ටයර් වලට........!!!

despa

Active member
  • Jan 22, 2010
    704
    197
    43
    ටයර් වලට Nitrogen ගැසීම ගැන කරුණු කිහිපයක් කියන්න හිතුවා . ගොඩක් අය ටයර් කඩේ කීමට වැඩි මුදලක් දීල Nitrogen ගැහුවට හරියටම දන්නේ නැහැ නේ ඕකේ වාසි අවාසි, මොකෝ ඉතින් ටයර් කඩේ කොල්ලන් ගෙන් ඇහුව කියල ඕවගේ විද්‍යාත්මක පැත්ත ගැන එයාල වැඩි දෙයක් දන්නේ නැනේ ..එහෙනම් ඉතින් කියවල දැනගන්නකෝ..


    අපි හුස්ම ගන්න සාමාන්‍ය වාතයේ 78.09% ක් ම තියෙන්නේ Nitrogen, පොඩි කාලේ 8,9 වසරේදී ඉගෙන ගත්තට මොකද සමහරුන්ට ඕව මතකත් නැතුව ඇති.. 20.95% විතර Oxygen. ඉතුරු ටිකේ තමයි ඔය Carbon Dioxide, Argon සහ අනිත් සියලුම වායු ඇතුලත් වෙලා තියෙන්නේ. අපි නිකන් හුලන් ගැහුවත් ඉතින් 78.09% ක් ම ටයර් එකට පුරවන්නේ Nitrogen තමයි. අපි කොච්චර try කරත් අපිට 100% Nitrogen ගහන්න බැහැ. එහෙම කරනවා නම් ඉතින් ටයර් එක අතුල සම්පුර්ණයෙන්ම Vacume කරලා Nitrogen ගහන්න ඕනේ. එක කරන්න බැ, මොකද Rim එකට සවි කරලා ටයර් එක vaccume දැම්මම ටයර් එක හැකිලිලා රීම් එකත් එක්ක තියෙන seal එක නැතිවෙලා හුලo ඇතුලට එනවා. එතකොට Vaccume එක නැතිවෙනවා. කොහොම හරි ට්‍රය් කරලා කරලා යම් තාක් දුරට vaccume කරලා හරි ඕක Nitrogen වලින් පුරවා ගත්තා කියමුකෝ...


    ඉතින් ඔය 78% තියෙන Nitrogen ටික හැරියම ඇත්තටම යම්කිසි වාසියක් තියෙන්නේ ඔය 21% පමණ තියෙන Oxygen ටයරය ඇතුලෙන් ඉවත් කර ගැනීම සහ rim එක ඇතුලේ ඇති සමාන්‍ය වාතයේ තියෙන ජාල වාෂ්ප ඉවත් කර ගැනීමයි. අපි හැමෝම දන්නවනේ ඉතින් ජල වාෂ්ප සහ ලෝහ අතර ගනුදෙනුව. ලෝහ oxide වෙන්න (මලකඩ කන්න) එහෙම ජල වාෂ්ප උදව් වෙනව නේ. ඉතින් ජල වාෂ්ප ඉවත් කර ගැනීමේ වාසියක් නැතුවම නොවෙයි. එත් දැන් ගොඩක් දෙනා යකඩ Rim වෙනුවට Alloy Wheels පාවිච්චි කරන නිසා එහෙම ලොකු ගැටළුවක් නැ.


    ටයර් හදල තියෙන්නේ රබර් වලින් නේ, අපි ඔය රබර් කැල්ලක් අරගෙන අන්වීක්ෂයක් මගින් බැලුවොත් පේනවා ඔය රබර් කොටස තුල කුඩා සිදුරු තියෙනවා කියල. ඒවා අපේ පියව් ඇසට පෙන්නේ නැ. ඔය ඇණයක් එහෙම ඇනිලා හිල් උන සිදුරු ගැන නෙමෙයි මේ කියන්නේ!! ඉතින් ඔය මයික්‍රෝ මීටර වලින් මනින ඉතා කුඩා සිදුරු තුලින් හෙමින් හෙමින් එලියට යන්න Oxygen අණු වලට පුළුවන්. මොකද ඒවා ඔය සිදුරු වලට වඩා කුඩා නිසා. එත් Nitrogen අණු වලට බැහැ මොකද Nitrogen අණු මේ සිදුරු වලට වඩා ලොකුයි. ඉතින් කාලයත් එක්ක ටයරයක හුලo අඩු වෙන්න අන්න එකත් ගොඩක් දුරට හේතු වෙනවා. වැඩිපුර Nitrogen ටයරය ඇතුලත තියෙන තුරු ඔය විදිහට Tyre Pressure එක අඩුවන ගතිය අඩුයි.


    ගොඩක් අය කියනවා Nitrogen ගැහුවම ටයර් රත් වෙනවා අඩුයි ලු, ගෙවෙනවත් අඩුයි ලු . මේක ඇත්තද ?
    ඕක වෙන්නේ මෙන්න මෙහෙමයි. ටයරයක් රත් වෙන්න ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ ඝර්ෂණය. මේක ටයරය තුල හා ටයරය පිටත යන ක්‍රම දෙකටම සිද්ධ වෙනවා. ටයරයක් තුල හුලං පීඩනය අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු උන විට ඔයාල දැකල ඇති ටයරයේ යට පැත්ත එන්න එන්න Flat වෙනවා. හුලං බැහැපු ටයරයකට Flat Tyre කියල නේ සුද්දත් කියන්නේ . ඉතින් ඔහොම flat උනාම රවුමට තියෙන ටයරය තැන් කිහිපයකින් වැඩිපුර නැවෙනවා. මේක ටයරය තුල ඇති පීඩනයට සාපේක්ෂයි, ඒ කියන්නේ පීඩනය අඩු වෙන තරමට නැවීම වැඩී, එහෙම ටයර් එකක් කැරකෙනකොට එකදිගටම ඔය නැවීම සහ දිගහැරීම නිසා ඝර්ෂණය හේතුවෙන් ඕක රත් වෙනවා. ඒ ඇතුලත ඝර්ෂණය.


