතට කුඹුක් ගස හිමිය. පුරුෂ ලිංග ස්ථීර සරස් මුඛ නැකැතකි. අඟහරුවාදා දිනයක සා නැකැත උදා වීමෙන් "ධ්වජ" නම් වූ අටවිසි මහා යෝගය යෙදෙයි. විවාහයට, ගෙවැදීමට, ගෙවල් සෑදීමට සුදුසුය.


    සපු ගස හිමි වන්නේ විසා නැකැතටයි. ගුරු හිමි විසා නැකැත ස්ත්‍රී ලිංග වන අතර චංචල අධෝමුඛ නැකැතකි. ඉරිදා දිනයක විසා නැකැත උදා වීමෙන් "උත්පාත" නම් අටවිසි මහා යෝගය යෙදෙයි. පැවිදි කිරීම, ලොතරැයි හා සූදු වැනි ජය ලැබීමට සුදුසුය. ශනි හිමි අනුර නැකැතට මූණමල් ගස හිමිය. වංචල සරස් මුඛ ස්ත්‍රී ලිංග නැකැතකි. සඳුදා දිනයක අනුර නැකැත උදාවීමෙන් "මානස" නමැති අටවිසි මහා යෝගය යෙදෙයි. බැංකුවල මුදල් තැන්පත් කිරීම හා වෙහෙර විහාර සෑදීමට සුදුසුය. වැටකේ ගස හිමිවන්නේ බුධ හිමි දෙට නැකැතටය. චංචල සරස් මුඛ පුරුෂ ලිංග නැකැතකි. සිකුරාදා දිනයක දෙට නැකැත උදා වීමෙන් "චර" නමැති අටවිසි මහා යෝගය යෙදෙයි. ගෙවල් සෑදීමට ගොවිතැන් කටයුතුවලට සුබදායකය.


    කේතු හිමි මුල නැකැතට හිමි ඉඹුල් ගසය. වංචල අධෝමුඛ නපුංසක ලිංග නැකැතකි. බදාදා දිනයක මුල නැකැත උදා වීමෙන් "ධ්වජ" නම් අටවිසි මහා යෝගය යෙදෙයි. විවාහයට හා ගෙවැදීමට සුදුසුය. සිකුරු හිමි පුවසල නැකැතට හෝපලු වෘක්‍ෂය හිමිය. වංචල අධෝමුඛ ස්ත්‍රී ලිංග නැකැතකි. පුවසල නැකැත අඟහරුවාදා යෙදීමෙන් "මිත්‍ර" නම් අට විසි මහා යෝගය යෙදේ. බැංකුවල මුදල් තැන්පත් කිරීමට හා ගොවිතැනට සුබය. රවි හිමි උත්‍රසල නැකැතට හිමි ගස කොස් ගසයි. ස්ථීර උෟර්ධව මුඛ ස්ත්‍රී නැකැතකි. ඉරිදා දිනයක උත්‍රසල නැකැත යෙදීමෙන් 'අමෘත' නම් අටවිසි මහා යෝගය යෙදෙන අතර ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා සුබය.


    සඳු හිමි සුවණ නැකැත වරා ගස හිමි වංචල, උෟර්ධව මුඛ පුරුෂ ලිංග නැකැතකි. මෙම නැකැත සඳුදා දිනයක උදා වීමෙන් "සිද්ධී" නමැති අටවිසි මහා යෝගය යෙදේ. පැවිදි කිරීම, වෙහෙර විහාර සෑදීම ස¼දහා ඉතා සුදුසුය. කුජ හිමි දෙනට නැකැතට හිමි ගස සමදරාය. ස්ථීර උෟර්ධව ස්ත්‍රී ලිංග නැකැතක් වන දෙනට නැකැත සිකුරාදා යෙදීමෙන් "ධානා" නමැති අටවිසි මහා යෝගය යෙදෙයි. අකුරු කියැවීම, ගෙවැදීම වැනි සුබ කටයුතුවලට සුදුසුය. රාහු හිමි "සියාවස" නැකැත ස්ථීර උෟර්ධව මුඛ නපුංසක ලිංග හිමි නැකැතකි. කොළොන් ගස හිමි සියාවස නැකැත බදාදා දිනයක උදා වීමෙන් "මානස" නමැති අටවිසි මහා යෝගය යෙදේ. බත් කැවීමට හා පැවිදි කිරීමට වඩාත් සුදුසුය.
    ගුරු හිමි පුවපුටුප නැකැතට මී අඹ ගස හිමිය. ස්ථීර අධෝමුඛ පුරුෂ ලිංග නැකැතක් වන පුවපුටුප නැකැත සුබ නැකැතක් ලෙස නොසලකයි. කොහොඹ ගස හිමි උත්‍රපුටුප නැකැතට ශනි ග්‍රහයා හිමිය. චංචල උෟර්ධව මුඛ පුරුෂ ලිංග නැකැතකි. උත්‍රපුටුප නැකැත අඟහරුවාදා දිනයක උදා වීමෙන් "සිද්ධි" අටවිසි මහා යෝගය යෙදෙයි. ව්‍යාපාර කටයුතු ඇරැඹීමට ඉතා සුදුසුය. අවසාන නැකැත වන බුධ හිමි රේවතී නැකැත මී ගස හිමි වංචල සරස් මුඛ ස්ත්‍රී ලිංග නැකැතකි. රේවතී නැකැත අඟහරුවාදා උදා වීමෙන් "සුබ" අටවිසි මහා යෝගය යෙදෙයි. කන් විදීමට, අකුරු කියවීමට, හිසකේ කැපීමට සුදුසුය.


