කීර්ති වර්ණකුලසූරිය
ලබන ජනවාරි මස සිට ඇමරිකාවේ නව ජනපති ලෙස ජෝ බයිඩන් කි‍්‍රයා කරයි. බයිඩන් ඇමරිකාවේ ජනපති ලෙස පත්වීම ශී‍්‍ර ලංකාවට කෙලෙස බලපායි ද යන බරපතළ ප‍්‍රශ්නය දැන් මතු වී ඇත. බයිඩන්ගේ උප ජනාධිපති තමිල්නාඩු සම්බන්ධය ඇති කමලා හැරිස්ය. එසේම බයිඩන්ගේ සංක‍්‍රාන්ති කණ්ඩායමට හිටපු තානාපතිනි සුසන් රයිස් ද එක්වී සිටී.
මෙයට පෙර ඇමරිකානු නිලධාරිනියක් වූ නිශාබිස්වාල් කටයුතු කරන සමයේ ශී‍්‍ර ලංකාවට ප‍්‍රශ්න ඇති විය. ඉදිරියේ ද කමලා හැරිස් සහ සුසන් රයිස්ගෙන් ද ශී‍්‍ර ලංකාවට දැඩි බලපෑමක් එල්ල වනු නියතය.
ජනපති ට‍්‍රම්ප් පරාජය වීම ගැන ඇතැමුන් සතුටු වුවත් ඔහුගේ පාලන සමයේ කිසිදු රටකට එරෙහිව යුද මෙහෙයුමක් කි‍්‍රයාත්මක වූයේ නැත. එසේ වුවත් බයිඩන්ගේ පාලන සමයේදී යළිත් වරක් ඇමරිකාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය ගනු නියතය. හිටපු එක්සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපතිනි නිකිහේලි මානව හිමිකම් කවුන්සිලය අසූචි වළක් යැයි පවසා ඉන් ඉවත් වුවත් බයිඩන්ගේ රජය එම අසූචි වළට යොමු කරන්නේ කමලා හැරිස් සහ සුසන් රයිස්ය.
සුසන් රයිස්ගේ අතීතය දෙස නිරීක්ෂණය කරන විට ඇය කොටින්ට එරෙහි වන්නි මෙහෙයුම නතර කිරීමට දැඩි උත්සාහයක් ගනු ලැබීය. එසේම ශී‍්‍ර ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ගෙන ඒමට සුසන් උත්සාහ කළ නමුත් රුසියාව සහ චීනය නිසා ඊට ඉඩක් නොලැබිණි. මේ පසුබිම මැද කොටි හිතවාදී සංවිධාන හතරක් ඇමරිකාව තුළ කි‍්‍රයාත්මක වේ. ප‍්‍රභාකරන්ගේ නීතිවේදියා වූ විශ්වනාදන් රුද්රකුමාරන් මෙහෙයවන රටින් පිටත ඊළාම් ආණ්ඩුව සංවිධානය කි‍්‍රයාත්මක වන්නේ ද ඇමරිකාවේ සිටය. එම සංවිධානය එරට තහනම් නැත.
මෙවන් තත්ත්වයක් මත හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට පැන වූ තහනම ඉවත් වේද යන්න ප‍්‍රශ්නයකි. එසේම ජිනීවා යෝජනාව ගෙන එන සමයේ ඩිමෝක‍්‍රටික් පක්ෂය බලයේ සිටි අතර ඔවුන් ඊට එරෙහි වූයේ නැත. මේ පසුබිම මත මානව හිමිකම් උල්ලංඝනය වීම - සංහිඳියාව සහ වග වීම යන කරුණු ඉදිරියටත් යනු ඇත.
ජනපති ජෝ බයිඩන් සංක‍්‍රමණිකයන්ට පක්ෂපාති වූවකු වන අතර එරට සිටින ශී‍්‍ර ලාංකික ද්‍රවිඩයන් කෙරේ ද බයිඩන්ගේ අනුකම්පාව හිමි වේ. ඊට බලපාන්නේ ධවල මන්දිරයේ කාර්ය මණ්ඩලයට කමලා හැරිස් සහ සුසන් රයිස් අයත් වීමය. 2010 ජුලි මස 7 දා සුසන් රයිස් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල විවාදයේදී මෙලෙස පැවසුවාය.
‘‘ජාත්‍යන්තර මානුෂික නීතිය මත සිවිල් වැසියන් රැකීමට කි‍්‍රයා කළ යුතුයි. සමූල ඝාතන, යුද අපරාධ සහ මානුෂිකත්වයට එරෙහි අපරාධ ගැන කටයුතු කිරීමේදී ජාත්‍යන්තර අපරාධ අධිකරණය මැදිහත් වේ. සුසන් රයිස්ගේ මෙම ප‍්‍රකාශය කොටි ඩයස්පෝරාව සාදරයෙන් පිළිගෙන තිබේ.
