ඥානසාර හාමුදුරුවො ගැන ප්‍රශ්නයක්?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,418
    32,136
    113
    ඥානසාර හාමුදුරුවො ගැන ප්‍රශ්නයක්?

    හිටං හුටං එලියට ගත්ත තමයි. ඒත් හාමුදුරුවො ඊයෙ කෙලින්ම මාධ්‍යට කිව්වෙ නැත්තෙ ඇයි?
    ජනාධිපති හිස්බුල්ල, අසාද් සාලි ආණ්ඩුකාරකමින් අයින්කරන්න ඕන කියල? :eek:
    හාමුදුරුවො වෙනස් වෙයිද? :nerd:


    2fe59a05-gnanasara-thero-met-president-maithripala-sirisena.jpg
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සිරදඬුවමින් නිදහස් වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කිසිදු දේශපාලන බලවේගයක් සමඟ එක් නොවීමට තරයේ තීරණය කර ඇතැයි එම සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ පැවසූහ.
    ඥානසාර හිමියන් හෙට(25) මහනුවරට ගොස් දළදා සමිඳුන් වැඳ පුදාගැනීමට නියමිතය.

    ඉන් අනතුරුව 26 වැනි දින උන්වහන්සේ මල්වතු - අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද හා අනුශාසනා ලබාගන්නා බව එම සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ පැවසූහ.

    මෙහිදී ඥානසාර හිමියන් දේශහිතෛශී නව වැඩපිළවෙළක් පිළිබඳව මහා නායක හිමිවරුන් දැනුම්වත් කිරීමට නියමිත බවද, උන්වහන්සේ දේශපාලන බලවේග හා සම්බන්ධ නොවීමට තීරණය කර ඇතැයිද නන්ද හිමියෝ සඳහන් කළහ
     

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    ඥානසාර හිමියන්ට දහවල් දානය තිලංගගේ ගෙදරි

    ජනපති විශේෂ සමාව යටතේ නිදහස ලැබූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (24) දහවල් දානය සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසට වැඩම කළහ.

    මෙහිදී උන්වහන්සේ සිය ඉදිරි කටයුතු පිළිබදව මන්ත‍්‍රීවරයා සමග සාකච්ඡාවකද නිරත වූහ.

    බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියන් ඇතුළු භික්‍ෂූන් වහන්සේ පිරිසක් ද මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.


    image_ddb3512be2.jpg


    image_27442104b6.jpg


    image_4e06e6dd82.jpg


    image_9a5732414f.jpg


    image_e4759cfe24.jpg


    Code:
    Source - http://www.lankadeepa.lk/