ඥාණසාර_හාමුදුරුවො

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,015
    9,611
    113
    එක තැනක නෑ
    සොහොන;21819613 said:
    Salawe ශාලාවේ hitapu ki denekta wandi labunda ?

    Mitotamule gewal තිබුණු ayata mokada une ?

    Gan waturen niyasa දේපළ nati aya dan jiyath wene kohomada ?

    Eya ahana kondak nati un monawada me kiyana wal baila :angry:

    උරුමය ජාතිය pakatada මිනිසුන් ta balonta wage salakadi ?

    මුස්ලිම් ජාතිය කන්ට්‍රෝල් කරන්න ඕනේ රටක ඉන්නකොට. වෙනත් ජාතින් වගේ නෙමෙයි. කන්ට්‍රෝල් කරේ නැත්තම් ඒ රට සදා සොත්ති තමයි. ඕක තේරුම් ගන්න බැරි තරම් මෝඩයෙක් නෙමෙයි කියල හිතනවා උඹ. ගහන එක විසඳුමක් නෙමෙයි. එක වැරදි. අපේ මී හරක් එකාට එකා කොටාගන්නකොට එකේ වාසියත් උන්ටයි, එකේ වාසිය ගන්නෙත් උනුයි. අපේ උන්ගේ සහජීවනය කියල දෙයක් තිබ්බට උන්ට කිසිම සහජීවනයක් නැහැ අනිත් ජාතින් ගැන. උන් 1ට එනවා ළඟදීම. අව්වට පස්සේ බලපන්කො. ගුඩ් ලක් බ්‍රෝ!
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Machan SOHONA umbe antima wakya ehemamada?
    Mama ehema ahanne umba dan liyala tyenne kalin aandu kale sita me andu kalaya dakwama samajayata unu asadarana alugutteru wada. Api ewata wirudda unama athiya,mama udin liyala tyena prashna nosalakiya haki taramya kiyana ekane.
    Oya liyapu e asadaranakam walata uttarath nea mewata uttarath nea.

    Oyata nodanunata boho ayata mama liyapu karanath sensitive...
    :rofl:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    galagodaaththe-gnanasara-thero-ITN-journalist-iduragare-dhammarathana-thero.jpg

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,697
    113
    අපේ වල අපිම කපා ගන්නවා
    :yes::yes:

    මුස්ලිම් ජාතිය කන්ට්‍රෝල් කරන්න ඕනේ රටක ඉන්නකොට. වෙනත් ජාතින් වගේ නෙමෙයි. කන්ට්‍රෝල් කරේ නැත්තම් ඒ රට සදා සොත්ති තමයි. ඕක තේරුම් ගන්න බැරි තරම් මෝඩයෙක් නෙමෙයි කියල හිතනවා උඹ. ගහන එක විසඳුමක් නෙමෙයි. එක වැරදි. අපේ මී හරක් එකාට එකා කොටාගන්නකොට එකේ වාසියත් උන්ටයි, එකේ වාසිය ගන්නෙත් උනුයි. අපේ උන්ගේ සහජීවනය කියල දෙයක් තිබ්බට උන්ට කිසිම සහජීවනයක් නැහැ අනිත් ජාතින් ගැන. උන් 1ට එනවා ළඟදීම. අව්වට පස්සේ බලපන්කො. ගුඩ් ලක් බ්‍රෝ!
    :yes::yes:

    patta
    sampoorna wada satahana nadda ban?
     
    Last edited:

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    හාමුදුරුවෝ මොන වැරද්දක් කරාටද මේ අල්ලන්න කිය කිය නහින්නේ මුන්. අපි වෙනුවෙන් කතා කරන නිසාද? අල්ලනවනම් මේ රටේ එළිපිට වැරදි කරන කොච්චර උන් ඉන්නවද? උන් අල්ලන්න කෝ මෙච්චර උනන්දුවක්. නොදකින් අපේම සක්කිලි සිංහල පර හැත්ත.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හාමුදුරුවෝ මොන වැරද්දක් කරාටද මේ අල්ලන්න කිය කිය නහින්නේ මුන්. අපි වෙනුවෙන් කතා කරන නිසාද? අල්ලනවනම් මේ රටේ එළිපිට වැරදි කරන කොච්චර උන් ඉන්නවද? උන් අල්ලන්න කෝ මෙච්චර උනන්දුවක්. නොදකින් අපේම සක්කිලි සිංහල පර හැත්ත.