මෙම තත්ත්වය මත ශී‍්‍ර ලංකාවට ඉදිරියේදී කමලා හැරිස් සහ සුසන් රයිස්ගෙන් තර්ජන එල්ල වීමට ඉඩ ඇත. එහෙත් ශී‍්‍ර ලංකාවේ රජයට දැන් උපදෙස් දීමට ඉදිරිපත් වී ඇත්තේ කොටි පරාජය කළ නොහැකි බව පැවසූ සිංගප්පූරු වැසියෙකි.
මේ සිංගප්පූර් ජාතිකයා කොටි ඩයස්පෝරාවේ කි‍්‍රයාමාර්ග අප අනාවරණය කරද්දී නිහඬව සිටියේය. එහෙත් ඔහු අද කදිරගාමර් ජාත්‍යන්තර ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකි. මොහුගේ මේ සැබෑ අතීතය මෙරට ගුවන්විදුලි නාලිකා දන්නේ නැත. කොටි පැරදවිය නොහැකි යැයි පැවසූ මේ යුද මහාචාර්ය යයි හඳුන්වා ගත් විදේශිකයා ජාති හිතෛෂීන් විසින් පත් කළ ආණ්ඩුවට උපදෙස් දීමට ඉදිරිපත් වීම විහිළුවකි. මේ අතර කොටි ඩයස්පෝරාවේ මීළඟ අරමුණ ඇමරිකාව යළි මානව හිමිකම් කවුන්සිලයට ගෙන ඒමයි.
එය සිදු වුවොත් 2021 මාර්තු මස පැවැත්වෙන 46 වැනි ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවේ යළි ඉදිරිපත් වන 30/11 ජිනීවා යෝජනාව ගැන ඇමරිකාව සමග එක්වී බි‍්‍රතාන්‍යය, කැනඩාව, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ ජර්මනිය යන රටවල් ශී‍්‍ර ලංකාවට එරෙහිව කි‍්‍රයාකරනු නියතය. එසේම එහිදී මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් ද ඔවුන්ට එක් වේ. එම අවස්ථාවේදී ඔවුන් ශී‍්‍ර ලංකාවට එරෙහිව හිටපු රහස් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ සාක්කි හා රහස් ලියවිලි ද ප‍්‍රයෝජනයට ගනු නියතය. නිශාන්ත සිල්වාගේ පැන යෑම වත්මන් රජයට එල්ල වූ බරපතළ පහරකි. ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ පත් වීමත් සමගම නිශාන්ත සිල්වාගේ පැන යෑම ගැන (ඔහු ගුවන්තොටුපළට පැමිණි පසුත්* නව ජනපතිට දැන්වීමට කිසිදු පොලිස් හෝ බුද්ධි ප‍්‍රධානියෙක් කි‍්‍රයා කළේ නැත.
ඉන් යහපාලන පොලිස් ජාලය කොතරම් බලවත්ව කි‍්‍රයා කළේ ද යන්න තහවුරු වේ. මේ පසුබිම මැද ඇමරිකානු උප ජනාධිපතිනි ලෙස පත් වී ඇති කමලා හැරිස් සෙනෙට් මන්තී‍්‍රවරියක් ලෙස කටයුතු කරද්දී ඇගේ මාණ්ඩලික ප‍්‍රධානී ලෙස පත් කර ගනු ලැබූවේ යාපනයේ සිට ඇමරිකාවට ගිය රෝහිනි රවින්ද්‍රන් නමැති ද්‍රවිඩ කාන්තාවකි. මේ නිසා කමලා හැරිස්ගෙන් ශී‍්‍ර ලංකාවට තර්ජනයක් එල්ල නොවනු ඇතැයි කිව හැකිද?
පසුගිය යහපාලන රජය මෙන්ම 2009 පැවැති රජය ද එල්ල වූ යුද අපරාධ චෝදනාවලට නිසි ප‍්‍රතිචාර දැක්වූවේ නැත. යහපාලන රජය මෙරට හමුදාවට ද්‍රෝහි වී හමුදාව යුද අපරාධ සිදු කළ බව පිළිගත් අතර ජිනීවා යෝජනාවේ සම අනුග‍්‍රාහකයා විය. එහි ප‍්‍රතිඵලය වූයේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු හමුදා ප‍්‍රධානීන් 59 කට යුද අපරාධ චෝදනා එල්ල වීමයි. මේ බව අප විශේෂයෙන් (exclusive) හෙළි කළෙමු.
එහෙත් යහපාලන රජය ඒ ගැන සැලකීමක් දැක්වූයේ නැත. එසේම ජිනීවා යෝජනාව ගැන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡුාවක් පවා පවත්වා නොමැත. මේ තත්ත්වය මැද 2010 දී ජාත්‍යන්තර මානුෂීය නීතිය මත යුද අපරාධ සිදුකළ මුත් වගවිය යුතු යැයි පැවසූ සුසන් රයිස් ධවල මන්දිරයේ ඉහළම ධුරයකට පත් වුවොත් ඇය යළිත් වරක් එම ප‍්‍රකාශය ඉදිරියටත් ගෙන යනු නියතය.
