ඥානසාරට වහකඳුරු නිවුස්

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,240
    12,271
    113
    Ohio, USA
    ඥානසාරට වහකඳුරු නිවුස්

    ශ්‍රී ලංකාවේ සංවර්ධනයට කටාර් රාජ්‍යයෙන් කො‍න්දේසි විරහිත සහයෝගය

    ශ්‍රී ලංකාවේ වේගවත් සංවර්ධනය වෙනුවෙන් ගිවිසුම් හෝ කොන්දේසි විරහිතව අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට කටාර් රාජ්‍ය ප්‍රතිඥා දෙයි.
    මේ දිනවල කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (20) මුණගැසුණු අවස්ථාවේදී එරට එමීර් ෂෙයික් හමාඩ් බින් කලීෆා අල්තානි, අගමැති හමාඩ් බින් ජාසිම් බින් ජබාර් අල්තානි මහත්වරු මෙසේ ප්‍රතිඥා දුන්හ.
    ශ්‍රී ලංකාවේ සංවර්ධනය සම්බන්ධයෙන් කටාර් රාජ්‍යය මෙතෙක් ලබා දී ඇති සහයෝගය සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බව පැවසූ එමීර්වරයා ඉදිරියේදී ඕනෑම සහයෝගයක් ලබා දීමට සූදානම් බව අවධාරණය කළේය.
    ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකාව කලාපයේ ඉහළ ස්ථානයකට පැමිණීමට හේතුව වන්නේ දක්ෂ නායකත්වය බව හෙතෙම පෙන්වා දුන්නේය.
    ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ කටාර් සංචාරය සිය රටට විශාල ගෞරවයක් බවත් ඒ වෙනුවෙන් තමා අත්‍යවශ්‍ය විදේශ සංචාරයක් පවා අවලංගු කර රටේ රැඳී සිටි බවත් එමීර්වරයා පැවසීය.
    තමා ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී ලැබුණු ගෞරවාන්විතභාවයට ස්තුතිය පළ කළ කටාර් අගමැතිවරයා දෙරට අතර ඇති කර ගත් ශක්තිමත් මිතුදම ඉදිරියට පවත්වාගෙන යා යුතු බව කීවේය.
    ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේදී කටාර් රාජ්‍ය ලබා දුන් සහයෝගයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමාගේත් සියලු ශ්‍රී ලාංකිකයන්ගේත් ප්‍රණාමය කටාර් නායකයන් වෙත පළ කළේය. ඇමැතිවරුන් වන මහාචාර්ය ජී. එල්. පීරිස්, ඒ. එච්. එම්. ෆවුසි, රිෂාඩ් බදියුදීන්, ෆයිසර් මුස්තාෆා පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. අස්වර්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, කටාර්හි ශ්‍රී ලංකා තානාපති ජයන්ත පලිපාන මහත්වරු මේ අවස්ථාවට එක් වූහ‍.



    Code:
     http://www.dinamina.lk/2012/05/22/_art.asp?fn=n1205221
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,240
    12,271
    113
    Ohio, USA
    කොළඹ අවට නව නිවාස 60,000 ක් වියදම ඩොලර් මිලියන 1000 යි

    කොළඹ නගරය අවට නිවාස 60,000 ක් ඉදිකිරීමේ මහා පරිමාණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය අනුමතිය දී තිබේ. එහි ප‍්‍රථම අදියර යටතේ රාජගිරිය ප‍්‍රදේශයේ මහල් 30 කින් සමන්විත සුඛෝපභෝගි නිවාස 275 ක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ වී ඇත. මේ ව්‍යාපෘතියේ සඳහා ඩොලර් මිලියන 1000 ක් ආයෝජන කැර ඇති අතර ඉන් ඩොලර් මිලියන 500 ක් පොලී රහිතව කටාර් රාජ්‍යයෙන් ලැබී තිබේ. ‘අර්බර් හවුසින් බිල්ඩිං කොන්සෝටියම්’ සමාගම විසින් මේ ව්‍යාපෘතිය දියත් කරන අතර මේ ව්‍යාපෘතිය යටතේ කොළඹ අවට ජීවත්වන පැල්පත් වාසීන්ට නිවාස 15,000 ක් හා සුඛෝපභෝගි හා අර්ධ සුඛෝපභෝගි නිවාස 45,000 ක් ඉදිකිරීමට නියමිත ය.
    වසර හතරක දී ඉදිකැර අවසන් කිරීමට නියමිත මේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය භූමි ප‍්‍රමාණය නිවාස සංවර්ධන අධිකාරියෙන් ලබා දීමට නියමිත ය. ප‍්‍රථම අදියරේ ඉදිකිරීම් කටයුතු ඉන්දියාවේ ප‍්‍රකට සමාගමක් වන “නට්වාර් ෂරීක්” වෙතින් සිදු කෙරෙන අතර ඔවුන් එම ව්‍යාපෘතිය ඉන්දීය ආයෝජන මඟින් ම සිදු කිරීමට සූදානම් ව සිටී.