    http://www.elakiri.com/forum/showthread.php?t=1799929

    Mewa nikan media show

    Namuth bbs eka karapu wada සාක්ෂි ekala balana pluwan

    Kamati num :P

    තවදුරටත් mewa wena one na mokada thalene kohewath ena hora parliament pakayo nemene

    Eda වෙලාවත් kana nati kamakruwoi , madayama pantiye wada karana මිනිසුන් witari :angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සොහොන;21820953 said:

    අන්තවාදී බෞද්ධ භික්ෂු කල්ලියක් වන බොදු බල සේනා (බොබසේ) සංවිධානය විසින් කලෙක සිට ගෙනයන දෙමල සහ මුස්ලිම් විරෝධී උද්ඝෝෂනය පසුගිය සති දෙක තුල වඩාත් ප‍්‍රචන්ඩ තලයකට නැංවින. මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන සහ පල්ලි කිහිපයක් ඉලක්ක කරගත් වර්ගවාදී ප‍්‍රකෝපකරනයන් මාලාවක් ලෙස එය ඉදිරියට යමින් පවතී.

    1. පුරාවස්තු විනාශයක් නැද්ද?
    2. රක්ෂිත වල පදිංචි කරන්නේ නැද්ද?
    3.දශකයක් තුල සීඝ්‍රයෙන් කලු ඇඳුම් වලින් මූන වහගත්තු මිනිස්සු පබ්ලික් ප්ලේස් ආක්‍රමණය කරලම නැද්ද?
    4. නොතිබුනු සංස්කෘතියක් හා නීතියක් ලෙසින් ජනසමාජය තුළට පැමින නිදහස උරුමයක්ව තිබුනු ප්‍රදේශ මුදල් බලයෙන් උදේ හවස හුල්ලා කෑගහන ප්‍රදේශ බවට පත් උනේ නැද්ද?
    5. ගැසට් නොවීම බොහෝ මාර්ග නාම අමුතු නම්වලට හැරවෙද්දී නාම පුවරුවලට අමුතුම අකුරු එද්දී කන කෑම එකට ලාංඡන වලින් සල්ලි හොයද්දී සාමාන්‍ය මිනිස්සු ඒ ගැන විමසිලිමත් වී සාමාන්‍යය ජන ජීවිතය උණුසුම් වද්දී සියල්ලෝ නිහඬව සිටියේ මන්ද?

    වැරැද්ද මධ්‍යස්තව දකින්න...

    අන්තගාමී කමට ගියාමයි මේ සියලු ප්‍රශ්න...

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඥාණසාරයි තම්බියි නඩත්තු කරන්නෙ එකම පේ රෝල් එකකින්. දන්නෝ දනිති

    කියහන් බලන්න දන්ne නැති කට්ටියට බලන්න...:angry::angry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,771
    1
    58,015
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1. පුරාවස්තු විනාශයක් නැද්ද?
    2. රක්ෂිත වල පදිංචි කරන්නේ නැද්ද?
    3.දශකයක් තුල සීඝ්‍රයෙන් කලු ඇඳුම් වලින් මූන වහගත්තු මිනිස්සු පබ්ලික් ප්ලේස් ආක්‍රමණය කරලම නැද්ද?
    4. නොතිබුනු සංස්කෘතියක් හා නීතියක් ලෙසින් ජනසමාජය තුළට පැමින නිදහස උරුමයක්ව තිබුනු ප්‍රදේශ මුදල් බලයෙන් උදේ හවස හුල්ලා කෑගහන ප්‍රදේශ බවට පත් උනේ නැද්ද?
    5. ගැසට් නොවීම බොහෝ මාර්ග නාම අමුතු නම්වලට හැරවෙද්දී නාම පුවරුවලට අමුතුම අකුරු එද්දී කන කෑම එකට ලාංඡන වලින් සල්ලි හොයද්දී සාමාන්‍ය මිනිස්සු ඒ ගැන විමසිලිමත් වී සාමාන්‍යය ජන ජීවිතය උණුසුම් වද්දී සියල්ලෝ නිහඬව සිටියේ මන්ද?