    ඔය Race දුවන කාර් වල එහෙම වැඩිපුර ටයර් රත් වෙන්නේ ඒවා අධික වේගයෙන් වංගු වල ධාවනය නිසා, කාර් එක පැත්තට ලිස්සායාම වලක්වන්න ටයරයත් පාරත් අතර ඇති ඝර්ෂණය ප්‍රයෝජනයට ගැනීම හේතුවෙන්. ඊට අමතරව ඉක්මනින් pick-up කිරීමේදී පවා ඔය හේතුව මත ටයර් රත් වෙනවා. ඝර්ෂණය නිසා තාපය නිපදවෙන බව අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. එත් මේ හේතු දෙක නිසා සාමාන්‍ය කාර් එකක ටයරයක රත් වීම ඉතා අඩුයි. අපි ඉතින් Race Track වල Drag Strips වල එහෙම යන්නේ ඉඳලා හිටලා නොවැ ..ඒක නිසා අපේ කාර් වල ටයර් වැඩිපුරම රත් වෙන්නේ මම ඔය මුලින් කියපු ආකාරයට. රත් වුන ටයරයක ගෙවීම වැඩිවෙනවා. Nitrogen නිසා Tyre Pressure drop එකේ යම්කිසි අඩුවීමක් ඇති නිසා එක ටයරයේ රත් වීමත් අඩු කරනවා, එක නිසා තමයි ගෙම්වීම අඩු වෙන්නේ. එහෙම බලනකොට ටයරයේ රත් වීම නිසා ගෙවීමට බලපාන්නේ ටයරය ඇතුලත ඇති පීඩනය මිසක් එකේ ඇතුලේ ඇති වායුව මොකක්ද කියන එක නෙවෙයි. නැතුව Nitrogen වල විශේෂ Cool කරන බලයක් එහෙම නම් නැ.
    ඒ කියන්නේ Nitrogen ගහන එක හොඳයි ද ?
    අලුත් පරණ කියල නෑ වහනයක් පදින කෙනෙක් හැටියට වාහනේ තෙල්, වතුර වගේම හුලං ගැනත් නිතරම අවදානයෙන් ඉන්න ඕනේ. එහෙම බලන්න තේරෙන්නේ නැත්නම් වාහන එලවන්න සුදුසු ද කියන එක සැකයි. අඩුම ගානේ සති දෙකකට වරක් වත් ටයර් වල හුලං Check කර ගන්න, දුර ගමනක් යන්න ඉස්සෙල්ලා Petrol full tank එහෙම කරන ගමන් අනිවාර්යෙන් හුලං Pressure එකත් බලන්න. Petrol ෂෙඩ් වල ඕක නොමිලේ ම කරගන්න පුළුවන් නේ. නිකන් දීලත් ඕක බලන්නේ නැති එකනේ දුක. අන්න එහෙම කරන අයට අමුතුවෙන් Nitrogen ගහන්න ඕනේ නැ. ගැහුවා කියල වැඩකුත් නෑ. Tyre Pressure එක හරියට තියෙනවා නම් ඕක හුලං ද Nitrogen ද කියන එක වැදගත් නැ. මොකද Nitrogen ගැහුවා කියලා හුලං බලන්නේ නැතුව ඉන්න පුලුවන්ද ?? Nitrogen ගැහුවා කියල පැච් යන එක නවතින්නේ නැනේ ?? Pressure එක check කරන්නේ නැතුව පැච් අහුවෙන්නෙත් නැ නේ ? ටයර් Pressure එක හරියට තියෙනවා නම් හුලං ගැහුවත් ටයර් එක රත් වෙන්නේ නෑ, වැඩිපුර ගෙවෙන්නෙත් නෑ. ඔයාලම හිතල බලන්න ඔය ටයර් කොම්පැනි අතර ලොකු තරඟයක් තියෙනවනේ වැඩිම දුර යන්න පුළුවන් අපේ ටයර් එක කියන්න. Milage Warranty එකකුත් දෙන්නේ ඔය. එහෙමනම් ඉතින් එයාලට කියන්න පුළුවන් නේ මේ ටයර් එකට 50,000kms හුලං ගැහුවොත් , 60,000kms Nitrogen ගැහුවොත් කියලා.. අනේ මට නම් එහෙම කවුරුත් කියල නැ.. කෝකටත් අහල බලන්නකෝ !!! එහෙම කියනවා නම් කමක් නෑ , එහෙම නැත්නම් බොරුවට සල්ලි නාස්ති කරන්නේ නැතුව ටයර් වලට හුලං ගහලා ( ඒ කියන්නේ 78% Nitrogen ගහලා ), එක නැති බැරි කෙනෙක් ට දීල පිනක් දහමක් වත් කරගමු හොඳේ !
     
    Last edited:

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නයිටජන් ගැහුවට කමක් නැ පුතේ. හදිස්සියේවත් එකක හුලන් බැහැලා නයිට්‍රජන් නැති තැනකින් නිකන් හුලන් ගහගෙන පිස්සො වගේ එලවන්න එපා.
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    නයිටජන් ගැහුවට කමක් නැ පුතේ. හදිස්සියේවත් එකක හුලන් බැහැලා නයිට්‍රජන් නැති තැනකින් නිකන් හුලන් ගහගෙන පිස්සො වගේ එලවන්න එපා.

    e ay kiyala poddak pehedili karoth godak watinawa:baffled: