ජ.වි.පෙ.මෙවර ලබා ඇත්තේ ස්වාධීන කණ්ඩායමක් ප#
ජ.වි.පෙ.මෙවර ලබා ඇත්තේ ස්වාධීන කණ්ඩායමක් පවා නොලබන තරම් අන්ත පරාජයක්
- ඇමැති විමල් වීරවංශ
මෙරට මැතිවරණ ඉතිහාසයේ ස්වාධීන කණ්ඩායමක් පවා නොබන අන්දමේ පරාජයක් මෙවර පැවැති මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ ලබා ගෙන ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය. වත්මන් රජය ක්‍රියාත්මක කරන ජනහිතකාමී ප්‍රතිපත්තිය විනාශ කිරීමට උත්සාහ දරන විපක්ෂයේ කුමන්ත්රණකාරීන් ජනතාව විසින් මෙම මැතිවරණයෙන් ප්‍රතික්ෂේප කර ඇතැයි ද ඒ මහතා ඊයේ (22) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී කීවේය. ජනතා විමුක්ති පෙරමුණ 2006 දී තිස්සමහාරාමයෙන් ලබාගත් ඡන්ද වලින් සියයට 42.65ක ප්‍රතිශතයක් මෙවර අඩුකරගෙන ඇති බවද වීරවංශ මහතා අවධාරණය කළේය.
ඇතැම් පළාත් පාලන ආයතනවලින් ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද දෙකක් පමණක් ලබා තිබෙන බවත් ඇතැම් ආයතන වලදී අපේක්ෂකයා පවා පක්ෂයට ඡන්දය ලබා දී නැති බවත් ඒ මහතා පැවසීය. පක්ෂ නායකයන් ගනු ලබන තීන්දු තීරණවලට එරෙහිව ජනතාව මෙන්ම අපේක්ෂකයන් ද මෙවර ජනතා විමුක්ති පෙරමුණට අන්ත පරාජයක් ලබා දෙන්නට කටයුතු කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය. ජනතා විමුක්ති පෙරමුණට හිතැති හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ආසනයේ පවා ජනතා විමුක්ති පෙරමුණේ බලය අද වන විට ගිලිහී තිබෙන බවත් වීරවංශ මහතා වැඩිදුරටත් කියා සිටියේය.