    වැරැද්ද මධ්‍යස්තව දකින්න...

    අන්තගාමී කමට ගියාමයි මේ සියලු ප්‍රශ්න...

    මේ එකක්වත් සංඝයා වහන්සේලාට අදාල නෑනෙ. අඩු ගානෙ එක මුසල්මානුවෙක්, කතෝලිකයෙක් ධර්මය කෙරෙහි පහදව ගන්න පුලුවන් උනාද මුන්දැට:baffled:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඥාණසාර හාමුදුරුවන්ට තම්බි නානල කැමති නෑ, තම්බි නානල අකමැති බව දන්නා හින්ද ආණ්ඩුව/අනාගතේ ආණ්ඩු හදන්න බලන් ඉන්න අය කැමති නෑ.

    අපේ උන් වෙනුවෙන් එකෙක් නැගිටලා කතා කලාම අපේම උන් කියක් උට ඇඟිල්ල දික් කරනවද :( මඩ ගහනවද :yes: තේරෙයි තව කාලෙකින් :oo:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මේ එකක්වත් සංඝයා වහන්සේලාට අදාල නෑනෙ. අඩු ගානෙ එක මුසල්මානුවෙක්, කතෝලිකයෙක් ධර්මය කෙරෙහි පහදව ගන්න පුලුවන් උනාද මුන්දැට:baffled:

    ම‍ොකද අදාල නැත්ත‍ේ අදාලයි . එකක් පුරවැසිය‍ෙක් විදිහට , අන‍ෙක සිංහල බුදු දහම අනුව (ලංකාව‍ේ ම‍ේ තාක් කාලයක් බුදු දහම රැකුන‍ේ සිංහල බුදු දහම නිසයි ...):angry::angry::angry::angry::angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ එකක්වත් සංඝයා වහන්සේලාට අදාල නෑනෙ. අඩු ගානෙ එක මුසල්මානුවෙක්, කතෝලිකයෙක් ධර්මය කෙරෙහි පහදව ගන්න පුලුවන් උනාද මුන්දැට:baffled:

    1.ඔයා නොදන්නවා උනාට සංඝ්‍යා වහන්සේ කියන්නේත් මේ සමාජයේ කොටසක් සහ බහුතර බෞද්ධයන්ගෙ ජීවිත එක්ක බද්ධ වෙලා ගතවෙන්නේ,,,,
    බෞද්ධ අපි එදා ඉදන්ම ජීවිතේ ළඟම යහලුවා කර ගත්තා පන්සලේ හාමුදුරුවෝ..
    ඒ බෞද්ධයෝ විදියට පහසුවෙන් පෘතග්ජන ජීවිතය ගතකරන්න කල්‍යාණ මිත්‍රයෙක් ඕන නිසාත්
    බෞද්ධ පරිසරය අපේ හිතට සැනසිල්ල ගෙනෙන නිසාත්..

    එහම නිදහසේ ඉන්න හිට්ය අපිට බලපෑම් කරන්න පටන් ගන්නවා දැක්ක බොහෝ හාමුදුරුවරු
    ඒ ඒ අවස්තාව අනූව සුදුසු අයුරින් ක්‍රියාත්මා වෙලා තියෙනවා අපි ආදරය කරන බෞද්ධ පරිසරය මතුවටත් ආරක්ෂා කරලා දෙන්න...
    පාසලේ පෙළ පොත් වල එහෙම සඳහන් වෙනවා
    ඒ වෙනුවෙන් කැපවුනු වීරවරයෝ විදියට ගිහි පැවිදි දෙපාර්ශවයෙම අය...

    ඥානසාර හාමුදුරුවෝ බුද්ධ පුත්‍රයෙක් ලෙස ධර්මයෙන් සාමාන්‍ය බෞද්ධයාව ආරක්ෂාකරන්න උත්සාහ කරලා බැරි උනු තැන
    සැබෑ බුද්ධපුත්‍ර ගුණයන් කඩන්න ඇති..
    හැබැයි කියපු දේවල් sathyayi. බෞද්ධ මිනිස්සු මතට අතෑරිය ප්‍රශ්න..

