ජ’පුර රෝහලට හමුදා පාලනයක් ..

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ජ’පුර රෝහලට හමුදා පාලනයක් ..

    සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් වහාම ක‍්‍රියාත්මක වන පරිදි ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසුරුවා හරිනු ලැබ ඇත්තේ, විශ‍්‍රාමික හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු එහි අධ්‍යක්‍ෂ මණ්ඩලයට පත් කිරීම සඳහා බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
    කුඩු දුමින්ද මහතා ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ගැනීම අනෙකුත් සියලූම රෝගීන්ට බලවත් හිරිහැරයක් හා තර්ජනයක් වී ඇති බැවින් ඔහුව ජාතික රෝහලට මාරු කර යවන ලෙස එම රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් සහ ශ‍්‍රීලනිප වෘත්තීය සමිතිය දිගින් දිගටම බලපෑම් කරමින් සිටියි.
    එම රෝහලේ ශ‍්‍රීලනිප වෘත්තීය සමිතිය, වෘත්තිය සමිති නායකයෙකු වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාට වඩාත් හිතවත් බැවින්, කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයාට කිසියම් හෝ අනතුරක් සිදුවේ යැයි බියෙන් මේ වන සිවිල් ඇඳුමින් සැරසුනු හමුදා සාමාජිකයින් එම රෝහලේ අස්සක් මුල්ලක් නෑර යොදවා තිබේ.
    එසේම රෝගීන් බැලීමට එන ජනයා සෝදිසි කිරීම කුඩු දුමින්ද මහතාට හිතවත් පාතාල සාමාජිකයින් යටතට පත් කර ගෙන ඇත. කෙසේ වුවද මෙම තත්ත්වය යටතේ රෝහල් කාර්ය මණ්ඩලය දෙපිලකට බෙදී සිටී. මිනීමරු කුඩු කාරයෙකු වෙනුවෙන් අනෙකුත් රෝගීන් හා කාර්ය මණ්ඩලය අනතුරට ලක් නොකළ යුතු බව රෝහල් කාර්ය මණ්ඩලයේ බහුතරයකගේ මතය වී ඇත.
    රෝහල තුළ පවත්නා මෙම තත්ත්වය පාලනය කිරීමට රෝහල් අධ්‍යක්‍ෂ මණ්ඩලය අපොහොසත් වී ඇතැයි චෝදනා කර ඇති ආරක්ෂක ලේකම්වරයා වහාම එම අධ්‍යක්‍ෂ මණ්ඩලය ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා හරහා සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.


    lankanewsweb
     
    • Like
    Reactions: charith84