    සුබ හෝරාවන් යොදා ගැනීම සහ විපත් ප්‍රත්‍යාරි හා වද නැකැත්වල සඳු නොමැති අවස්ථා සලසා ගැනීමද මෙහිදී වැදගත්ය.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සෙනසුරු අපලයට දානයක්



    Mawbima, 2015-07-30 02:00:00



    සෙනසුරු ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහයෙක් පමණක් නොවෙයි. තවත් විදියකට සලකා බලන කළ වේද පුරාණයේ හඳුන්වන ලද දිව්‍ය සභාවේ කැපී පෙනෙන ඉතාමත් බල පරාක්‍රමයකින් සමන්විත වන දේවතාවෙකි. සෙනසුරු පිළිබඳ පැරැණි ප¾ඩිවරයන් හඳුන්වා දී ඇත්තේ යුගදුරු මුදුනේ රාශි ‍ෙදාළොසේ වැඩවසන්නා වූ රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු ශූක්‍ර, ශනි, රාහු, කේතු යන ග්‍රහ දිව්‍ය රාජයන්ගෙන් එක් අයෙකි. සෙනසුරු ගේ බල පරාක්‍රමය කොතෙක්ද යන්න කියනවානම් සෙනසුරු අපලය පැමිණෙන විට දිව්‍ය සභාවේ දෙවියන් පවා බිය ගැන්වෙයි. ශ්‍රී විෂ්ණු දෙවියන්ට පවා සය අවුරුද්දක් බට කොළ කවා මඩේ ලගින්න සැලැස්වූ ග්‍රහයෙකි.

    මෙම සෙනසුරු ග්‍රහයා නරක මෙන්ම හොඳද ඇති කරවන ග්‍රහයෙකි. නමුත් සෙනසුරු කෙතරම් හොඳට සිටියත් නෛසර්ගික පාප ග්‍රහයෙක් බැවින් කල් යල් බලා අනිෂ්ට පල ඇති කරවන ග්‍රහයෙකි. සෙනසුරු ග්‍රහයා දිව්‍ය රාජ මිනිසුන්ට දුක්දී ඔජවඩවන ප්‍රියෙන් බලා සිටින දිව්‍ය ග්‍රහයෙක් බැව් පැරැණි පඬුවන් විසින් හඳුන්වාදී ඇත.


    එක් දිනක් බ්‍රහ්ම විෂ්ණු ස්කන්ධ මහේෂ්වර දිව්‍ය රාජයන් රැස්වී සිටින දිව්‍ය සමාගමට නවග්‍රහ දෙවියෝද පැමිණ සිටියෝය. දේවසමාගමේ රැස්වීමේදී විෂ්ණු දෙවියන්ට සෙනසුරු දශාවේදී කුමන විදියේ අපලයක් කරාවිදෝ යන සාකච්ඡාවේදී සෙනසුරු මහා නීච එපා කරපු අධමයායි වශයෙන් කියා ඇත. මෙයින් කෝපයට පත් සෙනසුරු දෙවියෝ විෂ්ණුට කරන දෙය බලා ගනිව් යැයි අභියෝග කොට දේව සමාගමෙන් නික්ම ගියේය. විෂ්ණු දෙවියන්ද සෙනසුරා මට මොනවා කරන්නද කියා නික්ම ගියේය. විෂ්ණු දෙවියන්ට සෙනසුරු අපලය ආරම්භ විය. විෂ්ණු දෙවියෝ සෙනසුරුගෙන් බේරීමට ඇත් වේශයක් මවාගෙන මහ වනයක වර්ෂසයක කාලයක් සෙනසුරු අපලය ගෙවෙන තෙක් සැඟව සිටි නමුත් එම කාලය තුළ බට කොළ ආහාරයට ගනිමින් මඩේ ලගින්න සිදුවිය. මෙවැනි කටුක කාලයක් ගත කරන්න සිදුවූයේ සෙනසුරුගේ බලපෑම නිසා බැව් විෂ්ණු දෙවියන්ට පසුව වැටහිණි.