    ප.ලි. - බෞද්ධාගමේ හැමෝම බෞද්ධ කිරීමේ අරමුණක් නැත...
    එම වචන වලින් ඔබ පෙන්වූ ආභාශය පිළිබඳව මා අදහස් නොදක්වමි
     
    පන්සලේ හාමුදුරුවො එක්ක යාලු මිත්‍රකම් පවත්වන්න යන ගිහි උපාසක උපාසිකාවො යන නිසා තමයි හාමුදුරුවන්ට තමන් සිවුරක් පොරවගත්තෙ ඇයි කියල අමතකවෙන්න මූලික හේතුව. රට ජාතිය රකින්න, දේශපාලනය කරන්න පූජ්‍යපක්ෂය බාරගත්තම වෙන්නෙ විනාසයක්. ගිහියො දන්නවා ඔය කියන තරම් ලොකු ප්‍රශ්නයක් නෑ කියල. ඒකනෙ ඡන්දයකට ඉදිරිපත්වෙලා ඥානසාර උන්නාන්සෙ ඇනගත්තෙ. අන්තවාදී සිංහලු ඉන්නෙ සමහරවිට දහ පහලොස්දාහක් විතර වෙන්න පුලුවන් ලංකාවෙම. එයාලට අන්තවාදී නොවන සිංහල බහුතරය (අපිව ) නියෝජනය කරන්න දෙන්න බැහැ.
     
    සිංහල බහුතරය (අපිව ) :rofl::rofl::rofl::rofl:
     
    1. මිත්‍රකම කියන දේ තේරුම් ගතනොහැකි අධමය
      පන්සලේ දානෙට වගකියන්න යන එකවත්
      දායක සභාවේ ඕපාදූප කියවන එකවත් ගිහි-සංඝ මිත්‍රකම නොවෙයි.
      ගිහිජීවිතයේ ඇතිවන නොයෙකුත් බාධක කම්කටොලු වලදි
      බෞද්ධයා ධර්මයේ යෙදීමෙන් සිත සනසාගෙන සාර්ථකව මුහුණ දෙයි..
      පන්සලේ හාමුදුරොවෝ බෞද්ධයාගේ හොඳම මිතුරා වන්නේ එලෙස ධර්මයේ
      යෙදීමට අවශ්‍ය පසුබිම සකසාදෙන කල්‍යාණ මිත්‍රකම නිසාය...
    2. රට ජාතිය ආගම රකින්නේ දේශප්‍රේමීත්වය මගිනි. එයට බේද නැත...
      යමෙකු වැරදි පෙන්වනවිට අහක බලා හිඳ, වැරැද්දට එරෙහි නායකත්වයේදි විවේචනයද අකුල් හෙළීමද වසල ගතියකි.
      ඥානසාර හිමි මේ නායකත්වය ගතයුතු නොවේ එකම එක දේශපාලුවෙක් කශේරුකා බිඳ නොගෙන සිටියේනම්...

      මැතිවරණයට ඉදිරිපත් වීම උන්වහන්සේගේ වැරදි තීරණයක් ලෙස මාද දකින් අතර එහෙත් බොහෝ අය මෙන් ඔබද අන්තගාමීව, ඒකපාර්ශ්විකව හාමුදුරුවන්ට පහරදීමත් සත්‍ය වශයෙන්ම ප්‍රශ්නයක් ඇතිබව සඟවා හැසිරීම ජුගුප්සාජනකය. නායකත්වය වෙනත් කිසියම් අයෙකු ගන්නේ නම් ඔහු වටා ජනතාව කඳවුරු ගසනු ඇත....
    3. මෙම ගැටලුවට මාගේ පෞද්ගලික අවධානය යොමුව ඇත්තේ හුදෙක් සියල්ලෝ සත්‍ය ගැටලුව නොදුටු බිහිරි ගොලුවන් සේ රඟපාමින් මෙය දේශපාලන මතවාදී ගැටලුවක් බවට පත් කරගැනීමය...

