ටයරයක් මත දැවී

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    ටයරයක් මත දැවී


    11401388_856902944386457_8593682744044163248_n.jpg


    උන් වීරයො
    කේවල් නොකර
    කැප කරපු දිවියම
    අප කෙරේ පේ‍්‍රමය නමට
    ලියුවට ගොඩක් දේ උන් ගැන
    වෙනුරට ති‍්‍රමාට
    හිටියද පෙම්වතියක්
    හිටියනම් මොනවගේ
    වෙන්න ඇතිද ඒ ආදරේ
    අපේ හිත් තුළ ඇදුණු
    ඒ මහා යෝධයින්
    හරිම සරළ පෙම්වතෙක්
    වෙන්න ඇතිනේද ඇයගාව
    තරුණ ලේ ඉවකරණ
    පිසාචයො සරණ සමයක
    දඩ බිමට ඔහු යද්දි
    දඩයමක් වෙන බව දැනම
    ගිණියම්ව හදවත
    කොච්චරනම් උනත්
    ඇය භියෙන් සැලෙන්න ඇති
    ඇගෙ උපන් දිනය දා
    චොක්ලට් පෙති රෝස මල් නොව
    පණිවිඩයක්වත් යවන්නට
    මගක් නොවෙන්නැති ඔහුට
    අන්තරේ වැඩ වලම
    හිරවෙලා ඉන්න ඇති
    ඔයා කෑවද?
    මං කන්න හදන්නෙ
    පණිවිඩේ නාවාට
    රණ්ඩුවෙන අපෙ ආදර ගාව
    මේ කවිය හිරවුණේ
    උන් ගැන ලියන්න
    මගෙ වචන මදි හින්ද වෙන්නැති
    ටයරයක් මත දැවී
    ඒ සෙනෙහෙ
    අකාලික වෙන්න ඇති
    සරසවියෙ තුරු වදුළු
    ඒ අරුම පෙම්වතුන්
    එනතුරා තාම මග බලන් ඇති
    රොබරෝසියා සුවඳෙ තාමත්
    ඒ හාදු උණුසුම තැවරෙනව ඇති
    උන්ගෙ හිත්වල තිබුණු
    ඒ විසල් හැගීමට
    කියන්නෙ ආදරේ කියල වෙන්න ඇති

    (රිවිහාර පින්නදුව)
    ​