    Code:
     http://www.silumina.lk/2008/03/30/_art.asp?fn=aa0803301
     

    aruna47

    Well-known member
  • stink2.jpg
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ෆොන්න ගොන් රජා මේක අරාබියක් කරලා තමා පස්ස බලන්නේ.නෙදකින් කාලකන්ණි බල්ලා..ඕකගේ පරම්පරාවටම හෙන ගහන්න ඕන මේ රටට කරන අපරාදෙට.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,240
    12,271
    113
    Ohio, USA
    සෞදි අරාබියෙන් ශ්‍රී ලංකාවට නිවාස 500ක්

    සෞදි අරාබියෙන් ශ්‍රී ලංකාවට නිවාස 500ක්

    (කොළඹ, ලංකාපුවත්) – සුනාමියෙන් විපතට පත් අම්පාර දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් මීට තෙවසරකට පෙර සෞදි අරාබි ජනරජය මඟින් ඉදිකිරීම් ආරම්භ කළ නිවාස ව්‍යාපෘතිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත නිල වශයෙන් භාර දීම ඊයේ(09) අරලියගහ මන්දිරයේ දී සිදුවිය.
    ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති අබ්දුල් අසීස් අබ්දුල්රහමන් අල් ජමාස් මහතා ඇතුළු දූත පිරිස විසින් ජනාධිපතිතුමා වෙත නිවාස ව්‍යාපෘතියේ ආකෘතිය ඉදිරිපත් කරමින් ඒ සම්බන්ධ විස්තර කිරීමක් ද සිදු කළේය.
    අම්පාර දිස්ත්‍රික්කයේ නොරොච්චෝලේ ප්‍රදේශයේ ඉදි කොට ඇති මෙම නිවාස ව්‍යාපෘතිය සියළු අංශයන්ගෙන් සමන්විතය.
    පාසලක්, රෝහලක්, ක්‍රීඩාපිටියක්, වෙළෙඳ සංකීර්ණයක් හා බහුකාර්ය ගොඩනැගිල්ලකින් ද සමන්විත නිවාස ව්‍යාපෘතිය අම්පාර ප්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම් සියළු ජනකොටස් වෙනුවෙන් ලබාදීමට කටයුතු සැලසුම් කර ඇත.
    අදාළ නිවාස භාර දීම සංකේතවත් කරමින් සෞදි තානාපතිතුමා, ජනාධිපතිතුමා වෙත සංකේත යතුරක් ද පිරිනැමීය.
    එම ව්‍යාපෘතිය සම්බන්ධ දෙරට අතර ගිවිසුමට අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් හා ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කාර්යාලයේ අධ්‍යක්‍ෂ අමර් අල් බ්ලෙක් යන මහත්වරුන් අත්සන් තැබූහ.



    Code:
     http://www.lankapuvath.lk/sinhala/index.php?option=com_content&view=article&id=15803:-----500&catid=65:2010-06-04-19-02-10&Itemid=527
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,240
    12,271
    113
    Ohio, USA
    ශ්‍රී ලංකාව කම්පනයට පත් විය යුතු නැත

    ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලයේ ඡන්දයෙන් පරාජය වූ බවත්; ඒ නිසා ම රටට අහිතකර තත්ත්වයක් ඇතිවිය හැකි බවත් සමහරු කියා සිටිති. එහෙත් එය එසේ ම සිදු වන්නේ නැත. අමෙරිකාවට හා යුරෝපා සංගමයටත් ශ්‍රී ලංකාව පරාජය කිරීමේ වුවමනාවක් තිබිණි. අසල්වැසි ඉන්දියාව අමෙරිකාවට පක්ෂව ඡන්දය දෙනු ලබන්නේ අභ්‍යන්තර දේශපාලන ප්‍රශ්නයක් නිසා මිස ශ්‍රී ලංකාවට එරෙහිව යෑමට ඇති වුවමනාවක් නිසා නො වේ. ඉන්දියාව අමෙරිකන් යෝජනාවලට ප්‍රතිසංස්කරණ ගෙන ආ බවද මේ මොහොතේ අප අමතක නො කළ යුතු ය.
    මේ තත්ත්වය අප විග්‍රහ කර ගත යුත්තේ පුළුල් දේශපාලන පරාසයක සිට සැබෑ තත්ත්වයන් වටහා ගැනීමෙන් ය. මේ පසුබිම තුළ තේරුම් ගත යුතු දේශපාලන යථාර්ථයන් කිහිපයක් තිබේ. පළමුවැන්න ඉස්ලාම් හෙවත් මුස්ලිම් රටවල් ශ්‍රී ලංකාවට දැක් වූ සහයෝගය ය. දෙවැන්න නො බැඳි ජාතීන්ගේ රටවල් වෙතින් ගොඩනැඟෙමින් පවතින අලුත් එකමුතුවයි. තෙවැන්න ඉන්දියාව වෙත බලපෑම් කරන ජාතිවාදය හා අන්තවාදය යි. හතරවැන්න ජපානය ඇතුළු රටවල් කිහියක් දක්වන මධ්‍යස්ථභාවය යි. මේ සියල්ල ලෝකය අලුත් තැනකට ගෙන යන සාධක ලෙස සැලකිය හැකි ය.
    ඉන්දුනීසියාව, කුවේටය, මාලදිවයින, පාකිස්ථානය, කටාර් රාජ්‍යය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය ය, යන ඉස්ලාම් රටවල් සෘජු ලෙස ම ශ්‍රී ලංකාව සමඟ සිටියේ ය. ඔව්හු ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය වටහා ගෙන සිටින අතර අපේ සංවර්ධනය හා ස්වාධීනත්වය අපේක්ෂා කරති. මේ රාජ්‍යයන් සමඟ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ විශේෂ සම්බන්ධතාවක් ද පවතී. ඉන්දුනීසියාව මෙන් ම පාකිස්ථානය ද ත්‍රස්තවාදයත් හා බෙදුම්වාදයේ විනාශය හොඳින් දනී. මේ රටවල් දෙක ම ඉහත කී ගැටලුවලින් මුළුමනින් ම නිදහස් වී නැත. මාලදිවයින පවා දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටී.
    ජපානය, ඉතියෝපියාව, මැලේසියාව, කසකස්ථානය, ඇන්ගෝලාව, බොට්ස්වානා, බුර්කිනා, කෙන්යාව යන රාජ්‍යයෝ ඡන්දය දීමෙන් වැළකී සිටියහ. නියම අර්ථයෙන් ගත හොත් ඔවුන් සහයෝගය දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවට ය. මෙහිදී මේ රාජ්‍යයන් අමෙරිකාව හා යුරෝපා සංගමය වැනි බලවත් ආයතනවලට අභියෝගාත්මක ලෙස හැසිරී ඇත. ජපානය කවදත් ශ්‍රී ලංකාවට හිතැති රාජ්‍යයෙකි. ඒ හැරෙන්නට ශ්‍රී ලංකාවේ වර්තමාන නිදහස හා සාමය පිළිබඳ පූර්ණ වැටහීමක් ජපානයට තිබේ. ජපානය හැමවිටම ශ්‍රී ලංකාවේ පුනරුත්ථාපන වැඩසටහන් අගය කර තිබේ.
    ඉන්දියාව මේ මොහොතේ ක්‍රියා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මිතුරකු ලෙස ද නැතහොත් සතුරකු ලෙසද යන්න පිළිබඳ විවිධ මත සමාජය තුළ පවතී. එහෙත් අප මෙහිදී තේරුම් ගැනීමට උත්සාහ ගත යුත්තේ ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවට තමිල්නාඩුවේ අන්තගාමීන් වෙතින් එල්ල වූ බලපෑම ය. අන්තවාදීහු ඉන්දීය රජය අස්ථාවර කිරීමටත්; රට තුළ අභ්‍යන්තර කැරැල්ලක් ඇති කිරීටමත් උත්සාහ ගත්හ. ඉන්දියාව වැනි විශාල රාජ්‍යයක එබඳු තත්ත්වයක් ඇතිවීම භයානකය. අනෙක් අතට ඉන්දියාවේ පාලක රජය සන්ධාන ආණ්ඩුවකි. මේ තත්ත්වයන් අපගේ සැලැකිල්ලට ලක්විය යුතුවේ.