      දේශපාලුවන් ඔවුන්ගේ න්‍යාය පත්‍ර සඳහා ඇම සොයනාතුර අමනයන් ඔවුන්ට හුලුඅතු පත්තු කරති
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,771
    1
    58,015
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කුවේණියගේ ශාපයෙන් ගොඩ ඒමට දගලන ජාතිකවාදී පිරිමි

    තුෂාර වන්නිආරච්චි

    සිංහල ජාතිකවාදීන් හා ඒ මත යැපෙමින් බඩගෝස්තරය සාදාගන්නා ජාතිකවාදී සංවිධාන රටේ කුමක් හෝ කලබලයක් ඇති කිරීමට උත්සහ කරමින් සිටී. ලෝකයේ සියලුම පැරණි රාජ්‍යයන් තුළ ජාතිකවාදයට එක්තරා ආකාරයක ඉඩකඩක් විවරව පවතී. ශීලාචාර රාජ්‍යයන් විවිධ නීති හා සම්ප්‍රදායන් ගෙන ඒමෙන් ජාතිකවාදය මත බිහිවිය හැකි අන්ත මූලධර්මවාදී පීඩනයන් සමාජය මත පතිත වීම වළක්වා තිබේ. ලංකාවේ ව්‍යවස්ථාව තුළත් අනෙකුත් භාවිතාවන නීතීන් තුළත් ජාතිය, ආගම, කුලය හා අනෙකුත් වෙනස්කම් මත පදනම් වූ අසංතුලිතතාවය වර්ධනය වන ආකාරයට කටයුතු කිරීමට එරෙහි නීතී රීති තිබේ. එසේ තිබුණද අළුයට ගිණි පුපුර මෙන් ජාතිකවාදී බලවේග ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළත්, සමාජය තුළත් විටින් විට පැන නගී. මීට දශක ගණනාවකට පෙර ජාතිකවාදී ව්‍යාපාරයේ නායකයින් වූයේ ආචාර්යවරු, මහාචාර්යවරු, ප්‍රභූ පන්තියේ දේශපාලන නායකයින්, උගත් භික්ෂූන්වහන්සේලා, කතෝලික පූජකවරු හා මුස්ලිම් පූජකවරුන්ය. මන්ද එදා සිට අද දක්වාම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතීන් තුන තුළම ජාතිකවාදයට ඉඩකඩක් තිබුණි. එය දේශපාලනික හා ආර්ථික ජයග්‍රහණ උදෙසා මූලෝපායික න්‍යායක් ලෙස සැමදාම භාවිතා කෙරුණි. නමුත් අද ජාතිකවාදී ව්‍යාපාරයේ තත්ත්වය එදාට වඩා හාත්පසින්ම වෙනස් වේ. අද මාධ්‍ය වලින් අපි දකින රටේ ක්‍රියාකාරී ජාතිකවාදී ව්‍යාපාරයේ නායකයින් ( සියලුම වර්ගයේ) 80% කටත් වඩා ලුම්පන්වරුය. ඔවුන් අතාර්කිකය, කලහාකාරීය, මුදලට ගිජුය, ප්‍රසිද්ධියට මහත් ගිජුය. එසේම ජාතිකවාදී ව්‍යාපාරික ක්‍රියාකාරිකයෙකු සදහා තිබිය යුතු විනයක් ඔවුන් සතුව නැත. මෙවන් තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ ජාතික ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරනු ලබන තර්ක අතර එක් ප්‍රධාන තර්කයක් පිළිබද සාකච්ඡා කිරීමට කැමැත්තෙමි.

    සිංහල ජාතිකවාදී දේශපාලන ව්‍යාපෘතියට ආකර්ෂණය වූ බොහෝ දේශපාලන ක්‍රියාකාරීන් හා එම මතයට සමපාත වන්නන් තුළ ඔවුන් ඉදිරිපත් කරනු ලබන තර්ක අතර ප්‍රධාන තර්කයක් වනුයේ සිංහල ජාතිකත්වය පිළිබද මහා වංශයේ සදහන් කරනු ලබන කතන්දරය අමු බොරුවක් බවයි. සිංහල ජාතිකවාදීන්ට මහා වංශය, නයාට අදු කොළ වාගේය.

