ජෝන් කීල්ස් සංවර්ධනයට ඉඩම් හොයයි (SMICE)
ජෝන් කීල්ස් සංවර්ධනයට ඉඩම් හොයයි
කටුනායක ගුවන් තොටුපොළට සමීපව අක්කර හයක් ගැනීමට සූදානම්
මහා පරිමාණ සමාගමක් වන ජෝන් කීල්ස් සමාගම දේපොළ වෙළඳාම් අංශය තව තවත් ශක්තිමත් කරමින් සිය ඉඩම් බැංකුව පුළුල් කිරීමට තීරණය කර ඇති අතර කටුනායක ගුවන් තොටුපොළට සමීපව අක්කර හයක ඉඩමක් මිලදී ගැනීමට සූදානම් වේ.
මේ වනවිට, පොලී අනුපාත අඩුවීමත් සංචාරක කර්මාන්තය වර්ධනය වෙමින් තිබීමත් හමුවේ විශාල සංවර්ධන වටිනාකමක් සහිත ඉඩම් අත්පත් කර ගනිමින් සිය ඉඩම් බැංකුව පුළුල් කිරීමට සැලසුම් කර ඇතැයි සමාගම සිය වාර්ෂික වාර්තාවෙන් දක්වා ඇත.
මේ යටතේ, කොළඹ-කටුනායක ගුවන් තොටුපොළ මාර්ගයට යාබදව ජා-ඇල, කපුවත්තේ පිහිටි විශාල සංවර්ධන අවස්ථාවක් තිබෙන අක්කර හයක ඉඩමක් මිලදී ගැනීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබෙන බව සමාගම කොටස්කරුවන්ට පවසා තිබේ.
පාරට විශාල මුහුණතක් තිබෙන මෙම ඉඩමේ සංවර්ධන සැලසුම් මේ වනවිට සකස් කරමින් සිටින බවද සඳහන්ය.
මේ වනවිට, මෙරට ජනතාවගේ වැයකළ හැකි ආදායම වැඩිවෙමින් තිබීම නිසා ඉදිරියේදී දේපොළ වෙළඳපොළ විශාල වර්ධනයක් ලබනු ඇති බවට සමාගම විසින් පුරෝකතනය කර තිබේ.
~| Co - Admin Of SMICE |~

Last edited:
JK eka lankawe company ekakda...??