    තායිලන්තය, පිලිපීනය, බ්‍රසීලය, චිලී, ආර්ජන්ටිනාව වැනි රාජ්‍යයන් ගැන අමුතුවෙන් කතාකළ යුතු නැත. එම රටවල් අමෙරිකාව හා යුරෝපය මත යැපෙන රාජ්‍යයෝය. බටහිර යුරෝපයේ රටවල් ගැන හෝ නැඟෙනහිර යුරෝපයේ රටවල් ගැන ද අමුතුවෙන් කතා කළ යුතු යමක් නැත. බටහිර යුරෝපය හැමදාම නැවතුණේ අමෙරිකාව ළඟ ය. නැතහොත් එංගලන්තය හෝ ප්‍රංශය හෝ ළඟය. නැඟෙනහිර යුරෝපය තුළ අද සමාජවාදයක් නැත. 1991 සෝවියට් දේශය බිඳ වැටීමත් සමඟ නැඟෙනහිර යුරෝපයේ සමාජවාදයත් අහෝසි විය. ඔවුන් දැන් සිටිනුයේ අමෙරිකා එක්සත් ජනපදයේ හා යුරෝපා සංගමයේ ඔඩොක්කුවෙහි ය. ඔවුනට ස්වාධීන තීරණ ගැනීමේ හැකියාවක් නැත.
    අමෙරිකාව, යුරෝපා සංගමය හා මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්තුමිය වැඩි ඡන්ද දොළහකින් තම සටන ජයගත්තේ යැයි සිතන්නේ නම්; එය විශාල මූළාවෙකි. රටවල් අටක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. එම රාජ්‍යයෝ ලෝක පොලිස්කාරයාට හිස නොනමති.
    සැබෑව නම් ඔවුන් සහයෝගය දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවට ය. ගැබෝන් රාජ්‍යය ඡන්දයට පැමිණියේ නැත. එම රාජ්‍යය දැඩි අමෙරිකන්වාදී නම් වහා ම පැමිණ ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය පාවිච්චි කරනු ඇත. එහෙත් එය එසේ සිදුවූයේ නැත. කවුන්සිලයට අයත් රටවල් ගණන හතළිස් හතෙකි. හරිනම්; අමෙරිකාව ඡන්දය දිනා ඇත්තේ ඡන්ද හතරකින් පමණි.
    යුරෝපා සංගමය වෙනුවෙන් කතා කළ අයර්ලන්ත නියෝජිතයා ශ්‍රී ලංකාවට දොස් නැඟීය. ඔවුන්ගේ අදහස් වූයේ සාමය හා සංහිදියාව වෙනුවෙන් තව බෝහෝ දෑ කළ යුතුව ඇති බව ය. අයර්ලන්ත නියෝජිතයාට හෝ එම රාජ්‍යයට හෝ ශ්‍රී ලංකාව පිළිබඳ නිසි වැටහීමක් නැත. ඒ හැරත් අයර්ලන්තය යනු ද ත්‍රස්තවාදයෙන් බැට කන රාජ්‍යයෙකි. ඔව්හු තමන්ගේ රටේ ත්‍රස්තවාදය හා බෙදුම්වාදය බේරුම් කර ගත නොහැකිව අනුන්ට වැදි බණ කීමට පෙළැඹී සිටිති. මානව හිමිකම් කවුන්සිලයේ උපදේශකත්වය පත්ව ඇත්තේ මෙබඳු විගඩම්කාරයෝ ය.
    ශ්‍රී ලංකාව මේ යෝජනාව සම්බන්ධයෙන් හෝ එහි නිර්දේශ සම්බන්ධයෙන් හෝ තැතිගැන්මකට ලක්විය යුතු නැත. එහෙත් මෙය හෑල්ලුවට ගත යුතු ද නැත. අප මෙතෙක් රටේ සාමය, නිදහස හා ජාතීන් අතර සංහිඳියාව පිළිබඳ ගෙන ඇති පියවර බොහෝ ය. උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ නිර්දේශ බොහොමයක් ද ක්‍රියාත්මක කොට තිබේ. එහි ප්‍රගතිය සම්බන්ධයෙන් බොහෝ රාජයයන් තෘප්තිමත් බවද ප්‍රකාශ වී තිබේ. ඒ අතර අමෙරිකාවට, යුරෝපා සංගමයට හා කැනඩාව වැනි රටවලට ශ්‍රී ලංකාව තවදුරටත් හිර කිරීමේ වුවමනාවක් ද තිබේ. මේ සියල්ලටම ඉතා බුද්ධිමත් ලෙස මුහුණදීම අප විසින් කළයුතුව තිබේ.
    අපට පෙනී යන වැදගත් ම සාධකයක් වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරකම් පිළිබඳ පුළුල් ප්‍රචාරණයක්ද අවශ්‍ය බව ය. එය දේශීය වශයෙන් සාර්ථකව සිදුවෙනවා ද යනු ප්‍රශ්නයකි. ඒ ගැන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.

    අවසන් වශයෙන් ශ්‍රී ලංකාවට සහයෝගය දැත්වූ සියලු රාජ්‍යයන් වෙත අපගේ කෘතඥතාව දැක්වීමට කැමැත්තෙමු...

    Code:
     http://www.dinamina.lk/2013/03/25/_art.asp?fn=e130325
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,240
    12,271
    113
    Ohio, USA
    ශ්‍රී ලංකාවේ ආයෝජන පුළුල් කිරීමට සූදානම් අරාබි එමීර් රාජ්‍යය කියයි

    ශ්‍රී ලංකාව සමඟ දැනට සිදු කෙරෙන ආයෝජන වඩාත් පුළුල්ව සිදුකිරීමට සූදානම් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය අවධාරණය කරයි.
    ශ්‍රී ලංකාව සමඟ ද්වීපාර්ශවික වෙළෙඳාම ශක්තිමත් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවද ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය නව තානාපති අබ්දුල් හමීඩ් අබ්දුල් පටාහ් කේ අල්මුල්ලා මහතා සඳහන් කරයි.
    පසුගිය 2011 වසර අවසානය වනවිට ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ද්වීපාර්ශ්වික වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,000 ක් බව සිහිපත් කරන තානාපතිවරයා එම තත්ත්වය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වන බවද කියා සිටී.
    මේ අතර ඒ මහතා පෙන්වා දෙන්නේ පසුගිය 2009 වසරේදී යුද ගැටුම් සාර්ථකව නිමාවට පත් කිරීමත් සමඟ තම රජය විසින් ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ව්‍යාපෘති රැසක ආයෝජනය කර තිබෙන බවයි. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය විදේශ කටයුතු ඇමැතිවරයා ප්‍රමුඛ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි බවද එහිදී ශ්‍රී ලංකා - එක්සත් අරාබි එමීර් රාජ්‍යය පළමු ව්‍යාපාරික හමුව සාර්ථකව පැවැත් වූ බවද හෙතෙම සිහිපත් කරයි.
    සෑම සතියකදීම ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ගුවන් ගමන් වාර 58 ක් පමණ සිදුවන බව පෙන්වාදෙන ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තානාපතිවරයා මෙලෙස ගුවන් ගමන් වර්ධනය දෙරට අතර පවත්නා සංචාරක ආකර්ෂණයේ විශාලත්වය පිළිඹිබු කරන බවද කියා සිටී. මේ අතර ඒ මහතා පෙන්වා දෙන්නේ දෙරට අතර ද්වීපාර්ශ්වික ආයෝජන ආරක්ෂණ ගිවිසුමක් අත්සන් කිරීම කෙරෙහිද වි‍ශේෂ අවධානය යොමුකර තිබෙන බවයි.



    Code:
     http://www.dinamina.lk/2012/10/27/_art.asp?fn=n1210275
     

    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    Code:
     ‘අර්බර් හවුසින් බිල්ඩිං කොන්සෝටියම්’ සමාගම විසින් මේ [/QUOTE]
    
    [CODE]ප‍්‍රකට සමාගමක් වන “නට්වාර් ෂරීක්” වෙතින් සිදු කෙරෙන අතර [/QUOTE][/SIZE][/COLOR]
    
    [SIZE="5"][COLOR="Red"]කම්පැනිත් මුස්ලිම් එවාටම තමා දීලා තියෙන්නේ....ගෙවලුත් කොළඹ ඉන්න මුස්ලිම් හැත්තටම දෙයි.... ඉඩම නම් සිංහල රජයේ
    [/COLOR][/SIZE]
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,240
    12,271
    113
    Ohio, USA
    මුස්ලිම්වරුන්ගේ කැපවීම විශිෂ්ටයි - ජනපති

    පොදුජන සුබසිද්ධිය උදෙසා මුස්ලිම්වරුන්ගේ කැපවීම විශිෂ්ටයි

    ජනපති හජ් දින පණිවිඩයෙන් කියයි

    ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව මෙරට සියලු ජනතාවගේ අභිවෘද්ධිය සඳහා කැපී පෙනෙන ලෙස දායක වී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කරයි.