    මන්දයත් හින්දු ජනප්‍රවාදවල පැවත එන රාම රාවණා කතන්දරය සිංහල ජාතිකවාදීන් තුළ මහත් ආශ්වාදයක් ගෙන එයි. එනම් දඩු මොණරයෙන් ගමන් යන ඉන්දියාවට එරෙහිව සටන් කළ ප්‍රේමවෘත්තයක්ද සහිත රාවණා ප්‍රවාදය ජාතිකවාදීන් උත්කර්ෂයට පත්කරන්නක් වේ. කොටින්ම අද බයිසිකල් වින්කලයක්වත් ගොඩනගා ගත නොහැකි ජාතිකවාදියෙකුට රාවණාගේ දඩු මොණරය ගැන කීමෙන් පහසුවෙන් පොරක් විය හැක.

    නමුත් මහා වංශය සිංහල ජාතිකත්වය ආරම්භය පිළිබද ඉදිරිපත් කරනු ලබන විජය, කුවේණි කතන්දරය මෙන්ම සිංහයෙකු හා රමණයෙන් බිහිවන විජය පෙළපත පිළිබද කතන්දරය ප්‍රතික්ෂේප කරන අතර, එය මහා වංශයේ ලියා තිබුණද ජාතිකවාදීන් ඉවෙන් මෙන් එහි ඇති අපකීර්තිය හදුනාගෙන තිබේ.

    ඉන්දියාවෙන් පිටුවහල් කළ විජය ප්‍රමුඛ ඔහුගේ පිරිවර ශ්‍රී ලංකාවට ගොඩබසිනුයේ මල්වතු ගගට උතුරින් විල්පත්තු ඝණ වනාන්තරය මැද අදද දැකිය හැකි තම්බපණ්නිය නම් වූ ස්ථානයටයි. (එහිදී කුවේණිය යක්ෂ ගෝත්‍රිකයෙකු බව මහා වංශයේ කියයි.) කුවේණිය කපු කටිමින් සිටී. වසර 2500 කට පෙර ලංකාවේ මුල් ජනපදිකයින් කපු කටිමින් සිටියේ නම් ඔවුන් සංස්කෘතික ජාතියකි. එනම් ඔවුන් ඇදුම් ඇද නිරුවත වසාගෙන සිට තිබේ. එසේම ඔවුන් යක්ෂ ගෝත්‍රිකයින් ලෙස සිංහල මහා වංශ කතුවරයා කියනුයේ ඔවුන් මල්වතු ගගට උතුරින් ජීවත් වූ අය නිසා කිව හැකිය. එසේම විජය කුමාරයා පැමිණෙන විට ඔහු හා සන්නිවේදනය කිරීමට කුවේණිය සතුව ඉන්දියානු භාෂාවක් තිබී ඇත. එය විජය කුමාරයාත් භාවිතා කරන භාෂාවක් විය යුතුය. මාගේ තක්සේරුව නම් එය බොහෝ විට පාලි හෝ ද්‍රවිඩ හෝ සංස්කෘත යන භාෂා තුනෙන් එකක් විය හැකිය. එසේනම් ඉන්දියානු විජය ලංකාවට පැමිණීමට පෙර දකුණු ඉන්දියානු සංස්කෘතිය සහිත මිනිසුන් මෙහි වාසය කර තිබේ.

    සිංහයාගෙන් පැවත එන යැයි කියන විජය හොදින් ඇද ඉන්දියානු භාෂාවක් කතා කරනු ලබන සංස්කෘතික ගැහැණියක් වූ කුවේණිය රවටාගෙන හෝ පැහැරගෙන ( මා විශ්වාස කිරීමට කැමැත්තේ රවටාගෙන යනුවෙනි ) මල්වතු ගගෙන් දකුණේ තැනිතලා ප්‍රදේශයට පලා ගියේය. එය අප අද විශ්වාස කරනු ලබන මහා වංශයේ ප්‍රකාශ කරනු ලබන සිංහල ජාතියේ ආරම්භයයි. එනම් සංස්කෘතික ගැහැණියක් වූ කුවේණිය උතුරු ඉන්දියානු පිටුවහලෙකු වූ විජය විසින් පැහැරගෙන විත් ආරම්භකරනු ලබන නව රාජ්‍යයයි. එය ආරම්භකරනු ලැබුවේ මල්වතු ගගෙන් දකුණේ අද අපි අනුරාධපුරය යැයි කියනු ලබන ප්‍රදේශයේය.