මේ පසුබිම යටතේ 2009 දී කොටි පරාජය වීමෙන් පසු ඉදිරිපත් වූ යුද අපරාධ චෝදනාවලට නිසි ප‍්‍රතිචාරයක් දැක්වීමට පැවති ආණ්ඩු කි‍්‍රයා නොකිරීමේ විපාකය බරපතළ තත්ත්වයට පත්ව ඇත. මහාචාර්ය ජී. එල්. පීරිස් විදේශ ඇමැතිව සිටියදී විදේශ කටයුතු අමාත්‍යාංශයට අරක්ගත් දේශපාලන බලවතෙක් ඇමරිකානු ජිනීවා යෝජනාව ව්‍යාර්ථ කිරීමට ඇමරිකානු මහජන සම්බන්ධතා සමාගමකට ඩොලර් මිලියන 100 ක් දුන්නේය. එම උත්සාහය ව්‍යර්ථ විය.
ඉන්පසු පැමිණි රනිල් - මෛතී‍්‍ර යහපාලන රජය ජිනීවා යෝජනාව පිළිගත්තේය. එසේම ශී‍්‍ර ලංකාවේ හමුදාවට යුද අපරාධ චෝදනා කළ කොටි හිතවාදී සංවිධාන 6 ක් සහ කොටි කි‍්‍රයාකාරීහු 271 ක් තහනම් ලැයිස්තුවෙන් ඉවත් කරනු ලැබීය. මේ අතර ජෝ බයිඩන්ගේ සංක‍්‍රාන්ති කණ්ඩායමට ඉන්දියානුවන් විසිදෙනකු ද සම්බන්ධ වී ඇත.
මේ අතර ඇමරිකානු රජයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානයක් ඉන්දීය සාගරයේ ආරක්ෂක සමුළුව නමින් සම්මන්ත‍්‍රණයක් අන්තර්ජාලය ඔස්සේ නොවැම්බර් 10 සිට 12 දක්වා කාලය තුළ පවත්වා ඇත.
මේ ආරක්ෂක සමුළුව පැවැත්වීමේ කොන්ත‍්‍රාත්තුව භාරගත් රාජ්‍ය නොවන සංවිධානය 2002 ඊනියා සටන් විරාම ගිවිසුමට සම්බන්ධ විය. මේ අතර අනිකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන බවට නව ජනපති ජෝ බයිඩන් මෙතෙක් ප‍්‍රකාශයක් කර නැත. එසේ වුවත් ශී‍්‍ර ලංකාව සම්බන්ධ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් යන වචන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉවත් වී නොමැත.
මෙවන් තත්ත්වයක් ඇති වන්නේ පසුගිය යහපාලනය මෙන්ම ඊට පෙර සිටි පොදුජන පෙරමුණ රජය ද එල්ල වූ යුද අපරාධ චෝදනා ගැන සාක්ෂි තිබියදී ඊට ප‍්‍රතිචාර නොදැක්වීමයි.
මේ සාක්ෂිවලින් ප‍්‍රධානතම සාක්ෂිය බි‍්‍රතාන්‍යයේ නේස්බි සාමි කළ හෙළිදරව්වයි. නේස්බි සාමිවරයා සොයා ගත් රහස් ලියවිලි විශේෂයෙන් අනාවරණය කළේ දිවයින සහ ඉරිදා දිවයින මගිනි. වෙනත් කිසිදු මාධ්‍යයක් එය අනාවරණය කළේ නැත.
එහෙත් නේස්බි සාමිගේ වාර්තාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට අද වන තෙක් ඉදිරිපත් වූයේ නැත. යහපාලන සමයේ අවසන් කාලසීමාවේදී හිටපු විදේශ ඇමැති තිලක් මාරපන පැවසූවේ සුදුසු අවස්ථාවේ එම වාර්තාව ඉදිරිපත් කරන බවයි. එහෙත් එය සිදු වූයේ නැත.
එසේ වුවත් යස්මින් සුකා නමැති හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනිය ශී‍්‍ර ලංකාවට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන වාර්තා 80 කට අධික සංඛ්‍යාවක් මානව හිමිකම් කවුන්සිලයට ගොනු කර තිබිණි. එම වාර්තාවලට විදේශ කටයුතු අමාත්‍යාංශය කිසිදු ප‍්‍රතිචාරයක් දැක්වීමට ඉදිරිපත් වූයේ නැත. උඑපමණක් ද නොවේ. යහපාලන රජයේ පාලන කාලය තුළ මෙරටට යුද අපරාධ චෝදනා එල්ල කළ පෝල් නිව්මන් - ගැරි ආනන්ද සංගරි - නේතන් ශාන් එමානුවෙල් පියනම ඇතුළු කොටි හිතවාදීන්ට මෙරටට ඒමට ඉඩදී තිබිණි.