    ඉස්ලාම් ලෝකයේ සමඟිය සංකේතවත් කරන හජ් උත්සවය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා එසේ කියා සිටියි. ජනාධිපතිතුමාගේ එම සුබ පැතුම් පණිවිඩයේ මෙසේ ද සඳහන් වේ.
    ලොව පුරා සිය සහෝදර ජනතාව සමඟ ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව විසින් ඊද්-උල්-අල්හා හෙවත් හජ් උත්සවය සැමරීම වෙනුවෙන් පණිවිඩයක් එවන්නේ සතුටිනි. හජ් වන්දනාවෙන් අවසන් වන කැපකිරීමේ ප්‍රතිමූර්තියක් වන මේ උත්සවය ඉස්ලාම් ලෝකයේ උසස්ම වාර්ෂික සිදුවීමයි.
    මෙම වසරේ දී දහස් ගණන් ශ්‍රී ලාංකික මුස්ලිම් වන්දනාකරුවන් හජ් වතාවත් ඉටු කිරීමට ශුද්ධවූ මක්කමේ දී මිලියන ගණනක් වූ සිය භක්තිගරුක වන්දනාකරුවන් සමඟ එක්වනු ඇත.
    කැපකිරීමේ හා අයැදීමේ දී අල්ලා දෙවියන්ගේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කිරීමට විවිධ ජාතීන්ට හා සංස්කෘතීන්ට අයත් ඔවුන්ගේ මේ එකතු වීම ඉස්ලාම් ලෝකයේ සමඟිය සංකේතවත් කරයි. සිය ඇදහීමෙන් පෝෂණය වූ සහයෝගීත්වය පිළිබඳ අධ්‍යාත්මික ගුණයෙන් ශශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව අප රටේ හා අපගේ සියලු ජනයාගේ අභිවෘද්ධිය සඳහා කැපී පෙනෙන ලෙස දායක වී ඇත.
    පී‍්‍රති ප්‍රමෝදයෙන් කෙරෙන මෙම හජ් සැමරුම සාමය සංහිඳියාව හා ජාතික සමඟිය සඳහා අනෙකුත් සියලු ජාතීන් සමඟ සහජීවනයෙන් ජීවත් වීමට ඔවුන්ගේ ඇති බැඳීම ශක්තිමත් කරවන්නක් විය යුතුයි. ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවට පී‍්‍රතිමත් හා සාමකාමී හජ් උත්සවයක් පතමි.



    Code:
     http://www.dinamina.lk/2012/10/27/_art.asp?fn=n1210274
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,240
    12,271
    113
    Ohio, USA
    තෙල්, ගෑස් ඕන තරම් ඕන වෙලාවක දෙනවා – ඕමානය

    ලංකාවට තෙල්, ගෑස් ඕන තරම් ඕන වෙලාවක දෙනවා – ඕමානය



    අවශ්‍ය ඕනෑම අවස්ථාවක ශ‍්‍රී ලංකාවට ඛණිජ තෙල් හා ගෑස් ලබාදීමට ඕමාන රජය කැමැත්තෙන් සිටින බව ඕමාන තෙල් හා ගෑස් පිළිබඳ අමාත්‍ය මොහොමඞ් බින් හමාඞ් අල් රූම් මහතා ප‍්‍රකාශ කරයි.
    දෙදින නිල සංචාරයක් සඳහා ශ‍්‍රි ලංකාවට පැමිණ ඇති අමාත්‍යවරයා ඇතුළු පිරිස ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා හමුවූ අවස්ථාවේ මේ අදහස් පල කර තිබේ.
    ශ‍්‍රී ලංකාවේ විවිධ ආයෝජනවල යෙදීමට ඕමානයේ විශේෂ උනන්දුවක් ඇති බවද ඕමාන තෙල් හා ගෑස් පිළිබඳ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.