    නමුත් ජාතියේ අපකීර්තිය ඇත්තේ යක්ෂ ගෝත්‍රිකයින් ( රෙදි අදින ) විසින් මරා දැමීමට නියමිතව සිටි විජයට ජීවිතය දුන්, තම ප්‍රේමය පුද කළ කුවේණිය පාවා දී නැවත එලවා දැමු මහා පිරිමියෙක් යැයි සිංහල ජාතිකත්වය ඇතිවීම පිළිබද කතන්දරය පිළිගැනීමට ජාතිකවාදීන්ගේ ඇති මැලි බවයි. එම නිසාම ලිඛිතව ලියා ඇති මහා වංශයට වඩා ප්‍රවාදයක් වූ රාවණා කතාව විශ්වාස කිරීමට ජාතිකවාදී නායකයින් හා එම ජනතාව අතර දැඩි ගිජුකමක් ඇත. එනම් තමන්ට ප්‍රේමය හා ජීවිතය පුද කළ ගැහැණියක් පාවා දී අවසනාවන්ත ඉරණමකට ලක්කළ පිරිමියෙකුගෙන් තම වර්ගයා බෝ වූවා යැයි කීමට ඇති දැඩි භීතියයි, අපකීර්තියයි. අපට කුඩා කළ සිට උගන්වන පරිදි කුවේණිය තම ගෝත්‍රිකයින් අතින් මරුණුවට පත්වීමට පෙර තම දරු දෙදෙනා වූ ජීවන්ත හා දිසාලා ආරක්ෂා කර වනයට පලවා හැර ශාප කලා යැයි කියයි. එම ශාපය හා අපකීර්තිය ජාතිකවාදීන්ට නයාට අදු කොළ මෙනි. නමුත් මේ මහා පුරුශයෝ හැන්දෑවට ගෙදර ගිය විට බත් තම්බා දෙනු ලබන්නේ කු‍වේණියගේ පරපුරේ අද ජීවත්වන ගැහැණුන්ය. ඔවුන්ද එදා කු‍‍වේණි වින්දාක් මෙන් දහසකුත් දුක් දෝමනස්නයන් මේ මහා කළු සිංහලයින්ගෙන් විදී. සිංහල ජාතිකත්වය හා එම ජාතික ව්‍යාපාරය සමාජයෙත්, ගෙදරත් දකින, හමුවන, ඇසුරුකරන කුවේණිලා මගහැර යාමට ඔවුන්ට මහා වංශය වෙනුවට රාවණා ප්‍රලාපය උගන්වයි. එසේ නොවුනහොත් සිංහල ජාතිකවාදීන් ප්‍රථමයෙන් බැට ගන්නේ ගෙදර සිටිනා කු‍වේණි පරපුරේ ගැහැණුන්ගෙන්ය. ( කුවේණිලාගෙන්ය )

    ගලබොඩ අත්තේ ඥාණසාර ඇතුළු ජාතිය ගැන උඩ පැන පැන පරසක්වල ගසන බොහෝ ජාතිකවාදීන් අපේ කාලයේ කුවේණිලාගේ දරුවන් වූ ජීවන්තලාය, දිසාලාය. එය නොපිළිගන්නා ඔවුන් තමන්ගේ ආශාව රාවණා ෆැන්ටසිය තුළ දියකර රට ගිනි තැබීමට අර අදී. මේ රටේ බුද්ධිමත් ජනතාව තේරුම්ගත යුත්තේ ශීලාචාර රාජ්‍යයන් සියල්ලේම ශීලාචාර මිනිසුන් බාධක මැද්දේ වුවද බහු ජාතික, බහු වාර්ගික ආකල්ප පවත්වාගෙන යනුයේ සාමය මිල කළ නොහැකි නිසාය. සාමය හා ජීවිතයට වඩා කිසිවක් වටින්නේ නැත.