ඥානසාරට වහකඳුරු නිවුස්
ශ්‍රී ලංකාවේ සංවර්ධනයට කටාර් රාජ්‍යයෙන් කොන්දේසි විරහිත සහයෝගය
ශ්‍රී ලංකාවේ වේගවත් සංවර්ධනය වෙනුවෙන් ගිවිසුම් හෝ කොන්දේසි විරහිතව අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට කටාර් රාජ්‍ය ප්‍රතිඥා දෙයි.
මේ දිනවල කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (20) මුණගැසුණු අවස්ථාවේදී එරට එමීර් ෂෙයික් හමාඩ් බින් කලීෆා අල්තානි, අගමැති හමාඩ් බින් ජාසිම් බින් ජබාර් අල්තානි මහත්වරු මෙසේ ප්‍රතිඥා දුන්හ.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය සම්බන්ධයෙන් කටාර් රාජ්‍යය මෙතෙක් ලබා දී ඇති සහයෝගය සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බව පැවසූ එමීර්වරයා ඉදිරියේදී ඕනෑම සහයෝගයක් ලබා දීමට සූදානම් බව අවධාරණය කළේය.
ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකාව කලාපයේ ඉහළ ස්ථානයකට පැමිණීමට හේතුව වන්නේ දක්ෂ නායකත්වය බව හෙතෙම පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ කටාර් සංචාරය සිය රටට විශාල ගෞරවයක් බවත් ඒ වෙනුවෙන් තමා අත්‍යවශ්‍ය විදේශ සංචාරයක් පවා අවලංගු කර රටේ රැඳී සිටි බවත් එමීර්වරයා පැවසීය.
තමා ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී ලැබුණු ගෞරවාන්විතභාවයට ස්තුතිය පළ කළ කටාර් අගමැතිවරයා දෙරට අතර ඇති කර ගත් ශක්තිමත් මිතුදම ඉදිරියට පවත්වාගෙන යා යුතු බව කීවේය.
ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේදී කටාර් රාජ්‍ය ලබා දුන් සහයෝගයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමාගේත් සියලු ශ්‍රී ලාංකිකයන්ගේත් ප්‍රණාමය කටාර් නායකයන් වෙත පළ කළේය. ඇමැතිවරුන් වන මහාචාර්ය ජී. එල්. පීරිස්, ඒ. එච්. එම්. ෆවුසි, රිෂාඩ් බදියුදීන්, ෆයිසර් මුස්තාෆා පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. අස්වර්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, කටාර්හි ශ්‍රී ලංකා තානාපති ජයන්ත පලිපාන මහත්වරු මේ අවස්ථාවට එක් වූහ.

Code:
http://www.dinamina.lk/2012/05/22/_art.asp?fn=n1205221