    Code:
    http://lankacnews DOT com/sinhala/news/45659/
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    හතරක දී ඉදිකැර අවසන් කිරීමට නියමිත මේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය භූමි ප‍්‍රමාණය නිවාස සංවර්ධන අධිකාරියෙන් ලබා දීමට නියමිත ය. ප‍්‍රථම අදියරේ ඉදිකිරීම් කටයුතු ඉන්දියාවේ ප‍්‍රකට සමාගමක් වන “නට්වාර් ෂරීක්” වෙතින් සිදු කෙරෙන අතර ඔවුන් එම ව්‍යාපෘතිය ඉන්දීය ආයෝජන මඟින් ම සිදු කිරීමට සූදානම් ව සිටී.
    ඉන්දියන් කාරයො අත්ගෑහුවොත් වෑඩක් ඉවරයි.කාට දුන්නත් ඉන්දියන් කොම්පෑනි වලට නම් දෙන්න එපා.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,240
    12,271
    113
    Ohio, USA
    ශ‍්‍රී ලංකාව හා ඕමානය අතර වෙළෙඳ සබඳතා වර්ධනයට අවස්ථාවක්

    ශ‍්‍රී ලංකාව හා ඕමාන් රාජ්‍ය අතර වෙළෙඳ සබඳතා ඇමරිකානු ඩොලර් මිලියන 250 දක්වා වර්ධනය කර ගැනීමට දෙරටේ අවධානය යොමුවී ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    වර්තමානය වන විට දෙරට අතර වෙළෙඳ සබඳතා නව මුහුණුවරකින් සිදු කෙරන බවත් 2015 පමණ වන විට තවත් වර්ධනය කරගැනීමට සැලසුම් සකස් කර ඇති බවත් ඕමානයේ ශ‍්‍රී ලංකා තානාපති අශෝක ගිරිහාගම මහතා සඳහන් කරයි.

    දේශීය නිෂ්පාදන ඕමානය තුළ ප‍්‍රචලිත කිරීම අරමුණු කරගනිමින් මේ මස 12 සිට 14 දක්වා වෙළෙඳ ප‍්‍රදර්ශනයක් ද පැවැත්වීමට කටයුතු කර ඇත.

    පසුගිය වසරේ ඕමානයෙන් ශ‍්‍රී ලංකාවට ආනයනය කරන ලද භාණ්ඩ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 22 ඉක්ම වූ බවත් අපනයන වටිනාකම ඩොලර් මිලියන 9ක් වූ බවත් තානාපතිවරයා පෙන්වා දෙයි. මේ වන විට වැඩි වශයෙන් ඕමානය වෙත තේ අපනයනය කරනු ලබන අතර ඕමානයෙන් ශ‍්‍රී ලංකාවට තෙල් නිෂ්පාදන ආනයනය කරනු ලැබේ.

    Code:
     http://sinhala.NEWS DOT LK/news/2011-10-02-06-27-51/9166-2013-02-07-11-26-59
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,240
    12,271
    113
    Ohio, USA
    මිලියන 750ක ආයෝජන රැගෙන ඔරියන්ට් ඉන්ෂුවරන්ස් ශ‍්‍රී ලංකාවට

    ඇරැබ් ඔරියන්ට් ඉන්ෂුවරන්ස් PSCහි පූර්ණ හිමිකාරීත්වය සහිත අනුබද්ධ ආයතනයක් වන ඔරියන්ට් ඉන්ෂුවරන්ස් ඊයේ (06) ශ‍්‍රී ලංකාවේ සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කළේ ජාත්‍යන්තර මුල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මැතිතුමාගේ සහභාගීත්වයෙනි.

    ශ‍්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ බලපත‍්‍ර සහිත ඔරියන්ට් ඉන්ෂුවරන්ස් සමාගම, මෝටර් වාහන, මුහුදු, දේපළ, බැරකම්, වෛද්‍ය හා සෙසු සාමාන්‍ය රක්ෂණ කාණ්ඩය යටතේ එන රක්ෂණ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇත.


    2012 එක්සත් එමීර් රාජ්‍යයේ වර්ෂයේ රක්ෂණකරු (මෙම සම්මානය MENA රක්ෂණ සමාලෝනය මගින් ලබා දී තිබේ) බවට පත් වූ ඇරැබ් ඔරියන්ට් ඉන්ෂුවරන්ස් සමාගමේ සේවාව ඇති ව සිය ගනුදෙනුකරුවන්ට පෞද්ගලික වශයෙන් හා දැරිය හැකි මිලකට රක්ෂණ සේවා ලබා දීමට ඔරියන්ට් ඉන්ෂුවරන්ස් සූදානමින් සිටියි.