    සෙනසුරු ග්‍රහයා හොඳ කරන්නන්ට හොඳ කරන ග්‍රහයෙකි. ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්නන්ට සෙනසුරු දශා කාලය තුළ තදබල පීඩා ඇති නොකරයි. ඇතැම් අය හිටි හැටියේ විශාල ධනවතුන් කරවයි. රජවරු කරවයි. මෙහි අනෙක් පැතිකඩද එසේමය. සෙනසුරු අපල කාලයේ විශාල ධනවතුන් පවා අන්ත අසරණ දුගී භාවයට පත්විය හැකිය. රජවරුන්ට පවා රජකම අහිමි විය හැකිය. ජන්මියෙක් උපන් වේලාවේ සෙනසුරු සිටින පිහිටීම හා ගෝචරයෙන් සෙනසුරු ගමන් කරන ස්ථානය හා වෙනත් ග්‍රහ දෘෂ්ටි සංයෝග මත සෙනසුරු ජන්මියාට කෙසේ බලපානු ඇත්දැයි තීරණය කළ හැකිය.


    සිදුහත් තාපසයාද අත්තකිලමතානු යෝගයේ යෙදීමෙන් ශරීරයට අනේක විධ දුක් විඳීමෙන් බුදු බව පසක් කළ හැකි යැයි විශ්වාස කරමින් සය අවුරුද්දක් මුළුල්ලේ දුෂ්කර ක්‍රියා කරමින් අපමණ දුක්ගැහැට වින්දේද සෙනසුරු අපලය යෙදීමෙන් යැයි කට වහරයේ එන කරුණකි. සත්‍යවාදී හරිශ්චන්ද්‍ර රජුට සෙනසුරු අපලය පලදීමෙන් රජකමින් පහවී දේවියගෙන්ද දරුවන්ගෙන්ද වෙන්කර දමා සොහොන් පාලකයෙක් වීමෙන් නොයෙක් ගැහැට වින්දේය.


    මෙම සෙනසුරු ග්‍රහයා කාක වාහනය පිට ගමන් කරන නුග රුක් නුග සෙවණ නුග විමනේ වාසය කරයි. කළු පැහැති ශරීරයකින් හෙබිවෙයි. වියළී ගිය ළිං පොකුණු ගංගා වැව් දියඅගල් යුද භූමි ආදියට අධිපතිකම් කරති. එක් අතකින් යගදාවක්ද අනෙක් අතකින් පාරාවළල්ලක්ද ආයුධ වශයෙන් දරා සිටී. අධික රුධිර පීඩනය, ක්ලාන්තය, ආහාර අරුචිය, සුළු වේදනා, උණ වණ, කාස, පිස්සු, ඉදිමුම් වැනි රෝග නිධානයන්ටද සෙනසුරුගේ බලපෑම අධිකව සිටී. මේ හැර සෙනසුරුගෙන් යෙදෙන ප්‍රධාන රෝග අතර ඇම්ම, ඇවිලිල්ල, හිසරදය, වාත රෝග, කැඩීම්, තැළීම්, කොරවීම් සිහි මුළාවීම් වැනි රෝග, සොර බිය, අමනුෂ්‍ය බිය, අන වින දෝෂ පැමිණීම වැනි දේද සෙනසුරු ප්‍රධාන කොට බල පවත්වනු ලබයි.


    සෙනසුරුගේ අපලයෙන් මිදීමට අංජන කැට, කළු තල, ලොත් සුඹුලු, බැබිල, කුප්පමේනිය මේවා ජලයෙහි බහා තබා ස්නානය කළ යුතුය. නිල් මැණික් පැලඳීමද, ලෝහ භාජන, නිල් මැණික්, පොල්, තල, කොල්ලු, මී දෙනුන්, සෙනසුරු දානය සඳහා යොදා ගැනීමද සුබයි.
    සෙනසුරු දෝෂ ඉවත් කර ගැනීම සඳහා නීල මණ්ඩල යන්ත්‍රය හෝ ශනි මෘතුංජය යන්ත්‍රය හෝ මහා මෘතුංජය යන්ත්‍රය පැලඳවීම සුබයි. දස කේ‍රා්ධ බලිය, මහා නිලග රක්‍ෂය, ගෞඩි රාක්‍ෂය යන බලි ශාන්තිය සෙනසුරු දෝෂදුරුවීම සඳහා නියමිතව ඇත.

    ජේ‍යාතීර් විද්‍යාපති
    ජී.ඩී. අසංක වීරසිරි