    ‘ශ‍්‍රී ලංකාව වර්ධනීය අවස්ථාවක පවතින රටක් ලෙස අපි හඳුනාගෙන තියෙනවා. අල් ෆුටෙයිම් සමූහ ව්‍යාපාරය වන අපගේ ආයෝජන සිදු කිරීමට සුදුසු තැනක් සේ ශ‍්‍රී ලංකාව, හඳුනාගැනීමට මෙය එක් හේතුවක් වුණා. ඇරැබ් ඔරියන්ට් ඉන්ෂුවරන්ස් සමාගම වශයෙන් අපි, අපගේ ප‍්‍රධාන අගයන් වන අවංකකම, සේවාව හා සමාජයීය වගකීම ඉහළ තත්ත්වයකට ගෙන ඒම සම්බන්ධයෙන් විශ්වාස කරනවා. එසේ ම ශ‍්‍රී ලංකා වෙළඳපොළ තුළත් වෘත්තීමය සංස්කෘතියක් තුළ සිටිමින් රක්ෂණ අවදානම් නවීකරණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.’ අල් ෆුටෙයිම් සමූහ ව්‍යාපාරයේ උප සහාපති ඕමාර් අල් ෆුටෙයිම් මහතා එම උත්සවයේ දී පැවසුවේය.


    එක්සත් ආරාබි එමීර් රාජ්‍යය මූලස්ථානය කර ගත් ඇරැබ් ඔරියන්ට් ඉන්ෂුවරන්ස් සමාගම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්නා විශාලතම හා ශක්තිමත් ම රක්ෂණ දැවැන්තයකු වේ. එහි දළ ලිඛිත වාරික පදනම ඇමරිකානු ඩොලර් මිලියන 350 (රුපියල් බිලියන 42) වේ. ඇරැබ් ඔරියන්ට් ඉන්ෂුවරන්ස් සමාගම ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරයක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් ෆුටෙයිම් සමූහ ව්‍යාපාරයේ කොටසක් වන අතර විසින් එය Standard & Poor’s වෙතින් A ශ්‍රේණියක් ද AM Best වෙතින් A (විශිෂ්ට) ශ්‍රේණියක් ද ලබා ගෙන තිබේ.


    ඔරියන්ට් ශ‍්‍රී ලංකා හි මූල්‍යමය ශක්තිය එහි ප‍්‍රාග්ධන මට්ටමින් පිළිබිඹු වේ. මෙම ප‍්‍රාග්ධන මට්ටම පැහැදිලි ව ම ගිවිසූ අවම ප‍්‍රාග්ධන මට්ටම ඉක්මවා යන අතර ලොව ප‍්‍රමුඛ පෙළේ පුන රක්ෂණ වෙළඳපළ කරා එහි ඇති ප‍්‍රවේශය ද පුළුල් වේ. ඔරියන්ට් හි දේපළ, සැකැස්ම හා වගවීම් ආදිය ලොව විශාලතම පුන රක්ෂණ සමාගමක් වන Swiss Re හි වැඩසටහන් මගින් මෙහෙය වේ.‍ 1930 දශකයේ දී මුලින් ම වෙළඳ සමාගමක් සේ ස්ථාපිත වුණු අල් ෆුට්ටයිම් සමාගම මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේන්, කුවේට්, කටාර්, ඕමාන්, සවුදි අරාබිය, ඊජිප්තුව, පකිස්ථානය, ශ‍්‍රී ලංකාව, සිංගප්පූරුව, මැලේසියාව යන රටවල හා යුරෝපාකරයේ විසිරී ඇත. 30,000කට අධික පිරිසක් මෙහි සේවය කරති.


    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් ෆුටෙයිම් සමූහ ව්‍යාපාරයේ උප සභාපති ඕමාර් අල් ෆුටෙයිම්; ඇරැබ් ඔරියන්ට් ඉන්ෂුවරන්ස් හි ජ්‍යෙෂ්ඨ කළමනාකාර අධ්‍යක්ෂ සභා ඔරියන්ට් ඉන්ෂුවරන්ස් ශ‍්‍රී ලංකා හි සභාපති ඕමාර් එලාමින්; ඔරියන්ට් ඉන්ෂුවරන්ස් ශ‍්‍රී ලංකාහි උප සභාපති සහ අධිපති AMW දේශබන්දු තිලක් ද සොයිසා; ඔරියන්ට් ඉන්ෂුවරන්ස් ශ‍්‍රී ලංකා හි ප‍්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි යන මහත්වරු මේ අවස්ථාවට සහභාගී වූහ.


    Code:
      http://sinhala.news.lk/news/2011-10-02-06-27-51/3116--750------

     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    lallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallallalallallalla